Manhunt (2017) Sinhala Subtitles | සුපිරි ශක්ති වර්ධක එන්නතේ අබිරහස! [සිංහල උපසිරැසි සමඟ]
ඩු-කුයි කියන්නේ වෘත්තියෙන් නීතීඥයෙක්. සාමාන්‍ය නීතීඥයෙක් නෙමෙයි, බොහොම දක්ෂ නීතීඥයෙක් විදියට තමයි ක්ෂේත්‍රයේ පිළිගැනීම ලැබිලා තිබුනේ. මේ නිසාම, ටෙන්ජින් නම් ඖෂධ සමාගමේ නීතීඥයා විදියට සේවය කිරීමට ඩු-කුයිට අවස්තාව ලැබුණා. කතාවක් තියෙනවනේ, වැඩකාරයට බොරු බෑ කියලා. ඉතිං, ඒ වගේ තමයි, තමන්ගේ වෘත්තීමය දක්ෂතාවය නිසා වසර කීපයක් ඇතුලත මේ ටෙන්ජීන් කියන ඖෂධ සමාගමේ නීතිමය ආරවුල් විශාල සංඛාවක් ජයග්‍රහණය කරදීලා, මේ ඖෂධ සමාගමේ විශ්වාසවන්තම සේවකයෙකු බවට පත්වෙන්න ඩු-කුයිට හැකියාව ලැබෙන්නේ නිතැතින්මයි.
කාලය ගෙවිලා ගියා. කාලයත් එක්කම මේ ඖෂධ සමාගමේ සභාපතිවරයා වෙනස් වුණා. සමාගමේ 65 වන සාඩම්බර සංවත්සරයට සමගාමීව පැවැත්වූ උත්සවයක් සමගින් තමයි මේ කාරණාව දැනුම් දුන්නේ. මේ උත්සවයට සභභාගී වූ ඩු-කුයි, මධ්‍යම රාත්‍රියද පසුවී සිය නිවස වෙත ගොස්, පාන්දර හදිසියේම අවදිවන විට දකින්න ලැබුණු දර්ශනය නිසාවෙන් භීතියෙන් ත්‍රස්ත වුණා කිවහොත් වඩාත් නිවැරදියි.
නිකමට මෙහෙම හිතන්නකෝ. අපි හැමෝම නිදාගන්නවනේ. ඒත්, අපි උදේට නිදාගෙන නැගිටිනකොට ඇඳේ එහා පැත්තේ මිනිහෙක් මරලා දාලා තිබ්බොත් කොහොමට තියේවිද? නිකන්ම නිකන් මිනිහෙක් නොවී, බොහොම තරුණ වයසේ පසුවෙන සුරූපී තරුණියක් වුනොත් කොහොමට තියේවිද? අදාළ මිනීමැරුම සිදුකිරීමට භාවිතා කරපු උල් පිහියකුත් තමන්ගේ අතේ තිබුණොත් ඇත්තටම ඔබට මොනවා නොසිතේවිද? එහෙම දෙයක් වුනොත් ඔබ ඇත්තටම මොකක්ද කරන්නේ? ඩු-කුයිට සිද්ධ වුනෙත් මෙන්න මේ වගේ දෙයක් තමයි. ඊට කලින් දවසේ, තමන් සේවය කරන සමාගමේ සංවත්සරික සාදයට සහභාගී වෙලා, උදේ පාන්දර නැගිටලා බලනකොට තමන් නිදාගෙන ඉඳපු ඇඳේ එහා පැත්තේ සුරූපී තරුණියක් මරලා දාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ තරුණිය මරලා දාන්න පාවිච්චි කරපු පිහිය ඩු-කුයිගේ අතේ තියෙනවා. ඒ විතරක්යැ… ජීවිතේට කිසිම දවසක නොදැකපු, ගෙදර මෙහෙකාරිය කියාගත්ත ගැහැනියක් ඇවිල්ලා කියනවා, මේ තරුණියව මැරුවේ ඩු-කුයිමයි කියලා. ඝාතනය සම්බන්ධයෙන් හැම සාක්ෂියක්ම, හැම ඇඟිල්ලක්ම යොමු වෙන්නේ ඩු-කුයි වෙතටයි. කුමක්ද ඔහු ගන්නා තීරණය? සැබවින්ම ඔහු මේ තරුණියව ඝාතනය කළාද? පෙර දින රාත්‍රියේ සිදුවූ කිසිඳු දෙයක් ඔහුගේ මතකයට නොපැමිණෙන්නේ මන්ද? නොකළ වරදකට ඔහුව පටලවමින්, ඔහුව මරණයට පත් කිරීමට මාන බලන්නා වූ වංක පොලිස් නිලධාරියා කවුරුන්ද? කොනක් පටක් නොපෙනෙන අභිරහසක් විසඳමින්, සැබෑ මිනීමරුවා සොයා ගැනීම සඳහා ඩු-කුයි පසුපස හඹා එන්නා වූ, සටන් කළාවේ අති දක්ෂ, බුද්ධිමත්, නිර්භීත පොලිස් නිලධාරීයා කවුරුන්ද? වසර තුනකට පෙර නිකරුනේ අහිමි වූ සිය පෙම්වතාගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉෂ්ටකර ගැනීම සඳහා උත්සාහ දරන්නා වූ තරුණිය කවුරුන්ද? අවි ආයුධ හැසිරවීමේ සහ සටන් කළාවේ අතිශය ප්‍රවීණයන් වන, අනුකම්පා විරහිත දරුණු කුලී ඝාතක තරුණියන් දෙදෙනෙකු විසින් රැගෙන එන්නා වූ මරණයේ පණිවිඩයෙන් ගැලවී යෑමට ඩු-කුයි හට අවස්තාව ලැබේවිද? මේ සියල්ලටම වඩා, ඇත්තටම මේ මොකක්ද වෙන්නේ?
ක්‍රියාදාම ලේබලය යටතේ, 2017 වර්ෂයේ නොවැම්බර් 23 වෙනිදා නිළ වශයෙන් නිකුත් වෙච්ච මේ සිනමා නිර්මාණය, චීනය, ජපානය සහ හොං-කොං යන රටවල් තුනේම දායකත්වය මත නිෂ්පාදනය වෙච්ච දැවැන්ත චිත්‍රපටයක්. චිත්‍රපටය සඳහා රංගන දායකත්වය සපයන්නේ, Hanyu Zhang විසින්. The Great Wall (2016), Operation Mekong (2016) වගේ මෑතකදී නිෂ්පාදනය වෙච්ච ක්‍රියාදාම චිත්‍රපට නරඹලා තියෙනවා නම්, Hanyu Zhang කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනේ වෙන එකක් නැහැ. ඒ වගේම, 2018 වර්ෂයේ දැනට දෙවැනි වැඩිම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවට හිමිකම් කියමින්, මේ සටහන ලියවෙන මොහොත වන විට මාසයකටත් අඩු කාල සීමාවක් තුල ඇමරිකානු ඩොලර් මිලියන 500 ඉක්වමා යමින් ආදායම් වාර්තාවක් හිමිකරගෙන තිබෙන Operation Red Sea චිත්‍රපටය තුල පවා ප්‍රධාන චරිතයක් සඳහා පණ පොවන රංගන ශිල්පියෙක් තමයි මේ Hanyu Zhang කියන්නේ. ඒ වගේම, චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Chi bi (2008) AKA Red Cliff වගේ විශිෂ්ඨ සිනමා නිර්මාණ සමගින් අධ්‍යක්ෂණයන් 42ක්, නිෂ්පාදනයන් 35ක්, තිර රචනයන් 27ක් සඳහා සහභාගී වී සිටින, සම්මානනීය අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, රචකයෙක් සහ රංගන ශිල්පියෙක් වන John Woo විසින්. ඒ වගේම, IMDB දර්ශකය තුල 5.3 ක අගයක් ලබාගැනීමට සමත්කම් දක්වා තිබෙන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ, ඇමරිකානු ඩොලර් මිලියන 50ක් වැනි දැවැන්ත මුදලක් විය පැහැදම් කරමිනුයි. ඒ නිසා, චිත්‍රපටය තුල යොදාගෙන තියෙන තාක්ෂනය ගැන නම් පොඩි හරි සැකයක් තියාගන්න එපා. මොකද, දන්න අය දන්නවා ඇති, හොලිවුඩ් චිත්‍රපට පවා තම චිත්‍රපටයක් වෙනුවෙන් ඩොලර් මිලියන 50ක් වගේ මුදලක් වියදම් කරන්නේ කලාතුරකින් කියලා. ඒ නිසා, ඒ වගේ ලොකු මුදලක් වියදම් කරලා හදපු මේ චිත්‍රපටය තුල තාක්ෂණික කටයුතු ඉහළ මට්ටමකින් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා.
එහෙනම්, ක්‍රියාදාම සමගින් කුතුහලය මුසු සිනමා නිර්මාණයක් රසවිඳීමට රුචි සියලු දෙනා අරගෙන බලන්න. වෙනදා කියනවා වගේ අදත් කියන්නම්, නිකමට ට්‍රේලර් එක බලලා ඉන්නකෝ. ගිහිල්ලා එන්නම්. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7516 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/Sisila-Prasad-Lab-Color-Profile.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Ela
patta pata pata
Thanks !!!!!!!!!!!!!!!!
tnx my man
ELa ela
Thanks
tnx sahoo patta ekak wage
Thanx macho sub ekata
Thanx
thanks for sub
thanks sahoooo obata jaya
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි…!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
ඔබට ජයෙන් ජය…!!!
Thnkz bro
ela…….
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
උපරැසියට ස්තූතියි
Ela ela
Thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks syb 1ta
සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි…
Thanz saho sub akta
Thanx macho sub ekata……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks machan…hoda film ekak nathuwa hitiya…God bless you…
Thanks sisila sahaooo
godakaleka ta pasea ayeth…
digtama sub dumu aaaa………
sub ekata thanks wawa
Thank you very much…..!
niyamai sahoo niyamai … bohoma sthuthi sub ekkata
Thank you very much Sisila
Mata download karanna denne nene .not found 403 🙁
සොයා ගත නොහැක kiyala vetenavaneee.
Thanks
උපසිරසියට ස්තුතියි …………
ela
Supiri mcn
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තුතියි සිසිල…
උපසිරසියට ස්තුතියි සිසිල අයියේ..
thanks……………
patta mewa thama oni thanks…
ahanna deyak na oya dunnoth
ela ela thanks
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය වේවා
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
Thanks saho.lipiyath maru
thnx bro
Supiri film ekak brother. Godak sthuthi sub ekata…
The Thousand Faces of Dunjia. Bro me film ekatath sub dennko
Ane ow bro
Meekatath dennako
උපසිරැසිය ලබා දීලා තියන්නේ සහෝ..
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සිසිල සහෝ.
වෙනදා වගේම සුපිරි ෆිලුමක් එක්ක සුපිරි ලිපියක්.
ජයෙන් ජය.
thanks for sub bro………………..
මහන්සිවෙලා උපසිරැසිය දුන්නට බොහෝම ස්තුතියි සහෝ
THANKS SUBA TA
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!
thank you bro what a spaerice
you are the best
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Hammo sisila saho oyage sub ekak nathuwa haryata awuruddak hitya wage….
E tharamatama api oyagen filumak labena kan balagena inne….
Baiscope Anniversary dwaseth mama nam oyage filumak labena kan balan hitye,ko habai dunne nahane….
Awlak na,me filumath supiri athi aniwa…
onna podi warnanawak kara kyala uda yno ehma newei sisila bro……..
මේ දවස් වල තෝරලා, බේරලා සබ් අඩු ප්‍රමාණයක් තමයි කරන්නේ සහෝ. මොකද, සීයට තව සබ් තුනක අඩුවක් තියෙන්නේ. ඒ වගේම තමයි, සීයට බාරගෙන තියෙන ෆිල්ම් එකේ හොඳ පිටපතක් එන්න තව මාසයක් දෙකක් යාවි. ඒක නිසා මේ ටිකේ පොඩ්ඩක් හිමින් තමයි වැඩ 😀
උපසිරැසියට ස්තූතියි සිසිලයියා!