අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Mean Girls (2024) Sinhala Subtitles | නපුරු කෙල්ලෝ නැවත ඇවිත් [සිංහල උපසිරසි]

Rating: 9.1/10. From 19 votes.
Please wait...
Mean Girls (2024) Sinhala Subtitles

ෆොහ් හොහ් හෝ මගෙ රත්තරන් යාලුවනේ…. ඔන්න මං ආවා මගේ 6 වැනි සිංහල උපසිරැසි පරිවර්තනයත් අරගෙන. මේ වතාවේ ඔයාලට අරගෙන ආවේ මේ අවුරුද්දේ උණු උණුවෙම ආපු අලුත් චිත්‍රපටයක්. මේක තමයි Mean Girls අලුත් චිත්‍රපටය. මේක ඇවිල්ලා Mean Girls 2004 චිත්‍රපටයේ Remake එකක්. මේක Musical Comedy film එකක්. මේකට පාදක කරගෙන තියෙන්නේ Mean Girls 2004 film එක සහා Mean Girls Broadway Musical එකයි. පරණ චිත්‍රපටය හදලා අවුරුදු 20 කට පස්සේ තමයි මේ Remake එක ආවේ. Mean Girls 2004 චිත්‍රපටයටත් මම මීට පෙර සිංහල උපසිරැසි කරලා තියනවා. බලපු නැති කට්ටිය ගිහින් ඒකත් අනිවා බලන්න කියලා ආරාධනා කරනවා.

ඉතින් මේ අලුත් චිත්‍රපටය ගැන කතා කරනවා නම්, මේක චිත්‍රපට ශාලා සඳහා නිකුත් කලේ 2024 ජනවාරි 8 වනදා Paramount pictures විසිනුයි. චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් නිකුත් කලේ 2024 පෙබරවාරි 20 දිනයි. ඉතින් ඔන්න මම උණු උණුවෙම සබ් එක අරන් ආවා.

ඇමරිකානු ඩොලර් මිලියන 36 ක වියදමකින් නිපදවන ලද මෙය දැනට ඇමරිකානු ඩොලර් මිලියන 102 ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගෙන තියනවා. Comedy, Musical යන ශානර වලට අයත් මෙය දැනට IMDB මීටරය 6.1 ක අගයකුත් කුණු තක්කලි මීටරේ දැනට 70% ක් හා 62% ක Audience score එකකුත් අරගන්න සමත් වෙලා තියනවා. මෙහි තිර රචනය කරලා තියෙන්නේ පරණ චිත්‍රපටයේ තිර රචක නෝනාම තමයි. නිෂ්පාදනයත් කලින් එකේ කෙනාම තමයි. නමුත් අධ්‍යක්ෂවරු නම් වෙනස්. මේකෙ තිර රචනය කරලා තියෙන්නේ “මිස් නෝබරි” යන චරිතයෙන් අපිට මෙහි හම්බෙන Tina Fey නෝනා. පරණ එකෙත් මිස් නෝබරි ලෙස රඟපාන්නෙත් මෙයාම තමයි. ඉතින් කලින් චිත්‍රපටයේ විදුහල්පති ලෙස ඉන්න “මිස්ටර් ඩුවාල්” (Tim Meadows) මේකෙදිත් හොද ආතල් එකක් දෙනවා. සෙසු ප්‍රධාන චරිත නම් පරණ එකේම අය නෙවෙයි ඉන්නේ. ඒත් ප්‍රසිද්ධ සුරූපී නිලියෝ සහ ගායිකාවෝ ටිකක් තමයි මේපාර මේකෙ රඟපාන්නේ.

ඉතින් ලස්සන කෙලි පැටික්කියෝ සෙට් එකක් ඉන්නවා මේකත් සුපුරුදු පරිදි ම. මේක Remake එකක් නිසා පරණ කතාවේ සුලු වෙනස් කම් ටිකක් ඇතුව තමයි අලුත් එක හදලා තියෙන්නෙ. අද කාලේ Teenage වයිබ් එකට සෙට් වෙන විදියට වෙනස්කම් ගොඩක් මේකට එකතු කරලා තියනවා. කැපී පේන ප්‍රධාන දේ තමයි කලින් එකේ නොතිබූ ලෙස සංගීතමය පැත්තට මේ චිත්‍රපටය බරයි. කොටින්ම කිව්වොත් මේක Musical film එකක්. මේක හදන්න පාදක කරගෙන තියෙන්නේ Mean Girls Broadway Musical එකයි. මේක ඇවිල්ලා සංගීතමය චිත්‍රපටයක්. ඒ නිසා මේක ලස්සන සිංදු සෙට් එකක් එහෙම තියනවා. තවත් විෂේශ දෙයක් තමයි Mean Girls 2004 චිත්‍රපටයේ කේඩි යන ප්‍රධාන චරිතය රඟපාපු සුරෑපී නිලි Lindsay lohan, මෙම අලුත් චිත්‍රපටයට cameo එකක් ලෙස එකතු වෙනවා. චිත්‍රපටයේ අවසාන හරියේ තියන ගණිත තරඟය මෙහෙයවන්නේ එයා තමයි.

ඉතින් කතාව ගැන කියනවානම් කෙල්ලන්ගේ තියන දුෂ්ටකම් ගැන තමයි කියවෙන්නෙ. කේඩි කියන්නේ කෙන්යාවේ ඉදලා අලුතෙන් මේ හයි ස්කූල් එකට එන ලස්සන කෙල්ලෙක්. ඉතින් මේ කෙල්ල කලින් ඉස්කෝලෙකට ගිහිනුත් නෑ. ගෙදර ඉදන් තමයි එයා ඉගෙනගෙන තියෙන්නෙ (Home schooling). ඉතින් අලුතෙන් High school එකට එන මේ කේඩිට මූණ දෙන්න වෙන ආතල් සිද්ධිය දාමයක් වටා තමයි මේ චිත්‍රපටය ගෙතෙන්නේ.

High school වල සිද්ද වෙන ආතල් රැසක් මේ චිත්‍රපටයෙන් පෙන්නනවා. මේක musical පැත්තට බර Remake එකක් නිසාදෝ මන්දා පරණ එකේ තරම්ම OG vibe එකක් නැද්දෝ කියලා මට පෞද්ගලිකව හිතෙනවා. ඒත් මේකෙත් හොද ආතල් ටිකක් තියනවා අද කාලෙට ගැලපෙන්න. මේක Teenage film එකක් නිසා කතා කරන වචන එහෙම ඔය පොඩ්ඩ පොඩ්ඩ දන්නැද්ද.. ඒ නිසා ගෙදර අය එක්ක පවුලේ සැම එකට සිට බලන්නෙ නැතුව හිටියොත් තමා හොද. කම්මැලි නැතුව ආතල් එකේ බලන්න පුළුවන් ලස්සන සලරුවක් මේක. පරණ Film දෙක බලපු අය දන්නවා ඇතිනේ මේ Mean Girls වල වයිබ් එක කොහොමද කියලා. ඔන්න ඉතින් අද කාලෙට ගැලපෙන්න පරණ වයිබ් එක අලුත් කරන්න මේක හදපු අය උත්සාහ කරලා තියනවා. ඉතින් හැමෝටම මේ ලස්සන සලරුව බලලා රසවිඳින්න කියලා ආරාධනා කරනවා. Mean Girls 2004 චිත්‍රපටයත් බලන්න කියලා ආරාධනා කරනවා. මොකද ඒක නම් පට්ට.

හරි එහෙනම්. සුපුරුදු පරිදි ලිපිය අන්තිම වෙනකල් කියෙව්වට බොහොම ස්තූතියි. Mean Girls (2004) චිත්‍රපටයටත් මම සබ් එක කරපු නිසා මේකටත් සබ් කරන්න මම භාරගත්තා. මගේ නිවාඩු දවස් ටික කැපකරගෙන සබ් එක කලා ඔන්න.

මං හැමදාමත් කියනවා වගේ “කැමැත්ත ඇත්තෝ නරඹත්වා.. ඒස්වා.. ක්‍රෑහ්.. තුහ්!!

තව දෙයක් කියන්න තියෙනවා. අපේ ඩවුන්ලෝඩ් සයිට් එකේ මේ දවස් වල අප්ඩේට් එකක් යනවා. ඒක අපි හදනකම් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් අපේ සබ් වලට ගැලපෙන වීඩියෝ කොපි අරගන්න. නොනවතින රසාස්වාදයක් සදහා දිගටම බයිස්කෝප් වෙබ් අඩවිය සමග රැදී සිටින්න. එහෙනම් හැමෝටම ජය වේවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEB පිටපත් සඳහා ආදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුදර්ශන (king suu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

Mean Girls (2024) Sinhala Subtitles

 

6 thoughts on “Mean Girls (2024) Sinhala Subtitles | නපුරු කෙල්ලෝ නැවත ඇවිත් [සිංහල උපසිරසි]

  • මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • Sub ekata thanks bro

    Reply
  • Mean girls 2 (2011) subtitles nane eke…poddak balannako

    Reply
  • OG Vibe Kiyala Kiyanne Mokadda. Eken Adahas Karanne Mokadda

    Reply
    • ඔරිජිනල් එකේ ගතිය / ෆීල් එක කියන එක සහෝ.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *