For Better Sri Lanka 🇱🇰 #TogetherStronger #SriLanka

560 views
+2

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා 
 
ජාත්‍යන්තර සිනමාපට දර්ශකය 57K+ අධික ප්‍රේක්ෂක මනාප සංඛ්‍යාවකින් 7.2/10 ඉහල අගයකට කරකැව්ව, Netflix තුල 2021 වර්ෂයේ වැඩිම නැරඹුම් වාර හිමි චිත්‍රපට 10 අතරට එක්වෙන්න සමත් උන වගේම, දෙසැම්බර් මාසය තුල Netfilx හි වැඩිම නැරඹුම් වාර අතර දෙවැනි තැනට පත්වෙන්න ලැබුන The Unforgivable සිනමාපටයේ සිංහල උපසිරැසි තමා අද මගේ 87 වැනි උපසිරැසි ගැන්වීම විදියට ඔයාලට අරගෙන එන්නෙ. ඒ වගේම කියන්න ඕනෙ ලොවපුරා සම්මාන උළෙලවල් නියෝජනය කරමින් සම්මාන පවා දිනාගෙන තියන අතරෙම මෙවර ඇකඩමි සම්මාන උලලේදිත් සම්මාන කීපයකට වග කියයි කියල මට නිකමට හිතෙනවා
 
Ocean Eight, Bird Box, Gravity වගේ සුපිරි චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායක උන Sandra bullock ප්‍රධාන චරිතයට පණ පොවන අතරෙම Jonathan Berntha, Aisling Franciosi වගේම ඉස්සර අපි ජාතික රුපවාහිනියේ ආසාවෙන් බලපු Swiss Family Robinson කතා මාලාවේ තාත්තට නැත්තම් Robinson ට පණ පෙව්ව Richard Earl Thomas යන අය මේකෙ අනිත් චරිත වලට දායක වෙනවා. Drama/Thriller කාණ්ඩය යටතේ නොවැම්බර් මාසෙ 24 දින නිකුත් කරපු මේ ෆිලුම Netflix හරහා එලියට එන්නෙ දෙසැම්බර් 10 වෙනිදා.
 
 
සහෝදර බැඳීම කියන දේට සම කරන්න මේ ලෝකෙ කිසිම බැඳීමක් නෑ නේද. ඒ බැඳීම ගැන ලස්සනට හිතට වදින ෆිල්ම් එකක් තමා මේ ෆිලුම. රූත් (Sandra bullock) පොලිස් නිලධාරියෙක් මිනීමැරීමේ චෝදනාවකට අවුරුදු 20කට හිරේ ගිහින් නිදහස් වෙනවා. රූත්ට ඉන්නව නංගි කෙනෙක්. රූත් හිරේ යද්දි එයාගෙ නංගිගෙ වයස අවුරුදු 5යි. ඉතින් රූත් එලියට ඇවිල්ල නංගිව හැමතැනම හොයනව. ඒ අස්සෙ රූත් එළියට එනකම් බලන් හිටිය කෙනෙක් එයා පස්සෙන් යන්න පටන් ගන්නව. ඉතින් මෙතනින් එහා වචනයක් වත් කිව්වොත් ඇත්තටම කතාව වැඩක් නැති වෙනව. රූත් පොලිස් නිලධාරියාව මැරුවෙ ඇයි? එයාට නංගිව හොයාගන්න පුළුවන් වෙයිද? රූත් පස්සෙන් එන කෙනා කවුද? මේ හැමදේම ෆිල්ම් එක බලලම දැනගමු නේද?
 
Netflix සඳහා සිංහල උපසිරැසි                                                                        Watch Now On Netflix
 
 

Add a review

Your email address will not be published.

Users Reviews

  1. dunidu shehan.

    sub oni ikmnta.tnq

    10.0 rating

    sub oni ikmnta.tnq