යාළුවෝ හැමෝටම ආයුබෝවන් කියන් ගමන් මමත් එකතු වුණා බයිස්කෝප් සිංහලෙන් අඩවියත් එක්ක..බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් කෙරෙන මේ සේවයට මාත් එකතු වුණොත් හොඳයි කියලා හිතුණේ නිතරම මේ අඩවියෙන් සිංහල උපසිරැසි ගන්න එන නිසාමයි.. ඒ වගේම පොඩි ආසාවකුත් තිබ්බා මගේම කියලා සිංහල උපසිරැසියක් දාන්න. සිංහල උපසිරැසියක් හදන එ…

යාළුවෝ හැමෝටම ආයුබෝවන් කියන් ගමන් මමත් එකතු වුණා බයිස්කෝප් සිංහලෙන් අඩවියත් එක්ක..බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් කෙරෙන මේ සේවයට මාත් එකතු වුණොත් හොඳයි කියලා හිතුණේ නිතරම මේ අඩවියෙන් සිංහල උපසිරැසි ගන්න එන නිසාමයි.. ඒ වගේම පොඩි ආසාවකුත් තිබ්බා මගේම කියලා සිංහල උපසිරැසියක් දාන්න. සිංහල උපසිරැසියක් හදන එක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි කියලා තේරුණේ ඒක කරගෙන යද්දී තමයි. කොහොමහරි ලෝකේ ඉතාම ජනප්රිය වුණු චිත්රපටයක් එක්ක මම මගේ පළමු උපසිරැසි නිර්මාණය බයිස්කෝප් අඩවියට ගොඩවෙන ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා.
ඉස්සෙල්ලම මේ වැඩේ කරන්න මට අවස්ථාව අරන් දුන්නු බයිස්කෝප් අඩවියේ හසන්ත වික්රමරත්න සහෝට ස්තූතිවන්ත වෙන්න ඕන.මේක මගේ පළවෙනි උපසිරැසිය නිසාම හොඳ තත්වයෙන් ඒක ඔයාලට අරගෙන එන්න උත්සාහ කළා. වැරදිත් තියෙන්න පුළුවන් ඉතින්. කොහොමහරි වැඩේ ඉවර කරාම හිතට දැනිච්ච සතුටනම් පට්ට..වැරදි ඇතොත් සමාවෙන්න කියන ගමන් මන් කියන්නම් අරන් ආපු චිත්රපටය ගැන.
John Carter. 2012 වසරේ මාර්තු 09 වනදා ඇමෙරිකාවේදී තිරගත වීම ආරම්භ කළ ජෝන් කාටර් චිත්රපටය Walt Disney Pictures වෙනුවෙන් අධ්යක්ෂණය කළේ Toy Story, Finding Nemo වැනි ලෝ ප්රකට චිත්රපටවලට සම අධ්යක්ෂණයෙන් සහ තිර රචනයෙන් දායක වුණු Andrew Stanton විසින්. Edgar Rice Burroughs ගේ “බාර්සූම්” නම් නවකථා මාලාවේ පළමු පොත වන “A Princess of Mars” ග්රන්ථය පාදක කොටගෙන නිර්මාණය වුණු මෙම චිත්රපටය ඉදිරිපත් කෙරුණේ ඇමෙරිකානු විද්යාප්රබන්ධ හා ක්ර්යාදම චිත්රපටයක් ලෙසයි. Jim Morris, Colin Wilson, Lindsay Collins විසින් නිෂ්පාදනය කළ මෙහි ප්රධාන චරිත දෙක වන John carter ගේ චරිතය සඳහා Taylor Kitsh සමඟ Dejah Thoris ගේ චරිතය සඳහා රංගනයෙන් දායක වන්නේ Lynn Collins. මීට අමතරව අනෙකුත් ප්රධාන චරිත සඳහා Willem Dafoe, Mark Strong සහ Smantha Morton යන නළු නිළියන් දායක වෙලා තියෙනවා. Michael Giacchino විසින් සංගීත නිර්මාණය කරන ලද මෙම චිත්රපටයේ ධාවන කාලය මිනිත්තු 132ක්. ඇමෙරිකානු ඩොලර් මිලියන $250 ක වියදමින් නිර්මාණය වූ මෙම දැවැන්ත නිර්මාණයේ Box office ආදායම $284,139,100. මෙහි IMDb අගය 6.6/10 ක් ලෙස දැක්වෙනවා.
චිත්රපටයේ අන්තර්ගත කතාව ගැන මම කෙටියෙන් විස්තර කරන්නම්. 1868 වසරේ දකුණු ඇමෙරිකාවේ වර්ජිනියා ප්රාන්තයේ අශ්වාරෝහක බලඇණියක දක්ෂ එහෙත් දඩබ්බර නිලධාරියෙකු වන ජෝන් කාටර් තම ඉහළ නිලධාරීන්ගෙන් පලා යන අවස්ථාවක තමන් කාලයක් තිස්සේ සෙවූ රත්තරන් ගුහාවට ඇතුල් වෙන්න අවස්ථාව ලැබෙනවා. එහිදී ඔහුට බලාපොරොත්තු නොවන ආකාරයේ අකරතැබ්බයකට මුහුණ පාන්න සිදු වෙනවා. අත්වැරදීමකින් අඟහරු ලෝකය වෙත යැවෙන ජෝන් කාටර් එහි සිටින තර්න් නම් ගෝත්රික පිරිසකගේ සිරකරුවෙක් බවට පත් වෙනවා. බාර්සූම් ලෙසින් හැඳින්වෙන අඟහරු ලොවේ, ප්රධාන පාලක ගෝත්ර දෙක වන සෝඩැන්ගා වරුන්ගේ හා හීලියම් වරුන්ගේ යුද්ධයට මැදි වීමට ජෝන කාටර්ට සිදු වෙනවා. එයට හේතු වන්නේ හීලියම් රජුගේ දියණිය වන ඩීජාහ් තෝරීස්ගේ බලපෑමයි. අඟහරු ලොවේ යුද්ධය ජය ගැනීමට ජෝන් කාටර්ට හැකිවෙයිද? ඔහු නැවතත් පෘථිවියට පැමිණෙන්නට හැකිවෙයිද?.. අඟහරු ලොව කුමරියගේ අතගැනීමට ඔහුට හැකිවෙයිද?.. මේ ප්රශ්නවලට පිළිතුරු දැනගන්න නම් ඔයාලට මේ ච්ත්රපටය බලන්නම වෙනවා…..
එහෙනම් යාළුවනේ චිත්රපටයත් බලලා මගේ පළමු උපසිරැසිය ගැන ඔයාලගේ අදහසුත් දක්වන්න කියලා පොඩි ඉල්ලීමකුත් කරනවා. කට්ටියටම ජයම වේවා…!
16,903 downloadsDownload John-Carter-2012.zip144 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යශෝධ ශ්රීමාල්
Subtitles
66 comments
amila
nipuna prasad
thanks saho thwath subs denna shakthiya wasanwa labeywa!
zumo man
txz
jack
පට්ටයි සහෝ, ස්තුතියි සබ් එකට
ositha
palamu sub akata jaya niyamayi balanna one
udara
supiri akak mulinma deela
2 kath denna lagadimatharanga
අලුත් සහෝලා එනවා කොර වෙන්න
බයිස්කෝප් වසන්තය වගේඔහොමම යමු
ජය!
ranga
thankssssss 1st subs
kalana
aluth sahowa sadarayen piligannwa digatama subs demu baiscope
akka akathu welabandula
all the best
ganidu
තෑන්ක්ස් වේවා!!!
was
දිගටම සබ් දෙන්න පළමු වැඩේට සුභ පැතුම්!
Thisara NEO
දවස ගානේ අලුත් අය එකතු වෙනවානේ...
නියමයි....
බයිස්කෝප් අඩවියට නියම ප්රතිචාරයක්නේ තියෙන්නේ.....
ජයවේවා සහෝ.....
දිගටම හොඳ නිර්මාණ වලට සබ් දෙමු..........
ජයවේවා පළමු උත්සාහයට.....නලින්
ස්තුතියි ශ්රිමාල් සහෝ
ජය වේවා!
හර්ෂ ලහිරු
හා..හා..පුරා කියලා කොර ෆිල්ම් එකකට
සබ් ගෙනල්ලා තියෙන්නෙ ස්තුතියි සහො :P :P ජයAmil
thanks machan sub ekata...
mekath niyama film eka...වරුණ
ela ela dedatama imu
shani
thanks
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...Ramaa..
දිගටම සබ් දෙන්න පළමු වැඩේට සුභ පැතුම්!
sameera
thnx saho
චමී
යශෝධ සහෝ.. ඔබට ජයවේවා. ඒ වගේම බයිස්කෝප් අඩවිය තුල තව තවත් ජය කෙහෙලි නැංවීමට හැකිවේවා..
“චූටී මල්ලි”
මේකනම් කලින් බැලුවා මචන්
තවත් හොද ඒවා දෙමු මචන්
පලමු 1ට ජය
සබට තුති
ඔබට ජය.....රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න ජයවේවා.
mudiya / මුදියා
එල එල යශෝධ.
සුපිරිම එකක් තමයි පළවෙනියටම දීල තියෙන්නෙ.
පළවෙනි සබ් එකට මගේ උණසුම් සුභ පැතුම්.
ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!Siraj
නියමයි සහෝ.
මේක නියම ෆිල්ම් එකක්.
සබ් එකට ගොඩාක් ස්තූතියි.යශෝධ
බයිස්කෝප් අඩවියේ සහෝලා ඔක්කොටම ස්තූතියි.... මට මේ අවස්ථාව අරන් දුන්නට.. දිගටම ඔයාලත් එක්ක මම ඉන්නවා.. ඉස්සරහටත් හොඳ නිර්මාණ වලින් හමුවෙමු..
ඔයාලගේ කමෙන්ට්ස් මට හයියක්.. ජයෙන් ජය...!
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
සාදරයෙන් පිලිගන්නවා
අලමු එහෙනම් මේ එකතු උනේ තවත් ජෝන් කාටර් කෙනෙක්ද කියලා :)ශාන් විමුක්ති [විමා]
අලමු නෙමේ බලමු හොදේ ;)
Denis
thanks....
කේ.යූ.ජී. උදාර
මුල් ම වැඩේට සුබ පැතුම් සහෝ...........
දිගට ම මේක කරගෙන යමු.
සිංහල සබට බොහොම ස්තූතියි.gihan
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
අසින්ත
3D ටික නම් පොඩ්ඩක්වත් හොයන්න බෑ.
akila
thank u bro
DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍අභියා
කලින් බලලා තියේ ඈ ,,,,ආයෙ බලනෝ ,,,,මෙන්න බෑවා ,,,,,,ගොඩක් ස්තූතියි
Saman Prasad ( Black Panther )
onna ithin adai comment ekak danne. wade ela. sub ekata thanks saho.
Shiran
එල කිරි වැඩක් ආහ්හ්.. තැන්කු වේවා... :D :D
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)nelum nethanjana
bohoma sthuthi saho.....
Prasanga
සබට තුති ............
cham
thanks macho..
shan
thanks kollo
VIRAJ
thanks saho
Buddhika
oyage pk 2014 sub eka ko eka download karaganna barida ?
Thusithagyan
ජය සහෝ
Nishanpradeep95
Tnx ma puthi...jayin ජය
panagama
thanks
binoth
ayeth balanna hithuna film eka. thank u bro sub ekata...
Sandunprabath1230
ආපහු බලනව.Thanks සහෝ සබට
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

budu ammooo aluth kollo thoga pitin awith ne jayama wewa baiscope adawiyta