මාස ගාණකට පස්සේ චිත්‍රපටයක් වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි මේ ආවේ. කට්ටියට අපිව අමතක වෙලාද දන්නෙත් නැහැ. අරන් අවේ හින්දි චිත්‍රපටයක්. ගොඩක් දෙනා මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වෙනකන් බොහොම නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ. එකවරම හිටු කියලා හොඳ පිටපත් කීපයක්ම නිකුත් වුනා. ඉතින් වැඩ රාජකාරි අස්සේ හැකි ඉ…

මාස ගාණකට පස්සේ චිත්‍රපටයක් වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි මේ ආවේ. කට්ටියට අපිව අමතක වෙලාද දන්නෙත් නැහැ. අරන් අවේ හින්දි චිත්‍රපටයක්. ගොඩක් දෙනා මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වෙනකන් බොහොම නොඉවසිල්ලෙන් බලාගෙන හිටියේ. එකවරම හිටු කියලා හොඳ පිටපත් කීපයක්ම නිකුත් වුනා. ඉතින් වැඩ රාජකාරි අස්සේ හැකි ඉක්මනට ඔන්න අරගෙන ආවා. චිත්‍රපටයේ නම Hamari Adhuri Kahaani (2015). නම කිව්ව ගමන් කවුරුත් දන්නවා. Mohit Suri ගේ අධ්‍යක්ෂණයෙන් හැඩගැන්වුනු මේ සිනමා සිත්තමේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා Vidya Balan (වසූදා ප්‍රසාද්), Emraan Hashmi (ආරව් රූපරෙල්) සහ Rajkummar Rao (හරී ප්‍රසාද්). මුලින්ම චරිත ටික කියලා දැම්මේ, අමතක වුනු අයට චිත්‍රපටය මතක් වෙන්නත් එක්ක.
බොලිවුඩයේ Bhatt පවුල ගැන බොලිවුඩ් රසිකයින් නොදැන ඉන්න විදියක් නැහැ. Nanabhai Bhatt, Shirin Mohammad Ali සහ ඔහුගේ සුළු මව සම්බන්ධ සැබෑ ආදර අන්දරයක් පදනම් කරගනිමිනුයි මේ චිත්‍රපටය නිර්මාණය වන්නේ. ආදරය, විවාහය, තනිකම, දුගී බව, බලපුළුවන්කාරකම, කැපකිරීම ආදී වශයෙන් පුද්ගලයින් සතු විවිධාකාර වූ ගතිගුණ එක කතාවකට කැටිකර නිර්මාණය කළ සිනමා සිත්තමක් හැටියට හඳුන්වන්න පුළුවන්. IMDb දර්ශකයේ 6.7 ක අගයක් ලබා ගෙන තියෙන මේ නිර්මාණය Mahesh Bhatt හා Mukesh Bhatt විසින් නිෂ්පාදනය කරන්නේ, Vishesh Film සහ Fox Star Studios බැනරය යටතේ. ආදායම් අතින් එතරම් සාර්ථක නොවුනත් ප්‍රේක්ෂක හද බැඳ ගන්නට මේ චිත්‍රපටය සමත් වන බව නම් නොඅනුමානයි.
ස්වකැමැත්තකින් තොරව හරී සමඟ විවාහ වන වසූදාට, විවාහයෙන් අවුරුද්දකට පසු තනි වන්නට සිදු වන්නේ තම සැමියා අතුරුදන්වීම නිසාවෙන්. වසර පහක් තම පුතු සමඟ ජීවන අරගලයට තනිව ඇය මුහුණ දෙන්නේ, සුඛෝපභෝගී හෝටලයක මලින් ගෘහ අලංකරණය කරන්නියක් (Florist) හැටියට සේවය කරමින්. හෝටල් 108 ක හිමිකරුවෙක් වන ආරව් රූපරෙල් මේ හෝටලයට පැමිණෙන්නේ එයත් මිලට ගැනීමේ අදහසින්. දුටු සැනින් වසූදා සතු වූ චාම් ගති ගුණ කෙරෙහි ආරව් පැහැදෙන්නේ, ඇය සතු ගෘහ අලංකරන හැකියාවත් මැනවින් අවබෝධ කරගනිමින්. සිද්දීන් කීපයක් ඔස්සේ මොවුන් දෙදෙනා අතර ගොඩනැඟෙන හොඳ හිත හේතු කොටගෙන ඩුබායිහි හෝටලයක රැකියාව කරන්නට ඇයට ආරව්ගෙන් ආරාධනයක් ලැබෙනවා. තම පුංචි පුතු දමා ඇය ඩුබායි බලා ගමන් කරන්නේ, තම පුතුගේ අනාගතය වෙනුවෙන් හරි හම්බ කරන්නටයි. මේ අතර මුම්බායි අපරාධ විමර්ශන අංශයෙන් වසූදාට කැඳවීමක් ලැබෙන්නේ, ඇයගේ සැමියා සම්බන්ධ තොරතුරක් එළිදරවු කිරීමටයි. අවුරුද පහක් තිස්සේ අතුරුදන් වුනු හරී ප්‍රසාද් ත්‍රස්තවාදියෙක් බවට පත් වෙලා. ඔහු නැවත වසූදාගේ ජීවිතයට හරස් වෙයිද? වසූදා සහ රූපරෙල් අතර ඇති වන බැඳීමට කුමක් සිදු වෙයිද? ඇත්තටම මේ ආරව් රූපරෙල් කියන්නේ කවුද? ඔය සියලු කරුණු කාරණා ඔස්සේ දිවෙන චිත්‍රපටය තුළින් ආදරය වෙනුවෙන් මිනිසුන් තමන්ගේ සීමාව කොතරම් දුරට පුළුල් කරගන්න උත්සහ දරන්න පුළුවන්ද යන්න ගෙන හැර දක්වනවා. කියන්නම ඕන කාරණාවක් තමයි මේ ප්‍රධාන චරිත තුනට පණ පොවන රංගන ශිල්පීන් ඉතාමත් දක්ෂ විදියට චිත්‍රපටයේ හැඟීම් දනවන්න සමත් වෙලා තියෙනවා. චිත්‍රපටයේ අවසාන දර්ශන කීපය ඉතාමත් හැඟීම්බරයි.
මේ චිත්‍රපටයේ සංගීතය ගැන නම් සුළුවෙන් හෝ යමක් නොකියා බැහැ. Jeet Ganguly, Mithoon, Ami Mishra, Sahir Ali Bugga යන සංගීත අධ්‍යක්ෂකවරුන්ගේ සංගීත රසයෙන් හැඩගැන්වෙන මේ චිත්‍රපටය ඔයාලට අමතක නොවන සංගීතමය අත්දැකීමක් වෙයි. ගායන ශිල්පීන් වශයෙන් Arjith Singh, Papon, Deepali Sathe, Zubeen Garg, Shreya Goshal, Rahat Fateh Ali Khan දායක වෙනවා. මෙහි එක් ගීතයකට හැරෙන්නට සියලුම ගීත වලට සිංහල උපසිරැසි සකස් කරලා තියෙනවා. ගීත වල කාල රාමු සම්බන්ධයෙන් වගේම සම්පූර්ණ උපසිරැසිය සම්බන්ධයෙන් ලොකු සහයෝගයක් දුන්න සමීර චතුරංග අයියව මතක් කරන්න ඕනේ. අවසාන වශයෙන් අඩවියට එන, උපසිරැසි බාගත කරන, අදහස් දක්වන ඊමේල් මඟින් අඩවියේ ඉදිරිපැවැත්ම වෙනුවෙන් යෝජනා, චෝදනා ඉදිරිපත් කරන සියලුම සහෝදර සහෝදරියන්ට ස්තූතිය පළ කරන ගමන් සමුගන්නවා. ජයම වේවා..! එලස්ස්ස්ස්…
800 MB (720p x265 HEVC BR) කොපිය මෙතනින් බාගන්න
67F0613E150CA5B27BB76A4861FDC1B5B03D1E801.2 GB (720p BR) කොපිය මෙතනින් බාගන්න
6C6D4B8E538E3302FB86CA42B46DA4B0E6CAD8462.3 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
0F99824FD08605402C8D9D5A02181D49668337FD Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
14,826 downloadsDownload Hamari-Adhuri-Kahaani-Kahani-2015-BAISCOPELK.zip166 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්‍රීමාල්
Subtitles
55 comments
kanthaDLA
අමිත් මදුසංක
'අපේ අසම්පූර්ණ ආදර කතාව' බලන්න ආසාවෙන් හිටියේ.
බොහෝම තූති උපසිරැසියට!Chamith
Niyamai saho..
තාරක නුවන් දිල්හාර
අඩේ මෙන්න මේක දීලා.
අනිවා බෑමක්..
යශෝධ අයියා කාලෙකින් නේද හින්දියකට බැහැලා තියෙන්නේ..
සබට තුති වගේම සමීර අයියටත් තුති..
ජයෙන් ජය...!!
එලස්ස්ස්ස්ස්....ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
niyamai niyamai hode..
eenakamma maga balan unnu ekak meka...
ara moko eka sinduwakata sub nokale...
sub eke sindu walata upsirasi thibbe nadda....
kohoma unath ela wadak hode..
jaya wewaa!!යශෝධ
thibbe nane..hewo.. sara kattak kanna una itin.. :D
Purnima
Thanks
achi
ස්තූති සහෝ!!!
ජය!!!Naween
මේක දෙනකං තමයි බලං හිටියේ
නියමයි
සබ් ඒකට බොහොම තැන්ක්ස් සහෝ ඔබට ජය ...!නලින්
ස්තුතියි! යශෝධ.
කාලෙකින් ලස්සන ෆිලුමක් එහෙම අරං ඇවිල්ල තියෙන්නේ.
ජය වේවා!
tiron
තවත් අපුරු සිනමා සිත්තමක් .ඔබට බොහොම ස්තුතියි.ජයෙන් ජය.
නිරෝෂ්
ස්තුතියි යශෝධ.ජයවේවා !
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakmal
thxxxxxxxxxxxxxxx
Nelson
Good Work Friend Thanks
Nilnethu
Oyala Nam harim narakai!
Godak daws idan Dil Dhadakne Do film 1 sub illnwa! Hoda copy nhe kyl kynw witary!
Yesterday out Una films wltath subtitles deela!
Really upset #Bioscope gang!thisal
මේක දෙනකං තමයි බලං හිටියේ
නියමයි
සබ් ඒකට බොහොම තැන්ක්ස් සහෝ ඔබට ජය …!Lakith
Thanks Bro Superb Movie Thanks A Lot...............
prasha
thanks
Jack
නියමයි මචෝ....
අනිවා බෑමක් තමයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.kavi
oyalage sevaya godaak agayanava sahoo....jaya wewaa !!!!!!!!!
කේ.යූ.ජී. උදාර
ඔන්න එහෙනම් මාත් ගත්තා.............
සිංහල සබට බොහොම ස්තූතියි යශෝධ.Kulanjana Maduranga
niayamai…thanks YASHODA saho..sub ekata..digatama sub demu.jaya wewa……
nadika
tnx sub akata saho..puluvannm bombey velvet aket sub aka deyanko.
“චූටී මල්ලි”
filuma tiye sub eka gnnawa
tnx YASOgeenath
sub ekata tanx ...kalekata passe beluwa supiri film ekak .......superb.
Gayan
Thanks...
ross
thx.. sub1ta
Chami
Thank you very much..
Poorni
Well done .Thank you for the link
kanchana
sthuthiy malli
sandun
niyama honde, niyama film ekak, anthima tike mara dukay, sub ekata thanks machan
සල්මල්
මචං ඔය 800MB කොපිය මම ඩවුන්ලෝඩ් කලා. වීඩියෝ එක ප්ලේ වෙන්නෙ නෑ බං ඕඩියෝ එක විතරයි වැඩ. තව කාටවත් මේ වැඩේ උනාද?
Thisara Neo
Player eka update karanna saho. x265 copy parana update wala wada naha thamai
wajira
kal giya balanna ada balanawa jayawewa
Thisara Neo
thanks
Ashan Vimukthi
සබට බොහොම තුති යසෝ
මෙන්න ගන්නවාDasanayaka
Thank you....
La Hiru
බොහොම ස්තූතිය් යාලුවා
Hasi
මේක තමයි මම ජීවිතේ බලපු ලස්සනම Film එක.Thankx මේක දුන්නට!!
hasitha prasad
mamath dan tamai sub eka bawe film eka thama baluwe ne. sub eketa godaaak stuty.good luck every one. good night !
Menu
බොහෝම තූති උපසිරැසියට!
Dantha
ඇත්තටම ලස්සන හැගීම්බර හින්දි ෆිල්ම් එකක්..
බොහොම ස්තූතියි සබ් එකට.....Isuru
ela ela...
thank you bro...............krishantha
Tnxxxxxx bro.............
nadeesh Dilshan
Thank you
chanaka_naveen
Thank u bro
මොළ කකුලුස්
Film එක හරිම හැගුම්බරයි....සිංහල උපසිරසි හොදටම කරල තියනව.......ජය ජය වේවා.......
Anonymous
lassanaida?
Raphaele
Thank you so much.
Shiranga rathnayaka
Superb
P.Lakshan
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!