Watch Trailer

The Notebook (2004) | මැරෙන තුරාවටම ආදරෙන් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ඉතාමත් ප්‍රේමනීය නවකතාවක්.මේ නවකතාව Nicholas Sparks විසින් රචනා කරපු එකක්.ඒ වගේම මෙයාගේ නවකතා වලින් තැනුනූ අනිකුත් චිත්‍රපටවන A walk to Remember, Message in a bottle, Dear john, Nights In Rodanthe යන නිර්මාණ ඉතාමත් ජනප්‍රිය ඒවා.ඉතින් මම අනිවාර්යෙන…

note book

මුලින්ම කියන්න ඕනේ මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ඉතාමත් ප්‍රේමනීය නවකතාවක්.මේ නවකතාව Nicholas Sparks විසින් රචනා කරපු එකක්.ඒ වගේම මෙයාගේ නවකතා වලින් තැනුනූ අනිකුත් චිත්‍රපටවන A walk to Remember, Message in a bottle, Dear john, Nights In Rodanthe යන නිර්මාණ ඉතාමත් ජනප්‍රිය ඒවා.ඉතින් මම අනිවාර්යෙන්ම විශ්වාස කරනවා ඒ චිත්‍රපට බලපු කෙනෙක්නම් දැන් මේක බලනවමයි කියලා.ඒවගේම කියන්න ඕනෙ මට මේ නිර්මාණය ගැන දැනගන්න ලැබුනේ ලෝකයේ හොඳම ප්‍රේමනීය චිත්‍රපට 10 ගැන හොයද්දි.   කතාව ගැන ටිකක් කිව්වොත් මේක මුලින්ම පටන් ගන්නේ මහළු නිවාසයක ඉන්න ඩූක් කියල කෙනෙක් මහළු කාන්තාවකට පොතකින් කතවක් කියන සිද්දියක් හරහා. ඉතින් මේ කතාව වෙන්නේ ඇමරිකාවෙ ගමක ගිම්හානයේ. ඒ ගමේ ඉන්නව කොල්ලෙක් නෝආ කියල. නගරයෙන් ධනවත් පවුලක් මේ ගමට එයාලගේ ගිම්හානය ගත කරන්න එනවා ඒ අතර ඉන්නව ඇලී කියල ලස්සන කෙල්ලෙක්…මේ දෙන්නගේ ප්‍රේම කතාව හරහා තමා මේ කතාව ගලාගෙන යන්නේ. කොහොම වුනත් ඒක ඒ දෙන්නටම ඒ තරම් ලේසි වෙන දෙයක් නෙවෙයි. නෝආට කෙල්ලගේ අම්මා කැමති වෙන්නෑ.කෙල්ල ඉතින් ආයෙම මේ හැමදේම දාල ගමෙන් යනවා.ඉතින් මේ දෙන්නගේ ගිම්හාන ප්‍රේමවෘතාන්තය මේ දෙන්නටම නැති වෙනවා.නෝආ හමුධාවට යන්න තීරණය කරනවා එයාගේ හොඳම යාළුවා එක්ක….මෙතන ඉදන් වෙන දේවල් ඔයලට දැනගන්නනම් ඉතින් ඔයාලට මේ නිර්මාණය බලන්නම වෙනවා. ඇත්තටම මැරෙනකල්ම ආදරෙයි කියන දේ ඔයාලට මේක බලද්දි තේරෙයි. ආ තව එකක් දැන් කට්ටිය ෆිල්ම් බලන්නේ IMDb අගයත් එහෙම බලල නිසා අනිවායෙන්ම ඒකත් සදහන් කරන්න ඕනෙනෙ…මේ නිර්මාණය 8/10 IMDb අගයක් ලබාගෙන තියෙනවා.ඒ වගේම මේ මම උපසිරස හදපු පළවෙනි එක නිසා බලාපොරොත්තු වෙනවා මේකෙ තියෙන හොඳ නරක Comment කරයි කියලා.සියලු දෙනාටම ජය වේවා!!

මීට කලින් පල කල ලිපිය

මම මේක ගැන සරලවම මෙහෙම කියන්නම්. Nicholas Sparks ගේ නවකතා අනුව තනපු චිත්‍රපට වලින් A walk to Remember චිත්‍රපටයට පස්සෙ මට වඩාත්ම සිතට දැනුනේ මේ චිත්‍රපටය කිව්වොත් සමහර විට ඒක මගෙ දුර්වලකමක් කියලා ඔයාලා හිතෙයි. එහෙනම් IMDB ශ්‍රේණිගත කිරීම් වල 8.0/10 ක් ( ඡන්ද 93,978 ක් ලබා) ලබාගෙන තියෙනවා කියලා මම කිව්වොත්. මම විතරක් නෙවෙයි තවත් බොහොම දෙනෙක් මේ චිත්‍රපටයට කැමැත්තක් දක්වනවා කියන එක බොහොම පැහැදිලි කරුණක් වගේම ඇත්තෙන්ම පුදුම වෙන්න කාරණයකුත් නෙවෙයි.

මේ චිත්‍රපටයේ කතාව පටන් ගන්නේ මහළු නිවාසයක වෙසෙන මහලු මිනිසෙක්, සියළු දේ අමතකවන රෝගයකින් පෙලෙන රෝගී කතකට කතා පොතක් කියවීමකින්. ඒ කතාව පටන් ගන්නේ 1940 අවුරුද්දේ කානිවල් එකකදි මුණ ගැසෙන පෙම්වතුන් යුවලකගේ කතාවකින්. ධනවත් ගැහැණු ළමයෙක් (Rachel McAdams) හා පෙම් පලහිලව්වක පැටලෙන ගම්බද වත්කමින් අඩු තරුණයෙක් (Ryan Gosling) වන ඔවුන් දෙදෙනාට තරුණියගේ මවගෙන් කැමැත්තක් නොලැබෙන නිසා ඔවුන් හට වෙන්වීමට සිදුවෙනවා. එහෙත් සැබෑ ආදරය මියයන්නෙ නෑ කියනවනේ. ඉතින් ඔවුන් දෙදෙනාගේ නොමියෙන ආදරය ගැන තමයි මේ පොතෙන් කතාවෙන්නෙ. ඒ වගේම පුදුම හිතෙන අවසානයක් ඔබට ලැබෙන බවනම් මම කියන්න ඕනා.

බොහෝ දෙනා මේ කතාව බලලා ඇති. මොකද මේක ටිකක් පරණ චිත්‍රපටයක් නිසා. ඒත් Nicholas Sparks නවකතා අනුව තැනූ එක් චිත්‍රපටයක් හෝ බලලා තියෙන කෙනෙක් අනිවාර්යයෙන්ම මේ චිත්‍රපටය තමුන්ගේ චිත්‍රපට එකතුවට එකතු කර ගන්න දෙවරක් හිතන්නේ නෑ. ඉතින් හැමෝටම බාගෙන බලන්න කියලා ආරාධනය කරන ගමන් ඔහුගේ නවකතා අනුව තැනූ A walk to Remember, Message in a bottle, Dear john, Nights In Rodanthe කියන චිත්‍රපටත් බලන්න කියලා මම යෝජනා කරනවා. තව ටිකෙන් අමතක වෙනවනෙ.මේක ගැන බොහොමත්ම කෙටි ලිපියක් එවලා තිබ්බා කාලෙකට කලින් Saweera Gamage සහෝදරයා. එයාටත් ස්තූති වන්ත වෙන ගමන්ම ලිපියක් ලියද්දි අවශ්‍ය පමනට ලියලා එව්වොත් බොහොම ලොකු උදව්වක් කියලත් හැමෝටම මතක් කරන්න කැමතියි.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය  රොයිලි ප්‍රනාන්දු  සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

The Notebook (2004) on IMDb

 

 

450 MB කොපිය මෙතනින් බාගන්න

83911e4bf06887788a80f2293d04ddb81f0ba80e

1018 MB කොපිය මෙතනින් බාගන්න

c5452a05c2237a3fa14cca48e33940c9c4459454

1.46 GB කොපිය මෙතනින් බාගන්න

EA2D6D67F2F666AA81A2928D37001F36FA15C8EC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,927 downloadsDownload The-Notebook-2004.zip161 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/දසුන්-මධුසංක.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසුන් මධුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දසුන් මධුසංක

Subtitles

6,927 downloadsDownload Subtitles161 KB

108 comments

  1. chamila

    රොයිලියාට මොනවද මේ වෙලා තියෙන්නේ ... :(

  2. රොයිලි

    @chamila,
    මේ මාව අල්ල ගන්න එපා ඕවට :P බුවාගේ නවකතා අනුව හදපු ෆිල්ම් සෙට් එකම දෙන්න හිතුනා. ඒකයි දැම්මෙ. මේකනම් පට්ටම කතාවක් මචෝ :)

    1. වාසල

      ආ මේ තියෙන්නේ අර මම කිව්ව සුපිරිම චිත්‍රපටිය...
      මේක නොබලා ඉන්න නම් එපා කට්ටිය. අනිවා බලන්න...

  3. Nirmal

    Huraaaayy mama ada 2nd place
    mama mee biascope eka gena ahala tiyenawa....
    mekanam A walk to remember,Titanic arunama danata loke tiyena hondama romantic movie ekak
    thanx Royli bro for sharing such a beautiful movie with us.......

  4. OCee

    ලස්සන ආදර කතාවක් බාන්න දාන්න ඕන........

    1. shelani

      ane i dont know how to download these films
      could you tell me?

  5. උදාන

    රොයිලියට බූට් එකක්!!!!!

  6. හෙළයා

    ආදරය කියන්නේ එක විදිහක සටනක්...

    පට්ට බයිස්කොප් එකක් මේක,
    අනිවාර්යයෙන්ම බලන්න....

  7. නිෂූ

    බොක්කටම දැනෙන්න සබ් ඒකක්කම දුන්නනම් මරැනේ
    මම හැමදාම සබ් ඉල්ලනවා ඔයත් ‍ඊළග එකට දෙන්නම් කියනවා.

    මම මේ සෙට් එකට ආසයි
    Message in a bottle, Dear john, බැලුවා හරිම ලස්සනයි, හැබැයි රොයිලි මම ඔයාත් එක්ක තරහයි

  8. Ramraj

    මම මේක බලලා තියෙනවා. නියම කතාව. පුලුවන්නම් හැමෝම බලන්න. මම බලපු ලස්සනම කතාවලින් එකක් මේක.

  9. V

    Onna download wenna danma.

    meke hindi copy akakuth thibba Ajaya dewagunui karjalui inna mekema copy yada danne ne habai me wage story aka.

    Thanks

  10. ashan kandy

    මාත් ඇත්තම කතාවක් කියන්නම්. ජිවිතය, අදරය, විවාහය නිසා ගොඩක් පසුතැවිමෙන් ඉන්නේ. ජිවිතේ ගොඩක් දේවල් නිසා කල කිරිල. මෙ දවස් වල වැඩිය මෙපැත්තේ ආවෙත් නැත්තේ එ නිසා. ගොඩක් දේවල් වෙනස් වෙවි. බයිස්කෝප් සිංහලෙන් හැමොටම ජය වෙවා !

  11. ~RaසිකYa~

    නියමයි රොයිලි සහෝ ඔන්න අකමැත්තෙන් හරි කලින් ෆිල්ම් එක බෑවා බොක්කටම වැදුන හින්දා ඔන්න මේකත් බානවා...ආදර කතා වැඩිද මන්දා මොනව උනත් සබ් තිබුනනම් කියල වැඩක් නැ...ජයවේවා..!

  12. Anonymous

    maxxa film ekk. thanks

  13. ෆා ද බ්ලොගී

    මං ඒකත් කල්පනා කරා බයිස්කෝප් ටීම් එකට මේ ෆිල්ම් එක අමතක උනේ ඇයිද කියලා..ඔය දාලා තියෙන්නේ..
    හරිම සංවේදී ආදරණීය ෆිල්ම් එකක්.. හැමෝම අනිවාර්යෙන් බලන්න. කමෝන් රොයිලි අයියා..!

  14. ඉදුනිල්

    thanks macho mamanam balalane roiliya kiyananisa hithuna balanna!!

  15. දිනුෂ්ක උදාර (රොකියා)

    රොයිලිට ඔන්න තවත් සුබ ආරංචියක් තියනවා ඔන්න, Nicholas Sparks මහත්තයයෙ නවතම චිත්‍රපටියක් වන The Last Song (2010) චිත්‍රපටියත් මේ ඊයෙ පෙරේදා නිකුත් වුනා. හිතපු තරම් ප්‍රේක්ෂක ප්‍රතිචාර නොලැබුනත් බලන්න ආස හිතෙන චිත්‍රපටියක්. මටනම් ලිපි ලියන්න වෙලාවක් නෑ. පුලුවන්නම් බාලා බලලා ලිපියක් දාන්න.

  16. රොයිලි

    @දිනුෂ්ක උදාර (රොකියා),
    හිහ් හී ඒකට ලිපියක් ලියල ඉවරයි මචං. මම හිතන් උන්නෙ සබ් දාන්න. ඒත් ඒ අදහස පස්සෙ අතැරියා. :(

  17. navo

    it'z a nice story !tanx aiyya

  18. chamila

    දැන් රොයිලියාට සබ් දාන්න හිතෙන්නේ නැහැ.... මේ දවස් වල වෙන වෙන දෙවල් හිතෙන්නේ
    අපේ එකෙක්ට හරි ගියා කියන්නේ අපට හරි ගියා වගේ තමයි.... :P
    සිංහල සබ් වැඩේට තමයි කෙලවෙන්නේ... :(

  19. Asantha C

    wwwoooow....maru filmz tikak mee dawas tikeema daala thibbaa.....bohoma pin....!!!

  20. ගැන්ග්ස්ටර්

    ප්ට්ට ෆිල්ම් එක....මාත් බලල තියෙනවා..බලලා නැති හැමෝම බලන්නම ඕන ෆිල්ම් එකක්.. :)

  21. jayasriblog.blogspot.com/

    මේකට සිංහල උපසිරැසි දාල දෙන්න පුලුවන්නම් එල

  22. ජයශ්‍රී

    මේකට සිංහල උපසිරැසි දාල දෙන්න පුලුවන්නම් එල

  23. Dhanuka Pathinayake

    අයියෝ රොයිලි අයියෙ ඒකට sub දාන්නනෙ තිබුනෙ, මේවගේ එකකට sub දාල බලන්න ආසයි.ගොඩක් ස්තූතියි මේක දුන්නට.මාත් මේ දවස් වල බයිස්කොප් එකකට subs දෑම්මා. තව ටිකයි තියෙන්නෙ, අද හෙටම එවන්න පුළුවන් වෙයි.

  24. තිස්ස දොඩන්ගොඩ

    මේක සිරාම කතාවක්... රොයිලිට නම් "ජීවිතේ මල්" වාගේ...!!!

  25. h

    මේක වතාවක් ටීවී චැනල් එකකත් ගියා. සිරසෙ නැත්තං රෑපවාහිනීද කොහෙද. ඒ දවස්වලම මට මේකෙ හොඳ කොපියකුත් ලැබුණා. කතාව කියවෙන විධිය තමයි ලස්සනම. අපි සැක හිතන දේ අන්තිමේදි සිද්ධ වෙනවා... :D

  26. rohan

    shaa maru story 1k ne. sab thibbanam thama ela. ona baanna demma mamath
    thanks

  27. Anonymous

    Children of men
    a beautiful mind
    the illutionist
    blade
    yes man
    I love you philip morris
    liar liar
    pulp fiction
    rundown
    game plan
    scorpian king

  28. Anonymous

    macho samahara ewa uba dala. daapu nathi ewa poddak balapan. me mata allala giyapu films tikak.

  29. සරදියල්

    මං ඊයෙ කිව්ව කොල්ල වෙනස් වෙලා කියල....
    :D:D

  30. මනියා

    පට්ට ෆිල්ම් එක හැමෝම බලන්න...
    අර අලුත් එක.. ලාස්ට් සෝන් ඒකත් නියමයි..

  31. kathu

    Royli අයියට මොකද මෙ වුනේ..?? බූට් පාරක් කෑවා වත්ද..??

  32. Anonymous

    thank you.
    honda film ekak.

    sub title pena vidiyata film ekak DVD ekakata copy karanne kohomada?

  33. kathu

    අාහ්.. කියන්න අමතක වුනා..!! මේක මම බලපු පට්ටම love stoty එක තමා..!! බයිස්කොප් බලන අය අනිවා බලන්න ඔ්නෙ film එකක්..! Thanks Royli අයියා..

  34. රවා

    royily අයියා.. ඔයාට අමතක වුණා the last song
    නිකොල් ස්පාර්ක් ගැන කතා කරලා වැඩාක් නැහැ. සුපිරි ඛෙදාන්ත නවකතා ටිකක් ලියපු බුවෙක්. ඔය ෆිල්ම් ඔක්කොම බලලා තියන්නෙ මම. කො ඔයා සිංහල උපසිරැසි දාලා නැහැනෙ. සැලරි එකෙන් අඩු කරනවා අනිත් දවසෙ සිංහල නැතුව ෆිල්ම් දුන්නොත් අපිට... :P

  35. නොසංදාලයා

    නොසංදාලකමට කියනවා නෙමෙයි. මමත් ඕක බලලා තියෙනවා. නියම ෆිල්ම් එක. රසවිඳින්න පුළුවන් උපරිමයට.

  36. Ansh Lucky Sri Jay

    මැක්සා..!

  37. $uvin

    love story??? ela ela! apith baanawa ehenam!

  38. Dilshan

    Niyamai. Mamath aasai mewage movies walata....

  39. Asitha

    කතාව බලලම කියන්නම්කෝ කොහොමද කියලා....

  40. පොඩි මෑන්

    ආ... මේ කථාව මගේ හාර්ඩ් එකේ තීයෙනවා දැක්කා
    ඒත් බලන්න හිතුනේ නෑ
    ඔන්න හොඳයි කියන නිසාම අද බලනවා
    බොහොම ස්තූතී...

  41. අමිත් අයියා

    ඉස්තුති රොයිලි අයියා

  42. AL1717

    Niyamai Machan Mamath Me Movie Eka Gena Dena Gena Hitiyata Balanna Uwamanawak Awe Ne..
    Me Para Nam Banawa Machan....

    Thanks .... Lovestory Nam den Atha Arinne Ne.... :D :)

  43. ප්‍රතිභාz

    සින්හල උපසිරසි නෑද්ද මචෝ මේ ෆිල්ම් එකට????????

  44. සොමෙ

    මෙක මම බලපු හොදම් love story එක බයිස්කොප් බලන අය අනිවා බලන්න ඔන බයිස්කොප් එකක්..!

  45. pradeep

    Mamam thama some pradeep

  46. Uraj Deemantha

    ඔන්න කාලෙකින් ආවා.... මේක බානවා මුලින්ම ... :)

  47. nilanthaherath

    රොයිලිත් ලව් ස්ටෝරිවලට බැස්සද. කට්ටිය මොකද මේ රොයිලි ගැන එක එක ඒවා දාලා තියෙන්නේ. කොහොම උනත් වෙනසක් නම් ඔන්න මගේ සුබ පැතුම්. එහෙම නැතත් මූවී එකකට තෑන්ක්ස්.

  48. mtc™

    මේක නියමම බයිස්කෝප් එකක බලලා නැති හැමෝම මේක බලන්න

  49. Namila

    thankz ayye :D

  50. Randi

    menna banna damma

Load more comments