සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ දමිළ සිනමා රසික ඔබ නොඉවසිල්ලෙන් යුතුව බලා සිටි දමිළ සුපිරි නළු සූර්යා රඟදක්වනු ලබන ක්‍රියාදාම සපිරි දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. මේ සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිං…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් වෙබ් අඩවිය වෙත ගොඩවන්නේ දමිළ සිනමා රසික ඔබ නොඉවසිල්ලෙන් යුතුව බලා සිටි දමිළ සුපිරි නළු සූර්යා රඟදක්වනු ලබන ක්‍රියාදාම සපිරි දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. මේ සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් බයිස්කෝප් අඩවියේ ඇඩ්මින්වරයකු වන හසන්න වික්‍රමරත්න සොයුරාව ස්තූති පූර්වකව සිහිපත් කරමින් චිත්‍රපටයේ අනෙකුත් විස්තර ඉදිරිපත් කිරීම සඳහා යොමු වෙනවා..
මේ වසරේ මාර්තු මස 10 දින තිරගත කරනු ලැබු මේ චිත්‍රපටය Pandiraj නම් දමිළ සිනමා අධ්‍යක්ෂකවරයා විසින් රචනය සහ අධ්‍යක්ෂණය සිදුකර තිබෙනවා. මෙහි ප්‍රධාන චරිතයන් දමිළ සුපිරි නළු Suriya සහ නවක නිලි Priyanka Mohan විසින් හොබවනු ලබනවා. සමාජයේ පිළිලයක්ව පවතින අසභ්‍ය දර්ශන ජාවාරමට එරෙහිව හඬක් නගමින් සමාජයට ප්‍රබල පණිවිඩයක්ද ලබාදෙන මේ සිනමාපටය දින කිහිපයක් තුලදි කෝටි සියයක ආදායමක් ලබා Mega Blockbuster මට්ටමට ලඟා වූවා. දැනට පවතින් ව්‍යසනකාරි වතාවරණය තුලදි දමිළ නළු සූර්යාගේ සිනමාපටයක් තිරගතවූයේ වසර දෙකක කාලයකට පසුවයි. Soorarai Pottru 2020 සහ Jai Bhim 2021 යන චිත්‍රපට ද්විත්වය කොරෝනා වසංගතය නිසා ඇතිවුණ ව්‍යසනකාරි වාතාවරණය නිසා තිරගත නොකර ඉඳුරාම Ott මාධ්‍ය හරහා නිකුත් කිරීම සිදු කෙරුනා. මුලදි Suriya ට සිනමාහල් හිමියන්ගේ සංගමය වෙතින් දැඩි විරෝධතා එල්ල වූ අතර එක් අවස්ථාවකදි ඔවුන් Suriya සිනමාපට කිසිදු අයුරකින් තිරගත නොකරන බවටද පවසා තිබුණා.
ඒ කෙසේ නමුත් අද සමාජයේ ජුගුප්සාජනක කාලීන මාතෘකාවක් පිළිබඳව හොඳින් කරුණු ඉදිරිපත් කොට තිබු මෙම චිත්‍රපටය සූර්යාගේ රසිකයින්ට ඉඩෝරයට ඇද හැලුනු වර්ෂාවක් මෙන් වූවා. සිනමා විචාරකයින්ගේ සහ ප්‍රේක්ෂකයින්ගේ ධනාත්මක විචාරක මධ්‍යයේ අතිසාර්ථකව තිරගත වූ මේ චිත්‍රපටය මේ ලිපිය ලියනා මොහොත වන විට IMDb දර්ශකයේ මනාප 6,559 ක් ලබා 8.5 / 10 අගයක් වාර්තා කිරිමට සමත් වී තිබුණා. එසේ නම් සුපුරුදු ලෙසින් කතාව පිළිබඳව කිසිවක් ලිවීමට අදහස් නොකරන අතර සිනමාපටය නරඹා ඔබගේ අදහස් උදහස් බයිස්කෝප් අඩවියෙහි දක්වා යන ලෙසට ආරාධනා කරමින් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් හා පැමිණිමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි!
Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි
HQ-HD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
29,827 downloadsDownload Etharkkum-Thunindhavan-2022-Baiscopelk.zip72 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
55 comments
chamith madhushka
oshanda
බොහොම ස්තූතියි සහෝදරයා....
Udaya Fdo
Thank you
Arawinda Sunimal
thanks sub ekata jayawewa (Tharidu)
FATE
Thanks sub ekata
යුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූතියි අයියා
ඔයා මේක දෙයි කියලා හිතුනා
ජය වේවා !!!Kantha_DLA
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..දසුන් අබේසිංහ
ඉක්මනින්ම සබ් එක දුන්නට බොහොම ස්තුතියි බොහොම පිං ..මේ දවස්වල මෙහෙමවත් ඉන්නේ මෙහෙම ඔයාලා දෙන ෆිල්ම් එකක් බලලා තමයි ..
Kushan
Sub akta thanks
Anonymous
Thanks
Naveen
උපසිරසියට තුති
Vimukthi
83 හින්දි ෆිල්ම් එකට සබ් දෙන්නකෝ
Anonymous
Patta
sam
Thanks Bro.....
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Thasitha Nilanka
Old Monk kannada film එකඑකටත් සබ් දෙන්නකෝ
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
තෑන්ක්ස් වේවා
dulan
ස්තුතියි !
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Samith
Thanks brother
Achi
බොහොම ස්තුතියි සබ් එකට
Gayan
බොහොම ස්තුතියි උපසිරසියට
Rumesh
Thanks saho
Rumesh
Salute - 2022
Pada - 2022
Bheeshma parvam - 2022 malayalam movies walatath sub denna baiscopeKevin
Thanks brother
keep goingChaminda
Thanks Bro ❤️❤️❤️❤️❤️
Anonymous
Thanks for sub
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ජනා
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
bunny
Thanks buddy
Malith samarawickrama
Thanks sub ekata.
සරා
පිං කියන්නේ ආයි ඉතින් අම්මෝහ්හ්හ් පිං
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Jevan
Thanks machi
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට තුති වේවා
Lasantharathnasirirox
නියමයි තරිඳු සහෝදරයා...ජයවේවා !!
මිනුල
බොහොම ස්තුතියි සහෝ❤️
Sashee
උපසිරස නියමයි.
හොදටම මැච් වෙනවා.
හොදට වැඩේ කරගෙන යන්න...
Dineth de silva
Thanks brother
Anonymous
Thanks
Anonymous
තෑන්ක්ස් මා පුතී
Chamara
මලයාලම් ෆිල්ම් තොගයක්ම තියෙනවා....මලයාලම් කරන අය නැත්නම් දෙමල,තෙලුගු කරන අය හරි ඒවා දෙන්නකෝ
Anonymous
Superb
Chami
Thanks subata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
indika 75
thanks..
Md
Thanks
Sashee Madushanka
තරිදු මල්ලිගෙ වැඩ ඉතිං කවදත් සුපිරි තමයි. අපි කවදත් තරිදුගේ සබ් ඒකක් ඒනකන් තමයි බලන් ඉන්නෙ
Vishwa sasanka
Thank you
Pahasara
Bohoma sthuuthi...
Sashee
උපසිරස නියමයි.
හොදටම මැච් වෙනවා.
හොදට වැඩේ කරගෙන යන්න...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
sub ekst tnx