Mortal Kombat: Annihilation (1997) | මාරක යුද්ධය: සමූල ඝාතනය [සිංහල උපසිරසි සමඟ]
ඔන්න මගේ දෙවැනි සබ් එකත් එක්ක ආයෙත් ඔයාල හම්බවෙන්න ආවා. මේක සුප්‍රසිද්ධ Mortal Kombat කියන වීඩියෝ ක්‍රීඩාව ඇසුරෙන් තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. මේ වෙනකොට Mortal Kombat ෆිල්ම් 03 ක් නිකුත් වෙලා තියෙනවා. මේක දෙවැනි එක. අනිත් දෙකටම සබ් බයිස්කෝප් එකේ දීලා තියෙනවා. ඒ නිසයි මම මේක තෝරගත්තෙ.
මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ John R. Leonetti. මේක 1997 දි තිරගත වෙච්ච Action, Adventure, Fantacy වර්ගයට අයිති ෆිල්ම් එකක්. මේකට IMDB වල රේටින්ග්ස් ලැබිලා තියෙන්නෙ 3.6 ක් විතරක් වුණාට ඒ කාලෙ හැටියට මේකෙ Graphics වල එහෙම වරදක් නෑ.
මේකෙ කතාව තියෙන්නෙ වෙනත් ලෝකෙක ඉඳලා පෘථිවිය ආක්‍රමණය කරන්න හදන කණ්ඩායමකින් පෘථිවිය ආරක්ෂා කරන්න උත්සාහ කරන ආත්මාරක්ෂක සටන් කලාව ප්‍රගුණ කරපු කණ්ඩායමක් ගැනයි. Mortal Kombat කියන්නෙ ආත්මාරක්ෂක සටන් තරඟාවලියක්. Mortal Kombat මුල්ම ෆිල්ම් එකේදි ලියූ-කෑන්ග් කියන සටන්කරුවා විසින් Mortal Kombat තරඟාවලිය දිනලා පෘථිවිය ආක්‍රමණය කරන්න හදපු ෂෑන්ග් ත්සුන්ග්ව පරාජය කරලා එහෙ ඉඳලා අපේ ලෝකෙට එන්න තියෙන දොරටු වහල දානවා. මේ ෆිල්ම් එක පටන්ගන්නෙ ඒ දොරටු විවෘත කරගත්ත ෂැවෝ-ඛාන් කියන සාහසිකයා පෘථිවිය ආක්‍රමණය කරන්න හදන එකෙන්. දවස් 06 ක් ඇතුළත ඔහුව නැවැත්තුවෙ නැත්තන් පෘථිවියෙ පාලනය ෂැවෝ-ඛාන්ට නතු වෙනවා. ලියූ-කෑන්ග්, රෙයිඩන්, සොන්යා, කිටානා, ජැක්ස් ඇතුළු කණ්ඩායමට සිද්ධ වෙනවා දින 06 කට ඉස්සෙල්ලා ෂැවෝ-ඛාන්ගෙ මැරයින්ව නවත්තන්න. ඔවුන්ට ඒක කරන්න හැකිවෙයිද? ෂැවෝ-ඛාන් පෘථිවිය අල්ල ගනියිද? මේවට උත්තර හොයාගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. දැන් ඉතින් සිංහල සබ් එකකුත් තියෙන නිසා බලන්නත් පුළුවන්නෙ.
මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න. ඒ වගේම ඔයාලගේ පොඩි පොඩි කමෙන්ට් අපිට හරියට වටිනවා. එකෙන් අපි තවත් මේ වගේ වැඩ කරන්න ධෛර්යමත් වෙනවා. ඒ නිසා සබ් එක එක්ක ෆිල්ම් එක බැලුවට පස්සෙ ඔයාලගෙ අදහස් දාන්නත් අමතක කරන්න එපා. මොකද අපේ මහන්සියට ලැබෙන එකම ලාභය ඒක විතරක් නිසා.
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකටත් ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
[button link=”http://tinyw.in/8ct7″ type=”icon” “center” newwindow=”yes”] 699 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/80MN” type=”icon” “center” newwindow=”yes”] 1.4 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5216 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/එන්.විජිත-අසංක.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි
Thanks bro..
Thanks for Sub!
thanks bro….
නියමයි මචං……එල
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!
බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි සහෝ !
දිගටම උපසිරැසි දෙන්න
සුභ පතනවා !
😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි මචෝ.
එල
සබට තුති
ඔබට ජය……..
නියමයි විජිත සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
niyamai…subata thanks VIJITHA saho…digatama sub denn.jaya wewa………….
ele ele
patta macho
ela,thanks
pattta bro
ගේම් එක සෙල්ලම් කරාට මේක බලලා නෑ නේ? ස්තූතියි උපිසරැසියට. ඊළග උපසිරැසියෙන් මුණගැහෙමු.
මට හිතෙන විදිහට ට්කක් අලුත් ෆිල්ම් වලට සබ් දෙමු නෙද
අළුත් ඒවට ගොඩක් කට්ටිය සබ් දෙන නිසයි ඒවගේම ඒව ඉක්මනට දෙන්නත් වෙන නිසයි මම පරණ ඒව දැම්මෙ. ඒත් ඉදිරියෙදි අළුත් ඒව දෙන්න බලන්නම්. දැනට 2011 දි නිකුත් වෙච්ච ෆිල්ම් එකක් කරන්න භාරගෙන තියෙනවා. කොහොම වෙතත් අදහසට ස්තූතියි.
නියමයි
බොහොම ස්තුතියි උපසිරසට සහෝ 🙂