Watch Trailer

Manhunt (2017) Sinhala Subtitles | සුපිරි ශක්ති වර්ධක එන්නතේ අබිරහස! [සිංහල උපසිරැසි සමඟ]

ඩු-කුයි කියන්නේ වෘත්තියෙන් නීතීඥයෙක්. සාමාන්‍ය නීතීඥයෙක් නෙමෙයි, බොහොම දක්ෂ නීතීඥයෙක් විදියට තමයි ක්ෂේත්‍රයේ පිළිගැනීම ලැබිලා තිබුනේ. මේ නිසාම, ටෙන්ජින් නම් ඖෂධ සමාගමේ නීතීඥයා විදියට සේවය කිරීමට ඩු-කුයිට අවස්තාව ලැබුණා. කතාවක් තියෙනවනේ, වැඩකාරයට බොරු බෑ කියලා. ඉතිං, ඒ වගේ තමයි, තමන්ගේ වෘත්තීමය දක්ෂ…

ඩු-කුයි කියන්නේ වෘත්තියෙන් නීතීඥයෙක්. සාමාන්‍ය නීතීඥයෙක් නෙමෙයි, බොහොම දක්ෂ නීතීඥයෙක් විදියට තමයි ක්ෂේත්‍රයේ පිළිගැනීම ලැබිලා තිබුනේ. මේ නිසාම, ටෙන්ජින් නම් ඖෂධ සමාගමේ නීතීඥයා විදියට සේවය කිරීමට ඩු-කුයිට අවස්තාව ලැබුණා. කතාවක් තියෙනවනේ, වැඩකාරයට බොරු බෑ කියලා. ඉතිං, ඒ වගේ තමයි, තමන්ගේ වෘත්තීමය දක්ෂතාවය නිසා වසර කීපයක් ඇතුලත මේ ටෙන්ජීන් කියන ඖෂධ සමාගමේ නීතිමය ආරවුල් විශාල සංඛාවක් ජයග්‍රහණය කරදීලා, මේ ඖෂධ සමාගමේ විශ්වාසවන්තම සේවකයෙකු බවට පත්වෙන්න ඩු-කුයිට හැකියාව ලැබෙන්නේ නිතැතින්මයි.

කාලය ගෙවිලා ගියා. කාලයත් එක්කම මේ ඖෂධ සමාගමේ සභාපතිවරයා වෙනස් වුණා. සමාගමේ 65 වන සාඩම්බර සංවත්සරයට සමගාමීව පැවැත්වූ උත්සවයක් සමගින් තමයි මේ කාරණාව දැනුම් දුන්නේ. මේ උත්සවයට සභභාගී වූ ඩු-කුයි, මධ්‍යම රාත්‍රියද පසුවී සිය නිවස වෙත ගොස්, පාන්දර හදිසියේම අවදිවන විට දකින්න ලැබුණු දර්ශනය නිසාවෙන් භීතියෙන් ත්‍රස්ත වුණා කිවහොත් වඩාත් නිවැරදියි.

නිකමට මෙහෙම හිතන්නකෝ. අපි හැමෝම නිදාගන්නවනේ. ඒත්, අපි උදේට නිදාගෙන නැගිටිනකොට ඇඳේ එහා පැත්තේ මිනිහෙක් මරලා දාලා තිබ්බොත් කොහොමට තියේවිද? නිකන්ම නිකන් මිනිහෙක් නොවී, බොහොම තරුණ වයසේ පසුවෙන සුරූපී තරුණියක් වුනොත් කොහොමට තියේවිද? අදාළ මිනීමැරුම සිදුකිරීමට භාවිතා කරපු උල් පිහියකුත් තමන්ගේ අතේ තිබුණොත් ඇත්තටම ඔබට මොනවා නොසිතේවිද? එහෙම දෙයක් වුනොත් ඔබ ඇත්තටම මොකක්ද කරන්නේ? ඩු-කුයිට සිද්ධ වුනෙත් මෙන්න මේ වගේ දෙයක් තමයි. ඊට කලින් දවසේ, තමන් සේවය කරන සමාගමේ සංවත්සරික සාදයට සහභාගී වෙලා, උදේ පාන්දර නැගිටලා බලනකොට තමන් නිදාගෙන ඉඳපු ඇඳේ එහා පැත්තේ සුරූපී තරුණියක් මරලා දාලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ තරුණිය මරලා දාන්න පාවිච්චි කරපු පිහිය ඩු-කුයිගේ අතේ තියෙනවා. ඒ විතරක්යැ… ජීවිතේට කිසිම දවසක නොදැකපු, ගෙදර මෙහෙකාරිය කියාගත්ත ගැහැනියක් ඇවිල්ලා කියනවා, මේ තරුණියව මැරුවේ ඩු-කුයිමයි කියලා. ඝාතනය සම්බන්ධයෙන් හැම සාක්ෂියක්ම, හැම ඇඟිල්ලක්ම යොමු වෙන්නේ ඩු-කුයි වෙතටයි. කුමක්ද ඔහු ගන්නා තීරණය? සැබවින්ම ඔහු මේ තරුණියව ඝාතනය කළාද? පෙර දින රාත්‍රියේ සිදුවූ කිසිඳු දෙයක් ඔහුගේ මතකයට නොපැමිණෙන්නේ මන්ද? නොකළ වරදකට ඔහුව පටලවමින්, ඔහුව මරණයට පත් කිරීමට මාන බලන්නා වූ වංක පොලිස් නිලධාරියා කවුරුන්ද? කොනක් පටක් නොපෙනෙන අභිරහසක් විසඳමින්, සැබෑ මිනීමරුවා සොයා ගැනීම සඳහා ඩු-කුයි පසුපස හඹා එන්නා වූ, සටන් කළාවේ අති දක්ෂ, බුද්ධිමත්, නිර්භීත පොලිස් නිලධාරීයා කවුරුන්ද? වසර තුනකට පෙර නිකරුනේ අහිමි වූ සිය පෙම්වතාගේ මරණය වෙනුවෙන් සාධාරණය ඉෂ්ටකර ගැනීම සඳහා උත්සාහ දරන්නා වූ තරුණිය කවුරුන්ද? අවි ආයුධ හැසිරවීමේ සහ සටන් කළාවේ අතිශය ප්‍රවීණයන් වන, අනුකම්පා විරහිත දරුණු කුලී ඝාතක තරුණියන් දෙදෙනෙකු විසින් රැගෙන එන්නා වූ මරණයේ පණිවිඩයෙන් ගැලවී යෑමට ඩු-කුයි හට අවස්තාව ලැබේවිද? මේ සියල්ලටම වඩා, ඇත්තටම මේ මොකක්ද වෙන්නේ?

ක්‍රියාදාම ලේබලය යටතේ, 2017 වර්ෂයේ නොවැම්බර් 23 වෙනිදා නිළ වශයෙන් නිකුත් වෙච්ච මේ සිනමා නිර්මාණය, චීනය, ජපානය සහ හොං-කොං යන රටවල් තුනේම දායකත්වය මත නිෂ්පාදනය වෙච්ච දැවැන්ත චිත්‍රපටයක්. චිත්‍රපටය සඳහා රංගන දායකත්වය සපයන්නේ, Hanyu Zhang විසින්. The Great Wall (2016), Operation Mekong (2016) වගේ මෑතකදී නිෂ්පාදනය වෙච්ච ක්‍රියාදාම චිත්‍රපට නරඹලා තියෙනවා නම්, Hanyu Zhang කියන්නේ කවුද කියලා අමුතුවෙන් කියලා දෙන්න ඕනේ වෙන එකක් නැහැ. ඒ වගේම, 2018 වර්ෂයේ දැනට දෙවැනි වැඩිම බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවට හිමිකම් කියමින්, මේ සටහන ලියවෙන මොහොත වන විට මාසයකටත් අඩු කාල සීමාවක් තුල ඇමරිකානු ඩොලර් මිලියන 500 ඉක්වමා යමින් ආදායම් වාර්තාවක් හිමිකරගෙන තිබෙන Operation Red Sea චිත්‍රපටය තුල පවා ප්‍රධාන චරිතයක් සඳහා පණ පොවන රංගන ශිල්පියෙක් තමයි මේ Hanyu Zhang කියන්නේ. ඒ වගේම, චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Chi bi (2008) AKA Red Cliff වගේ විශිෂ්ඨ සිනමා නිර්මාණ සමගින් අධ්‍යක්ෂණයන් 42ක්, නිෂ්පාදනයන් 35ක්, තිර රචනයන් 27ක් සඳහා සහභාගී වී සිටින, සම්මානනීය අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක්, රචකයෙක් සහ රංගන ශිල්පියෙක් වන John Woo විසින්. ඒ වගේම, IMDB දර්ශකය තුල 5.3 ක අගයක් ලබාගැනීමට සමත්කම් දක්වා තිබෙන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ, ඇමරිකානු ඩොලර් මිලියන 50ක් වැනි දැවැන්ත මුදලක් විය පැහැදම් කරමිනුයි. ඒ නිසා, චිත්‍රපටය තුල යොදාගෙන තියෙන තාක්ෂනය ගැන නම් පොඩි හරි සැකයක් තියාගන්න එපා. මොකද, දන්න අය දන්නවා ඇති, හොලිවුඩ් චිත්‍රපට පවා තම චිත්‍රපටයක් වෙනුවෙන් ඩොලර් මිලියන 50ක් වගේ මුදලක් වියදම් කරන්නේ කලාතුරකින් කියලා. ඒ නිසා, ඒ වගේ ලොකු මුදලක් වියදම් කරලා හදපු මේ චිත්‍රපටය තුල තාක්ෂණික කටයුතු ඉහළ මට්ටමකින් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා.

එහෙනම්, ක්‍රියාදාම සමගින් කුතුහලය මුසු සිනමා නිර්මාණයක් රසවිඳීමට රුචි සියලු දෙනා අරගෙන බලන්න. වෙනදා කියනවා වගේ අදත් කියන්නම්, නිකමට ට්‍රේලර් එක බලලා ඉන්නකෝ. ගිහිල්ලා එන්නම්. ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

8,026 downloadsDownload Manhunt-2017.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Sisila-Prasad-Lab-Color-Profile.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,026 downloadsDownload Subtitles43 KB

59 comments

  1. Helili Hemamali

    උපසිරැසියට ස්තූතියි සිසිලයියා!

  2. Ranidu

    Hammo sisila saho oyage sub ekak nathuwa haryata awuruddak hitya wage....
    E tharamatama api oyagen filumak labena kan balagena inne....
    Baiscope Anniversary dwaseth mama nam oyage filumak labena kan balan hitye,ko habai dunne nahane....
    Awlak na,me filumath supiri athi aniwa...
    onna podi warnanawak kara kyala uda yno ehma newei sisila bro........

    1. සිසිල ප්‍රසාද්

      මේ දවස් වල තෝරලා, බේරලා සබ් අඩු ප්‍රමාණයක් තමයි කරන්නේ සහෝ. මොකද, සීයට තව සබ් තුනක අඩුවක් තියෙන්නේ. ඒ වගේම තමයි, සීයට බාරගෙන තියෙන ෆිල්ම් එකේ හොඳ පිටපතක් එන්න තව මාසයක් දෙකක් යාවි. ඒක නිසා මේ ටිකේ පොඩ්ඩක් හිමින් තමයි වැඩ :D

  3. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  4. hashanandhashan

    thank you bro what a spaerice
    you are the best

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  6. DhanushkaAASL

    THANKS SUBA TA

  7. ranga11112

    මහන්සිවෙලා උපසිරැසිය දුන්නට බොහෝම ස්තුතියි සහෝ

  8. Kapila4499

    thanks for sub bro....................

  9. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සිසිල සහෝ.
    වෙනදා වගේම සුපිරි ෆිලුමක් එක්ක සුපිරි ලිපියක්.
    ජයෙන් ජය.

  10. himath963

    The Thousand Faces of Dunjia. Bro me film ekatath sub dennko

    1. Chamod_Sasitha

      Ane ow bro
      Meekatath dennako

    2. kavinuweerakkody

      උපසිරැසිය ලබා දීලා තියන්නේ සහෝ..

  11. Prabodha Madhusankha Hettiarachchi

    Supiri film ekak brother. Godak sthuthi sub ekata...

  12. sanuth fernando

    thnx bro

  13. Jumanji

    Thanks saho.lipiyath maru

  14. Sajithlakshan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  15. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය වේවා

  16. AsithaDilruwan

    ahanna deyak na oya dunnoth
    ela ela thanks

  17. ranga1984

    patta mewa thama oni thanks...

  18. HARSHANA9211

    thanks...............

  19. ඉසුරු සම්පත් සිරිසේන

    උපසිරසියට ස්තුතියි සිසිල අයියේ..

  20. Hemantha De Silva

    ස්තුතියි සිසිල...

  21. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Udara Damith Dissanayaka

    උපසිරසියට ස්තුතියි ............
    ela

  23. subodha

    Thanks

  24. Chamidu praveen

    Mata download karanna denne nene .not found 403 :(
    සොයා ගත නොහැක kiyala vetenavaneee.

  25. Bobby

    Thank you very much Sisila

  26. D.Chamara

    niyamai sahoo niyamai ... bohoma sthuthi sub ekkata

  27. raviz

    Thank you very much.....!

  28. Ajith Priyantha

    sub ekata thanks wawa

  29. MudithaDissanayaka

    Thanks sisila sahaooo
    godakaleka ta pasea ayeth...
    digtama sub dumu aaaa.........

  30. gihan perera

    Thanks machan...hoda film ekak nathuwa hitiya...God bless you...

  31. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. indikarock

    Thanx macho sub ekata......

  33. Panther

    Thanz saho sub akta

  34. Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි...

  35. lydumindasanjeewa

    thanks syb 1ta

  36. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  37. TharakaWAS

    Thanks

  38. malith

    Ela ela

  39. Kavishna

    උපරැසියට ස්තූතියි

  40. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  41. Achala DB

    ela.......

  42. demon

    Thnkz bro

  43. Lahiru M Shan

    ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි...!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා...!!!

    ඔබට ජයෙන් ජය...!!!

  44. udara akalanka

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  45. nimesh_herath

    thanks sahoooo obata jaya

  46. jayantha1983

    thanks for sub

  47. Ilakmalperera

    Thanx

  48. snuwanthika

    Thanx macho sub ekata

  49. kodagoda

    tnx sahoo patta ekak wage

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.