Watch Trailer

Identity (2003) | මං කවුද??? [සිංහල උපසිරසි සමඟ]

හෙලෝ කොහොමද ඉතින් කස්ටියට. කාලෙකට පස්සේ මං ඔන්න ආයෙත් සබ් එකකට අතගැහුවා. මං අද ඔයාලට ගෙනාවේ identity කියන ෆිලුම. නමෙන්ම තේරෙනවා ඇති. කතාව පොඩ්ඩක් අමුතුයි කියලා.මේක mystery,thriller ගණයට අයත් වන තවත් සුපිරිම ඇමරිකන් ෆිලුමක් කීවොත් නිවැරදියි. ෆිල්ම් එක ගැන කියනව නම් මැල්කම් රිවර්ස් කියන මනෝව්‍යාධික ම…

Identity (2003)

හෙලෝ කොහොමද ඉතින් කස්ටියට. කාලෙකට පස්සේ මං ඔන්න ආයෙත් සබ් එකකට අතගැහුවා. මං අද ඔයාලට ගෙනාවේ identity කියන ෆිලුම. නමෙන්ම තේරෙනවා ඇති. කතාව පොඩ්ඩක් අමුතුයි කියලා.මේක mystery,thriller ගණයට අයත් වන තවත් සුපිරිම ඇමරිකන් ෆිලුමක් කීවොත් නිවැරදියි. ෆිල්ම් එක ගැන කියනව නම් මැල්කම් රිවර්ස් කියන මනෝව්‍යාධික මිනීමරුවා තමා මේ කතාවේ මූලික තේමාව වෙන්නේ.තානායමක සිදුවූ සමූල ඝාතනයකට වැරදිකරු වන මේ මැල්කම් රිවර්ස්ට එරෙහිව අධිකරණයට  සාක්ෂි ලැබී ඔහුව අධිකරණයට කැඳවනවා. කථාව පටන්ගන්නේ ඔහොමයි. මොහු කවුද?තානායමේ සිදුවූවා යයි කියන සමූල ඝාතනයට සැබෑ වරදකරුවා මොහුද? ඔයාලත් අරගෙනම බලන්න කුතුහලයෙන් පිරුණු පට්ට ෆිලුමක් කියලා නම් මං සහතික වෙනවා. අන්තිමේට වෙන දේ ඔයාලට හිතාගන්නත් බැරිවෙයි. කියෙව්වා ඇති වගේ. මං නවතිනවා…හා..හා.. කොමෙන්ටුවකුත් දාලා යන්න හොඳේ.

………………………

“උදා” සොයුරා විසින් 2012 ජනවාරි 30 පල කරන ලද ලිපිය..

අනන්‍යතාවය කියන්නේ මොකක්ද? අප එක දෙයකින් තවත් යමක් වෙන් කොට හඳුනාගැනීමට භාවිත කරන කිසියම් සුවිශේෂී ගති ලක්ෂණ සමූහයකට අනන්‍යතාවයක් යැයි කියනවා. කෙනෙකුගේ නම, උපන්දිනය, ස්වරූපය, ගතිගුණ එකිනෙකාට අනන්‍යයි. නමුත් කෙනෙකුට මෙහෙම අනන්‍යතාවයක් නොතිබුණොත් ඒ තැනැත්තාව හඳුනා ගන්නේ කොහොමද? අපට සිද්ධ වෙන්නේ අපි කැමති හැටියකට එයාව හඳුනාගන්නයි. එහෙමත් නැත්නම් අපට පෙනෙන හැ‍ඟෙන හැටියට අනුව මෙවන් කෙනෙක් වන බව හිතා ගන්නයි. කෙනෙකුට තම අනන්‍යතාවය අන් අයගෙන් වසන් කරන්න විවිධ උපක්‍රම, උප්පරවැට්ටි යොදාගන්න පුළුවන් වුණත් තමන්ගෙන්ම තම අනන්‍යතාවය වසන් කරන්න කෙනෙකුට පුළුවනිද? පුළුවනි!

මම මෙහෙම කිව්වම මාරම ප්‍රශ්නයක් නේද? ඒ කොහොමද තමන් කවුද කියන එක තමන්ගෙන් හංගන්නේ? මේක හැබෑවටම අපට ඕනෙවට කරන්න පුළුවන් දෙයක් නෙමේ. මේකට පුළුවන්කම ලැබෙන්න නම් එක්තරා සුවිශේෂී මානසික රෝගයක් වැළඳුණු අයෙක් වීම අත්‍යවශ්‍ය වන කාරණයක්. ඇතැම් මානසික රෝගීන්ට තම අනන්‍යතාවය තමන්ගෙන්ම හංගන්න පුළුවන්. ඔවුන් ඒකට කරන්නේ තමන් තමන් නොවෙයි, වෙනත් කිසියම් කෙනෙක් යැයි උපකල්පනයකට එළැඹිලා, ඒ පුද්ගල චරිතයට ආරෝපණය වීමයි. එතකොට තමන් කවුද කියන එක එයාටම වැහිලා ගිහින් එයා විශ්වාස කරන්න ගන්නවා තමන් වෙනත් කෙනෙක්ය කියන එක. මේ කීව දේ වුණත් තමන්ට වුවමනා හැටි හැටියට කරන්න ඒ අයටත් බෑ. ඒ අයගේ රෝගයේ ස්වභාවය මත පියවි සිහිය සහ වියරු සිහිය විටින් විට එකක් අනෙක යට කරමින් මතු වී ඒම සිදු වෙනවා. නමුත් මේකෙදී ඒ පුද්ගලයාගේ සැබෑ අනන්‍යතාවය අනෙකුන්ගෙන් හංගන්න පුළුවනිද? ඒකනම් මටත් ප්‍රශ්නයක්. මොකද මේ කතාව බැලුවට මටත් හරියටම සමහර දේ ගැන නිච්චි නෑ. ඒ කිව්වේ පැහැදිලි නෑ.

මේ මානසික රෝගී තත්ත්වය ගැන මාත් දැනගත්තේ මේ චිත්තරපටියෙන්ම තමයි. ඒකට කියන්නේ Multiple Personality Disorder නැතහොත් Dissociative Identity Disorder කියලායි. මේ තත්ත්වයට ලක්වෙච්චි අය තමන් කවුදැයි යන වග හරියට දන්නේ නෑ. ඒ අයගේ හිතේ මවාගත්ත නැතිනම් හිතේ සටහන් වෙච්ච චරිත වලට පණපොවන එක තමා මේ රෝගයේ ස්වරූපය. මෙහි විශේෂත්වය තමයි එකකට එකක් සම්බන්ධ නොවන චරිත ස්වරූප දෙකක් හෝ රාශියක් අතර මේ පුද්ගලයාගේ මනෝභාවය පාවීම. (ඒ අතරේ ඒ අයගේ සැබෑ චරිතය සහ ස්වරූපය ගැනත් හිටි හැටියේම වගේ සිහිවෙනවා. ඒ කිව්වේ එය ඉස්මතු වෙනවා. එවන් විටෙක ඔවුන් පත්වන තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නෑනේ. මෙතෙක් වේලා තමන් යැයි සිතා සිටි කෙනා නොවී වෙනත් කෙනෙක් තමන් යැයි හැ‍ඟෙන්නට පටන් ගැනීම. මෙහෙම එකක් වුණොත් ඉතිං ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියන එක ගැන මහම මහ අවුලකට මැදිවෙන බව තේරෙනවා ඇතිනේ) මේ මම ඒ ගැන තේරුම් ගත්තු හැටියි. මගේ මේ තේරුම් ගැනීම වැරදි සහගත වෙන්න බොහොම ඉඩහසර තියෙනවා. මොකද කිව්වොතින් මම ඔය ක්ෂේත්‍රය සම්බන්ධව දැනුවත් අයෙක් නොවීමයි ඒකට හේතුව. මෙන්න මේ කාරණය නිසා මේ සම්බන්ධව විශේෂඥ දැනුමක් ඇතැයි මා විශ්වාස කළ අයෙකුගේ සහයෝගය පතන්නටත් මා පෙළඹුණා. ඔහු අපේ බයිස්කෝප් යාළුවන් දන්න කියන කෙනෙක්. නමුත් එයා මේ ගැන නොසලකා හැරි නිසා මම දන්න හැටියට මේ ගැන කියන්න මම හිතාගත්තා. ඒක නිසා මේ කියපුවා වැරදිනම් මා නිවැරදි කරන්නත් ඔයගොල්ලන්ට පුළුවන්.

මම අර කිව් පුද්ගලයාට ඇරයුම් කළා(පෞද්ගලිකව) මේ ක්ෂේත්‍රය හා සබැඳුණු නිර්මාණ ගැන උපසි‍රැසි යොදමින් හා අපි වගේ සාමාන්‍ය උදවිය දැනුවත් කරමින් මේ ඇරඹූ සේවය තවදුරටත් කරගෙන යන්න කියා. එසේ නොහැකිනම් මා ඇතුළු අනෙකුත් අපේ නිර්මාණ සගයන්ට මෙවන් කතා සම්බන්ධව පැනනගින ගැටළු සහගත භාවයන්හිදී උපදෙස් දෙමින්, දැනුවත් කරමින් හෝ මේ කටයුත්තට දායකත්වය දක්වන්නැයි මා කළ ඉල්ලීමත් ඔහු නොසලකා හැරි නිසා; මෙය සිංහල උපසි‍රැසි සහිතව ඔබ වෙත ගෙන ඒමට තිබුණු අදහස අත්හැර දැමීමට සිදුවුණා.

ඒ කොහොම වුණත්, මේ කතාව හැමෝම බලන්න කියලා ආරාධනා කර සිටිනවා. මේක බොහොම වෙනස් වගේම අමුතු කතාවක්. තේරුම් ගන්න තරමක් අමාරුයි. ඒ නිසාමයි මේකට සිංහල යොදන්නත් ආශා හිතුණේ. නමුත් මම වගේ කෙනෙක් සිංහල හදන්න ගියෝතින් මේ වගේ කතාවක් තේරුම් ගන්න එක තවත් අමාරු වෙයි කියලා හිතූ නිසා නිකම් ලිපියක් විතරක් දාන්න කල්පනා කළා. මෙය බලපුවාම පඹගාලක පැටළුණා වගේ තමා මටනම් දැනුණේ. බලමු අනික් අයට කොහොම වෙයිද කියලා?

ප.ලි.
මේ ගැන යම් පැහැදිලි කිරීමක් හෝ ඔබේ අදහස් එක්කරන්නේනම් මම ඉමහත් සතුටට පත්වෙමි.

Identity (2003) on IMDb

 

 

12,826 downloadsDownload Identity-2003-baiscopelk.zip69 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

12,826 downloadsDownload Subtitles69 KB

64 comments

  1. chamila

    thanks...

  2. විකියා

    මේක මම බලපු මැක්සම එකක්...අන්තිම වෙනකම් කුතුහලයෙන් බලන්න පුළුවන් මේ සුපිරි නිර්මාණය අනිවා හැමෝම බලන්න..
    බොහොම ඉස්තුතියි උදා සහෝ...
    ජයෙන් ජය~!

  3. chathurabuddi

    thankoo dr. Ada hawasa aniwa balanawa.

  4. chamath

    patta pattta math kamathi mol wela yana film balanna thamai patta saho maxa wadak

  5. Nimal

    balama balamu....

  6. Isira

    අලුතෙන් ආපු වලි සීන් තියෙන ෆිල්ම්ස් මොනවද?

  7. mihiran

    thanx sahooo.balama balamu kohomada kiyala.

  8. AL1717

    Thanks machan.
    onna henam mamath Banawa,

    Thanks me gena denuwath kalata

    Jaya wewaaa

  9. සංදීප

    මෙක මම බැලුවා.නියම වෙනස්ම කතාවක්.

  10. Alaya

    ela ela..baawa..dan balannayi yanne..jaya wewa \m/

  11. sujeewa

    Thanks saho ma film aka gana danuwath kalata ona math down kala

  12. රාම් රාජ්

    බලලා නම් නෑ.බලන්න ඕන.ගනන් ගන්න එපා දිගටම වැඩේ කරගෙන යන්න.දන්න කවුරු හරි උදව් කරයි.

  13. සාරංග ලියනගම

    මම මේක බලල තියෙනවා.ඇත්තටම තේරුම් ගන්න අමාරු කතාවක්. ස්තූතියි සහෝ..

  14. D_DASH

    ela ela thanks.... sub dunnanam thawa hodai.. sub nathuwa balala pissu hadeida manda..

  15. ashan suranga

    Thanks machan........

  16. මාටිං

    කලින් බලලා නෑ. විස්තරේ දැක්කම බලල්ල ආස හිතෙනව. තැන්කූ.

  17. dinnu

    පම්බගාලේ පැටලෙන්න වෙයිඩ් මටත්,balama balanawa wenne monawada kiyala.jayawewa saho.

  18. Hiroshan

    mam balapu hodama Film ekak, oyalt Balanna ELA

  19. damn

    machn 1st nisa awulkma naha aluth film danawanm hodai ban apahu parana ewa balanna set wenne naha aparade bana 1th

  20. Uraj Deemantha

    බෑමට දැම්මා..... :)

  21. Chika

    ඔන්න මම බානවා. බොහොම ස්තුතියි සහෝ..............

  22. nilanka

    mamath balanawa

  23. nim

    ai meke warning page ekak enne
    ?????????????????????????/

  24. danu

    koheda meke sinhala subtitle tiyenne???? movies download karanna witharai link 2k tiyenne.. koheda subtitle download karana link eka??

  25. අසිත

    බොහොම පින් සහෝ.ජය වේවා!

  26. නලින්

    ස්තුතියි අචින්ත සහො!

    ජය වේවා!

  27. Shammi

    Loku copy banna wath kamak natho. :-( eth
    Sub ekata thanks

  28. achi

    ස්තුති සහෝ!!! ජය!!!

  29. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  30. “චූටී මල්ලි”

    tnx

  31. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  32. Ishara

    Onna banawooo

  33. kavi

    thanx udayanga ..good luck !!!!!!!!

  34. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  35. Jack

    ස්තුතියි මචන් සබ් එකට.
    ජය.

  36. thisal

    ස්තුතියි මචන් සබ් එකට.

  37. prabhath

    thanks

  38. Thilanka

    Watch " A beautiful mind" movie.... Same thing....

  39. indika

    උපසිරැසියට තුති…

  40. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  41. Don Herman

    Thank you..

  42. lakmal

    බොහොම ඉස්තුතියි

  43. wiki

    Thanks

  44. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. ashan lankanath

    thanks

  46. Asitha

    elama thanks

  47. madu

    Thanks

  48. Dewadithya

    Thanks!!

  49. Priyan Chngd

    බුදාම්මෝ මගේ ඔලුව කොලොප්පන් මේක බලලා..!
    :)

Load more comments