ඔන්න එහෙනම් නිකලස් ස්පාක්ස්ගේ ආදර නවකතාවක් ඇසුරින් නිපදවුණ The Last Song සිනමාපටයට උපසිරසි දුන්න දවසේ මම පොරොන්දු උණා එයාගේ නවකථා ඇසුරින් නිපදවුණ ඉතිරි සිනමාකෘති සදහාද උපසිරසි අරන් එනවා කියලා. ඔන්න එහෙනම් ඒ කිවුවා වගේම අරන් ආවා සැහෙන කාලයක් ගියා තමා. අවුලක් ගන්ට එපා කොහොමින් හරි ගෙනාවා ඔන්න. ඒ අතරව…

ඔන්න එහෙනම් නිකලස් ස්පාක්ස්ගේ ආදර නවකතාවක් ඇසුරින් නිපදවුණ The Last Song සිනමාපටයට උපසිරසි දුන්න දවසේ මම පොරොන්දු උණා එයාගේ නවකථා ඇසුරින් නිපදවුණ ඉතිරි සිනමාකෘති සදහාද උපසිරසි අරන් එනවා කියලා. ඔන්න එහෙනම් ඒ කිවුවා වගේම අරන් ආවා සැහෙන කාලයක් ගියා තමා. අවුලක් ගන්ට එපා කොහොමින් හරි ගෙනාවා ඔන්න. ඒ අතරවාරෙදි පෙම්වතුන්ගේ දිනයේදී The notebook සිනමාපටයත් අපේ සහෝ කෙනෙක් දුන්න නොවැ. ඒක මට දෙන්ට බැරිවගියා කියලා හිතට හීනියට දුකක් නොදැනුණා නෙමේ ඉතින්. මොකද මට ස්පාක්ස්ගේ ආසම කතාව උණේ ඒක නිසා වගේම ඒක එහෙම උණේ මට විතරක් නොවන නිසාත් 😉 කොහොමින් හරි කමක් නෑ ඔන්න ඒකත් ලැබුණ එකේ තව එකම එකයි ඉතුරුවෙලා තියෙන්නේ, එකත් මේක දුන්නා වගේ ඉක්මනටම දෙන්නම්කො 😀
එහෙමනම් කතාව දිහාවට හැරෙමුකො .ඉස්සර ලෝක යුද්ධ කාලේ එහෙම නැව් වල ගිය සෙබළු තමන්ගේ හිතේ තියන දේවල් කඩදාසියක සටහන් කරලා ඒක බෝතලේකට දාලා මුහුදට විසි කළාලු. තව මහා මුහුදේ අතරමන් වෙච්ච නාවිකයෝ එයාලා ඉන්න තැන ගැන සදහනක් දාලා ඒක බෝතලේක දාලා මුහුදේ පාකරලා එවුවලු ඒක හම්බවුණ කෙනෙක් එයාව බේරගන්න ඒවි කියලා. ඉතින් ගැරට් කියන්නෙත් ආදර සයුරේ ඒ විදියට අතරමන් වෙචච කෙනෙක්. සමහරු තව කෙනෙක් එක්ක ඉන්නකොට ඒ කෙනාට තමන් අතින් වෙච්ච වැරදි තේරුම් යන්න නම් ඒ කෙනාව අහිමිවෙන්නම ඕනා. ඒ කෙනා අහිමි උණාම තේරෙනවා ඒ කෙනාගෙ වටිනාකම. ඒ විදියට තමන් ඇතින් උණ වරද හරිගස්සගන්න අවස්ථාවක් ලැබුණොත් ඒක තරම් වටිනා දෙයක් තවත් නෑනෙ .ඉතින් ආදරණිය කැතරින් හට මේ විදියට එයාගේ හිතට එන ඒවා ලියලා ඒ ලියුම් ලියලා බෝතලයක දාලා මුහුදේ පාකරලා එවනවා ඒත් අවාසනාවට ගැරට්ගේ ආදරයවූ කැතරින් මියගිහින්. වැඩි විස්තර කියන්න දෙයක් නැහැ අදත් රොයිලි කොලුවාගේ ලිපිය තියේ ඔහොමම කියවන්ටකෝ පහළින්. මම ගොහින් එන්නම් හැමෝටම ජයෙන් ජය!
මීට කලින් පළ කළ ලිපිය.
A Walk to Remember චිත්‍රපටය මතකද? පොතේගුරා ඒ ගැන ලිපිය ලියනකොට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
“මේක ආදර කතාවක්,නිකම්ම එකක් නෙවෙයි,හරිම ලස්සන එකක්..ඒ ඇයි කියල ඔයල මෙක බැලුවම තේරෙයි..ඒ වගෙම මම දැකල තියෙනව ගොඩක් අයගෙ ආසම ෆිල්ම් එක තමයි මේක..අනිවාර්යයෙන් ඇසට කදුලක් නංවන කතාවක්.” ඔය ගොල්ලෝ ඒක බැලුව නම් ඒ කතාව විස්තර කරන්න වචන නැති තරම් සංවේදී, හරිම ලස්සන කතාවක් බව මතක ඇතිනේ.
ඒ චිත්‍රපටයට පාදක වුණු නවකතාව ලියපු Nicholas Sparks ගේ තවත් ලස්සන නවකතාවක් චිත්‍රපටයකට නැගිලා තියෙන බව මට මුලින්ම කිව්වේ මගේම නංගි. ඉතින් එයාට ඒකට ස්තූති කරන පරක්කුවට මම ටොරන්ට් එක හොයාගෙන බාන්න දැම්මා. බාලා බලපුවම මේකත් හරිම අපූරුවට ගොඩ නැගුණු සංවේදී කතාවක් බව තේරුණා. ඉතින් තවත් පරක්කු නොකර මම මේ කතාව ඔයගොල්ලො එක්ක බෙදාගන්න තීරණය කළා.
ඔස්කාර් සම්මාන ලාභී නළුවන් වෙන Kevin Costner, Paul Newman සහ Robin Wright Penn ප්‍රධාන චරිත රඟපාන මේ චිත්‍රපටයේ කතාව කෙටියෙන්ම කියනවනම් Theresa Osborne (Robin Wright Penn) චිකාගෝ පුවත්පතක සේවය කරන තම සැමියාගෙන් වෙන්වී එකම පුතා සමඟ ජීවත් වන තැනැත්තියක්. තම දික්කසාද සැමියා සමග පුතා ගත කළ යුතු නිවාඩුවට ඔහුව ඇරලවා පසුදින ව්‍යායාම් සඳහා මුහුදු වෙරළට යන ඇයට වෙරළේ තිබී පණිවුඩයක් දමා තිබෙන බෝතලයක් හම්බවෙනවා. එහි තිබෙන පණිවුඩය කියවන ඇය තම රැකියාවට පැමිණි පසු ඒවැනි තව පණිවුඩ ලැබී තිබෙන අය සිටීදැයි සොයා බලන විට ඇයට තවත් එවැනි ලිපි 2ක් හමුවෙනවා. ඒවා කියවන ඇයගේ හිත කීරී ගැහෙනවා. ඉන්පසු මේ ලිපි ලියන්නාව සොයා යෑමේ කතාව තමයි මේ චිත්‍රපටයේ තේමාව වෙන්නේ.
හැබැයි ක්‍රියාදාම චිත්‍රපට බලන්න ආස අයනම් මේක බලන්න ආසවෙන එකක් නැහැ. හැබැයි පොතේගුරා A Walk to Remember චිත්‍රපටයට ලියපු දේ මමත් කියන්නම්. මම කියන නිසාවත් බලන්න
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
43E161A33E0636B712B734A5A166E254A8DFC297 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,538 downloadsDownload Message.In_.A.Bottle.1999.baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
72 comments
මලිත්
Chameera
Onna oya kiyana niza mamatha baawaaa
maneesh
love story ekak ne......baawa...
චමි.දේ.වා.
කැමතිම වර්ගයේ ෆිල්ම් එකක්නෙ.....
තෑන්ක්ස් රොයිලි මචෝ.....Uraj Deemantha
මේ බානවෝ.........!! :)
DUMINDU
I'll TRY.THANKS...but.....
හසී
අනිවා.....බානවා....බයිස්කෝප් නේ....
:Dgamer
ane manda itin kamak ne balamaa balamuko..
kathu
අනිවා බෑවා.. මමනම් අාසයි love stories වලට... ස්තුතියි රොයිලි අයියා..
DragonD
බලන්න ඕනි ...
තැන්කූ වේවා රොයිලි සහෝ !!!
kolla
bohoma thanks roylii aiyaa :D :D :D
නුමේෂ් ඩිලූෂ
oya kianawa nam noba kohomada aththamai kiana nisai banne... :P :D :)
anthr6x
අනේ මන්දා.. බාමුකො බලන්න
රොයිලි
@ මලිත්,
:D@ Chameera,
:D@ maneesh,
:) එලකිරි මචෝ.@ චමි.දේ.වා.,
ස්තූතියි මචෝ කමෙන්ට් එකට.Uraj Deemantha,
එල එල උඹ නැතැත් අරයා හරි බලයිනේ නේද? :Pරොයිලි
@ DUMINDU,
හ්ම්ම්ම්ම්....@ හසී,
අනිවා අනිවා.... :)@ gamer,
හ්ම්ම්ම් බලලත් කමෙන්ට් එකක් දාන්නකෝ.@ kathu,
එහෙනම් මේක ඔබ වෙනුවෙන්මයි. :P@ DragonD,
ආ සහෝ කොහොමද? 10,000 පැන්නට පාටියක් එහෙම දෙනවා කියලා ආරංචියි. :Pරොයිලි
@ kolla,
ස්තූතියි කමෙන්ට් එකට මචං.@ නුමේෂ් ඩිලූෂ,
අනිවා අනිවා ස්තූතියි සහෝ කමෙන්ට් එකට.@ anthr6x,
අෆොයි කටක් ඇරලා කියනවනේ අනේ මන්දා කියලා :Pතරිඳු
මම මේක බලල තියෙනවා. හරිම සංවේදී කතාවක්. අනිවා බලන්න
dil
onna mama demma banna
dil
ayyo torrent ekata yanna beheneeeee
saman kalubovila
Gurageee nangi kiwwanam aniwaa balanna onee....nedda gurooooo..????? nangita thankzzz kal kiyanna mathaka ethuwa...ok....
රවා
වැඩක් නැහැ මෙ ෆිල්ම් එක ගැන කතා කරලා. පුදුමාකාර කතාවක්. මම ගොඩක් ආසා ෆිල්ම එකක්. මම ගාව මෙක තියනවා. හැම කෙනෙකුටම බලන්න කියලා කියනවා . මාරම කතාවක්. කෙවින් කොස්ට්නර්, ඩෙන්සිල් වොෂින්ටංන්, ටොම් හැන්ක්, මෙ කට්ටිය තමයි මම ගොඩක් වෙලාවට බලන ෆිල්ම්වල ඉන්නෙ.....මගෙ වාසනාවට.
රොයිලි
@ dil,
ලින්ක් එක නම් වැඩ සහෝ ආයේ පාරක් බලන්න. :)@ saman kalubovila,
ගුරාගේ නංගි??? අනේ මම නම් එහෙම කිව්වේ නැතෝ. :)@ රවා,
ස්තූතියි මචෝ ප්‍රතිචාරයට. බලපු ලස්සන ෆිල්ම් ටිකක් ගැන අනික් අයටත් කියන්න මේකට ලියලා එවන්න. :)ඉද්දා
මේකත් ගොඩා...........ක් දුක හිතෙන කථාවක් ද??
මට ආයෙත් නම් අඬන්න නම් බෑ ඕං..පිස්සා
ලස්සනයි වගේ..
Kasun
මෙවැනි සංවේදී හා අර්ථවත් විත්‍රපටි තුලින් ඉදිරියේදී මෙම බ්ලොග් සටහන ඉදිරියේදී දැවැන්ත පියවරක් තබනු ඇතැයි මම අපේක්ෂා කරමි.
රොයිලි
@ ඉද්දා,
හ්ම්ම්ම් ගොඩක්ම කිව්වට ගොඩක් ම නෙවෙයි. බාලම බලහන් මචෝ. හිත හිත ඉන්නෙ මොකටද :)@ පිස්සා,
:)@ Kasun,
ස්තූතියි ප්‍රතිචාරයට මචෝ. :)KHz
ලස්සන චිත්‍රපටියක් :) ස්තූතියි
ෆා ද බ්ලොගී
Please give some more movies like this!!! It's perfect, just like A Walk to remember.
AL1717
Onna Etini Mama Mekath Banna Demma...
Late Wela Hari Dekka Eka Loku Deyak..Thanks Machan
gessy
ela ela
Ramraj
මේක ටී.වී. එකේ ගියා වගේ මතකයි.
c
Puluwannam Sinhala Sub danna machan.. niyamai Thanksss
Akalanka Yapa
අද බාන්න දැම්මා
හෙට බලනවාAmali
පුදුම වටින වෙබ් සයිට් එකක් මේක.. ස්තූති යි ඇත්තට ම මේ දේවල් බෙදාගන්නවට..
Anuradha
Please subtitle file eka wenama dannakooo...
prasanna
Roilyge wedak nam ithin balannama wenawa.
Sanath Indika
thx saahoo
iresh udena
meke sinhala nedda?
හර්ෂ ලහිරු
අනිත් එකත් මේ දුන්න ඉක්මනටම දුන්නට කමක් නෑ බං :P
මේවගේ ඒවා නිව්හැනහිල්ලේ තමයි බලන්න ඕනේ :P
බොහොම ස්තුතියි විමා :D :D ජයTharindu Perera
onna machann lipiyavath baluvee naaa....
danma banna damma....
Nicholas Sparks gee nama dakka gaman banna damma.....
matanam meyagee supirima film eka safe haven thama...
danma bava danma baluvaa bnn mekaaa..
thanks machann sub ekatahhhh..
thava suppa love storyak thiyenavaa The Vow kiyala...
ekath suppa machannn...
adenavaa.....
ekatath sub diyankoooTharindu Perera
(Nights in Rodanthe)
meketh sub naha bnnn....
mekath Nicholas Sparks gee pothkain hadhuva kathavak thamaa.....
okatath diyan puluvannam....
Kulanjana Maduranga
meka nm ithin aniwa bamak thama.ROYLI saho wgema suba dunna VIMA sahotath thanks.keep it up. jaya wewa............
Naween
තෑන්ක්ස් සහෝ උපසිරැසියට..!!!
jack
නියම කතාවක්නේ.
ස්තුතියි සහෝ.sandu
The Physician 2013 sub plz...
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)sujith lasantha
thanks. man me film eka download kare maasa 2kata wetara kalin. eth baluwe na sub nati henda
රොයිලි
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. මම එක කාලෙක ලිපිය ලිව්වා. ඔයා ඒ කාලයේ මම ගිය අඩිපාරේ ගමන් කරමින් ඉන්න කාලෙක උපසිරැසිය දාලා. අනේ මන්දා ඉතින් වෙන මොනා කියන්නද කියලා. ඕවා හරියයි බං. ජය෴෴ :P :P
Saman Prasad ( Black Panther )
thanks macho......................
namika
බොහොම ස්තුතියි විමා! කියන්න වචන නෑ. මම මේක දෙනකන් ගොඩාක් කල් බලන් හිටියා!
ඔයා ස්පාර්ක්ස් ගේ කතා සලරූ ටික දෙනවා කිවුව දවසේ ඉඳන්ම කෙල හලාගෙන හිටියේ!
ප්‍රමාද වෙලා දුන්නත් බොහොම ස්තුතියි මචං! රොයිලි අයියාගේ ලිපිය කියවපු කාලේ තමා ආසා හිතුනේ, ඒත් සබ නැති නිසා බැලුවේ නෑ. දැන් ඒකත් හරි නොවැ. බොහොම ස්තුතියි විමා සිංහල උපසිරසට. තව තව මේ වගේ සලරූ ගෙනෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
ජය වේවා!Siraj (සිරාජ් ප්‍රියන්‍ත )
සුපිරියි විමා අයියේ........
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න හැකියාව ලැබේවා.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

රොයිලි කියනව නම් ඉතින් බාන්නම ඔනෙන.