හොදයි බයිස්කෝප් රසික රසිකාවියනි, ඇඩ්මින්වරුනි සහ සහෝදර උපසිරසිකරුවනි. මම මේ සුදානම් වෙන්නේ ඉතින් 50 වෙනි කඩඉම පනින්න. මම ගොඩකාලයක් තිස්සේ බයිස්කෝප් අඩවිය එක්ක රැදිලා හිටියා. ඉතින් එහෙම ඉන්න අතරේ මටත් හිතුනා නිකමට ජොලියට වගේ උපසිරසියක් කරන්න කියලා. කොහොම හරි ඒ ආසාව මල්පල දරමින් මම 2015 අප්‍රියෙල් මා…
හොදයි බයිස්කෝප් රසික රසිකාවියනි, ඇඩ්මින්වරුනි සහ සහෝදර උපසිරසිකරුවනි. මම මේ සුදානම් වෙන්නේ ඉතින් 50 වෙනි කඩඉම පනින්න. මම ගොඩකාලයක් තිස්සේ බයිස්කෝප් අඩවිය එක්ක රැදිලා හිටියා. ඉතින් එහෙම ඉන්න අතරේ මටත් හිතුනා නිකමට ජොලියට වගේ උපසිරසියක් කරන්න කියලා. කොහොම හරි ඒ ආසාව මල්පල දරමින් මම 2015 අප්‍රියෙල් මාසේ 19 වෙනිදා බයිස්කෝප් අඩවියට එකතුවුනා මගේ පළමු උපසිරැසිය වන the girl is in trouble කියන සිනමාපටයත් සමග. මම 50වෙනි උපසිරසියට ලංවෙද්දි වැඩිපුරම උපසිරසි යොදලා තියෙන්නේ කතාමාලාවලට චිත්‍රපටනම් 10කටත් වැඩිය අඩුයි. එම කතාමාලා සහ චිත්‍රපටනම්
1.the girl is in trouble(2015)
2.the frame(2014)
3.warsaw 44(2014)
4.agent cody banks (2003)
5.shongkui snow girl and the dark crystal(2015)
6.scooby doo and kiss rock and roll mystery(2015)
7.The lovers(2015)
8.Eden(2014)
9.Ashby(2015)
10.Olympus කතාමාලාව
11.Dark matter කතාමාලාව
12.Killjoys කතාමාලාව
13.The Player පළමු කොටස් 4
මම හිතුවේ නැහැ පළමු උපසිරැසිය කරද්දී 50ක් දක්වා එන්න. ඇත්තම කිව්වොත් පළමු උපසිරැසිය පරිවර්තනය කරද්දී මට එපාම වුනා. ඒත් ඒක අඩවියේ පලවුනාට පස්සේ දකින්න ලැබුණු අදහස් නිසා මම ආයේ උපසිරසි කරන්න තීරණය කළා. දැන්නම් ඉතින් ඒක පුරුද්දට ගිහින්. සතියකට පාරක්වත් උපසිරසියක් නොදී ඉන්න බැහැ බැහැ වගේ. ඇත්තම කිව්වොත් මෙම කර්තව්‍යට දායක වීමෙන් පසුව විශාල දැනුමක් සහ අත්දැකීම් සමුදායක් එකතු කරගන්නත් පුළුවන් වුනා. හා ඒවගේම කියන්න ඕන සමීර සහෝ, හසන්ත සහෝ, රොයිලි සහෝ සහ යශෝධ ඇතුළු සියලුම ඇඩ්මින්වරුන්ට ස්තුතියි කියලා. අනිත් ඇඩ්මින්ලා කවුද කියන්න දන්නේ නැහැ හොදේ එකයි නම්ගම් කිව්වේ නැත්තේ. ඒවගේම වැදගත්ම උදවිය ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝ හැමදාම බාගෙන යනකොට මොකක්හරි කොමෙන්ටුවක් දාගෙන යන්න පුරුදුවෙලා හිටපු පිරිසක් ඉන්නවා. ඔවුන්ට බොහොමත්ම ස්තුතියි මාව දිරිමත් කලාට. බාගෙන ගියපු අයටත් ස්තුතියි මගේ උපසිරසි බාගත්තට. කියන්න දේවල්නම් බොහොමයි ඒත් ඉතින් මේ ටික ඇති කියලා මම හිතනවා.
හොදයි එහෙනම් දැන් මගේ වල්පල් ටික කිව්වා ඇති.දැන් චිත්‍රපටිය දිහාවට හැරෙමු.මුලින්ම මේ චිත්‍රපටය මට ගන්න කියපු සමීර සහෝටත් ඒක කලින් බාර අරගෙන ඉදලා බැහැයි නොකියා මට ඒක ලබාදීපු යශෝධ සහෝටත් ස්තුතියි.
Hitman: Agent 47 තිරගතවීම ආරම්භවන්නේ 2015 අගෝස්තු 17. මේවන විට මෙම සුපිරි ක්‍රියාදාම සිනමාපටයට IMDB දර්ශකයේ 5.9ක් හිමිව තිබෙනවා.මේවනවිට ඉපයීමට සමත්ව තිබෙන මුළු ආදයම ඩොලර් මිලියන 81.9ක් ලෙස සදහන් වෙනවා.රංගනයෙන් දායක වන්නේ agent 47 ලෙස Rupert Friend, කටියා ලෙස Hannah Ware ප්‍රධාන චරිත ලෙසත් සෙසු චරිත සදහා Zachary Quinto, Thomas Kretschma, rolf kanies, ciran hinds යන අය රංගනයෙන් දායක වෙනවා.
මිනිසා විසින් වේදනාව, බිය සහ අනුකම්පාව වැනි හැගීම් කිසිවක් නැති ඝාතකයින් නිර්මාණය කරනවා. මෙහි නිර්මාතෘ වන්නේ ලිට්වින්කෝ. එසේ නිර්මාණය කල මිනිසුන් හදුන්වන්නේ නියෝජිතයින් යන නමින්. ඔවුන්ට නමක් ලෙස ලැබෙන්නේ අංකයක්. පසුව ලිට්වින්කෝ එක්වරම අතුරුදහන් වීමත් සමගම නියෝජිතයින් නිර්මාණය කිරීමේ වැඩසටහන අක්‍රිය වෙනවා. නමුත් පසුව ඩෙලරිගෝ වසර ගණනක සෙවීමකින් පසුව ලිට්වින්කෝ සොයාගැනීමට මගක් පාදා ගන්නවා. ඔහුට ලැබෙන එක් ජයාරූපයක් අනුව ඔහු තරුණියක් සෙවීමට පටන්ගන්නවා.
ඒ තරුණියගේ නම කටියා වැන් ඩිස්. ඇයව ඇල්ලීමට සින්ඩිකේට් ආයතනයෙන් යවන නියෝජිතයින්ගෙන් ඇයව ආරක්ෂා කිරීමට AGENT 47 පැමිණෙනවා. කෙසේ වෙතත් ඔහු පවසන පරිදි කටියා කියන්නෙත් ලිට්වින්කෝ විසින් නිර්මාණය කල පුද්ගලයෙක්. ඒ ගැන ඉතින් බලලම දැනගන්න. Mr.47 කටියා එක්ක එකතුවෙලා ඇයගේ පියාවන ලිට්වින්කෝ සෙවීම අරඹනවා.ඉතින් මේ ගමනේදී සින්ඩිකේට් ආයතනයේ නියෝජිතයින් එහෙම පස්සෙන් එනවා.ඉතින් අවසානයේ කටියා තම පියාව හොයාගන්නවා.එනමුත් ඔහුව සින්ඩිකේට් එකට හසුවෙනවා. 47 කටියාගේ පියා බේරාගැනීමට මෙහෙයුමක් දියත් කරනවා. නමුත් සැබවින්ම ඔහුගේ පරමාර්ථය වන්නේ එයම නෙවෙයි. ඒ මොකක්ද කියලා බලලම දැනගන්න. අවසානයේදී පුදුම හිතෙන දෙයක් ඔයාලට දකින්නත් ලැබෙයි.
එහෙනම් මම මේකියපුව හොදටම ඇති වගේ. එකදිගට ටයිප් කරලා වෙහෙස නිසා ලිපිය පොඩ්ඩක් විතර අවුල් වගේ. ලිපිය ගැන හිතන්නේ නැතුව ෆිලුම බාගන්න. සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක්. කතා කරන ප්‍රමාණයට වඩා ක්‍රියාදාම තමයි වැඩි. එහෙනම් හැමෝටම බාගන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. යමින් ගමන් අදහස් එහෙම දක්වාගෙන යන්නකෝ. ඔබට ජය…!!!
722 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
5CECD477D0B687AE59F0EE52761C1055414371F11.84 GB (1080 BR ) කොපිය මෙතනින් බාගන්න
BA71505BE3AB1ED298161B7973A375CB5DF86421Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
22,349 downloadsDownload Hitman.Agent_.47.2015.br_.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
115 comments
Janith Jayasankha Adhikari
Awash
wish u all the best
Ish
Ela bn issarahata thwa hoda sub oneee ela gd luck
nalinda
thnk you
indunil
thanx a lot bro
Smith
Thanks machan...
ප්‍රණීත් චින්තක
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ. එනකං මග බලාගෙන හිටපු ෆිල්ම් එකක්. මේ විදියටම දිගටම 100, 150 කඩයිම් පහු කරන්නත් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :) :) :)
රොයිලි
උණුසුම්ම උණුසුම් සුබපැතුම් සහෝ මධුකප්‍රිය සහෝ. ඔයා කරපු සබ් වලින් සෑහෙන කොටසක් මමත් බලල තියෙනවා. ඉතින් ඔතනින් නොනැවතී ඉක්මනින්ම 100 දක්වා යන්න සුබ ප්‍රාර්ථනා කරනවා. ඔන්න එහෙනම් අදම බාගෙන බලනවා. ඉතින් වෙනදා වගේම බොහොම ස්තූතියි කියනවා සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
udara shan
007 Spectre meka dapanko........
kavinda
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන් ඉවසන් ඉන්නවා…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…dev
niyamai ....
bohoma sthuthi saho.....
enakan balan hitiye...........kgm
ela enkam hitiye
Ravindu T Thenabadu
මෙන්න අත් දෙකෙන්ම සුභපැතුව 50 ට. තව යමු නේ... 100, 200 වගේ...
සබ් එකත් බාගන්නව හොඳ එකක් ආවම. කොරියන් සබ තියෙද්දි එපාවෙනව. :-D
හොඳ එකක් ආවම Update කරමු. එල.Jaya
Patta...cngrtz
Sam
congratz broo...thnkss for the sub...
Chämàrá Sâmpáth
හම්මේ ඉතින් නියමයි අහ්හ්ග්. පලවෙනි කඩයිමටත් ආවා එහෙනම්. මුලින්ම උනුසුම් සුභපැතුම් එක් කරනවා 50 වෙනි උපසිරැසි ගැන්වීමට.
මෙතනින් නවතින්නේ නැතුව තවත් දිෆින් දිගටම උපසිරැසි කරනයේ යෙදෙන්න. එහෙම ඉතින්.100,150,200........
ඔහොම යං....
කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...
කොගොමත් අපි BRRIP බලන අය නිසා බ්ලුරේ කොපිය එනකන්ම ඉන්නවා.. . ආවහම අප්ඩේට් ඕනි...⚡⚡
එහෙනම් ඉතින් 100 වෙනි කඩයිමේදි හමුවෙමු....
ජය...
*_^kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!bobby
Thank you bro
Eranga
ai ban may torrent downlord karanna giyama jeewithema epa wannay.. lord wan naa godak site.. epa wanwa
ඉසුරු දිල්ශාන්
50කඩයිමට සුභ පැතුම් මචෝ!
දිගටම සබ් දෙමු! මේකත් එනකම් බලං හිටපු ෆිලුමක් තමා!
එහෙනම් ජයවේවා කිව්වා!!!!!!!!!!Amila Kaushalya
උණුසුම් සුබපැතුම් 50 ට මධුකප්‍රිය සහෝ
Gayashan
Thanks.. mw film eka enakan hitiye..
Sajith Anthony
උණුසුම් සුබපැතුම් 50..!!
ජයවේවා…!ප්‍රසාද් කන්දමුල්ල
සබ් එකට ගොඩාක් ස්තුතියි.....සහෝ...................
ayesh
උඹ මැක්සා පොරක් බන්. එලම හොදේ, N2O ගහගෙනද බන් සබ් දැම්මේ . සුපිරි සුපිරි සුපිරි බ්‍රෝ
සජීවි
50 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්.......
Gagan
50 වෙනි උපසිරසියට සුභ පැතුම්
ස්තුතියි සහ ඉදිරි කටයුතු සාර්ථක වේවා.Kulanjana Maduranga
ela ahhhhhhh....ape MADUKA sahoth ehenm 50 gahuwa ne......welldone....bro....ikmanatama 100th gahanna haki wewa kyla...Great work & Lot of thanks bro.sahoge personal & professional life 1th sarthakama wenna prarthana krnawa......obata jayen jaya.....
achi
ගොඩක් ස්තූති සහෝ උපසිරැසියට...
මේ ෆිල්ම් එකත් දෙනකං බලං හිටියෙ...
ඒවගේම පනස් වෙනි කඩයිම පහු කිරීම ගැන සුබ පතනව!!!
තවත් ඉදිරියට උපසිරැසිකරණයේ රැඳිල වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව...
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු...
ජය වේවා!!!Global
Obata jayen jayama Labewa..Baiscop sada dinewa..!
S.K.Ruchiranga
thz machoo sub ekata
Nimesh Sasanka
මේ අවිල්ලා තියෙන්නේ..දෙනකල් බලන් හිටියේ..තෑන්ක්ස් සහෝ...
Nirosh
Fattama Patak thama kolla dila thiyenne, apen suba pethum,, hemadama wage download karata moko comment 1k nam danawa adui thama.. ath bro hadawathinma api ubala akka...
Dimuthu
Thank you!
priyankara
thankz machow.. BR ekak enakanma innawa.
pana dagena gahapu game ekak..
meka enakan machan kalayak bala bala unne..Ishan Gimhan
Supiri ela. Mcn puluwannanm normal(2007) film ekath dipan
Shehan Madhusanka
thanks and my congratulations 50 sub welldon
roshan
50 වෙනි උපසිරසියට සුභ පැතුම්
The_Necromancer
thanks machan...all the best!!!
Hasanka Sanjana
godak kal idan balagena hitiye enakn... Thanks Bro
Ashan
Congratzzzzzz Bro.keep it up.
නලින්
නියමයි මධුක සහෝ! එනකල් බලන් හිටිය ෆිලුමක් මේක. අපිට ලැබුන අනගිභවනීය සම්පතක් තමයි සහෝ ඔයා. ඔයාලා වගේ හැඩවැඩකාරයෝ නිසා තමයි අඩවිය මෙච්චර හැඩ වෙන්නේ. ඉතින් 50 කියන්නේ දිගු ගමනක් ආරම්භයක් විතරයි. මෙතනින් එහාට ඊලග කඩයිම් ටිකත් ඉක්මනින් පහු කරන්න වාසනාව, ශක්තිය ලැබෙන්න ඕනේ, එකෙන්ම.
ජය වේවා!!!
Zidath
Gd luck bro
වස්සානය
මේකත් දෙනකල් ඉදියෙ තැනක් ....... ජය....
Jack
නියමයි මචෝ..
ඉස්සෙල්ලම ඔයාගේ 50 වෙනි කඩයිමට සුබ පැතුම්..
ඉක්මනින්ම 100 . 150 වෙනි කඩයිමටත් යමුනේ...
ෆිලුම ගැනනම් කියන්න දෙයක් නෑ... අනිවා බලනවා.
බොහෝම ස්තුහියි සබ් එකට.
ජයෙන් ජය...Sanindu Lakkitha
අපෙනුත් සුභ පැතුමිි සහෝ... ඉදිරියටම යන්න ජය වෙිිවා..
Biscopelk අඩවියත් ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් කරන සේවයට..
Good Luck...KAHCG
thanks boss ela ......
JOES92
Jaya wewa. Sub ekata godak sthuthi. all the best bro !
Tharindu Athukorala
ඔන්න එහෙනම් බෑවා.සබට තැන්ක්ස්…:D
lakmal
thanks bro fatta movie ekak
තිසර නියෝ
50 වෙනි කඩයිමට උණුසුම් සුබ පැතුම් සහෝ.....
ඉක්මනමට 100 වෙනි කඩයිමටත් ලං වෙන්නට සුබ පතනවා...
br ආවම එකටත් සබැ අප්ඩේට් කරලා ඕනා..
ජයවේවා...Siraj Priyantha
නියමයි නියමයි සහෝ
සුපිරි කතාවක්
50 වෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්
ඉක්මනින්ම 100 වෙනි උපසිරැසි නිර්මාණය කරන්න සුබ පතනවා…
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
ජයෙන් ජයම වේවා !!Sandun Isuru Niraj
my favourite pc game
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Hitman : Agent 47 (2015) With Sinhala Subtitles (50)|ඔහු මනුෂ්‍යයෙක්ද, රෝබෝවෙක්ද, නැතිනම් මේ දෙකමද? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Hitman-Agent-47-2015-1.jpg)


Elakiri.... bohoma sthuthiyi