[box] “Gangs of Wasseypur” අධ්‍යක්ෂණය කරන්නේ සම්මානනීය, ආන්දෝලාත්මක අධ්‍යක්ෂකවරයෙක් වන අනුරාග් කාශ්යප් (Anurag Kashyap) විසින්. Black Friday(2004), No Smoking(2007), Dev D (2009), Gulal (2009), The girl in yellow boots (2011) චිත්‍රපටි අධ්‍යක්ෂණය මෙන්ම ජාතික සම්මානලාභී Satya හා ඇකඩමි සම්මානලාභී Wat…
“Gangs of Wasseypur” අධ්‍යක්ෂණය කරන්නේ සම්මානනීය, ආන්දෝලාත්මක අධ්‍යක්ෂකවරයෙක් වන අනුරාග් කාශ්යප් (Anurag Kashyap) විසින්. Black Friday(2004), No Smoking(2007), Dev D (2009), Gulal (2009), The girl in yellow boots (2011) චිත්‍රපටි අධ්‍යක්ෂණය මෙන්ම ජාතික සම්මානලාභී Satya හා ඇකඩමි සම්මානලාභී Water යන චිත්‍රපට වල තිර රචනය ද කාශ්යප්ගේ. IMDb Ratings 8.2 ක් තරම් ඉහල අගයක් ලබා ගන්නා මෙම චිත්‍රපටිය Asia Pacific Film Festival, Cannes Director’s Fortnight යන සිනමා උළෙල වලදී ඇගයීමට පාත්‍ර වුණා.
මෙහි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ Manoj Bajpayee. (Aks, Satya) හා Richa Chaddha, Pankaj Tripathi, Jameel Khan, Reema Sen, Piyush Mishra, Jadeep Ahlawat වගේ දක්ශ නළු නිලියන් රාශියක් මෙහි රංගනයෙන් දායක වෙනවා. නම් නිතර අහලා පුරුදු නැති උනාට ඔබ දැකලා ඇති මුහුණු කීපයක්ම මෙහිදි ඔබට මුණ ගැසෙනවාට සැක නැත.
ලෝක පූජිත Godfather කෘතියෙන් විශ්ව සිනමාවට දායාද වුන සිනමා ශෛලයෙන් නිර්මානය වෙන මෙම කෘතිය අපරාධ ගණයටයි අයත් වෙන්නේ. ඒ අගේම ඉන්දියානු ජන සංගීතය පාදක කරගෙන නිර්මාණය වුන ලස්සන ගීත කිහිපයකුත් මේ ෆිල්ම් එකේ අඩංගු වෙලා තියෙනවා. පැය 5 කටත් අධික ධාවන කාලයකින් සමන්විත වීම නිසා කොටස් දෙකක් වශයෙන් නිකුත් කෙරී තියෙනවා. මේ එම නිර්මානයේ පළමුවන කොටසයි. ඉන්දියානු ප්‍රධාන ධාරාවේ සිනමාවේ මෙන් ගුරුත්වාකර්ශනයේ සීමාවන් අධික්‍රමනය කල ෆැන්ටසි වීරයන් නොවුනත්, පොළවේ පය ගැසු “සර්දාර් ඛාන්ට” ඉන්දීය ප්‍රේක්ෂකයා අතරට යන්න පුළුවන් වුනේ අධ්‍යක්ෂකවරයා ඉන්දීය සමාජය මැනවින් හඳුනාගෙන ඇති නිසාවෙනි.
වාසෙයිපූර් කියන්නේ ඉන්දියාවේ මුස්ලිම් ගම්මානයක්. මේ ගම හරහා දුම්රිය මාර්ගය වැටිලා තියෙන්නේ. අධිරාජ්‍ය සමයේ බ්‍රිතාන්‍ය දුම්රීන් කොල්ලකන්න මේ ගමේ හිටපු “සුල්තානා” කියන පුද්ගලයා පුරුදු වෙලා හිටියා. මේ ගමේ හිටියා “ශාහිඩ් ඛාන්” කියලා තවත් බොහොම හැඩි දැඩි තරුණයෙක්. එයාත් දුම්රිය කොල්ල කන්න පටන් ගත්තා. සුල්තානා මේකට කැමති වුනේ නැහැ. සුල්තානා “කුරේශි” කියන මස් මාංශ වෙළදාම් කරන කුලයකට අයත් කෙනෙක්. ශාහිඩ් ඛාන් “පථාන් ” කුලයේ. කුරේශි වරුන්ගේ විරෝධය එල්ල වුණත් ශාහිඩ් ඛාන් දුම්රිය කොල්ල කන එක නැවැත්වුයේ නැහැ, මේ නිසා දවසක් කුරේශි වරුන් විසින් ශාහිඩ්ගේ මිනිස්සු සමූල ඝාතනය වෙනවා. මේකෙන් බේරෙන්නේ ශාහිඩ් හා නසීර් කියලා ඔහුගේ සේවකයෙක් විතරයි. ගම් සභාව මැදිහත් වෙලා ශාහිඩ් ට ගමෙන් පිට වෙන ලෙස අණ කරනවා.
ශාහිඩ් තම බිරිඳ හා නසීර් සමඟ “ධන්බාද්” වලට එනවා. “ධන්බාද්” ගල් අඟුරු වලට ප්‍රසිද්ධ පලාතක්. ශාහිඩ් ඛාන්ගේ බිරිඳ දරුවා ලැබීමේදී මිය යනවා. මෙන්න මේ කාලයේදී තමයි ඉන්දියාවට නිදහස ලැබෙන්නේ. ගල් අඟුරු ආකර ස්වදේශිකයන් අතට පත් වෙනවා. ශාහිඩ් වැඩ කරන ආකරයේ කොන්ත්‍රාත්තුව ගන්නේ රාමදීර් සින්හ්, ශාහිඩ් මෙයාගේ ලඟම සේවකයා වෙනවා. කවදා හරි රාමදීර්ව මරලා ආකරය අයිති කරගන්න අදහසක් ශාහිඩ්ට ඇති බව රාමදීර් දැන ගන්නවා. රාමදීර් ඔහුව බෙනාරාසි පිටත් කරලා රහසේ මරලා දානවා. රාමදීර් ශාහිඩ් ගේ අදහස දැනගෙන ඇති බව දැන ගන්න නසීර් ශාහිඩ්ගේ පුතු සර්දාර්ව අරගෙන පැනලා යනවා. පස්සේ රාමදීර් ඇමති කෙනෙක් බවට පත් වෙනවා.
මේ සර්දාර් ඛාන්, ශාහිඩ් ඛාන් පුත්‍රයා, අස්ගර් කියන නසීර්ගේ ඥාති පුතෙක් එක්ක හැදී වැඩෙනවා. දවසක සර්දාර්, නසීර්ගෙන් සිය පියා ගැන විමසනවා. ඔහුව රාමදීර් එක්කන් ගොස් මරා දැමු බව නසීර් කියනවා. තමන්ගේ තාත්තා මරපු පළිය ගන්න තුරු කොන්ඩේ වවන්නේ නැති බවට තමන්ටම පොරොන්දු වෙන සර්දාර් හිස මුඩු කර ගන්නවා. සර්දාර්, අස්ගර්, නසීර් එකතු වෙලා කරන මැරකම්, චන්ඩිකම්, හොරකම්,භීෂණ අතරේ මේ චිත්‍රපටිය ගලාගෙන යනවා. බස් කොන්දොස්තර වරයෙක් සිට වාසෙයිපූර් පාතාල රජු බවට පත් වන සර්දාර් තම පියාව වාසෙයිපූර් වලින් එලවපු කුරෙශිවරුන්ගෙන් හා ඔහූව මරා දැමු රාමදීර් එරෙහිව ක්‍රියා කරනවා. කියමන්ක් තියෙනවා “හතුරාගේ හතුරා, තමන්ගේ මිතුරා” කියලා. ඒ වගේ රාමදීර් කුරේශිලා එක්ක එකතු වෙනවා. සර්දාර්ට තම පළිය ගන්න පුළුවන් වෙයිද කියලා බලන්න චිත්‍රපටිය නරඹන්න කියලා මම හැමෝන්ගෙන්ම ඉල්ලනවා. ඒ වගේම ලංකාවේ අපේ කට්ටිය දන්න කියන කෙනෙක් තමයි ෆිල්ම් එක ආරම්භයේදීම ඉන්නේ, කොරියන් දියණිවරු එන්න කලින් මෙයා තමයි ලංකාවේ ගොඩක් කාන්තාවන්ගේ පරමාදර්ශය වෙලා හිටියේ, ෆිල්ම් එක බලලම කවුද කියලා හොයාගන්නකෝ…
මේ මගේ පළමු වන නිර්මාණය. පැය දෙක තුනකින් සබ් දාලා ඉවර කරන්න පුළුවන් කියලා හිතාගෙන හිටියට පටන් ගත්තමයි තේරුණේ ෆිල්ම් එකක් බලන තරම් මේක ලේසි නෑ කියලා. නිර්මාණයක් ඉදිරිපත් කිරීමේදී බයිස්කෝප් අඩවියේ සහෝදරයන් දක්වන හෘදයාන්ගම ප්‍රතිචාරයන්ට ස්තූති වන්ත වෙමි.
Gangs of Wasseypur (2012) Part II >>
මෙම උපසිරසි BR සහ DVD පිටපත් සඳහා ලබා දී ඇත.
7,717 downloadsDownload Gangs.of_.Wasseypur.2012-BR.zip233 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරුෂාන් ෆර්නෑන්ඩු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හිරුෂාන් ෆර්නෑන්ඩු
Subtitles
62 comments
Thisara
mihin ලංකා
ජය වේවා නියම ෆිල්ම් එකක් වාගේ,
upali
ela ela ela ela
quik
thanks
Isuru
wish u all the best 1st sub
Bandula
2 weni kotsakuth thiyenawa akatath ikmanata subs dennaoooo....
thxztharanga
පළමු වැඩේට මගෙනුත් සුභ පැතුම්...දිගටම හොද ෆිල්ම්ස් වලට සබ් අරගෙන එන්න..කට්ටිය කියනවා වාගේ මේකේ තව කොටසක් තියේ නම් ඒකත් සබ් එක්කම දෙන්න..
ජය
chami
thnxxxxxxxxxxxxxxxx
eraNga
පට්ට පට්ට නියම පහරක් නේ.
Dilan-
elakiri saho
ccnp
Thanks
ranga
bohoma pin digatama subs denna saho
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය අප ඉතා ගෞරවයෙන් අගය කරනවා......thanks very much...........මේකේ 2 වෙනි කොටසටත් සබ් දෙන්න මචෝ
shann
සුපිරි නළුවෙක් ඉන්නේ,,, ජයම වේවා
උදාර
නියමයි සහෝ . මාත් ගන්නවා.
lk
BOHOMA PIN!!!!!
YKG
hindi movies danawanam me wage ela films danna brother!gd luck n best of luck to u r better taste of filems
Ashan ravihansa
palaveni ekanam baluva 2veni ekath denda sub ekata thankz dan aluth aya hoa gala enavane meehama tahama inada oana hoda dekata hamoma set venda one palaveni upasirsayata unisim suba pathum..............
නලින්
එළ එළ හිරුෂාන් සහෝ
ජය වේවා
uda
මේකනම් සුපිරි කතාවක් වගේ...
අවංකෙන්ම මටනම් බොලිවුඩයේ සුපිරි තරු මේ රංගන ශිල්පීන් තමයි. මොකද වඩාත් අසීරුම රංගනයන් ඉදිරිපත් කිරීමේ කෙළ පැමිණි අය මේ අයයි. කින්ග්වරුන්ට තියෙන්නේ හරි සරල කෙරුවාවක් බොහෝ වෙලාවට. ඔවුන්ගේ චරිතය අභිබවා නළුවා මතුවෙනවා එක කාන් කෙනෙකුගේ හැර.රගපෑමේදී තිබෙන ලොකුම අභියෝගය තමයි තමන් මතු නොවී, චරිතය මතු කරන එක ඒක කරන එක හිතන තරම් ලෙහෙසි පාසු නෑ. ආසියාවේ කින්ග්වරුන් ළගවත් ඒ ගුණය නෑ. නමුත් මෙන්න මේ අය ගාව ඒක මම දැකලා තියෙනවා.
සුපිරි ලිපියක් මචෝ... ඒ වගේම සුපිරි කතාවක් බව සැක නෑ. අනිවා බලනවා. ජය!
කැලුම් ගුණසේකර
පලමු නිර්මාණයට උණුසුම් සුභපැතුම්. ස්තුතියි සහෝ.
sisitha
2nd part 1th dunnama 2ma 1ta baanawa
Mahesh
එල වැඩක් 02 කොටසටත් සබ් දෙන්න කෝ යාළුව
mudiya / මුදියා
නියමයි හිරුෂාන්.පළවෙනි වැඩේට අපෙන් සුභ පැතුම්.කියල තියෙන විදිහට දෙවනි කොටසකුත් තියෙනවනෙ.ඒකටත් සබ් දෙන්නකො ඔයාම.දිගටම සබ් දෙන්න සහෝ.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
Uvindu sathsara
elas
නවීන් ලක්ෂිත
palamu wadetat suba pathum saho....
D.Chamara
niyama wadak thanks
mindika
thanks !!!!!!!!!!!!!!!!!!!
කැලුම් රණවක
මුලින්ම පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් සහෝ.....
ෆිල්ම් එක නම් නියමයි..මම බැලුවා..සබ් එකත් එක්ක ආයෙ බලන්න ඕනි..
දෙවැනි එකත් දෙන්න..
ඔබට ජය...!!!jack
නියමයි මචන්. මේකේ දෙවන කොටසටත් සබ් දෙන්න. වැඩේ දිගටම කරගෙන යන්න. සුබ පතනවා!
“චූටී මල්ලි”
2 නි කොටසටත් අනිවා සබ් දෙන්න කොල්ලෝ
ඒවගෙම අපෙ උපසිරැසි කණ්ඩායමට සාදරෙන් පිළිගන්නවා
සබට තෑන්ක්ස්
ඔබට ජය........ශාන් විමුක්ති [වීමා] 〠
මුලින්ම බොලාව අපේ බයිස්කෝප් ගොයියො සැට් එකට සාදරයෙන් පිලිගන්නව ඕං.... :D
බොලා හාපුරා කියල හොර බොරු නැති පට්ට පහරක්නෙ ගෙනල්ල තියෙන්නෙ
මමත් ආස නෑ ගොයියො උබ කියපු ජාතියෙ අර ගුරුත්වාකර්ෂනට විරුද්දව ක්‍රියාකරන සිගිති පහේ එව්වට.
මම හින්දි ඒව බලන්න ඒ හැටි මනාපයක් නෑ ඒ හේතුව නිසාම :(
බොලගෙ තේරීම මම ඉහටත් උඩින්ම අනුමත කරනව බාන්න්න්... :D
එහෙමනම්, බොහොම ස්තුතියි උපසිරසියට. ජය වේවා සහෝ
දෙකත් අරන් ආයෙ එන්ට හොදේ ;)nuwan
elama thamai machan jaya wewaa..............!
Dharshana
Niyamai macho...1,2,3....100tama yamu.thanks sub walata.
Siraj priyantha
Thanks saho.
සමීර කරුණාරත්න
සමාවෙන්න ඕනේ පරක්කු වුනාට කමෙන්ටුවක් දාන්න....
බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නව සහෝ...
සබ් බලනවා වගේ කරණ එක ලේසි නැහැ නේද?! කොහොම හරි ඔයා අවසානයේ ඒ අභියෝගය ජය ගත්තනේ....
තව ඉදිරියට මේ වගේ හොද චිත්‍රපට අපවෙත අරගෙන එන්න... එහෙනම් සුභ පැතුවා ඔන්න... උපසිරැසට බොහොම ස්තුතියි....!කේ.යු.ජී.උදාර
මුල්ම වැඩේට සුබ පැතුම් සහෝ..........
මේක ආපු මුල් කාලෙම මාත් බැලුවා.
පුළුවන් නම් මේකෙ දෙවැනි කොටසත් දෙන්න.දිනිඳු සම්පත්
තවත් අලුත් සාමාජිකයෙක් නේද? බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි. දිගටම සබ් දෙනවා නේද?
රොයිලි
බොහොම ස්තූතියි හිරුෂාන් සහෝ සිංහල උපසිරැසියට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ :P :P
Hirushan
අදහස් දක්වපු , බාගත කරගත් සියලුම දෙනාට ස්තූති වේවා..!
ඉදිරි දින දෙක ඇතුලත දෙවනි කොටසටත් සබ් ලබා දෙන්න පොරොන්දු වෙමි.රාම් රාජ්
සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.
sameera
ane sudu puthe ikmaninma 2nd ekath dahanko maye amma
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍රවිඳු පෙරේරා
මේකේ දෙවෙනි කොටසටත් සබ් දෙන්නේ නැද්ද ? ඉක්මනට දෙන්නකෝ, අපි කවද ඉඳන්ද බලන් ඉන්නේ!
Amila Gihan
niyamai mcnn...thnxxx
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)Thilina
බොහොම ස්තූතියී...
Naween
නියමයි සහෝ.උපසිරැසියට බොහොම ස්තූතියි...
nishshanka ruwan
ස්තූතියි :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පළමු වැඩේට සුභ පැතුම් මේකේ 2 වෙනි කොටසටත් සබ් දෙන්න මචෝ