අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Manichitrathazhu (1993) Sinhala Subtitles | විසිතුරු අගුල [සිංහල උපසිරැසි]

Rating: 8.7/10. From 7 votes.
Please wait...
Manichitrathazhu (1993) Sinhala SubtitlesManichitrathazhu (1993) Sinhala Subtitles

ලංකාවෙ සිනමා රසිකයින් අතර මලයාලි සිනමාවට තියෙන තැන එන්න එන්නම ඉහල යන කාලයක් මේ. දේශීයව භාවිතා වෙන භාශා ත්‍රිත්වය ඇරුණාම දැනට වැඩිම රසික පිරිසක් සිටින සිනමාව බවට මලයාලි පත් වෙන බව පෙනී යනවා. ඇත්තෙන්ම කේරළය කියන්නෙ ලංකාවම කියල හිතෙන තරම් පුදුම සමානත්වයක් තියෙන ප්‍රදේශයක් බව මලයාලි රසිකයො දන්නවා.පරිසරය, වටපිටාව, මිනිස්සු, භාෂාව, දිවි පැවැත්ම මෙකී නොකී හැම දෙයක්ම වාගේම මලයාලින්ගෙ සාක්ෂරතාව අතින්උනත් ඔවුන් වඩා සමාන වෙන්නෙ ලංකාවට.කේරළය හා සමාන අන් රටක් ඇත්නම් ඒ ලංකාව කියල පොඩිකාලෙ ඉගෙන ගත්තා කියල කේරළයෙ මගෙ මිත්‍රයෙක් කිව්වෙ ඇයි කියල දැන් තේරෙනවා. ඇත්තටම මලයාලි චිත්‍රපටයක් බලද්දි ඒක අපට හිතෙන්නෙම අපේ දෙයක් විදිහට.අපේ චිත්‍රපට කර් මාන්තය වැටිල තියෙන මොහොතක මේක අපිට විශාල අස්වැසිල්ලක්.

Manichitrathazhu (1993) Sinhala Subtitles

මලයාලම් සිනමාව නැත්තම් මොලිවුඩය දැන් දිගින් දිගටම ඉන්දියානු සිනමාව හොල්ලන කාලයක් මේක. මේ ටිකේ තිර ගත උන එහෙත් OTT release නොවුන ඒත් හිට් උන චිත්‍ර පට රැසක්ම එනතෙක් රසිකයො නොඉවසිල්ලෙන් බලා ඉද්දි බයිස්කෝප් අපි පහළොස්වන සංවත්සරය වෙනුවෙන් අළුත් වැඩකට අත ගැහුවා. ඒ මලයාලි සිනමාවේ මෙන්ම ඉන්දියානු සිනමාවේද සංධිස්ථාන බවට පත් වූ විශිෂ්ඨ චිත්‍රපට කිහිපයක උපසිරැසි රැගෙන එන්න. හොඳ සහ සුලභ පිටපත් සොයා ගැනීම තරමක් දුෂ්කර කාර්‍යයක් උනත් එහි මුල් උපසිරැසිය ලෙස අද දින මා ගෙන එන එන්නේ මනෝ විද්‍යාත්මක ත්‍රාසජනක (psychological horror) චිත්‍රපටයක් වන MANICHITRATHAZHU නැමැති IMDB 8.8 ක දෑවැන්ත ප්‍රසාදයක් දිනාගත් මලයාලි චිත්‍රපටයයි.

Manichitrathazhu (1993) Sinhala Subtitles

පරණ කාලෙ නිසා මුලින්ම අපි මදක් මලයාලි ඉතිහාසය දිහා බලමු. පළමු මලයාලම් චිත්‍රපටය J. C. Daniel විසින් අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලද නිහඬ චිත්‍රපටයක් වන Vigathakumaran . නිෂ්පාදනය 1928 දී ආරම්භ කර 1930 ඔක්තෝබර් 23 වන දින තිරුවානන්තපුරම්හි කැපිටල් රඟහලේදී තිර ගත කලා.මලයාලම් භාෂාවේ පළමු හඬ චිත්‍රපටය වන්නේ S. Nottani විසින් අධ්‍යක්ෂණය කරන ලද Balan1938. මලයාලම් චිත්‍රපට කර්මාන්තය මුලින් තිරුවානන්තපුරම් වල ආරම්භ උනත් පසුව සෙසු දකුණු ඉන්දීය ප්‍රාන්ත මෙන්ම මෙම කර්මාන්තය දකුණු ඉන්දීය සිනමාවේ අගනුවර වූ චෙන්නායි (මදුරාසි) වෙත මාරු උනා.

Manichitrathazhu (1993) Sinhala Subtitles

P. Bhaskaran, K. S. Sethumadhavan, Adoor Gopalakrishnan වැනි විශිෂ්ට සිනමාකරුවන් බිහි වූ 1960 සහ 1970 දශක මලයාලම් සිනමාවට ස්වර්ණමය යුගයක් උනා.1980 සහ 1990 ගණන් වලදී මලයාලම් සිනමාව සිනමාකරණයට නැවුම් සහ නව්‍ය ප්‍රවේශයක් ගෙන ආ නව සිනමාකරුවන් රැල්ලක් බිහි කලා පද්මරාජන්, භාරතන්, අයි.වී.සසි වැනි අධ්‍යක්ෂවරු තාත්වික, සමාජයට අදාළ සහ සෞන්දර්යාත්මක චිත්‍රපට නිර්මාණය කලා. Mammootty සහ Mohanlal වගේ තරු බිහි උනේ මේ කාලෙදි. කවදත් දකුණු ඉන්දියානු අනෙක් ප්‍රාන්තවල සිනමා ශෛලීන්ගෙන් විතැන් වෙලා තමන්ගේම මගක ගිය මලයාලි සිනමා කර්මාන්තය අසූ ගණන් වල අග භාගයේදී නැවතත් කොචි හා තිරුවානන්දපුරම් වල ස්ථාපිත උනා. ඒ අනුව ඊළඟ දශකය සිනමාවට විශිෂ්ඨ චිත්‍රපට රැසක් එක් කලා.

Manichitrathazhu (1993) Sinhala Subtitles

තවත් විස්තර ඉදිරියේදී රැගෙන එන්නම්. ඉතින් මේ චිත්‍රපටය එකල ඉන්දියානු සිනමාවේ සුලභ නොවූ අසාමාන්‍ය තේමාවක් ගෙන ආවා. මේක බොහෝ සිනමාහල්වල දින 300ක් සම්පූර්ණ කල අතර එකල වැඩිම ආදායම් උපැයූ චිත්‍රපටයද උනා. පසු කාලීනව මේක භාෂා හතරකින් ප්‍රතිනිර් මාණය කලා.- Apthamitra 2004 (කන්නඩ) Chandramukhi 2005 (දෙමළ) Rajmohol 2005(බෙංගාලි) සහ හින්දියෙන් Bhool Bhulaiya 2007 ලෙස ප්‍රතිනිර් මාණය උනා. සියල්ල වාණිජමය වශයෙන් සාර්ථක උනා.මෙය කොපමණ ජනප්‍රිය උනා දැයි කියනවානම් මෙහි ප්‍රධාන නිළිය ශෝබනා අධින ලද සාරි වර්ගයක් ‘නාගවල්ලි’ සාරි නමින් විශාල ජනප්‍රියත්වයට ලක් උනා. එය මේ 2023 දෙසැම්බරයේදීත් සිනමා හල් වලට මුදා හැරුනා කියන්නෙ මෙහි ජනාප්‍රිය තාව තේරුම් ගන්න පුළුවන්. එය ඉන්දියාවේ මෙතෙක් නිපදවූ හොඳම මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක චිත්‍රපටය ලෙස සලකනවා.

Manichitrathazhu (1993) Sinhala Subtitles

කතාව ගැන කියනවා නම් තම පාරම්පරික මන්දිරයක පදිංචියට යන අළුත බැඳපු ජෝඩුවක් මුහූණ දෙන සිදුවීම් මාලාවක් ගැන තමයි කියවෙන්නේ.නිවස තුල සිදුවන අසාමාන්‍ය සිදුවීම් සම්බන්ධයෙන් වැඩිහිටියන් පාරම්පරික විසඳුම් සොයද්දී නව පරපුර නවීන විද්‍යානුකූල විසඳුම් සොයා යනවා. අවසානයේදී මේ දෙක අපූරු ලෙස සම්මිශ්‍රණය වෙනවා.

Manichitrathazhu (1993) Sinhala Subtitles

ඔබ කවුරුත් ආදරය කරණ මෙගා තරු ඩබලක් වන මෝහන් ලාල් සුරේශ් ගෝපි සමග ශෝබනා සහ මෑතක මියගිය ඉනසන්ට් මෙහි ප්‍රධාන චරිත නිරූපනය කරනවා. අදටත් තරුණ මොහාන් ලාල්, ගෝපි වැන්නන්ගෙ භද්‍ර යෞවන කාලය මේ චිත්‍රපටයෙන් දැක ගන්න පුළුවන්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ ෆසිල්. ඒ වෙන කවුරුවත් නෙමෙයි ෆසිල් කිව්වම ඔබට මතක් වෙන සුපිරි මලයාලි නළු ෆහාද් ෆසිල්ගෙ පියා.ඉතින් මෙය නරඹන්න ආරාධනා කරනවා. මෙය ඔබට ය්ළත් නැවුම් චිත්‍රපටයක් සේම දැනේවි.

Manichitrathazhu (1993) Sinhala Subtitles

ඔබේ ප්‍රත්චාර සහ අදහස් යෝජනා අවශ්‍යයි. මේ වගේම තවත් නව උප සිරසියකින් හමු වෙමු. ජය වේවා!

Manichitrathazhu (1993) Sinhala Subtitles

https://m.imdb.com/title/tt22818604/

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය DVDRIP පිටපත සඳහා වලංගු වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Manichitrathazhu (1993) Sinhala Subtitles

5 thoughts on “Manichitrathazhu (1993) Sinhala Subtitles | විසිතුරු අගුල [සිංහල උපසිරැසි]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • me wage thawath hoda film walata sub denna bro welldone

    Reply
  • බොහොම ස්තූතියි සහෝ. මේකෙ රීමේක් ගොඩක් බලල තිබ්බට කවදාවත් ඔරිජිනල් එක බලන්න හම්බුනෙ නෑ. උපසිරැසියට ස්තූතියි.

    Reply
  • Supiri puluwannam jeethu Joseph ge first film eka detective (2007) malayalam film ekatath sub denna

    Reply
  • වටිනා විස්තර වලටත් උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝදරයා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *