වොහාන් චාමර සොයුරාගේ ලිපිය IMDB අගය 7.3/10 ලෙස සඳහන් වෙන මේ චිත්‍රපටයේ ප්‍රධානම චරිතය කියනවාට වඩා මම කැමතියි චරිත තුන කියලා කියන්න,මොකද, cover photo එකෙන්ම ඒක අපිට පේනවනේ, ඒ තමා ප්‍රධාන චරිත වලින් අපිව පිනවන, නිකලස් කේජ්. ඇලිසන් ලෝමන් සෑම් රොක්වෙල් 2003 සැප්තැම්බර් 12 release උන මේ චිත්‍රපටය,විනාඩි…

වොහාන් චාමර සොයුරාගේ ලිපිය
IMDB අගය 7.3/10 ලෙස සඳහන් වෙන මේ චිත්‍රපටයේ ප්‍රධානම චරිතය කියනවාට වඩා මම කැමතියි චරිත තුන කියලා කියන්න,මොකද, cover photo එකෙන්ම ඒක අපිට පේනවනේ, ඒ තමා ප්‍රධාන චරිත වලින් අපිව පිනවන,
නිකලස් කේජ්.
ඇලිසන් ලෝමන්
සෑම් රොක්වෙල්
2003 සැප්තැම්බර් 12 release උන මේ චිත්‍රපටය,විනාඩි 116ක් දිවෙන අතර, මේක නිර්මාණය කරන්න දළ වශයෙන් $62,000,000 වියදමක් දරන්න වෙලා තියෙනවා, වගේම පළමු සතියේ පමණක් $13,087,307 ක් උපයලත් තියෙනවා (මට ලැබුණු තොරතුරු අනුව). එතකොට ඉතිං හිතාගන්න පුළුවන්නේ ආදායම, ඒ මොන දේවල් තිබුණත් අපිට වැදගත් වෙන්නෙ කතාව රසවිඳින්න පුළුවන්ද කියන එකනෙ නේද
මේකෙන් ප්‍රකාශ වෙන්නේ ඇත්තටම අපිට උනත් වෙන්න පුළුවන් දෙයක් කිව්වොත් හරි. තෑග්ගක් දිනුවා කිව්වම කවුද සතුටු නොවෙන්නෙ නේද. ඒක තමා මේකෙ ඉන්න වංචාකාරෙයා ගොදුර අල්ල ගන්න පාවිච්චි කරන උපක්‍රමය, හොරවැඩටම උපන් හපනකම් ඇති ජාඩියට මූඩිය වගේ කදිම සගයො දෙන්නෙක් ඉන්න නිසා ගොදුරු අල්ලගන්නත් ලේසි වෙනවා. ඒකට හරියන…. එක්කො බලලම ඉන්නකො නැත්තම් ඔක්කොම ටික මම කිව්වම රසයක් නැති වෙනවා.
ඇත්තම කිව්වොත් පළවෙනි පාර ඔහේ බලාගෙන ගියාට සීන් එක තේරෙන එකක් නැතිවෙයි, මොකද සමහර කොටස් තේරෙන්නේ මුළු චිත්‍රපටියම බැලුවම තමා, නැත්තම් ඉතිං ආපහු බලන්න වෙනවා, ඒක නිර්මාණකරුවාගේ උපක්‍රමයක්ද දන්නෑ දෙපාරක් බලවන්න කරපු. ඔයාට හිතෙන්න පුළුවන් එකම film එක දෙපාරක් බලන්න පිස්සුද කියලා. එහෙම නෙමේ, බලලම ඉන්නකෝ ඔයාටත් ආයෙ පාරක් බලන්න ඕන කියලා හිතෙයි. මේක ටිකක් පරණ film එකක් උනාට මටත් මේක ළඟදි තමා බලන්න ලැබුණෙ. ආයෙමත් මාතෘකාවෙන් පිටයනවද මන්දා. චිත්‍රපටයේ විස්තරේ කිව්වොත් නම් ඉතිං බලලා රසවිඳින්න බැරි වෙනවනේ. ඒ නිසා මම වැඩි දෙයක් කියන්නෙ නෑ. මාතෘකාවෙන්ම තේරෙනවා ඇතිනේ මොන වගේ කතාවක්ද කියලා, වංචාකාරයෙක් සුන්දර වෙන්නෙ කොහොමද කියලා දැනගන්න නම් බලන්නම වෙනවා…
එහෙනම් රසවිඳලම ඉන්නකෝ…..!මට බැනලා හරි කමක් නෑ comment එකක් දාන්න පුළුවන්නම් වටිනවා. ස්තුතියි!
පෙර පළකරන ලද ලිපිය
මේ කියන්න යන්නෙ ඔයාල හැමෝම අනිවා නැරඹිය යුතු චිත්‍රපටයක් ගැනයි..IMDB රේටින්ග්ස් වල 7.4/10 ක් ලබාගෙන ඇති මේ චිතරපටයේ ප්‍රධාන චරිතය රගපාන්නෙ සුපිරි නළු නිකලස් කේජ් විසිනුයි..ඔහුගේ රංගනය වගේම ඔහු රගපාන චිත්‍රපට ලගාකරගන්නා සාර්ථකත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ..
මෙන්න මෙහෙමයි මේ සුපිරි චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නෙ..
රෝයි කියන්නෙ ඔහුගේ මිතුරෙකුත් සමග එකතුවී විශාල ලෙස වංචා සහගත මාර්ග වලින් මුදල් උපයන පුද්ගලයෙක්..මොහුගේ බුද්ධිමත් සැලසුම් නිසා සාමාන්ය පුද්ගලයන් බොහොමයක් මොහුගෙන් රැවටෙනව..මෙහෙම කාලය ගත වෙනකොට ඔහුගේ ජීවිතයට අමුත්තියක් එකතු වෙනව..ඈඅ කවුද කියල බලාගන්න ඕන නම් බාගන්නම වෙනව මේ චිත්‍රපටය..පසුව මේ අමුත්තියත් එකතු වෙනව ඔහුගේ වැඩ වලට..දෙන්නත් එක්ක සමාජය රවටන හැටි නම් ඇත්තටම බලන් ඉන්න ආසයි..
හැමදේම මෙහෙම හොදින් ඉන්න පුලුවන් වෙයිද මේ කට්ටියට?බලන්නකො රැවටිලි කාරයත් දවසක මට්ටු වෙන හැටි..කේජ් ගේ වෙනස්ම රංගනයක් දකින්නට ලැබෙන මේ චිත්‍රපටය සිනමා ලෝලීන් සියලුම දෙනා අනිවා නැරඹිය යුතු එකක් ලෙසයි මම නම් දකින්නෙ..
සුපිරි රැවටිලි කාරයාව බලන්න.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
3,299 downloadsDownload Matchstick-Men-2003.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/wohan-chamara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වොහාන් චාමර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වොහාන් චාමර
Subtitles
80 comments
maneesh
Neshadha
කේජ් ඉන්න ෆිල්ම් එකක් නම් අනිවාර්යයෙන්ම හොඳ ඇති. බාලම බලන්න ඕන.
dumasrc
nicolas cage ehenam nobala kohomada ela ela thamnks machan
සහන්
අහා මේකත් මම කැමතිම ජාතියේ එකක්..... අනිවා බානවා
(අලුත්ම ෆිල්ම් දෙකක් queue එකේ, ඉවර උන සැනින් මේක)kathu
අනිවා බෑවා එහෙනම්..!! ස්තුති වෙවා..
spnd
ela tnx
wappula
balamu balamu
අංජන
බාල ඉවරයිග බලලා කියන්නම් මොන වගේ ද කියලා.
නිලන්ත
මොනවද බොලේ පෝලිමේ තියෙන අළුත්ම දෙක?? අපටත් කියන්න ආසයි දැනගන්න.
රන්දික පෙරේරා
ආ මේක මම 3න් හතර පාරක්ම බලලා තියනවා, පට්ටම චිත්‍රපටියක්...
සෑහෙන්න හොදයි දැක්කම ආයිත් නොබා කොහොමද...
ආයිමත් බාලා බලනවා... ;)තෑන්ක්ස් කීවා ගෝලයාට ...!
ජය වේවා...!!!
අංජන
මේක පරන එකක්. බලලා තියෙනවා. ඒත් හොදයි. කවුරැවත් දන්නෙ නැද්ද ජැකී චෑන් ගේ අලුත් චිත්තර පටි බාන්න පුලුවන් තැනක්.
පොතේ ගුරා
oyalage asama film godata me film ekath ekathu wenawa sure ekatama,aniwa balanna..
අකිල
කෙජ් නම් දෙයියනේ නොබල කොහොමද... මොන එක්සැම් තිබ්බත් ඕක නම් බලන්න ඕනේ. Ghost Town ත් බෑවා තාම බලන්න බැරි උනා :(
සහන්
@නිලන්ත
1.burn after reading බාල ඉවරවෙලා බැලුවා අන්තිමයි, චොර
2.Sherlock Holmes (cam ඒ උනාට 1.33GB) තාම හොද කොපියක්නම් දැක්කෙ නැත.
දැං ඔන්න Matchstick Men බලන්නයි යන්නේරොයිලි
නියම ෆිල්ම් එක ගෝල සහෝ.
කතාවේ පණිවිඩය : කොට්ටෝරුවට කෙහෙල් ගහත් හම්බවෙනවා දවසක. :)
ගෝලයා
එළ එළ.. කට්ටිය මේකට කැමති වීම ගැන සන්තෝසයි.. ඔහොම යන් ඔහොම යන්.. ප්‍රතිචාර හැම එකකටම බොහෝම ස්තූතියි.. :D
Chamara
මේකට සිංහල subtitles නැද්ද?
kasun
Eala Eala Danma Bami...... Onna wadeta Thanks....... :D :D :D
danushan
small zise ෆිල්ම් දාන්න අදහසක් නැද්ද ? 300mb වගේ
Uraj Deemantha
මේ වගේ කතාවක් තිබුණ හින්දි ෆිල්ම් එකකුත් තිබ්බා මතකයි ........!! :)
anthr6x
ගින්දර... තැන්කූ කිව්ව
sham
ela ela bagaththa yantham
Manula Nayanatharu
Mamat onna banna damma....
AL1717
Ade thanks Machan Mewage Film Apita Denawata..
සමන්
බාමී..............
Hasee
Maxxa Film 1ka
shane
Macho meke sinhala subtitles thiyenawada?
aKILLER (Aki)
maxaaaaa film eka .. mama full holman ..thaxxxxxxxxxx again
gessy
elakiri machan..thanks
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)තිවංක මංගල
sinahla sub file eka download kara ganna link ekak nane kohenda download kara ganne
asitha
නිකලස් කේජ්
සෑම් රොක්වෙල්
patta elama saho thanksWohan Chamara
comment කරාට ස්තූතියි!
Palitha de Silva
thankyou verymuch..
Wohan Chamara
You're welcome!
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 - 2016 වසරවල දමිළ ඉංග්‍රීසි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Wohan Chamara
බොහොම ස්තූතියි ප්‍රතිචාරයට,
උපසිරසි ලබා නොදුන් ඉංග්‍රීසි චිත්‍රපට හැටියට අදහස් කරේ මොන චිත්‍රපටද කියලා කියන්න පුළුවන්ද,
Buddhika
Baiscopedownload site 1 film 1 hoyaganna nehe. Direct link ganna thanak puluwannam post karanna. Sinhala sub 1ta thanks.
Wohan Chamara
Torrent link එක තමා දාලා තියෙන්නෙ සහෝ. Direct link එක හොයලා දෙන්නත් පුළුවන් Fb message එකක් දාන්න.
මම wohan chamara
දමිත්
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
ජයෙන් ජය.Wohan Chamara
ඔබටත් ජය!, ඔයාලගෙ ප්‍රතිචාර මට ශක්තියක්. ඒක තමා සතුට සහෝදරයා.
comment කරාට ස්තූතියි!
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Wohan Chamara
ඔබටත් ජය!, ඔයාලගෙ ප්‍රතිචාර මට ශක්තියක්. ඒක තමා සතුට සහෝදරයා.
comment කරාට ස්තූතියි!
Dulanga
Thanks
Wohan Chamara
You're welcome!
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Wohan Chamara
රසවින්දා නම්, ඒක තමා සතුට සහෝදරයා.
comment කරාට ස්තූතියි!
ඔබටත් ජය!
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
******************බුදුසරණයි******************Wohan Chamara
රසවින්දා නම්, ඒක තමා සතුට සහෝදරයා.
comment කරාට ස්තූතියි!
තෙරුවන් සරණයි!
Kulanjana Maduranga
G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
Wohan Chamara
බොහොම ස්තූතියි සහෝදරයා... ඔයාලගේ අදහස් මට ශක්තියක්.
comment කරාට ස්තූතියි!
Bandara
Good choice bro......
Wohan Chamara
Thank you...
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Wohan Chamara
රසවින්දා නම්, ඒක තමා මගේ සතුට.
comment කරාට ස්තූතියි!
අප්පු
බොහොම ස්තුතියි.
මුදල් මතම ජීවත්වන සමාජයක කිසිම මුදලක් නොගෙන ඔබ සැම කරරන්නා වූ මේ සමාජ සද්කාර්ය අගය කල යුතුයි.Wohan Chamara
ඒ වචන ටිකම ලොකු දෙයක් සහෝදරයා. comment කරාට ස්තූතියි!
Mangala
Sura 2017
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Chamara
You're Welcome..!
comment කරාට ස්තූතියි රසිඳු, මට මේකෙන් ලැබෙන එකම දේ 'සතුට'
D.Chamara
aniwa balanna oni bohoma stuthi sahooo
Wohan Chamara
එල එල බලන්න සහෝ. බ්ලලා ඉවරවෙලා ගුණදොස් කියන්න්කෝ...
comment කරාට ස්තූතියි!
Supun dilshan
නියමයි wohan හොද වැඩක් ඔයාට ජය
Wohan Chamara
comment කරාට ගොඩාක් ස්තූතියි!
tharangani
thanx
Wohan Chamara
You're welcome!
kavinda
file eka missing wela. pls upload new one.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Wohan Chamara
අප්පා...... රොයිලි අයියා...
ඔයාගෙ sub කීයක්නම් මම පාවිච්චි කරලා ඇතිද ෆිල්ම් බලන්නම.
ඔයා වගේ ජේෂ්ඨයෙකුගේ ස්තූතියම ලොකු සතුටක්.
kavinda
ko ban sub file eka missing ne.....
Wohan Chamara
Download now කියලා තියෙන කොළ පාට බොත්තම ඔබන්න සහෝදරයා.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

baami..