Watch Trailer

Padikkadavan (2009) With Sinhala Subtitles | ආදරය සහ ජීවිතය වෙනුවෙන් සටන් කිරීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මගේ 2වන උපසිරැසියත් අරගෙන ආවා.මෙදා පාර අරගෙන ආවෙ දමිළ සිනමාවෙ සුපිරි නළුවෙක් වන ධනුෂ් රඟන ලස්සන චිත්‍රපටයක්. ෆිල්ම් එක නම් ටිකක් පරණයි.හැබැයි ඒක ඔයාලගෙ රසවින්ඳනයට නම් කිසිම බාදාවක් වෙන එකක් නෑ.මොකද ඒ තරමටම ෆිල්ම් මේක සුපිරී.විශේෂයෙන්ම මේ චිත්‍රපටය දෙන්න හිතුවෙ මම පෞද්ගලිකවම කැමැත්තක් දක…

Padikkathavan (2009)

ඔන්න එහෙනම් මගේ 2වන උපසිරැසියත් අරගෙන ආවා.මෙදා පාර අරගෙන ආවෙ දමිළ සිනමාවෙ සුපිරි නළුවෙක් වන ධනුෂ් රඟන ලස්සන චිත්‍රපටයක්. ෆිල්ම් එක නම් ටිකක් පරණයි.හැබැයි ඒක ඔයාලගෙ රසවින්ඳනයට නම් කිසිම බාදාවක් වෙන එකක් නෑ.මොකද ඒ තරමටම ෆිල්ම් මේක සුපිරී.විශේෂයෙන්ම මේ චිත්‍රපටය දෙන්න හිතුවෙ මම පෞද්ගලිකවම කැමැත්තක් දක්වන රංගන ශිල්පීන් දෙන්නෙක් වන  Dhanush සහ Tamannaah මේකෙ ප්‍රධාන නළුවා සහ නිළිය චරිතෙට පණ පොවන නිසා. චිත්‍රපටය ගැන කියනවා නම්, Padikkathavan – සිංහල තේරුම තමයි ඉගෙනගත්තෙ නැති එකා…2009 වර්ෂයේ තමා තිරගත වෙලා තියෙන්නෙ.අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Alex Pandian (2013), Sakalakala Vallavan (2015) වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Suraj විසින්මයි. IMDb දර්ශකයේ  4.9 ක අගයක් ලබා ගැනීමට මේ ෆිලුම සමත් වෙලා තියෙනවා.සංගීත අධ්‍යක්ෂණය Mani Sharma විසින් සිදු කරලා තියෙනවා. දමිළ සිනමාවෙ සුපිරිම විකට නළුවන්ගෙන් කෙනෙක් වන Vivek ද මේකට තම රංගනයෙන් දායකත්වය සපයනවා.ආයි Vivek ඉන්නවයි කියන්නෙ සිනා සාගරයක්ම තමයි කියලා, දමිළ චිත්‍රපට නරඹන ඔයාලාට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.Dhanush,Tamannaah සහ Vivek ට අමතරව Sayaji Shinde,Atul Kulkarni,Mayilsamy,Sharmila යන අයත් මේකට රංගනයෙන් දායක වෙනවා.ලස්සන සිංදු කිහිපයකුත් මේකෙ අන්තර්ගත වෙලා තියෙනවා. කතාව ගැන කියනවා නම්, රාධාක්‍රිෂ්ණන් (Dhanush) කියන්නෙ ඉගෙනීමට දක්ෂ නැති පොහොසත්, හොඳ නම්බුකාර පවුලක 3 වෙනි දරුවා.මෙයාගෙ පවුලෙ හැමෝම හොඳට ඉගෙනගෙන, උපධිය ගත්ත අය.ඒත් අපේ වීරයා….10 ශ්‍රේණියත් අසමත්.රස්සාවකුත් නෑ.යාළුවොත් එක්ක රස්තියාදු ගහා ගහා ඔහේ ඉන්නවා. ඒ වගේම අපේ වීරයා රාධාක්‍රිෂ්ණන් කියන නම කෙටිකරගෙන “රාකි”   කියලා එයාගෙ නම වෙනස් කරගෙනයි ඉන්නෙ.මේ හේතු නිසා මෙයාගෙ තාත්තා මෙයාව පවුලෙන් කොන් කරලයි තියෙන්නෙ. මේ වගේ සිද්ධවෙන නොයෙකුත් දේවල් නිසාම අපේ වීරයා තීරණය කරනවා හොඳට ඉගෙනගන්න පුළුවන් කෙල්ලෙක්ව හොයලා ආදරය කරන්න.ඒකට සපෝට් කරන්නම මෙයාටම කියලා හොඳ ජෝකර්ලා 3 දෙනෙකුත් ඉන්නවා.මේ අතරවාරෙදි අහම්බෙන් වගේ රාකිට ගයත්‍රී (Tamannaah)ව මුණ ගැහෙනවා.එතන ඉඳන් රාකි ගයත්‍රිගෙ පස්සෙන් යනවා කැමැත්ත ගන්න.ඒත් ගයත්‍රී මුලදි නම් කැමති වෙන්නෙම නෑ.කොහොම හරි රාකි වැඩ කිඩ ගොඩාක් දාලා ගයත්‍රිගෙන් කැමැත්ත ගන්නවා.ගයත්‍රි කියන්නෙත් එසේ මෙසේ එක්කෙනෙක් නෙමේ.මුළු ආන්ද්‍රාවම තම පාලනයට නතු කරගෙන ඉන්න සමරසිම්හා රෙඩ්ඩි කියන මැර නායකයෙක්ගෙ දුව තමා ගයත්‍රි කියන්නෙ.හැබැයි අපේ වීරයා මේ බවක් දන්නෙ නෑ. මේ අතරතුර රාකිට නොදැනීම එයාගෙ අතීතය එයාගෙ පස්සෙන් පන්නනවා.ඒ තමයි රාකි ගෙ අතින් පුද්ගලයෙක් මැරෙනවා.එයා තමා මුලු තිරුනෙල්වේලි යම තම පාලනයට නතු කරගෙන ඉන්න කාසි ආනන්දන්ගෙ මල්ලි.තම ගෝලයො දම්මලා හැම ගමක්,නගරයක් පාසාම කාසි රාකිව හොයනවා මරන්න.හැබැයි රාකි දන්නෙ නෑ තමන්ගෙ අතින් කෙනෙක් මැරුණු බවක්. ඒ අස්සෙ ගයත්‍රිව මරන්නත් එයාගෙ තාත්තගෙ හතුරෙක් උත්සාහ කරනවා.එයත් එක්කත් රාකිට හැප්පෙන්න වෙනවා..දැන අපේ රාකි 3න් පැත්තකින් බැට කනවා.ගයත්‍රිගෙ තාත්තා සමරසිම්හා රෙඩ්ඩි,  රාකිගෙ අතින් මැරුණු කොල්ලගෙ අයියා කාසි ආනන්දන්, ගයත්‍රීව මරන්න එන රාමි රෙඩ්ඩි.මේ තුන් දෙනාටම දැන් රාකිට මූණ දෙන්න වෙලා.අනික මේ තුන් දෙනාම එසේ මෙසේ මැරයො නෙමේ.මැරකම් වලිනුත් උපරිමයට ගියපු මැරයො.කොහොමට තියේවිද මැර කල්ලි 3ක් එක්ක හැප්පෙනකොට.මේ නිසා සටන් ජවනිකා වලින් නම් චිත්‍රපටයේ  අඩුවක් නෑ හොඳේ.ඒ වගේම විහිලු වලිනුත්.චිත්‍රපටයේ මැද හරියෙදි තමා අපේ විහිලු රජු ෆිලුමට සම්ප්‍රාප්ත වෙන්නෙ. ඕන් එහෙනම් මුළු කතාවම මටත් නොදැනීම කෙටියෙන් විස්තර කෙරුණා. අවසානයේ රාකිට මොනවා වෙයිද ? මේ තුන් කට්ටුවත් එක්කම රාකිට හැප්පෙන්න පුළුවන් වෙයිද ? රාකිගෙ ආදරයට මොනවා වෙයිද ? මේ වගේ ප්‍රශ්නවලට උත්තර හොයා ගන්න නම් ඔයාලට මේ ෆිලුම බලන්න වෙනවා. අන්තර්ජාලය පුරාම මේ චිත්‍රපටයට  හොඳට seed තියෙන torrent එකක් හොයලා හොයලා බොහොම අමාරුවෙන් එකම එකම torrent එකක් හොයාගත්තා. නෙට් එකේ එකම එක වෙබ් අඩවියක විතරයි මේ torrent එක තියෙන්නෙ.ඒකටම ගැළපෙන Direct Link එකකුත් වාසනාවට හොයාගන්න පුලුවන් උනා.ඒ වගේම උපසිරැසි නිකුත් කිරීමෙදි මෙම torrent එකට සහ TamilYogi ඩොට් සී සී කියන ෆිලුම්  online බලන්න පුලුවන් වෙබ් අඩවියේ දාලා තියෙන පිටපතටත් හරියන්න උපසිරැසි නිකුත් කරලා තියෙනවා. torrent එකේ තියෙන්නෙ avi කොලිටි එකෙන්. TamilYogi ඩොට් සී සී එකෙන් බානව නම් ඔයාලට MP4 කොලිටියෙන්  චිත්‍රපටය  බාගත කරන්න පුලුවන්. avi එකට වඩා  MP4 එකේ කොලිටි එක නම් ගොඩක් හොඳ තත්වෙන් තියෙනවා.

Meendum Oru Kadhal Kadhai (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම DVD පිටපත් සඳහා අදාළ වේ.

5,750 downloadsDownload Padikkathavan-2009.rar118 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/AdhithyaGimhana1-e1474943224759.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ආධිත්‍ය ගිම්හාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,750 downloadsDownload Subtitles118 KB

19 comments

  1. Adithya Gimhana

    මෙම comment එකෙහි නම මත click කර මාගේ ෆේස්බුක් ගිණුමට log වීමෙන්
    ලබා දී ඇති උපසිරැසියට ගැළපෙන පිටපත බා ගත කරන්න.

    උපසිරැසියට ගැළපෙන ටොරන්ට් සහ ඩිරෙක්ට් ලින්ක් ඔක්කොම ෆේස්බුක් ගිණුමට දාල තියෙන්නෙ.

    1. thisal

      tnx bn

  2. Ayesh

    Thank You

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Sadeesh Mendis

    thanks macho

  5. Kasun Lakshan

    Godaak isuthyi

  6. wooobox

    පරණ උනත් නියම චිත්‍රපටිය. උපසිරසි වලට ස්තුතියි. :)

  7. D.Chamara

    bohoma sthuthi sahooo

  8. Gihan Iddamalgoda

    thanks 4 sub.

  9. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
    ජය වේවා!

  10. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. shehan

    machan flim ake limk akak danna

    1. Adithya Gimhana

      me comment eke thyena mage name eka udin click karalaa mage fb profile ekata giyaama link eka ganna puluwan

  13. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම දෙමු ආ...
    ඔබට ජය!

  14. Tharuth Chiranthana

    Thanks for the sub.

  15. h.p.madhusanka

    den den smahara sub windows7 walata support karanne ne. a ei eka hadaganna puluwanda?

    1. Adithya Gimhana

      mage fb ginumata msg ekak dhaanna sahoo...

  16. Anonymous

    weda ne bn hd ewata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.