අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චරිත පොල්ගස්දෙණියනාට්‍යමය (TV)බලන්නයුද්ධ (TV)රොයිලි ප්‍රනාන්දුසිංහල උපසිරැසි

Game of Thrones [S02E01] with Sinhala Subtitles | උතුරේ මතකයන්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 109 votes.
Please wait...

ඔන්‍න‍ ඉඳල ඉඳලා කාලෙකට පස්සේ මම කට්ටිය ගෙදරට ඇවිල්ලා ගහන්න කලින් මම ගේම්ස් ඔෆ් ත්‍රෝන්ස් කතාවේ දෙවන කථා මාලාව අද ඉඳන් බයිස්කෝප් වෙනුවෙන් ලබා දෙන්න පටන් ගත්තා. 🙂 සයිට් එකේ ඇඩ්මින් සහෝදරවරු කියපු විදිහටනම් අති විශාල රසික ඉල්ලිම් ගණනක් ලැබුනා කියලා මට දැන්වුවත් මගේ විභාග හා රැකියා කටයුතු නිසා තමයි මේක දෙන්න මෙච්චර කල් ගියේ. පළමුවෙන්ම ඒ වෙච්ච වැරැද්දට මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. සොරි හොඳේ 😉 පේන විදිහට ඉස්සර ආපු කට්ටියට වඩා විශාල ප්‍රමාණයක් දැන් බයිස්කෝප් අඩවියට පිවිසෙනවනේ. ඒ හින්දා එයාලා පළවෙනි කථා මාලාව බලලා නැත්තම් මෙතනින් ගිහින් ඒ කොටසත් ටිකක් බලලා හිටියොත් අද දෙන කතාව හොඳට රස විදින්න පුළුවන් වෙයි කියලා හිතනවා.

මතක ඇති නේද අන්තිම කථාව ඉවර වෙද්දී ප්‍රාකාරයේ පාලකයා Jeor Mormont හා ඔහුගේ සෙබළු ටික ප්‍රාකාරයෙන් එපිට සිට්න Craster ගේ නවාතැනට යනවා, පහුගිය කාලයේ වෙච්ච ම්ලේච්චයන්ගේ පහර දීම් ගැන මොකක් හරි තොරතුරක් දැනගන්න කියලා. මේ ගමනේදී අළුතෙන්ම මේ ගමනට එක්වුන අලුත් සෙබළුන්ට එන ප්‍රශ්නය තමයි Craster ගේ නවාතැනේ ඔහු ඇරුනම ගැහැණු ළමයි විතරක් ඉන්න එක. ඒ මොකද කියලා ඔයාලට කතාව බලලම උත්තරේ ගන්න පුළුවන්.

මේ අතර දකුණේ King’s Landing අගනගරයේ අළුත් රජතුමා (Joffrey Baratheon) විසින් තම පදවි ප්‍රාප්තිය සැමරීමට උත්සවයක් සංවිධානය කරලා ඔහු විනෝද වෙනවා. නමුත් ඔහුට නොතේරෙන යථාර්තය තමා ඔහු නාමික රජු කෙනෙක් විතරක් බව කියලා. මොකද ඔහුගේ මව (Cersei Lannister) තමා ඇමති මණ්ඩලය මෙහෙය වන්නේ ඇයට ඕනි විදිහට. මෙන්න මෙතැනදී තමා අළුත්ම ආරවුල පටන්ගන්නේ. ඇය (Cersei Lannister) රට පාලනය කරන්න හිටියට හදිස්සියේම මෙතනට අමුත්තෙක් එනවා, රජුගේ සීයාගෙන් විශේෂ අවසරයක් ලබාගෙන. ඒක නිසා Cersei Lannister ගේ රට පාලනය කිරීමේ සිහිනය බොඳ වෙලා යනවා. කවුද මේ එන්නේ ? ඔහුට කොහොමද මෙච්චර බලයක් ? උතුරේ කුමාරය කොහොමද අගනුවර ආක්‍රමණයට සැරසෙන්නේ ? කියලා බලන්න ඔයගොල්ලන්ට මේක බලන්නම වෙනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චරිත පොල්ගස්දෙණිය” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

119 thoughts on “Game of Thrones [S02E01] with Sinhala Subtitles | උතුරේ මතකයන්… [සිංහල උපසිරැසි සමඟ]