Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E03] | වස්තුව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම ආවෙ ඔයාල එනකම් මග බලන් ඉන්න කතාවක් අරගෙනමයි. මීට පෙර ‍රැගෙන ආපු Monsters University 2013 | (රාක්ෂ විශ්වවිද්‍යාලය) [රොයිලි අයියා නම් කිවුවෙ මේ නම කොහෙදෝ මන්දා රටක ජනාධිපති කෙනෙක්ගෙ වාසගම දාලා හදපු එකක් වගේ දැක්කෙ කියලයි. හෙහ් හේ :p] ඉතින් ඒ සිනමා සිත්තමට අදහස් දකවපු හැම කෙනෙක්ටම බොහොම ස…

Marvel’s-Agents-of-S.H.I.E.L.D
ඔන්න අදත් මම ආවෙ ඔයාල එනකම් මග බලන් ඉන්න කතාවක් අරගෙනමයි. මීට පෙර ‍රැගෙන ආපු Monsters University 2013 | (රාක්ෂ විශ්වවිද්‍යාලය) [රොයිලි අයියා නම් කිවුවෙ මේ නම කොහෙදෝ මන්දා රටක ජනාධිපති කෙනෙක්ගෙ වාසගම දාලා හදපු එකක් වගේ දැක්කෙ කියලයි. හෙහ් හේ :p] ඉතින් ඒ සිනමා සිත්තමට අදහස් දකවපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. වෙන වෙනම හැම කෙනෙක්ටම පිලිතුරු දෙන්න බැරි උනත් මම ඒ හැම කමෙන්ට් එකක්ම කියවනවා. ඔයාලගෙන් ලැබෙන ඒ අදහස් වල සවි ශක්තියෙන් තමයි මේ විදියට ඔයාලට තවත් උපසිරසි අරන් එන්න ධෛර්යයක් ලැබෙන්නෙ. ගොඩක් දෙනෙක් ඒකෙ Blue-Ray පිටපත එනකම් ඉන්නවයි කියලා තිබ්බා. ඔයාලා දන්නවා ඒක පැමිනි විගසින්ම උපසිරස ඒකට හරියන විදියට යාවත්කාලීන කරනවා කියල. ඉතින් ඒකට කිසිදු සැක සාංකාවක් තියාගන්න එපා කෂ්ටියම.

එහෙමනම් අද යමක් විශේෂයෙන්ම කියන්නට ඕනා මේ ටෙලි කතාවට අන්තර්ජාතික සිනමාපට දර්ශකයේ (imdb) අගයක් ලැබිලා තියෙන්නෙ කතාංග තුනක් විකාශනය වීමෙන් අනතුරුවයි. හේතුවනම් මම දන්නෙ නෑ. ඉතින් කොහොම උනත් සම්පූර්ණ කතාමාලාවටම 7.5ක අගයක් ලැබිලා තියනවා. ඒ වගේම අද මේ ආපු කොටසට 8.7ක් වගේ ඉහල අගයක් ලැබිලා තියනවා. අද මාවල්ස් සමාගමට අවුරුදු වගේලු. එයාලගෙ පළවෙනි ටෙලි කතාමාලාවට මේ අගය ලැබුන එක ගැන. ඒත් ඉතින් මාවල් කියන්නෙ සිල්ලර බඩු කඩයක් එහෙම නෙවෙයිනෙ. එයාලා වැඩක් කලොත් අනිවා යම්කිසි ප්‍රමිතියක් තියාගෙනනෙ කරන්නෙ. (ඒ අදහස ඉස්සුවෙ සමීගෙන්) 😛

මම මුලින්ම කියන්නම්, අද හවස තමයි මේකෙ ඉංග්‍රීසි උපසිරසිය නිකුත් උනේ. ඉතින් ඒ නිසා පමා වීම ගැන සමාව. එහෙමනම් දෙවැන්න තමයි බලන හැමෝම කතාවේ අවසාන තප්පරේ වෙනක්ම්ම බලන්න. ඒ කියන්නෙ විනාඩි 43යි තත්පර 33 වෙනකම්ම බලන්න.

හරි එහෙමනම් කෂ්ටියම මතක ඇති නේද පහුගිය සතියේ වෙච්චි දේ ගැන. කොහොම උනත් පහුගිය සුමානෙ වෙච්ච දෙයින් අපිට තේරුම් යනවා අපේ ලොක්කා වෙච්ච පරීක්ෂක කොල්සන් සෙල්ලම් පහේ එක්කෙනෙක් නෙමෙයි වග. එයාට පේරු රටෙත් වැඩ වලට සම්බන්ධකම් තිබුනු විදියක් අපිට බලාගන්න පුළුවන් උනානේ. ඒ වගේම අපේ මාවල් වීරයා කැප්ටන් අමෙරිකාගෙ කාලෙට අයිති ආයුධයක් ගැන තමයි කතාව දිවගියේ. ඒක අරගෙන හරිම ගිනි-විජ්ජුම්බරයක් තමා උනේ. හනේ හපොයි මොනා කරන්නද ඉතින් ඔහොම තමයි විශ්වයේම ආරක්ෂාවට වගකිවයුත්තො උනාම. ඉතින් පහුගිය සුමානෙ වෙච්චි විශේෂ සිදුවීම් තමයි කැරලිකාර කන්ඩායමේ ස්කයි පරීක්ෂිකාවක් විදිහට බඳවාගත්තු එක.

අපේ කොල්ලා.. තනි ගේම්කාරයා පරීක්ෂක වෝර්ඩ් ස්කයි කෙල්ල ගැන පොඩි පහේ හිතක් පහල වේගෙන එන ආකාරයක් තමයි පෙනීගෙන යන්නෙ. ගොනා හැරෙන්නෙ පොල් පැලේ රහ බලන්ටලුනේ ඉතින්. ඔව්වා තේරෙනවා නැද්ද මම අහන්නෙ. ඒ විතරක් නෙමෙ අපේ ලොක්කා පරීක්ෂක කොල්සන් එහෙම, ඉගිලෙන නැවේ නියමු, පරීෂක මෙලින්ඩා මේ ගැනත් පොඩි පහේ ඇගෑලුම් කමක් තියෙන පාටයි, අර පේරු රටේ කෙනා හම්බුනාම වෙච්චි දේවල් වලට පස්සෙ වුන කතාබහෙන් එහෙම තේරුනේ පරීක්ෂක මේ කොල්සන්ට කැමති ආකාරක් තමයි. ඒ වගේම ස්කයි පරීක්ෂිකාවක් විදියට එක්කාසු උනා කියලා කාටදෝ මන්දා පනිවුඩයක් එහෙමත් තිවුවා නේද. අනේ මන්දා මේ කෙල්ලොනම් සත පහකට විස්වාස කරන්න හොදම නෑ. කොහොම වුනත් ඉතින් විකාශනය වෙච්ච පලමු කොටහට වඩා ගිය සුමානෙ කොටහෙනම් ටිකක් ක්‍රියාදාම වැඩි වෙලා තිබ්බ නේද. ඒ වගේම තමයි ඇවෙන්ජර්ස් එකේ උන්න තදයා “අධ්‍යක්ෂක ‍නික් ‍ෆියුරි” එහෙම උන්නා නේද අන්තිම හරියෙදි මාළු ටැංකියක් ගැන කසු කුසුවකට. වෙන වැඩ නැද්ද මන්දා නේ මම අහන්නෙ මේ මාළු ටැංකි ගැන කතා කරන්නෙ.

අපේ සමීර සහෝ කියන විදියටනම් මේ මාවල් සමාගමේ 2015 වසර වෙනකම් තියන සැලස්මේ කොටහක් තමයි මේ ටෙලි කතා මාලවත්. ඒ කියන්නෙ මේකෙ තියන දේවල් ඉදිරියෙදි එන්න තියන මාවල් වීරයන්ගේ සිනමාපට වලට හෝ ඇවෙන්ජර්ස් දෙවැන්න වගේ සිනමාපටවල එහෙම තියෙන්නෙ පුළුවන්.. ඒක අද කතාවෙන් හොදට තේරුම් ගන්න පුළුවන්. මම මගේ මතය විදියට මෙහෙම සදහන් කරන්නම්, “මේකෙ පිටපත ලියන්නෙත් ඇවෙන්ජර්ස් පිටපත් රචකයා වෙච්ච Joss Whedon කියන කෙනාමනෙ. එයා එයාගේ ඔලුවේ මොනාහරි දෙයක් තියාගෙන තමයි අපිට අද මේක දීලා තියෙන්නෙ. අනිවාර්යෙන්ම ඉස්සරහට අලුත් දෙයක් වෙන්න පුළුවන් කියන ඉඟිය අද එයා දීලා තියනව. ඒක අලුත් චිත්‍රපටයකින් එලියට එයිද එහෙම නැතිනම් මේ කතා මාලාවෙන්ම එලියට එයිද කියල කියන්න නම් දන්නේ නෑ. සමහර විට එයා අලුත් සිනමාපටයක අලුත් වීරයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් අලුත් දුෂ්ඨයෙක්, එහෙමත් නැතිනම්….? අනේ මන්දා. ඔයාලත් හිතන්නකො මොන වගේ අලුත් දෙයක් මාවල් කොමික්ලා අපිට දේවිද කියලා…

එහෙමනම් ලබන සුමානෙ ආයේ හමුවෙමු කියන්න විදියක් නම් නෑ මට. මොකද පෞද්ගලික කාරනාවකට නිවාඩුවක් ඕනා කරලා තියනවා. ඉතින් එහෙම උනත් අපේ වෙන සහෝ කෙනෙක් විශ්ව ආරක්ෂාවට කැපවී ඉන්නා පරීක්ෂකවරුන් සත්දෙනාගේ ඊලඟ වික්‍රමය ඔයාලට අරන් ඒවි.. එසේනම් ඒ සහෝට දෙයියෙන්ගෙම පිහිටයි කියමින් මම ගොහින් එන්නම් හොඳේ 😛

Agents of S.H.I.E.L.D. (2013) on IMDb

 

 

We do not provide any torrent links

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා ලබා දි ඇත

7,804 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S01E03.zip118 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

7,804 downloadsDownload Subtitles118 KB

64 comments

  1. #ChalinduDeshan (කිනා)

    1

    1. #ChalinduDeshan (කිනා)

      ඕං බලාංකො. එක කියල දැම්මට ආපහු මේකට රිප්ලයි කරන්නෙ නැතිව කමෙන්ට් එකක්ම දාල නොවෑ :D

  2. #ChalinduDeshan (කිනා)

    හෑ. අපිටත් නිවාඩු ගිහින් කැවුම් ඒම ගෙනෙං ඈ :D
    ජයවේවා!

    1. ශාන් විමුක්ති [ විමා]

      වරකො කැවුම් දෙන්නම් :P

  3. ranga

    patta

  4. isuru

    maha ratath susb ela

  5. shehan

    bohoma pin bro oyaata apita karana me seewayata

  6. quik

    thanks

  7. bandula

    ela dan bala heta ude balanwa thanks vima

  8. hh

    ela ela macho

  9. ශාන්

    ඔයාට බොහොම ස්තුති! සහෝ මේක නම් පට්ට කතාව
    අයේ කියලා වැඩක් නෑ.. සුපිරි!

    1. Mr.D

      සිරාවට..... සුපිරි කතාව බන්.

  10. yasas

    tx lot

  11. sahan

    thanks bro.....................

  12. sasika

    thanks sahota

  13. dev

    bohoma stuti saho... .

  14. shani

    thanks

  15. Ravi

    Thanks sub walata

  16. mihan

    ජය වේවා සහෝ
    උපසීරසට බොහොම ස්තුතියි.

  17. nalaka

    ගින්දර වීමා සබ් එකට රොම්බ තෑන්ක්ස් හොඳේ......

  18. tharanga

    බොහොම තුති

  19. Saman (Black Cobra)

    Dn batman wage ratath wadada?... ela ela. sub ekata thanx...

  20. හර්ෂ ලහිරු

    ජයවේවා විමා කොල්ලා

  21. Mr.D

    අද Post එක නම් ලස්සනට දලා අපෙ සහොදරයා..... :)
    උපසිරැසි වලට ස්තුතියි මචන්. ලස්ස්නට වඩේ කරනවා.
    නිවාඩුවට ගිහින් Epi 4 වලට ලැස්ති වෙලාම එන්න හොදේ......

  22. lakshitha

    mata meke 1weni episode link denawada ?

    1. ඇඩ්මින්

      ලිපියේ පහල තියන All Episodes කියන එක ක්ලික් කරන්න සහෝ.

    2. lakshitha

      Thanks..

  23. RAVI

    ela kiri .....thankzzzzzzzzzzzzzzzz
    :D

  24. Dhanushka

    thankssssssssssssssssssssssss

  25. iRsHAad මැකා

    පට්ට මචන්
    මරු කතාව...එලට තියෙනවා
    සබ නැතුව ඉතින් මේක තේරෙන එකකුත් නෑ...
    තැන්කු වේවා

  26. Sahan

    thankz a lot bro.. fattama fata fata.....

  27. නලින්

    නියමයි විමා. මොකෝ ලිස්සලා යන්න හදන්නේ නිවාඩු ගිහින් ඇවිත් මෙක කරපිය..

    ලිස්සලා යන්නේ නැතුව..

    එළ එළ ජය වේවා, ගිහින් වරෙන්.! :D

  28. ositha

    ela baluwa patta

  29. Nisal lakshan

    Niwadu aran thawa sub tikak danna ela

  30. “චූටී මල්ලි”

    පට්ටයි ඈ..............
    සබ ගත්තා එහෙනම්
    සබට තුති
    ඔබට ජය..........

  31. namika

    බොහොම ස්තූතියි විමා!
    කලින් කොටස් දෙක බලලා නොඉවසිල්ලෙන් හිටියේ...
    එළ වැඩක්!

  32. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මක්ක කොරන්නෙයි...
    ජුන්ජක් පරක්කු උනා කොමන්ටුවක් දාන්න.. දැන් නේ බොල ගෙදෙට්ට සේන්දු උනේ...
    ඉතින් මේකෙ ගිය සතියේ කතාව නම් මට ඒ හැටි ඇල්ලුවේ නැහැ...
    ඒත් මම අතාරියි මේක...
    ඔන්න බාන්න දාලා තමයි මේ කොමන්ටුව කොටන්නේ...
    අනේ බං නැද්ද ඔය බර වචන වලට සරල. අට පාස් උන්ට තේරුම් ගන්න පුළුවන් විදියේ වචන එහෙම..
    අනේ අපි ගැනත් පොඩ්ඩක් හිතහන් බං...

    1. ශාන් විමුක්ති [ විමා]

      ලබන සුමානෙ එහෙම හම්බෙයි හොදේ
      :P

  33. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. මොකද නිකන් කළකිරීමෙන් වගේ කතාකරන්නේ? මෙන්න බානවා. ජය෴෴ :P :P

  34. dilan

    thanks

  35. Ishara

    130 Mb copiye url eka disble karala

    1. ශාන් විමුක්ති [ විමා]

      නැ මචෝ වැඩ

  36. Anjana

    thanks

  37. udara

    thnx buddy

  38. mudiya / මුදියා

    නිවාඩු එහෙම අරගෙන ඇවිත් ආයෙත් ගේමට බැහැපංකො එහෙනම්.පට්ට කතාව හොඳේ.ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!

  39. Thisara NEO

    thAnks Saho.......නිවාඩුවට ගිහින් Epi 4 වලට ලැස්ති වෙලාම එන්න හොදේ……

    1. Thisara Neo (තිසර නියෝ)

      Atlantic Rim

    2. Thisara Neo (තිසර නියෝ)

      waraduna.

      || නියමයි ||

      | :P |

      :) උපසිරැසියට තුති……. :)

  40. msn_google

    පට්ට සහෝ.... මේකේ ඉතුරු ටිකත් ඉක්මනටම ඕනේ......

  41. herry

    ඔයාට බොහොම ස්තුති

  42. Anjana

    thanks..

  43. රූමා

    google short URL වැඩ කරන්නේ නෑ එකක්වත්. :(

  44. සංජය

    thanks vima...

  45. nirosha

    niyama T.V.S. eka.asawen balanne.awasan wenakan denna,subapathum

  46. me

    Thanks

  47. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  48. gihan

    ගොඩක් ස්තුතියි

  49. akalanka

    ඔන්න එහෙනම් 3 වෙනි එකත් බැවා..ගොඩක් ස්තුති බයිස්කොප් එකේ සියලුම දෙනාට...

  50. Rashi

    මම මේ බයිස්කෝප් එකෙන් බාන දෙවෙනි TV sub එක මං හිතන්නේ. Thanks.

Load more comments