Generation Kill (2008) [S01 : E05] Sinhala Subtitles | සටන පෙරටම… [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න එහෙනම් IMDB දර්ශකයේ top rated ලැයිස්තුවට පවා ඇතුලත් වුනු HBO නාලිකාවේ Generation Kill කතා මාලාවේ පස්වෙනි කොටස අරගෙන ආවා. ඉතිං අශාන් විමුක්ති අයියා තමා වැඩේට කතා කළේ. ඉතිං මුලින්ම අශාන් අයියටත්, වැඩේට උදවු කරපු රවිඳු රුක්ශාන් අයියටත් විශේෂ ස්තූතියක් කරන්න කැමැතියි.
ඉතිං කට්ටිය ආසාවෙන් බලන මේ Mini series එකේ පස්වෙනි කොටස තමා මට බාරවුනේ. හිතුවට වඩා සීරීස් එකේ බර වචන එහෙම සෑහෙන තිබුණා. විශේෂයෙන්ම හමුදාවලට ආවේණික වචන එහෙම. ඉතිං ඒ යෙදුම්වල තේරුමත් බොහෝ අවස්තාවලදි උපසිරැසියට ඇඩ් කරන්න මම කටයුතු කළා. හරි එහෙනම්, තවත් අටුවා ටීකා නැතුව අද කතාවට බහිමුකෝ.
කලින් කොටසෙ සිදුවීම්වලින් පස්සෙ තමා අද කතාව ගලාගෙන යන්නේ. දැන් ආහාර පිලිබඳ ගැටලුවක් පැන නැගිලා තියෙනවා. ඒ වගේම හුඟක් කට්ටිය මේ යුද්ධයේ තත්ත්වය එක්ක අවුල් ගිහින් ඉන්නේ. තවත් කට්ටිය හමුදාව ඇතුලෙ වෙන සිදුවීම් සහ ක්‍රියාවලි ගැන ටිකක් අකැමැත්තක් දක්වනවා.
කොහොම හරි මේ අතරතුරේ ප්‍රහාරයක් දියත් කරන සැලැස්මත් පෙරට එනවා. නගරයක් තුළට ගිහින් ඒ නගරයේ පාසල පුපුරවා අරින්න කට්ටියට අණ ලැබෙනවා. කොහොම හරි මේ නගරයට පිවිසෙන්න පාලමක් පහු කරන්න ඕනේ. නමුත් කිහිප දෙනෙක්ගෙන් ප්‍රශ්න කරද්දි දැනගන්න ලැබෙනවා මේ පාලම අසළ ත්‍රස්තවාදීන් රැකගෙන ඉඳලා පහර දෙන්න සූදානමින් ඉන්නවා කියලා. ඒ වගේ භයානක තත්ත්වයක් මැද කට්ටිය තමන්ගෙ මෙහෙයුම ඉටු කරන්න යනවා. කොහොම හරි කිවුවත් වගේම ආරක්ෂ රථ ටිකට පාලම පහු කරගෙන යන්න සිද්ද වෙන්නෙ නෑ.
ඉතිං මොනවයින් මොනවා සිද්ද වෙයිද? හමුදාවට කොයි විදිහට හානි සිද්ද වෙයිද? නායකයෝ මොන විදිහෙ තීරණ ගනීවිද? මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න මේ පස්වෙනි එපිය නරඹන්න කියලා ආරාධනා කරනවා.
එහෙනම් තවත් මේ වගේ ලස්සන නිර්මාණයකින් ඉක්මණින් හමුවෙමු/ දිගටම අපි එක්ක රැඳිලා ඉන්න…!
෴෴ සුබ දවසක්…! ෴෴
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1516 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Godak sthuthi.. Jaya wewa!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
6 nedddooooooooooo
Episode ganna widiyak ne
episode 6 thama na ne…
ep 6 wada naththe ai
6,7 සබ් කවද්දො දෙන්නේ……
තෑන්ක්ස් සබ් එකට සහෝ
ස්තුතියි .ජයවේවා !
Thanks Bro
සිංහල උපසිරැසියට ස්තූතියි
ko ituru ewa….???
thanks saho sub ekta