ආයුබෝවන් යාළුනේ!!! ඔන්න අද මම ආවේ වෙනත් ආරක චිත්‍රපටයක් ඔයාලට අරගෙනයි. Friday the 13th චිත්‍රපට මාලාවෙන් පොඩ්ඩකට අයින් වෙලා IMDb දර්ශකයේ 8.1 අගයක් ගන්නා මෙම ගාන්ධි චිත්‍රපටය අරන් ආවා. මෙය චිත්‍රපට දර්ශකයේ හොඳම චිත්‍රපට 250න් එකක්. වසරේ හොඳම චිත්‍රපටයට ඇතුළු ඔස්කාර් සම්මාන 8ක් දිනාගත් මෙම චිත්‍රපටයත…

ආයුබෝවන් යාළුනේ!!! ඔන්න අද මම ආවේ වෙනත් ආරක චිත්‍රපටයක් ඔයාලට අරගෙනයි. Friday the 13th චිත්‍රපට මාලාවෙන් පොඩ්ඩකට අයින් වෙලා IMDb දර්ශකයේ 8.1 අගයක් ගන්නා මෙම ගාන්ධි චිත්‍රපටය අරන් ආවා. මෙය චිත්‍රපට දර්ශකයේ හොඳම චිත්‍රපට 250න් එකක්. වසරේ හොඳම චිත්‍රපටයට ඇතුළු ඔස්කාර් සම්මාන 8ක් දිනාගත් මෙම චිත්‍රපටයතුලින් අවිහිංසාවේ පියා යන විරුදාවලියලත් ගාන්ධි නම් කෙසඟ සිරුරකට උරුමකම් කී පතාක යෝධයාගේ ජීවිත කථාවයි.
මුලින් මොහන්දාස් කේ. ගාන්ධි මහතා කලිසම් කෝට් ඇඳි නිතීඥයෙකි. දකුණු අප්‍රිකාවේ සේවය කරන ගාන්ධි මහතාටත් එහි සේවය කළ අනෙකුත් ඉන්දියානුවන්ටත් එවකට පාලකයන් වූ බ්‍රිතාන්‍යයන්ගේ වූ අසාධාරණකම් සහ දුක් ගැහැට අනන්තයි අප්‍රමාණයි. ඔවුන් ඉන්දියානුවන්ගෙන් වැඩ ගත්තේ වහලුන්ගෙන් මෙනි. කළු හමට සුද්දන් බොහෝ අවමන් කරන්නට විය. නිරපරාදේ ගාන්ධි සිරබත් කෑ වාර ගණන අප්‍රමාණය. දකුණු අප්‍රිකානු බන්ධනාගාරයෙන් නිදහස ලැබූ ඔහු නැවත ඉන්දියාවට පැමිණෙන්නේ සුද්දන්ගේ ඇඳුමටද ආයුබෝවන් කියාය. සුද්දන් බුරුතු පිටින් ඉන්දියානුවන් සමූලඝාතනය කරද්දිත් ගාන්ධිට අවශ්‍ය වූයේ සුද්දන්ට නොරිදවා, අඩුතරමින් ප්‍රතිප්‍රහාරවත් නොදී නිදහස ලබා ගැනීමටයි. තම මව්බිමේ නිදහස වෙනුවෙන් කැපකිරීම් රාශියක් සිදුකළ ඔහු අවසානයේ තම පවුල් ජීව්තයත් කැප කරයි. මහා කන්දක් සේ නොසැලී සිටි ඔහු තම බිරිඳගේ වියෝව නිසා එම පර්වතය දියවී යන ආකාරය කාගේත් දෙනෙත් තුලට කඳුළුබිඳු එක්කරන්නට තරම් වරක මෙම චිත්‍රපටය හැඟුම්බරය. බොහෝ කැපකිරීම්කර සුද්දන්ගෙන් නිදහස ලබාගැනීමට ඔවුන්ව කැමති කරගත් පසු ඔහු අසලම සිටි මුස්ලිම් මිතුරන් වෙනම මුස්ලිම් රාජ්‍යයක් (පාකිස්ථානය) ඉල්ලා සිටීම කෙසේ දරා ගන්නද? (ඒක හරියට කොටි ත්‍රස්තවාදීන් අපේ රටෙන් කෑල්ලක් බලෙන් ගන්න හැදුවා වගේ) හින්දු අය ඊට දක්වන ප්‍රතිචාර කෙසේද? ඒ සියල්ලටම මහත්මා ගාන්ධි දක්වන ප්‍රතිචාරය කෙසේද? මේ අනර්ඝ චිත්‍රපටය නරඹා දැනගන්න.
ගාන්ධි චිත්‍රපටය හිමිකරගත් ඔස්කාර් සම්මාන:
1. වසරේ හොඳම චිත්‍රපටය.
2. හොදම අධ්‍යක්ෂනය.
3. හොඳම නළුවා (බෙන් කිංස්ලි – මහත්මා ගාන්ධි ලෙස)
4. හොඳම තිර රචනාව.
5. හොඳම කැමරාකරණය.
6. හොඳම කළා අධ්‍යක්ෂනය.
7. හොඳම ඇඳුම් නිර්මානය.
8. හොඳම සංස්කරණය.
ඊට අමතරව හොඳම වේශනිරූපනය, හොඳම ශබ්ද පරිපාලනය, හොඳම සංගීතය යන සම්මාන තුන සඳහා ද නාම යෝජිතව තිබීම ම මේ චිත්‍රපටයේ ගුණාත්මකබාවය මොනවට කියාපායි. ඊට අමතරව අනෙකුත් සම්මාන 28කටත් මෙම චිත්‍රපටය හිමිකම් කියනවා. එදා මෙදා තුර ලෝක චිත්‍රපට ඉතිහාසයේ වැඩිම පිරිසක් රඟපෑ මෙම චිත්‍රපටය ගිනස් වාර්තා පොතට ඇතුලත් වීමත් සමඟම ගාන්ධි චිත්‍රපට නාමය ලෝක චිත්‍රපට ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවින.
මෙය නරඹා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා හොඳේ!!!
මීට පෙර හේමාල් සිල්වා සොහොයුරා විසින් පල කළ ලිපිය
මම අද ඔයලට ගෙනාවේ කවුරුත් දන්න කියන යුගපුරුෂයකුගෙ ජිවිත කතාව අලලා නිර්මාණය වුන චිත්‍රපටියක්. IMDB ශ්‍රෙණිගතකිරීම් වලට අනුව 8.2/10 අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටිය ඉතා උසස් නිර්මාණයක් කියලා කියන්න පුලුවන්.මහත්මා ගාන්ධි තුමාගේ ජිවිතකතාව නිරූපනය කෙරෙන මෙහි බෙන් කින්ග්ස්ලි ගාන්ධිගේ චරිතයට පනපොවයි.එ වගේම මෙම චිත්‍රපටිය ඇකඩමි සම්මාන 8 කින්ද පිදුම් ලත් එකක්.
භාරතයේ නිදහස් සටන වෙනුවෙන් අහිංසාව අවියක් කරගත් ඉන්දීය ජනතාව වෙනුවෙන් පෙරට ගිය භාරතයේ පියා යන විරුදාවලියෙන් පුදලත් මේ මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි හෙවත් මහත්මා ගාන්ධි උපන්නේ 1869 ඔක්තෝම්බර් 02 වැනිදා ඉන්දියාවේ ගුජරාටයේ පෝබන්දාර් නම් කුඩා ගම්මානයේයි. ඔවුන් ඉතා ඉහළ පංතියට අයත් පවුලක් නොවූණද යමක් කමක් තිබුණූ අය වුණා.මොහු ඉන්දියාවේ බලවත් දේශපාලන හා අධ්‍යයාත්මීය නායකයෙක් වූ අතර ඉන්දියානු නිදහස් අරගලයේ පුරෝගාමියා ලෙස කටයුතු කළේය. තවද, ඔහු සත්‍යයග්‍රරහ දර්ශනයේ පුරෝගාමියා විය. අයහපත් දේ වෙනුවෙන් විරුද්ධත්වය පෑම හා සත්‍යය වෙනුවෙන් නැගී සිටීම උදෙසා අවිහිංසාවාදීව ගෙන ගිය සටන තුළින් ඉන්දියාව නිදහසේ මාවතට පිවිසි අතර සිවිල් අයිතීන් හා නිදහස පිළිබඳ ලෝකයාගේ සිත් තුළට කා වැද්දීමට ගාන්ධිතුමාගේ මෙකී සටනට හැකි විය.නීතිඥයකු ලෙස එංගලන්තයට ගොස් නීතිය හැදෑරූ ගාන්ධි 1891 ජුනි 10 වැනිදා නීතිඥයකු ලෙස ලියාපදිංචි වුණා. තම මව් රටට පැමිණි ගාන්ධිට දකුණු අපි‍්‍රකාවට යෑමට සිදු වුණේ නඩුවකට පෙනී සිටීමටයි. ඒ 1893 වසරේදියි. මාස කිහිපයක් සඳහා පමණක් එහි ගිය ගාන්ධිට දකුණු අපි‍්‍රකාවේ වසර 20 ක්ම ගත කරන්නට සිද්ධ වුණා. වර්ණභේද වාදය තදින්ම එහි ව්‍යාප්තව තිබුණු යුගයකි. ඒ මිනිස් සමේ වර්ණය අනුව මිනිසා උස් පහත් යැයි වෙන්කර තිබෙනු ගාන්ධිට දැක ගන්නට ලැබුණා. එහි ජීවත් වූ ඉන්දියානුවන්ට ද සුදු ජාතිකයන්ගෙන් විවිධ කරදර වලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඔවුන්ට දුම්රියේ ප‍්‍රථම පංතියේ ගමන් කිරීමට අවසර ලැබුණේ නැහැ. ඒ ඔවුන් සුදු ජාතිකයන් නොවීම හේතුවයි. ගාන්ධිතුමා මේ අවනීතියට එරෙහිව දකුණු අපි‍්‍රකාවේ සිට අරගල මෙහෙව්වා.දකුණූ අපි‍්‍රකානු රජය ඉන්දියානුවන්ට අලුත් නීතියක් පැනෙව්වා. ඔවුන් සියල්ලන්ම ඇඟිලි සළකුණු තබා ලියාපදිංචි විය යුතුයි යන්නයි ඒ නව නීතිය වුණේ. මේ අවමන් සහගත නීතියට එරෙහිව ගාන්ධිතුමා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූවා. ඔහු යටතේ රැස් වුණූ ඉන්දියානුවන් මේ නීතියට තමන් කිසි ලෙසකවත් යටත් නොවන බවට ද ප‍්‍රතිඥා දුන්නා. ඔවුන්ගේ මේ විරෝධතාවය “අකි‍්‍රය විරෝධතාවයක් “ එනම් හිංසනයෙන් තොර එකක් වුණා. ඒ නිසා මේ විරෝධතාවය ‘සත්‍යග‍්‍රහය’ නමින් හැඳින්වූවා. දේශපාලන අරගල වලදී අහිංසාවාදී කි‍්‍රයාමාර්ගයකට ප‍්‍රධාන අඩිතාලම වූයේද මේ සත්‍යග‍්‍රහයයි.දකුණු අපි‍්‍රකාවේ සිටි ඉන්දියානුවන්ට ඔවුන්ගේ අයිතීන් බොහෝමයක් සුරක්ෂිත කරදුන් ගාන්ධි නැවත තම මව්රටට පැමිණියේ වීරයකු ලෙසිනි.
ඉන්දීය නිදහස් සටනේ ආරම්භය…
ඉන්දියාවට පැමිණි ගාන්ධිතුමා ඉංග්‍රීසින්ගෙන් තම රට නිදහස් කර ගැනීමේ අරගල වලට සම්බන්ධ වුණා. ඉන්දීය ජාතික කොංග‍්‍රසයේ නායකත්වයට පත්වණු හෙතෙම උපවාස සත්‍ය ග‍්‍රහ ආදිය සංවිධානය කරමින් ඉංග්‍රීසින්ව අපහසුතාවයට පත් කරන්නට උත්සාහ ගත්තා.පළමුවැනි ලෝක යුද්ධය අවසානයේදී බි‍්‍රතාන්‍ය ඉදිරිපත් කළ යෝජනාවකට විරුද්ධව සංවිධානය කළ සත්‍යග‍්‍රහයක් නීති විරෝධි බව ප‍්‍රකාශයට පත් කෙරුණා. 1919 අප්‍රේල් 13 වැනිදා අම්රිට්සර්හි ජලියන්වලා බාග් චතුරස‍්‍රයට විසි දහසක් දෙනා රැස්වූයේ ඉංග්‍රීසින්ගේ තහනම නොතකා එම සත්‍යග‍්‍රහයට සහභාගි වීමටයි. මින් කුපිත වුණු ඉංග්‍රීසි හමුදාව වෙඩි තබන්නට වුණු අතර එහිදි අහිංසක ජනතාව සිය ගණනක් මරුමුවට පත්වුණා.ගාන්ධි මේ ඝාතනයට එරෙහිව අහිංසාවාදී විරෝධතා පෙළපාලි සංවිධානය කෙරුණු අතර බි‍්‍රතාන්‍ය නිෂ්පාදන ඇතුළු බි‍්‍රතාන්‍ය දේවල් ප‍්‍රතික්ෂේප කරන ලෙසින් ගාන්ධි තුමා ඉන්දියානුවන්ගෙන් ඉල්ලා සිටියා. ගාන්ධිතුමාගේ මෙවැනි විරෝධතා ව්‍යාපාර හේතුවෙන් එතුමාව කිහිපවරක්ම ඉංග්‍රීසින් විසින් සිරභාරයට ගනු ලැබුවා.1948 ජනවාරි 30 වැනිදා එවැනි හින්දු අන්තවාදියකු වූ ගොඩ්සේගේ වෙඩි ප‍්‍රහාරයකින් ගාන්ධිතුමා ජීවිතක්‍ෂයට පත්වූයේ කෝටි සංඛ්‍යාත ජනතාවක් වික්ෂිප්ත කරමිනි.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත සඳහා අදාළ වේ.
1,150 downloadsDownload Gandhi.1982.SinhalaSubs.Baiscopelk.zip122 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මදුරාගොඩ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/07
Subtitles by
චමිත් මදුරාගොඩ
Subtitles
82 comments
shenali
හර්ෂ ද සිල්වා
තැන්ක්ස් වේවා.... පට්ට ෆිල්ම් එකක් නේ මේක... සිංහල උපසිරැසි වලට තුති... බයිස්කෝප් වලට ජය
කැලුම් ගුණසේකර
අද මම දෙක වෙන්නයි යන්නේ. නියම ෆිල්ම් එකක් වගේ. බලන්න ඕන. ස්තුතියි සහෝ.
chamath cafe
ෂා පට්ටම වටිනා කියන ෆිල්ම් එකක් ලොවෙත් නෑ අනිවා බාලනවා..ජය වේවා!!!!
කැලුම් ගුණසේකර
අයියෝ 3
akila
මේක නම් අධ්‍යාපනික වටිනකාමක් තියෙන එකක්..ඇත්තටම බයිස්කෝප් සයිට් එකට සහ චමිත් සහෝට තුති මේ වගේ විශිෂ්ට නිර්මාණ ලබා දෙන එක ගැන
sumudu.
maxxama maxxxa thanks
kalinga
සුපිරි වැඩක් මිල කරන්න බැරි ..ජයම වේවා!!!!
අසංක
ආයේ කියන්න දෙයක් නෑ ඇත්තටම බැලිය යුතුම ෆිල්ම් එකක්..මෙතුමාගේ ජිවිත කතාව බලන්නම ඕනේ දෙයක් අපි හැමෝටම මේ වගේ වටිනා කියන ෆිල්ම් නිරතුරුව අරන් එන බයිස්කෝප් අඩවියට මෙන්ම චමිත් සොහොයුරාට මාගේ හදපිරි ස්තූතියි
baisa
1st
tharanga
pattai macho download wenna damma
f_live
නියමා....යි පට්ට හොදේ.... අයෙ මමත් ගන්නවා :)
උදාර
බෙන් කිංස්ලි කියන්නේ පට්ට නළුවෙක් ලගදි ලංකාවේ කරපු ෆිල්ම් එකෙත් ඉන්නේ මෙයා තමා,,මාගේ ප්‍රණාමය බයිස්කෝප් එකට මේ වගේ විශිෂ්ඨ නිර්මාණ අපගේ සිනමා රසිකයන්ට තිලින කරන එකට
chamara
thanx gr8 film.....
හොට්ටා
මම ගන්නවා මචං.... :) ලොකු දෙයක් ඇත්තටම සබ් දුන්න එක නම් :)
lasidu
Thnxxxxx macho :)
vee
අති විවිශිෂ්ටයි...
ජය වේවා!!!!
darshana
supiri saho agaya karanawa wade..........!
සිංහලයා
ලොවෙත් නෑ සුපිරි බයිස්කෝප් සෙට් එක ඇත්තටම ඔයාල කරන්නේ ලොකුම ලොකු දෙයක්...
තව තවත් ශක්තිය ලැබේවා!!!වෙනුර
නියමයි නියමයි.... මමත් අනිවා බලනවා... ජය වේවා බයිස්කෝප් :)
Chamara
Thanks. great film
elakiri
එළකිරි මැසේජ් එක දැකලා ආවේ. මරු හොදේ ..
gihan
thnx lot....very good film
රොමේෂ් දිසානායක සෞදි අරාබියේ සිට
මේ වගේ විශිෂ්ඨ ඝනයේ බයිස්කෝප් එකක් සිංහල උපසිරසි සමග දෙන විට කොහොම නොබලා ඉන්නද ඔන්න මමත් බාන්න දැම්මා බොහෝම ස්තූතියි චමිත් මදුරාගොඩ සොයුර බයිස්කෝප් අඩවියට අළුතෙන් බයිස්කෝප් දැම්ම ගමන් අපිව දැනුවත් කරන විකී අයියේ ඔයාටත් බොහෝම ස්තූතියි ඔයාල කරන උතුම් කර්ත්‍යවයට බොහෝම පින්
kalana
woooow..
thanks...
කැළුම්
සුපිරි සුපිරි ඇත්තටම මේ සයිට් එකෙන් ලොකු සේවාවක් සිදු වෙන්නේ ඒ ගැන හැමෝම දන්නවා,,ඒත් නොදන්නා පිරිස අතරට මේක තවත් ගෙනි යන්න මොකක් හරි කරන්න ,,තව තවත් දියුණු වේවා!
samaith4
එලස් මැක්සා වැඩේ දිගටම මේ වගේ හොද ඒවාට සබ් දෙන්න
ganidu
පට්ට මේක බලන්නම ඕනේ එකක්නේ ඇත්තටම මේවා තමයි ෆිල්ම්ස් වටිනා කියන..
rss
jaya wewa wadey uparimai....digatama subs denna...
ymail
බාන්න දැම්ම ජය වේවා
gaya
thxx baiscope teem...
සරදියල්
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ බයිස්කෝප් එක දැන් අග්‍රගණය තැනක වෙලා මේවා තමයි වචනයේ පරිසමාප්ත විදියට ෆිල්ම්ස්.ඇත්තටම මේ කරන උතුම් දේ දිගටම කරන්නට ශක්තිය වාසනාව ලැබේවා!! කියලා පතනවා!!!!!
g-a-n-d-u
වැඩේ සුපිරි ආයේ කතා 2 කක් නෑ මේක අති විශේෂ බයිස්කෝප් එකක්
lanka
one of the best movie.thanks.... :-)
rusuru | රුසිරු
හොදම ෆිල්ම් එකක් ඔසකාර් 8 ගන්නවා කියන්නේ ලේසි පහසුද .
මේ බයිස්කෝප් සයිට් එක මරු ආ.. සේරම දේවල් තියෙනවා..pathum
jaya wewa..saholata mey wagey watina films dena akata...
pubudu
no 1 akey film akak thaks meykata subtitle dapu aka
jeewantha
thnxxxx :)
යසස්
හහ් අනිවා බලනවා
බොහොම තුති !dj
බයිස්කෝප් එකට ජයවේවා සිනමාවේ සොදුරු තැන් අනගි නිර්මාණ අපහට පෙන්වා දෙන එකට
d2dinu
මේ වගේ හොද film එකක් දුන්න එක ගොඩක් වටිනවා, ජයවේවා!
සුමුදු
ලෝක ඉතිහාසයේ පතාක යෝධයෙක් ගැන කියවෙන මේ සලරුව අපට ජීවිතය ආදර්ශ සෑහෙන්න ගන්න පුළුවන් එකක් ..මම කියන්නේ හැම කෙනෙක්ම අනිවා මේ නිර්මාණය බලන්න කියලයි. කොහොම ස්තූතී කරන්නද මන්දා බොහොම පින් වේවා!......
mahare
hodama films dena baiscope site akata mage acharaya
අරුණ
සුපිරි චමිත් සහෝ හැමෝටම වටිනා දෙයක් ඔයා කරලා තියෙන්නේ අගය කරනවා ඔයාගේ වැඩේ..
manusha
thxxx:) lot :)
ccnp
supirima site akak meyka nam aththatama watinawa mey film akata subs dunna aka nam..thawath hoda awata subs denna
zumo man
ලොවත් නැත ඔන්න මමත් ගන්නවා... ජය වේවා
| D i N 3 s H | දිනේෂ් ගමගේ |
පට්ට.. මේ ෆිල්ම් එක ගැන අහල තිබ්බට බලන්න වුනේ නෑ. සුපිරිම එකක්. මේකට උපසිරැසි ගන්වපු එක ගොඩක් වැදගත්. ස්තූතියි.
Fernando
super isthuthi
h[A]s
එල එල මමත් බලන්න හිතං ඉන්නේ . ස්තූතී
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
mama eka.................