Watch Trailer

Jennifer’s Body (2009) with Sinhala Subtitles | සුන්දරත්වය පිටුපස [සිංහල උපසිරැසි සහිතව]

අසංක ප්‍රදීප් රණතුංග සොහොයුරා විසින් එවන ලද ලිපිය. ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ එක් වන උපසිරැසිය අරගෙන ආවා. මේකත් මම ඔයාලට කලින් දීල තියන Species චිත්‍රපට මාලාව වගේ. මොකද එකෙත් ලස්සන තරුණියකගේ භයානක පැතිකඩක් නේ පෙන්නුම් කලේ. මේකත් ඒ වගේ චිත්‍රපටයක්. හැබැයි පිටසක්වල ජීවින් සම්බන්ද එකක් නෙවි.…

Jennifers Body (2009)

අසංක ප්‍රදීප් රණතුංග සොහොයුරා විසින් එවන ලද ලිපිය.

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ එක් වන උපසිරැසිය අරගෙන ආවා. මේකත් මම ඔයාලට කලින් දීල තියන Species චිත්‍රපට මාලාව වගේ. මොකද එකෙත් ලස්සන තරුණියකගේ භයානක පැතිකඩක් නේ පෙන්නුම් කලේ. මේකත් ඒ වගේ චිත්‍රපටයක්. හැබැයි පිටසක්වල ජීවින් සම්බන්ද එකක් නෙවි. හොල්මන් සම්බන්ද එකක්. Comedy, Fantasy, Horror ගණයට අයිතිවෙන මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 5.1 අරගන්න සමත් වෙච්ච චිත්‍රපටයක්. ඒවගේම මේ චිත්‍රපටයට උපසිරසි කරලා දෙන්න කියල යාලුවෙක් මගෙන් කමෙන්ට් එකකිනුත් ඉල්ලලා තිබ්බා. එත් මට එයාගේ නම මතක නැ. ඒකට සමාවෙන්න.කොහොම උනත් එයා ඇතුළු ඔයාල ඔක්කොටම දැන් මේ චිත්‍රපටය සිංහල උපසිරසි සමග බලන්න අවස්ථාව දැන් තියනවා.

කතාව ගලාගෙන යන්නේ ඇමරිකාවේ පාලු ගම්මානෙක සිදුවන අසාමාන්‍ය සිදුවීමක් ගැන. ලස්සන තරුණියන් දෙදෙනෙක් වටා දිවෙන මේ කතාව බ්ලැක් කොමඩි ගණයට අයිති වෙන එකක්. ජෙනිෆර් කියන චරිතයට පන පොවන මෙඝන් ෆොක්ස් ට භූතාත්මයක් වැසෙනවා. ඊට පස්සේ එයා තම පාසලේ සිටිනා ළමයින් එකින් එක්කෙනා බිල්ලට ගණන්වා. අන්තිමට එයාගේ හොඳම යාළුවා වන නෙඩ් ගේ පෙම්වතා පවා බිල්ලට ගන්න යනවා. ඉතින් නෙඩ් ට ජෙනිෆර් ගේ මේ අසාමාන්‍ය තත්වය පාලනය කරන්න පුළුවන් ද එයාගෙන් තම පෙම්වතා ගලවා ගන්න පුළුවන් ද කියල දැනගන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්න වෙනවා.

මේ චිත්‍රපටයේ ඇති සමහර දෙබස් සහ දර්ශන හේතුවෙන් මෙම  චිත්‍රපටය අතිශයින්ම වැඩිහිටියන්ට සුදුසු චිත්‍රපටයක් ලෙස වර්ග කර ඇත. අවුරුදු දහ අටට අඩු පුද්ගලයින් බාගත කරගැනීමෙන් වලකින්න.

මම ඊළඟට ඔයාලට අරන් එන්නේ IMDb හොඳම චිත්‍රපට දෙසිය පනහේ ඇතුලේ තියන ක්‍රියාදාම චිත්‍රපටයක්. ඉතින් එකත් අරගෙන ඉක්මනට එන්න බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ඔයාලගේ අදහස් සුපුරුදු විදියටම කියන්න අමතක කරන්න එපා මම ගිහින් එන්නම්.

බුදුසරණයි…!

දිනුෂ්ක උදාර ( රොකියා ) සොහොයුරා විසින් කළින් පළ කර තිබූ ලිපිය.

කට්ටියටම මතක ඇතිනෙ Transformers එකේ හිටපු Megan Fox නම් සුරූපි තරුනියව. ඒයාගෙ අලුත්ම අලුත්ම බයිස්කෝප් එකක් ගැනයි අද කියන්න යන්නෙ. කතාව පටන් ගන්නෙ හිරේ ඉන්න යවුවන වයසේ පසුවන තරුනියකගෙන්. ෆිල්ම් එකේ ගලාගෙන යන්නෙ, එම තරුනිය හිරේට එන්න හේතුපදක උන කතාව මතයි. ඇය හිරේට එන්න මාස දෙකකට පෙර ඇය, ඇගේ පෙම්වතා සහ ඇගේ හොඳම මිතුරිය වන ජෙනිෆර් (Megan Fox) සාමාන්ය අයුරින් ජීවත් වෙනව. දිනක් ඇය සහා ජෙනිෆර් සංගීත උත්සවයකට යනව. එහිදී, එම සංගීත කන්ඩායම මැයගේ යෙහෙලියව බලෙන් අරගෙන යනව. ඒතැන්පටන් කතාව සම්පූර්නයෙන් වෙනස් වෙනව. මේ අතර මේ සිදුවීමට පසුව මැය සහ ජෙනිෆර් ඉගෙන ගන්න පාසලේ පිරිම ලමයින් කිහිප දෙනෙක්ම ඉතා කෘර අයිරින් සහ අභිරහස් අන්දමින් මරනයට පත් වෙනව. කතාව තව කියුවොත් අගේ නැති වෙනව. ලස්සන කතාවක්. පොඩ්ඩක් බයත් හිතෙනව ෆිල්ම් එක බලද්දි. ෆිල්ම් එකේ දාවන කාලය විනාඩි 102.

Jennifer's Body (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Jennifer’s.Body.UNRATED.2009.720p.BrRip.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,671 downloadsDownload Jennifers.Body_.UNRATED.2009.Baiscopelk.com_.rar61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

3,671 downloadsDownload Subtitles61 KB

61 comments

  1. Uraj Deemantha

    මේ දවස් ටිකේ දාපු ෆිල්ම්ස් බෑවට බලන්න වෙලාවක් ඇත්තෙම නෑ.....!! මේකත් බාලා තියා ගන්නවා.... :0 පස්සේ වෙලාවක බලන්න බැරියෑ.... :D

  2. Santa

    මේකේ හොද නැති එව්වත් තියේද බං???

  3. උදිත ඉසුරංග

    අපොයි බෑවට බලන්න වෙන්නේ නෑ ඒත් මතු ප්‍රයෝඡනයට බාම්.

  4. දිනුෂ්ක උදාර ( රොකියා )

    @ Uraj Deemantha , @ උදිත ඉසුරංග :- බාල තියන් හිටියට හරියන්නෙ නෑ. මොකද ඊලගට බයිස්කෝප් එකෙන් සිංහල සබ් දාපු ෆිල්ම් වැලක් එනව. තියන ඒව බලල ඉවර කරගන්න.

    @ Santa :- හපෝයි නෑ. දන්නවනෙ අපි එහෙම ඒවා බයිස්කෝප් එකෙන් දෙන්නෙ නැති බව. කිසිම අවුලක් නෑ මුලු පවුලටම එකට බලන්න පුලුවන්.

  5. උදිත

    Megan Fox නම් ඉතින් තව මොන කතාද? අදම බාමි.

  6. උදිත

    අම්බෝ මේක 1.5 GB නෙ. නැද්ද 700mb එකක් හොයාගන්න.

  7. xyz

    ඔන්න අපෙ රොකියා නිසා බන්න දම්මා...........

    මතු ප්‍රයෝඡනයට හොදයි

  8. shiwantha

    thanx machan mekath banawa

  9. දිනුෂ්ක උදාර ( රොකියා )

    @ උදිත :- ඒකනෙ කියන්නෙ !, මේක ටිකක් අලුත් නිසා හොයා ගන්න බෑ. මමත් හෙන අමාරුවෙන් තමයි බා ගත්තෙ. හැබැයි ස්පීඩ් එක හොඳට තියනව.

    @ xyz, @ shiwantha :- එලකිරි !

  10. ishara

    meka reted r movie ekak

  11. Wolveriŋe™

    සුපුරුදු පරිදී බාන ලදී

    අවස්ථාවක් ලැබුනොත් බලන්නම්

  12. Suvin

    700 MB ekak nadda??? aawama daannakooooo....!

  13. දිනුෂ්ක උදාර ( රොකියා )

    @ ishara : - මම ලේබල් එකනම් බැලුවෙ නෑ. නමුත් ෆිල්ම් එක බලපු නිසයි කියන්නෙ. මේකෙ කිසිම අප්සට් තැන් නෑ.

    @ Wolveriŋe™ :- :P

  14. patha

    ස්තූති වේවා!

  15. උදිත ඉසුරංග

    තව උදිත කෙනෙක් ඇවිල්ලනේ මම බැලුවා මගේ හොල්මනවත්ද කියලා
    @රොකියා එව බලන්න වෙලවක් නෑනේ සහෝ

  16. ගෝලයා

    ඕන් මම එළ 700MB කොපියක් දැම්මා. ලොකු වැඩියි කියල හිතල නොබාපු උදවිය, දැන් බාන්න දාන්න. ;)

  17. Dushyan

    ok guys?

  18. පොතේ ගුරා

    ඔන්න එහෙනම් මාත් බාන්න දැම්මා..තැන්කූ සහෝ.. :)

  19. Santa

    ඇට් ගුරා - දැන් පොතේ ගුරාත් බාන්නේ බයිස්කෝප් එකෙන් බලලද??? :P :D

  20. meththa

    dan dan baisecope eketa daana film wela quality eka bahinewa wage. mokada lagadi idan DVD RIP novana cam copy daanda patang arang. GURO eke navaththapang bang. katta kaala baagena balanad hadanakota quality upshet unahama mala paninewa

  21. AL1717

    Ela Ela Film Eka Banawooooooooooooo

  22. Akiyoshi

    ur all films are best.thanks.

  23. Manula Nayanatharu

    Mama meka download kara.... Maru film eka.... good work... Thanks....

  24. tuyj

    cha..................

  25. hemantha samarakoon

    Thanks malli

  26. Anonymous

    budu ammo

  27. Pra

    ම්ම්ම්....මේක නරකමත් නෑ.....මටනම්.....

  28. gessy

    kiwwama mokada..hama kellama me wage thamai

  29. Ramraj

    බැලුවා. ඒත කමෙන්ටියක් දාලා නෑනේ. මම මේ කමෙන්ට් නොකල ඒවා හොයනවා. මේක නම් නියම හොරර් එකක්. තෑන්කු රොකියෝ

  30. ruwan

    downloading::::....

  31. ruwan

    thanks for downloading::::....

  32. Anonymous

    ඉස්සෙල්ලම තැනක්ස් ඔයාලා හැමෝටම මේ වගේ SITE එකක් හදලා අපට FILM DOWNLOAD කරන්න අවස්ථාව දෙනවට.
    ඔයාලගේ SITE එක මම USE කරන්නේ දැන් ටික කාලෙක ඉදලා
    සමා වෙන්න COMMENT කැන්න පරක්කු උනාට.
    මේ FILM එකනම් මරේ මරැ

  33. Danuka Kushan

    mcn sub eka wenama daapanko!!!

  34. Rusiru Nerangjan

    sinhala sub eka dannako

  35. Charitha Lakruwan

    Ayye Link Eka Broken Wela Neda fix krala denna pluwanda?

  36. Isuru

    mcn meke sub eke link ekak denna puluwanda?

  37. nilantha

    plese subbbbbbbbbbbbbbbbbb

  38. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  39. kavinda

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  40. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  41. Jack

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට..

  42. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!!

  43. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  44. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  45. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. Rumesh Nilantha Jayaweera.

    ෴෴mama tham a yaluwa ...thanks bro...sinhala sub ekata mam keepa wathawakma meke sub eka illuwa.........kohomahari antimata sub dunna neda verry verry thanks...............oya dila thiyana Jennifer’s.Body.UNRATED.2009.720p.BrRip.x264.YIFY mama gawa thiyanawa................good.......luck෴෴

  47. Vajira Rathnayake

    උපසිරැසියට බොහොම ස්තූතියි. අනිවාර්යයෙන්ම නරඹනවා. මොකද මම ප්‍රියකරන විදිහේ හොරර් ෆිල්ම් එකක්.

  48. Anushka

    Elama thamai mokadda anith filuma...

    1. Anonymous

      Thanks!

  49. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  50. muditha gayan

    Thankzzzzzzzz

Load more comments