කාලෙකට පස්සෙන් පහු මම ආපහු එකතු වෙන්න අදහස් කළා, පරණ පුරුදු මිනිස්සු එක්ක. මුලින්ම කියන්න ඕනා, කාර්‍යබහුල වීම නිසා මම ඉවත් වුණේ ආපහු එන්න හිතාගෙනනම් නොවෙයි. නමුත් ටික ටික කාර්‍යබහුල බව වැඩිවෙද්දී, පරණ දවස් මතක් වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා ආපහු මංසලට පුළුවන් විදියට එකතු වෙන්නත් ඉඩ ලැබෙන හැටියට දායකත්…
කාලෙකට පස්සෙන් පහු මම ආපහු එකතු වෙන්න අදහස් කළා, පරණ පුරුදු මිනිස්සු එක්ක. මුලින්ම කියන්න ඕනා, කාර්‍යබහුල වීම නිසා මම ඉවත් වුණේ ආපහු එන්න හිතාගෙනනම් නොවෙයි. නමුත් ටික ටික කාර්‍යබහුල බව වැඩිවෙද්දී, පරණ දවස් මතක් වෙන එක වළක්වන්න බෑ. ඒ නිසා ආපහු මංසලට පුළුවන් විදියට එකතු වෙන්නත් ඉඩ ලැබෙන හැටියට දායකත්වය ලබා දෙන්නත් ඕනි කියලා හිතුවා. හැබැයි ඉතින් කොයි තරම් කාලයකටද කියලා නම් දන්නෙ දෙයියෝ තමයි. හැහ්!
එහෙනම් හැරෙමු කතාව දිහාවට. මේක එසේ මෙසේ කතාවක් නම් නොවෙයි. හරිම වෙනස් නිර්මාණයක්. එහෙම කියන්න හේතුව තමයි මේකේ දෙබස් ඉතාම පොඩි ප්‍රමාණයක් තිබීම. ඊටත් පුදුම දේ තමා මේක ඇනිමේෂන් චිත්‍රපටයක් වීම. ඒකෙන්ම තේරෙනවනේ පොඩිහිටියන්ට සුදුසු එකක් බව. ඇනිමේෂන් වීම සහ කතාබස් නැති වීම නිසා මේක පොඩිහිටියන්ට හොඳින්ම ගැළපෙනවා. නැතිනම් එහෙම මේ වගේ ප්‍රංශ/ බෙල්ජියම් නිර්මාණයක භාෂාව අපට කොහෙත්ම නුහුරුයිනෙ.
මේකෙ කතාව තියෙන්නෙ මෙහෙමයි. ඔන්න කැලෑවක ඉන්නවා කූඹි කොලනි දෙකක්. එකක් කළු කූඹි කොලනියක්. අනික රතු කූඹි කොලනියක්. මේ කොලනි දෙක අතර යුද්ධයක් ඇති වෙන්නයි යන්නේ. හේතුව ඈත නගරයේ ඉඳලා මේ කැලෑබද පෙදෙසට පොඩි සවාරියක් ආපු කට්ටියක් අත්හැරලා දාලා ගිය සීනි කැට පෙට්ටියක්! මෙන්න මේ කතාව තමා චිත්‍රපටය පුරාවටම විහිදෙන්නේ. හරිම සරලයි, හරිම පුංචියි වගේ හිතුණට ඇත්තටම නිර්මාණයක් විදියට මේක එහෙම මනින්න බැහැ. මොකද යුද්ධය නැතිනම් ගැටුම ප්‍රධාන කරගත්තට, ඒ සටන අස්සෙන් තව තවත් දේවල් ගොඩාරියක් තියෙනවා. හරියටම කිව්වොත් හූනෙක් වගේ දරුණු සතෙකුගෙන් ඇති වෙන තර්ජන/ ලේඩිබග් කුරුමිණියෙකුගේ උදව්ව/ මල් වෙඩි සන්දර්ශන ඔහොම ඔහොම දේවල් ඕනෙ තරම්. මේක IMDb අගය 7.2ක් ම සටහන් කරපු නිර්මාණයක්. ඊට අමතරව ළමුන් වෙනුවෙන් වන හොඳම නිර්මාණය ලෙස සම්මානයක් පවා දිනලා තියෙනවා. මේ නිර්මාණය පුරාවටම කතා බහ නැහැයි කිව්වට හැබැයි ඒක ඇත්තමත් නෙමෙයි. කතා බව තියෙනවා. හැබැයි ඒවා අපට තේරෙන්නෙ නෑ. මොකද කූඹි-කුරුමිණි භාෂාවෙන්නෙ තියෙන්නේ. ඒ නිසා මේක බහතේරුවේවත් නැති කෙනෙකුට වුණත් රසවිඳින්න පුළුවන්. අපේ කාලේ දෙබස් නැති අනර්ඝ නිර්මාණයක් නිසා තමයි මේක ගැන ලිපියක් දෙන්න හිතුණේ. ඒ වගේම පුංචිම පුංචි කතාවකින් මොන තරම් රසවත් දෙයක් ගොඩනගන්න පුළුවන්ද කියන දේත් මේ ඔස්සේ අපට තේරුම් ගන්න පුළුවනි.එහෙමනම් අපේ බයිස්කෝප් රසිකයන් අතරේ ඉන්න වැඩිම වැඩිහිටියන්ගෙන් ඉල්ලනවා තමන්ලගේ සිඟිති දඟයන්ට මේක නරඹන්න සලස්වන ගමන් ඒ පාඩමත් කියලා දෙන්න කියලා. කැමතිනම් අරගන්න මම මහන්සි වෙලා කරපු පේළි 7ක උපසිරැසියත් තියෙනවා. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ; මම ඉතින් අහු මුළු පීරනවනේ අමුතු ඒවා හොයාගෙන, එහෙම ගියපු වෙලාවක අහම්බෙන් තමයි මේක හම්බුණේ. ඉතින් මේ වගේ එකක් බොහෝ විට බොහෝ දෙනාට මගහැරිලා යන නිසා හිතුවා මේ ලස්සනම ලස්සන සැබෑ දසුන් සහ ඇනිමේෂන් මුසු වුණ නිර්මාණය ගැන කට්ටියට කියන්න ඕනෙ කියලා. ඕනෙ කෙනෙකුට හොඳයි හැබැයි පරිසරයේ පුංචි පුංචි සත්තු පස්සේ එළවන්න ආශා කරන පැංචන්ට පැංචියන්ට හොඳටම අල්ලලා යාවි.
9,168 downloadsDownload Minuscule-Valley-of-the-Lost-Ants-2013.zip7.3 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
උදා
Subtitles
69 comments
YUSHAN PIUMAL
shani
thanks
jayani
Thank youuuuuuuuuuuuuuu :)
charith
වඩි කාලයක් අරන් හරි The Godfather: Part III එක දෙනන පුලුවන්නම් ගොඩක් වටිනව.
sub එකට thanks,මේකත් නියම film එකක් වගේ.Thisara Buddhika (තිසර නියෝ)
නියමයි.
නැවත පැමිණීම සතුටක්
:P
උපසිරැසියට තුති……. :)Chanaka Aruna Munasinghe
Tnx. :)
GLOBAL
Sira Animation Ekakne..Thanks Saho Sub Dunnata..
නලින්
නියමයි උදා සහෝ!
කාලෙකින් ලස්සන නිර්මාණයක් අරන් ආවාට..
මෙක කම් අනිවා බලනවා!
ජය වේවා!
maduka
thanks
හර්ෂ ලහිරු
ඔය පොඩ්ඩක් උස්මහත් උනාට අපිත් පොඩිඋන් තමයි :D :D
බොහොම ස්තුතියි උදා සහො :D ජයNiluka
ela
thankstharaka
thanks brother.patta film ekak wage.onna mama gannawo
KproX
thankz...
Chami.S
Thanks...
me
Thanks
ayesh
යාළුව. B13 කියල film එකක් තියනව නේද. අන්න ඒකෙ sub එකත් දාන්නකො.
Keshan Wasala
:o ඇයි අපිට බලන්න බැයිද අපිත් බලනවා :D
කූඹියෝ නං මොනාද කූඹිච්චි වගේ කට්ටියත් ඇති නේ :P
ගොඩක් ස්තුතියි සහෝ ..ප්‍රදිප්
නියමයි, බෝහෝම ස්තුතියි මචෝ.........................................
kavindu
The Saratov Approach (2013) sinhala subs ohomama damu jaya wewa..........
mavitha
WELCOME BACK
supunj
torrent eka download wenne nene saho , bittorrent eke system can not find the path kiyala error ekak enawa
Amil
thanks saho saub ekata...
වරුණ රංගජිත් (වරූ)
නියමයි සහො බොහොම ස්තුතියි
ජය වේවා..!!දිල්ෂාන් කාලිංග (ඩිලා)
නියමයි....මමත් මේක ආපු හැටියේම කරන්න කියල ඉල්ලුවා.මේකේ සබ් වැඩිය නෑ කියල දැන ගත්තම වැඩේ අතැරලා දැම්මා.මොකද ඒ වෙද්දී සබ් එකක් නිකුත් වෙලා තිබුනෙත් නැහැ.
මේක සබ් නැති උනාට සුපිරි කතාවක් වගෙයි.බලමුකෝ....
ආයෙත් හෙමිහිට දිගටම සබ් දෙමු නේද...?Kulanjana Maduranga
wenasakata balanna hoda film 1k..balanna hithena nisa banna dawa...subata thanks UDA saho.digatama sub denn haki wewa...jayen jaya............
වලාකුළ
ela ela thanks Uda
Saman Prasad ( Black Panther )
මෙන්න උදා ඇවිල්ලෝ.............. කොහෙද මෙච්චර කල් අන්තරස්දාන වෙලා හිටියේ..... කොහොම උනත් සබ් එකට තෑන්ක්ස්.....
ශාන් විමුක්ති [විමා]
අහ්හ් උදා නැවතත් උදා වෙලා..
නැවත දිගටම රැදේවි කියල බලාපොරොත්තු වෙනවා උදෝ
මොකද උබ මේ අඩවියේ තිබ්බ සලකුණ තම එහෙමමයි
බොහොම ස්තුතියි මේ ෆිල්ම් එක ගැන අපිට කිවුවට
මං හිතුවේ මේක වැඩකට ඇති එකකේ නෙමේ වෙන්නැති කියල
ඒත් උබ කියන නිසාම බලනවා ඔන්න!jayanandana
jaya wewaaa
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පේ මෙන්න උදා ආයෙත්...
මොනා උනත් පේලි කීයක් තිබ්බත් සුපිරි බඩ්ඩක් බ\නොවැ අරගෙන ඇවිත් තියන්නේ..
අනේ ආයේ යන්න නම් ලති වෙන්න එපා..
ඉඳලා හිටලාවත් සබක් දෙකක් දෙමු..
ඔන්න ආයේ යනවා එහෙම නෙවෙයි හොඳේ..
සබත් එක්ක ෆිල්මත් ගන්නවා හොඳේ..
ජය වේවා/./“චූටී මල්ලි”
හප්පොච්චියෙ බන් උදා
මොකො බන් ඔච්චරම කාර්යබහුල දැන්?
උත්සහයක් දෙන්නම්කො මේක බලන්න
අනික ඉතින් ගොඩාක් මහන්සි වෙලා කරපු සබ් එකක්නෙ :D
තව හැකි විදියට සබක් කලොත් නරකද ඈ.......
සබට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි උදා සහෝ සිංහල උපසිරැසියට. උඹේ ලිපියක් බයිස්කෝප් එකේ දකින්නත් එහෙනම් ආපහු අපි පිං කළා. කොච්චර බිසි වුණත් ඉඳලා හිටලා හරි ඇවිත් යමන් බන්. මෙන්න එහෙනම් බාන්න දැම්මා. ජය෴෴ :P :P
හඳයා
මමත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා ලස්සනම ලස්සන කතාවක් වගේ ගොඩක් සූතූතියි
shiransri
තැන්ක්ස් සහෝ,අපි මේ වගේ නිර්මාණ වලට කැමතියි,
ආයෙත් ඉඩ ලැබෙන වෙලවට අලුත් එකක් දෙන්ඩ.
තැන්ක්ස්.
mudiya / මුදියා
නියමයි උදා.
ඔන්න රාජකාරී බහලු වෙලා ඉන්න අස්සෙ මාත් මේ ටික කෙටුවෙ උඹේ නැවත ආගමනය ගැන සෑහෙන්න සන්තෝෂෙන්.
පුළුවන් විදිහට එහෙනම් සබ් ගේමු.
ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!sanath Indika
thx
tharindu
thank u very much bro..
Lahiru444
නියමයි.. සබ් එකට තෑන්ක්ස්…. ආයෙත් හෙමිහිට දිගටම සබ් දෙමු
ජයවේවා.බොහෝම ස්තූතියි…!ishara
mamat down karagannawoo.. thanks :)
Emi
Thank you so much...!
හර්ෂණ
උබට පට්ට මහන්සි ඇති නේද සහෝ සබ දාල... නියම ෆිල්ම් එකක් දුන්නට ගොඩාක් ස්තුතියි සහෝ...
ඊශා
ඔලුව අවුල් උණ වැඩ වැඩි වෙලාවට cartoon තමා හොඳම බේත ..thanks
dasun
machan 700 mb 880 mb kiyala torrent link denne natuwa qulity 1i mb ganai , tyena video 1ke format 1i dala link 1ka denna ,
කේ.යූ.ජී. උදාර
ආයේ වතාවක් උඹව සබක් එක්ක දකින්න පුළුවන් වෙයි කියල නම් හිතුවේ නැහැ. කොහොමවුණත් උඹ ආපහු ආපු එක හුඟක් වටිනවා. ඒ වගේම මේ වැඩේ අත අරින්නෙ නැතුව දිගට ම කරයි කියලත් හිතනවා.
ජයෙන් ජය කොල්ලො..............Dasanayaka
Thanking you...
lewithan
lassana kathawak wage saho.godak thanx me gana qwata wagema wub ekatath
Mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි උදා සහෝ ඉඳල හිටලවත් මෙහෙම අපිට උපසිරසියක් අරන් එන්න,ජයවේවා.
Sanjaya
Lassana Film akak Saho....Thanks
sacs louis vuitton
Panax sur l'affaire à acheter. 2 écouteurs sont les achats en ligne.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

SUPER ... MAI GENNALLA TIYENNE SUPIRI EKAK ....