ඔන්න එහෙනම් මගේ පලවෙනි කඩඉමට ආවා. මේ තමයි මගේ 50වෙනි උපසිරැසිය. 2014 සැප්තැම්බර් මාසයේ 5 වෙනිදායින් The Rite (2011) චිත්‍රපටියට උපසිරැසි කරලා පටන් ගත්තු මේ ගමනේ මාස 10ක් වගේ කාලයකදී දන්නේම නැතුව මෙච්චර දුරකට ඇවිල්ලා. හිතාගන්නත් බෑ, ගොඩාක් සතුටුයි. ඉස්සර නම් ඉතින් කලේ ෆිල්ම් ගත්තා බැලුවා විතරයි. ඒත…

ඔන්න එහෙනම් මගේ පලවෙනි කඩඉමට ආවා. මේ තමයි මගේ 50වෙනි උපසිරැසිය. 2014 සැප්තැම්බර් මාසයේ 5 වෙනිදායින් The Rite (2011) චිත්‍රපටියට උපසිරැසි කරලා පටන් ගත්තු මේ ගමනේ මාස 10ක් වගේ කාලයකදී දන්නේම නැතුව මෙච්චර දුරකට ඇවිල්ලා. හිතාගන්නත් බෑ, ගොඩාක් සතුටුයි. ඉස්සර නම් ඉතින් කලේ ෆිල්ම් ගත්තා බැලුවා විතරයි. ඒත් පලවෙනි උපසිරැසිය කලාට පස්සේ ඉඳලා අපේ යාළුවන්ගේ අදහස් දැක්කාම, කීදෙනෙක් නම් බාගෙන බලලාද වගේ කරුණු කාරණා දැක්කාම ෆිල්ම් බලනවාට වඩා, අවංකවම කිව්වොත් හිත ඇදිලා ගියේම උපසිරැසි කරන්නමයි. ඉතින් මේ වෙනකොට මම චිත්‍රපටි 16ක් සහ රූපවාහිනි කතාමාලා කොටස් 34ක් කරලා තියනවා. ඒ අතරෙන් මගේ වැඩිපුර කැමත්ත තියෙන්නේ කොමඩි ෆිල්ම් වලට උපසිරැසි කරන්න තමයි ඉතින්. මම විතරක් නෙමෙයිනේ අපේ ගොඩාක් යාළුවෝ කැමතිත් ඒවාටනේ. අන්න ඒ නිසාම අපේ යාළුවන්ගේ පොඩ්ඩක් ලේ පිරිසිදු වෙන්නත් එක්ක කියලා කොමඩි ෆිල්ම් එකකින්ම 50 වෙනි උපසිරැසියත් කරන්න හිතුවා 😀
ඉතින් මම මුලින්ම මේ දේවල් වෙනුවෙන් මට ඉඩදීලා තියන මගේ අම්මාටයි තාත්තාටයි ස්තූතිවන්ත වෙනවා. ඒවගේම ඕනම වෙලාවක ඕනම දේකට මගේ සහයට ඉන්න මගේ මිත්‍රයා ධේනුකවත් මේ වෙලාවේ මතක් කරනවා. මට සමහර ටීවී කතාමාලා කරගන්න බැරිවුනු වෙලාවට මගේ සහයට ඉන්නේ ඉතින් එයා තමයි. ඒ සහෝටත් එහෙනම් මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා. ඒවගේම අනික් කෙනා තමයි ‘මලේ ෆිල්ම් එකක් තියනවා කරමුද ?’ කියලා අහන අපේ සමීර චතුරංග අයියා. ඕන වෙලාවක ඉතින් උදව්වට ඉන්නවා. හැමදේම ගැන මට මතක් කරලා දෙන්නේ එයා තමයි ඉතින්. ගොඩාක් ස්තූතියි සහෝ.
තව රොයිලි අයියා, හසන්ත අයියා ඇතුලු අපේ ඇඩ්මින් සහෝදරවරු හැමෝමවත් මේ මොහොතේ මතක් කරනවා. ඒවගේම තමයි ගොඩාක් කාලය කැපකරලා උපසිරැසි කරන මගේ අනිත් සහෝදර උපසිරැසිකරුවන්. මේ කරන වටිනා සේවය මිල කල කරන්න බෑ. ඔයාලා හැමෝටමත් ගොඩාක් ස්තූතියි. ඒවගේම හැමවෙලේම මගේ උපසිරැසි වෙනුවෙන් අදහස් දක්වන මගේ යාළුවෝ හැමෝටම ගොඩාක් ස්තූතියි. කවුරුහරි යාළුවෙක් ගැන සඳහන් කරන්න බැරිවුනා නම් මට සමාවෙන්න. මට මේ වෙලාවේ මතක් උන ටික තමයි ඉක්මණට ලිපියට දැම්මේ.

එහෙනම් දැන් මේ අලුත් කොමඩි ෆිල්ම් එක මොකක්ද කියලා බලමු. ඉතින් චිත්‍රපටිය නිකුත් උනේ අප්‍රේල් මාසයේ 17 වෙනිදා. අනේ ඉතින් බලන් හිටියා බලන් හිටියා හොඳ කොපියක් ඒවි කියලා. කෝ ආවේ නැහැනේ. ඔන්න මේ මෑතකදී තමයි හොඳ කොපියක් ආවේ. ආපු ගමන් ඔන්න අපේ සමීර අයියා මාව දැනුවත් කලා. ඉතින් ඊටපස්සේ තමයි තීරණය කලේ මේක 50 වෙනි උපසිරැසිය විදියට ලබාදෙන්න. ඉතින් මේ ෆිල්ම් එක විනාඩි 94ක් පුරාවට දිවෙනවා වගේම බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 103ක් ලබාගෙන තියනවා කියලා සඳහන් වෙලා තියනවා. ඒවගේම මේක රූගත කරලා තියෙන්නේ Wynn Las Vegas කියන ගොඩනැගිල්ලේ වගේම ඒ ගොඩනැගිල්ලේ රූගත කල මුල්ම චිත්‍රපටියත් මෙය බවත් සඳහන් වෙලා තියනවා.
ඉතින් ෆිල්ම් එක දිහාවට හැරුනොත් අපේ ප්‍රධාන නළුවා තමයි පෝල් බ්ලාට් (Kevin James), මෙයාගේ වැඩ වලට හිනා ගිහිල්ලා ඉවරයක් නෑ. ඇත්තම කිව්වොත් මේක ඇක්ෂන් ගනයේ කොමඩි ෆිල්ම් එකක්. ඉතින් පෝල් බ්ලාට් කියන්නේ වෙළද සංකීර්ණයක ආරක්ෂක නිලධාරියෙක්. මෙයාව බඳින කෙනා දවස් 6ක් යනකොට මෙයාව දික්කසාද කරනවා. ඒ මදිවට එයාගේ අම්මාත් ලොරියකට හැප්පිලා නැතිවෙනවා. ඉතින් එයාගේ අවාසනාව එයාට එරෙහිවෙලා ඉන්න වෙලාවේ ලිපියකින් එයාට ආරාධනාවක් ලැබෙනවා ලාස් වෙගාස් වල වින් කියන හෝටලයේ තියන ආරක්ෂක සංගමයේ උත්සවයකට එන්න කියලා. ඉතින් එයා එහේට එයාගේ දුව මායා බ්ලාට් (Raini Rodriguez) එක්ක යනවා.
එහේදී හොඳ හොඳ අකරතැබ්බ වලට පෝල්ට මූණදෙන්න වෙනවා. ඉතින් පෝල් සහභාගීවෙන්න යන්නේ ආරක්ෂකයන්ගේ උත්සවයට උනත් මේ හෝටලයේ ලොකු හොරකමක් ඒ දවසේ වෙන්න යනවා. ඉතින් පෝල් එයාගේ යාළුවෝ එක්ක මේ වැඩේට මැදිහත් වෙනවා. වෙනවා නෙමෙයි වෙන විදියට වැඩ සිද්ධවෙනවා. බලන්නකෝ පෝල්ටයි එයාගේ මිත්‍ර ආරක්ෂක නිලධාරින්ටයි මොනවාද වෙන්නේ කියලා. හොරකම වෙයිද ? නැත්නම් මෙයාලා ඒක නවත්තයිද ? ඔයාලාම බලන්නකෝ. කියලා වැඩක් නෑ ලොවෙත් නැති කොමඩියක් 😀 අපේ යාළුවෝ හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.ටිකක් නිදිමතේ තමයි ලිපිය ලියන්න උනේ. අඩුපාඩු තිබුනොත් එහෙම සමාවෙන්න. මේ දවස්වල විභාගයක් ලඟ එන නිසා මේකට කාලය වැය කලෙත් ගොඩාක් අමාරුවෙන්. සති තුනක් විතර ගියාට පස්සේ ඒ වැඩ වලින් නිදහස්. ඊටපස්සේ හොඳ කොමඩි ටිකක්ම ඔයාලාට අරන් එන්නම්කෝ. හැමෝටම ජය සතුට ප්‍රාර්ථනා කරනවා, එහෙනම් ගිහින් එන්නම්.
750 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
D767C7ABD49629053A5C2CD8AECA37033C0647321.43 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
0AEDB8FCCA64CFB4506B12F82D069755F138E3E2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,695 downloadsDownload Paul-Blart-Mall-Cop-2-2015.zip98 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
91 comments
අසිත
ඉසු ඩිපි (Isu DP)
සුබ පැතුම් 50වෙනි උපසිරසියට. ! 100ටත් ඉක්මනින් එමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DSnake Raj
මෙන්න නුවා පනහත් කරල.. ජය වේවා සහෝ! ඉක්මනටම 100 කරමු ආ.. :D
achi
50 උපසිරසියට සුබ පැතුම් සහෝ!!! ඉදිරියටත් තවත් ෆිල්ම් කරන්න ශක්තිය ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනව. ජය!!!
widuranga
thanx brooooooo aluth ekak nathuwa hitiye.....
රවිඳු තේනබදු
අම්මට සිරි... මේ අර සොම්බි කතාවක් ගෙනාපු කොල්ලා නේද? 50කුත් ගහලනෙ. සුභ පැතුම් ආහ්... මමනම් කොමඩි බලන්නෙම නෑ වගේ තමා. බොහොම ස්තූතියි මොනා වුනත්...
pasindu
elzzzzzz>
100th demu>>>>>>>එල්.සී. දමැල්
නියමයි නුවන්ත සහෝ...
50වෙනි උපසිරසට සුභ පැතුම්...
100ත් ඉක්මනට දෙන්න කාලය ඉඩහසර ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
ජයෙන් ජය...
ශාන් විමුක්ති [විමා]
මුලින්ම පනස්වෙනි උපසිරසට සුභපැතුම් නුවන්ත සහෝ
මාස දහයකින් පනහ ගැහුවා කියන්නේ තව මාස හය හතෙන් සීයයට ලංවෙයි කියන එක තමා ඉතින්
කොමඩිනම් බලනව එකෙන්ම
දීල තියන tv දෙකම බලල නැහැ මම නම්
ඉස්සරහ ෆොරෙවර් බලන්න කියල හිතාගෙන ඉන්නව
එහෙමනම් ජය වේවා සහෝ
බොහොම ස්තුතියි වෙන මහන්සියට!එල්.සී. දමැල්
නියමයි නුවන්ත සහෝ…
50වෙනි උපසිරසට සුභ පැතුම්…
100ත් ඉක්මනට දෙන්න කාලය ඉඩහසර ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
ජයෙන් ජය…
Kulanjana Maduranga
thawath 50k.......ela ahhhhh.....congrtz mcho.
issellama hadawathinma suba pathanawa....NUWANTHA saho......ikmanatama 100 gahanna haki wenn sub pathanawa...sahoge watina kalaya api wenuen methuwak kal waya kalata godak pin....e wgema thanks.....Wish you a great future.
udara
well done mchn congratzzzzzz.... keep it up brooooooo
mangala ayeshan
නියමයි නුවන්ත සහෝ…50 උපසිරසියට සුබ පැතුම්
Tilantha hansanath
50වෙනි උපසිරසට සුභ පැතුම්
Tharindu
Congratz bro...:-) ikmanatama 100th gahanna puluwan wenna kiyala prarthana karanawa...:-)
හසන්ත
50 වෙනි කඩඉම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම්!!! ඉක්මණින්ම 100 වාර්තා කරන්න ලැබේවා !!! කොමඩි ෆිල්ම් නම් මමත් අතාරින්නෙ නැහැ. ස්තුතියි උපසිරසට. ජයෙන් ජය !!!
ඉසුරු දිල්ශාන්
50වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ!
දිගටම සබ් දෙමු එහෙනම්!
කොමඩිනම් ඉතින් අනිවා බලනවා,මේකත් නියමයි වගේ.
ජයවේවා!මධුකප්‍රිය පෙරේරා
සහෝගේ පලවෙනි කඩයිමට සුබ පතනවා/
දිගු ගමනක් යෑමට ශක්තිය ධෛර්ය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
ඔබට ජයDarshana
thanQ සහෝ!
50වෙනි උපසිරැසියට සුභපැතුම්
තව කොමඩි ෆිල්ම් දීපන් මචන්...තිසර නියෝ
හදවතින්ම 50 වෙනි උපසිරසි කඩයිමට ලඟා උනාට සුබ පතනවා..
ඉක්මනටම 100 කඩයිමටත ලඟා වෙන්නට හැකි වේවායි පතනවා...
ඔන්න එහෙනම් බාන්න දානවා මේකත්...
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයChamara Sampath
50 වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම් සහෝ..
එලම ෆිලුමක් මේක.
තවත් ඉක්මණින් තව සුපිරි කඩයිම් වළට යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
ජයන් ජය....!!!Janith Dulanjana
50 වෙනි උපසිරසට සුබ පැතුම්..
50 වෙනි ෆිල්ම් එකනම් නියම එකක් හොදේ..එනකල් බලන් ඉදියේ..ස්තුති sub එකට...Jack
50 වෙනි කඩයිමට මගෙනුත් සුබ පැතුම් මචෝ....
මේ අවුරුද්දේම 100 ත් ගහන්න බලමු මචන්......
කොමඩි නම් ඉතින් අනිවා බලනවා.
බොහෝම ස්තුතියි සබ් එකට.
ඔබට ජය!Nadeera Mystry Frodo
50ta suba pathum////
සසිනිකා
50 වෙනි කඩඉමට සුහ පැතුම් සහෝ...
ඉක්මනින්ම 100 කඩඉම පහුකරන්න
ලැබේවා .... ජය!හසන්ත මාලිංග
නියමයි නුවන්ත සහෝ..
50 වෙනි උපසිරැසියට මගේ උණුසුම් සුබ පැතුම්,
ඒ වගේම උපසිරැසියටත් බොහෝම ස්තූතියි...
දිගටම උපසිරැසි කරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා...
ඉක්මනටම 100ත් පහු කරමු,
ඔබට ජය :D“චූටී මල්ලි”
elz br
oyaa deepu comedy ewwaa nm maru
meikath denakam hitiye
issarahatat comdy ewwata demu
50ta suba patum
sabata tuthi
obata jaya................ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි නියමයි මචෝ..
ඔය දීපු ගොඩක් කොමඩි ෆිල්ම් බලලා තියෙනවා...
ටීවී ස් නම් බලලා නැහැ..
එහෙනම් 50 ස් වෙනි උපසිරසියට සුභ පැතුම්..
100 ත් හනිකට ගහලා දාමු...
ජය වේවා!!තාරක නුවන් දිල්හාර
සුභ පැතුම් සහෝ 50 වැනි උපසිරසියට
ඉක්මනට ඊළඟ කඩයිමට යම්මු,,
ජයෙන් ජයpraveen manohara
එල වැඩක් මචෝ .
දිගටම කරගන යන්න සුභ පතනවා.thisal
මගේ සුබ පැතුම් .
බොහොම පින්.ජය වේවා!නිර්මාණී
50 වෙනි නිර්මාණයට සුභ පැතුම් සහෝ. ඉක්මනින්ම 100 කඩඉමටත් ලගාවෙන්න සුභ පතනවා. ජය වේවා
Anuradha
1 ක 50 උනා.....
50 - 100 වේවා!..
100- 200 වේවා!
මගෙනුත් උණුසුම් සුභ පැතුම්.
තවතවත් සබ් කිරීමට ධෛර්යය ශක්තිය ලැබේවා.Gayan
Thanks...
චාමික දිල්හාර (දිලා)
නියමයි නුවන්ත සහෝ…
50වෙනි උපසිරසට සුභ පැතුම්......
එල....... එල....... එල.........එල.........#ChalinduDeshan (කිනා)
යකෝ මෙන්න මූත් ඒ පාර 50ක් ගහලා.
එල එකක්.
ඔහොම්ම යමු.
කොමඩි ඒවා මේ දවස් වල හොය හොය බලන්නේ බං.
මේකේ පලවෙනි ෆිල්ම් එකට සම්බන්දයක් තියේද?
මොනා උනත් මේකේ පලවෙනි එක බලපු එකා දෙවෙනි එක නොබලා අතාරින්නෙම නෑ.
ඒනං බෝම පිං.
ජයමවේවා!prabhath
niyamai malli thanks
ishara
superb saho...
Dhanushka
සුභ පැතුම්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
paniya
Congrats machooo.....
Kasun Widusha
ela mcn 50 ta suba pethum.............tv series ekkata sub karamuko mcn..............Dexter,,patta series ekak puluwannam sub karanna........Ratings: 8.9/10 from 431,734 users
kanishka
ජය වේවා මල්ලියෝ!!!!!
යශෝධ
තවත් කොල්ලෙක් එහෙනම් 50 ගැහුවා. ජයෙන් ජයම වේවා..! සහෝ. මම නම් වැඩිය කමෙන්ට් කරලා නැතිව ඇති. ඒත් සහෝදර උපසිරැසිකරුවෙක් විදියට සුබ පතනවා තව ඉදිරියට යන්න. අපේ බයිස්කෝප් රසිකයින් වෙනුවෙන් තව තව සිංහල උපසිරැසි දායාද කරන්න කාලය, ඉඩ කඩ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තූතිය උපසිරැසියට. ජයම වේවා..!
INduma
50 ta suba pathum saho.. Kata hri puluwnam ted 2 1ata sub dandako..
lakmal
ela 50 weni sabata suba thanawa.........digatama comedy awata suba karanta...*****
චන්දිම අමරසිංහ
50 වැනි උපසිරසියට සුභ පැතුම් සහෝ.......
ඉක්මනට 100 කඩයිමට යම්මු....
ජයවේවා.....!dm
thanx
Kalhara
50 upasirasiyata unusum suba pathum saho......100 n lagadima hamu wemu :)
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි නුවන්ත සහෝ.
ඉක්මනින් 50 ගහලා නේ.
සුපිරියි සහෝ
මෙතුවක් කල් ඔබගේ වටිනා කාලය, ධනය, ශ්‍රමය වැය කරමින් අප සැමගේ සතුට සහ වින්දනය උදෙසා උපසිරැසි නිර්මාණය කලාට ගොඩාක් ස්තූතියි සහෝ.
ඒ වගේම තව උපරිම කාලයක් මේ වැඩේ කරන් යන්න ලැබේවා කියලා පතමි!!!
ඊට අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
50 වෙනි උපසිරැසියට හදවතින්ම උණුසුම් සුබ පැතුම් එක් කරමි.
ජයෙන් ජයම වේවා !!!!විමුක්ති
සුපිරි වැඩක් සහෝදරයා. සුබ පැතුමන් 50ට... 100 ත් මේ අවුරුද්දේ ගහමු එහනම්.
shanitha
congratulations
indika
50වෙනි උපසිරසට සුභ පැතුම්…
Advertisement

මගේ සුබ පැතුම් මලයෝ.
බොහොම පින්.ජය වේවා!!