අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles | ඉන්ඩියානා ජෝන්ස් සහ දෛවයේ මුහුණත [සිංහල උපසිරසි]

Rating: 8.8/10. From 50 votes.
Please wait...

ඉතින් කොහොමද හැමෝටම? අද මේ අරගෙන එන්නේ හැමෝම වගේ දන්න කියන කතා මාලාවක් වන Indiana Jones කතා මාලාවේ අවසාන චිත්‍රපටියේ සිංහල උපසිරසි. ඉතින් මේ වෙනකොට මේ ෆිල්ම් එකත් ඇතුළුව මේ කතා මාලාවට චිත්‍රපටි 5ක් අන්තර්ගත වෙනවා.

Raiders of the Lost Ark (1981)
Indiana Jones and the Temple of Doom (1984)
Indiana Jones and the Last Crusade (1989)
Indiana Jones and the Kingdom of the Crystal Skull (2008)
• Indiana Jones and the Dial of Destiny (2023)

ඉතින් අවුරුදු ටික දිහා බැලුවාම පෙනවා ඇතිනේ අවුරුදු 40ක් විතර මේ චිත්‍රපටි ටික හදන්න ගිහින් තියෙන බව. ලාංකීය අපට ඉන්ඩියානා ජෝන්ස් කියන එක සුවිශේෂ වෙන්නේ මොකද ඒකේ සමහර ෆිල්ම් වල (විශේෂයෙන්ම දෙවෙනි චිත්‍රපටියේ) ලාංකීය සහ බොලිවුඩ් නළු නිළියන් පවා යොදාගෙන හ්ටියෙනවා. කොහොම නමුත් මේකේ නම් ඒක දකින්න ලැබෙන්නේ නෑ.

චිත්‍රපටියට මේ වෙනකොට IMDb දර්ශකයේ 6.8ක අගයක් සහ Rotten tomatoes දර්ශකයේ 55%ක අගයක් ලැබිලා තියෙනවා. මීට කලින් ෆිල්ම්ස් හතරම අධ්‍යක්ෂණයේ සුප්‍රකට අධ්‍යක්ෂකවරයෙකු වන ස්ටීවන් ස්පිල්බර්ග් වුණත් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ James Mangold විසින්. කොහොම නමුත් ඉන්ඩියානා ජෝන්ස් චරිතයට පණ පොවන්නේ නම් සුපුරුදු පරිදි Harrison Ford ම තමයි. මීට අමතරව Antonio Banderas, Karen Allen, John Davis, Toby Jones, Phoebe Waller වැනි අයත් රංගනයෙන් දායක වෙනවා.

ඉතින් කතාව ගැනත් පොඩි විස්තරයක් කියලා හිටින්නම්. මේකෙදී අපට දකින්න ලැබෙන්නේ වයසට ගිය ඉන්ඩියානා ජෝන්ස් කෙනෙක්. නමුත් වයසට ගියා කියලා වැඩවල නම් වෙනසක් නෑ. මේකේ කතාව ගෙතිලා තියෙන්නේ ආකිමිඩිස් විසින් නිෂ්පාදනය කරපු “ඇන්ටිකයිතීරාව” නම් උපකරණයක් වටා. මේකෙන් පුළුවන් – සරලවම කියනවා නම් – අතීතයට කාලතරණය කරන්න. ඉතින් මේකේ ප්‍රධාන හතුරා තමයි ජර්ගන් වොලර් කියලා නාසිවාදියෙක්. එයාට ඕනේ මේ ඇන්ටිකයිතීරාව පාවිච්චි කරලා හිට්ලර් දෙවෙනි ලෝක යුද්ධය දිනවන්න. ඉතින් මේ ඇන්ටිකයිතීරාව එයාලා හොයාගන්න කලින් හොයාගෙන එයාලව නවත්තන එක ඉන්ඩියානා ජෝන්ස්ට බාරයි. සෑහෙන කාලයක් තිස්සේ එයාගේ වික්‍රමවලින් ඈත් වෙලා ගිය, නාකි වෙච්ච ඉන්ඩියානා ජෝන්ස් කෙනෙක්ට මේක කරන්න පුළුවන් වෙයිද? ඒක ඉතින් ෆිල්ම් එක බලලම හොයාගන්න.

එහෙම නම්, මේ ලිපිය මෙතනින් අවසාන කරන්නම්. චිත්‍රපටිය රසවිඳින්නකෝ. ඒවගේම උපසිරසිය දාන්න දුන්න අවස්ථාවට විමා අයියට හුඟක් ස්තුතියි. ඊළඟ සිංහල උපසිරසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්.

පීස් ✌️.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

25 thoughts on “Indiana Jones and the Dial of Destiny (2023) Sinhala Subtitles | ඉන්ඩියානා ජෝන්ස් සහ දෛවයේ මුහුණත [සිංහල උපසිරසි]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • Bluray up karannakoo…

    Reply
  • සුපිරි

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • thanks a lot saho sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සනුප මල්ලි උපසිරැසිය මෙච්චර ඉක්මනින් ගුණාත්මකව ගෙනාවට. ජයවේවා!

    Reply
  • Thnx for the sub…..❤️

    Reply
  • thanks ……………………

    Reply
  • තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • ගොඩක්ම ස්තූතියි සනුප සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
  • three musketers 2 eka denn ndd bro

    Reply
    • Thnx bro…great job…good luck…

      Reply
  • නියමයි මල්ලී… සුපර් ෆාස්ට් කොලිටි වැඩක්
    ජයවේවා!!!

    Reply
  • උපසිරසියට බොහොම ස්තුතියි සනුප මලේ!
    තව තවත් ඔයා වගේ අය අපි එක්ක දිගටම ඉන්න ඕනා.
    ඊයේ (28) කොපිය ආව කිව්ව වෙලේ වචනේ දුන්නා හෙට උදේ (29) සයිට් එකේ දාන්න සබ් එක එවනවා කියල.
    උදේ නැගිටිනකොට ඒ වචනේ ඉටු කරලා 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *