
මේක ඇවිල්ලා සුපිරි ගනයේ චිත්‍රපට ලොවට දායාද කරන ප්‍රංශයේ බයිස්කෝප් පටයක්! මේ බයිස්කෝප් පටයේ ප්‍රංශ නම “Le Fabuleux Destin d’Amélie Poulain”, ඉංගිරීසියෙන් කියනවනම් The Fabulous Destiny of Amelie Poulain [ඇමෙලි පව්ලේන්ගේ විස්මිත දිවිය]. කෙටියෙන් කියනව ”Amélie” කියල. මේක 2001 නිෂ්පාදනයක් වුණාට torrent ජාලයට එකතුවෙලා තියෙන්නෙ 2011 අගෝස්තු 18 වෙනිදයි. මේ බයිස්කෝප් පටයට “IMDb 8.5” වගේ පට්ට පදිරි අගයක් දීල ආයෙ මදි නොකියන්න සළකල තියනව.ඒ වගේම ලෝකේ හොදම සිනමා පට අතර 66 වන තැන ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. Claudie ossard සහ UGC කියන ප්‍රංශ-ජර්මන් සමාගම් දෙකක සම නිෂ්පාදනයක් වන “romantic-comedy” ගණයට වැටෙන මෙම බයිස්කෝප් පටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ “Jean-Pierre Jeunet” කියන ප්‍රංශ ජාතික බයිස්කෝප් අධ්‍යක්ෂක වරයා විසිනුයි. මොහු “The Bunker of the Last Gunshots (1991), The City of Lost Children (1995)” සහ බයිස්කෝප් බලන ඔයාල කවුරුත් හොදට දන්න Alien චිත්‍රපට මාලාවේ “Alien Resurrection (1997)” වැනි චිත්‍රපට අධ්‍යක්ෂණයකර, 55වන ඇකඩමි සම්මාන උළලෙන් සහ යුරෝපීය සිනමා සම්මාන උළෙල මගින් හොදම අධ්‍යක්ෂණය සදහා සම්මානයට පාත්‍ර වෙලා තියනව. ඒ වගේම දැවන්ත චිත්‍රපට මාලාවක් වන “Harry Potter” චිත්‍රපට මාලාවේ, අපේ දුමිඳු දර්ශන සහෝ උපසිරස ගන්වල තියන “Harry Potter and the Order of Phoenix (2007)” බයිස්කෝප් පටය අධ්‍යක්ෂණයට ආරාධනා ලැබුනත් බාර අරගෙන නෑ කියලයි සදහන් වෙන්නෙ. මෙහි ප්‍රධාන චරිතය වෙන “ඇමෙලි පව්ලේන්ට” පන පොවන්නෙ “Audrey Tautou” නැමති ප්‍රංශ ජාතික නිලියක් විසිනුයි. මේ වගේ ප්‍රංශ බයිස්කෝප් වලට සම්බන්ධ අයව අපට වැඩිය හුරු පුරුදු නැති නිසා තමයි හෑල්ලක්ම දිගෑරියෙ ඔන්න. 🙂
දැන් හැරෙමු සීන්කෝන් එක දිහාවට….
“ඕං එකෝමත් එක කාලෙක රපායෙල් පව්ලේන් සහ ඇමන්ඩිනෙ පව්ලේන් කියල දෙන්නෙක් ඉන්නව. ඉතින් මේ දෙන්නට දාව ඇමෙලි කියල හුරතල් කෙලි පැටික්කියෙක් උපදිනව, මේ දෙන්න හරිම අමුතු ගතිගුණ තියන දෙන්නෙක්. ඇමෙලිගෙ තාත්ත රපායෙල්, දොස්තර කෙනෙක් ඉතින් එයාගෙ එක මෝඩ තීරණයක් නිසා ඇමෙලිට පාසල් යන්නත් නොහැකිවෙනව. ඉතින් මේ අතරෙ මේ පුංචි කෙල්ල ටික ටික ලොකුවෙනව. ඔහොම කාලයක් ගෙවීගෙන යනකොට ඇමෙලිගෙ අම්ම මිය යනව. තාත්තත් එක්ක තනියම ජීවත්වෙන ඇමෙලි ලොකු උනාම ප්‍රංශයේ මෞන්ට්මර්ට්‍රෙ කියන නගරෙ අවන්හලක රැකියාවකට යනව. ඔන්න ඔය අතරෙ දවසක් ඇමෙලිගෙ කාමර තිබිල අමුතුම දෙයක් හම්බවෙනව. ඒක ඇමෙලිගෙ ජීවිතේට වෙනස්කම් ගොඩක් අරගෙන එනව. ඒ වගේම අපි හැමෝටම ඔනකරන දේකුත් මෙයාට ලබාගන්න පුලුවන් වෙනව අන්තිමේදි….
සේරම කියන්න බැහැ නොවැ ඉතින්! මෙයාට හම්බවෙන මොකක්ද? ඒක මෙයාගෙ ජීවිතේ වෙනස් කරවන්නෙ කොහොමද? අන්තිමට තනියම ජීවත්වුණු ඇමෙලිට මොකද වෙන්නෙ. මෙයා අන්තිමේදි හොයාගන්න දේ ඇත්තටම අපි හැමෝටම ඕන වෙන දෙයක්ද කියල බයිස්කෝප් එක බාගෙනම බලල ඔයාලම තීරනය කරන්නකො ඔන්න 🙂
මේ වැඩේ ඉක්මනටම ඉවරකරගන්න වගේම මේකෙ තියන සමහර ප්‍රංශ වචන සිංහලට හරවගන්නත් පට්ටම කට්ටක් කෑව. ඉතින් ඒ වගේ හිරවෙලා ඉන්න වෙලාවකදි මට සහය දීපු මා මිත්‍ර “නුවන් තාරක” සොයුරාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනව! එයාලගෙ නම්-ගම්, කෑම-බීම එහෙම අපිට හුරු පුරුදු ඒව නෙමෙයිනෙ. ලිපියෙ තියන නම් කියවනකොට ඔයාලගෙත් දිව උළුක් වෙන්න ඇති සමහරවිට. hikz!
තව පොඩ්ඩෙන් අමතක වෙනව මේකෙ පුංචි අයට හොඳ නැති දර්ශන ටිකක් එහෙම තියනව කියල නොකිවුවයි කියන්න එපා ඕං… 😛
ඒ වගේම යාළුවනේ KMP Player එක භාවිතා නොකර සිංහල උපසිරස පෙන්නන වෙනත් Player එකක් (Jet audio/Media player classic) භාවිතා කලොත් මගේ පුංචි නිර්මාණාත්මක දේකුත් බලගන්න පුලුවන් වෙයි ඔයාලට 🙂 වරදක් අඩුපාඩුවක් පෙන්නල බැනල හරි කොමෙන්ට් එකක් දාල තියනව දැක්කම ඒ වැරදි හදාගෙන තව උපසිරසක් කරන්න ඒ දේ අපිට ලොකු උදවුවක් වෙනව කියලත් මතක්කරමින්, අධ්‍යාපන කටයුතු හේතුවෙන් ඉක්මනටම බැරි උනත් තව මාස හයකින් පස්සෙ මීටත් වඩා වෙනස් විදියක බයිස්කෝප් පටයක්, එහෙම නැත්තම් කථා මාලාවක් එක්කම නැවත හමුවන ස්ථිර බලාපොරොත්තුවෙන් සමුගන්න ගමන් යාළුවනේ, හැමෝටම ජය වේවා කියල ප්‍රාර්ථනා කරනව!
ස්තුතියි 🙂

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
2,818 downloadsDownload Amélie.2001.rar42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/වීමා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013/02/27
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
123 comments
geeth
lasidu
පට්ට ෆිල්ම් එකක් නේ මේක ගැන අහලා තිබ්බා...දැන් සබ් එක්කම බලන්න හැකි :)
ccnp
Thanks
wow
wow...maru :)
නලියා
ස්තුති වේවා විමෝ..
ඔන්න අරගන්නවා
ජය වේවා
chami
supiri mey wagey katha walata subs dena aka watinawa,,thxz
Isuru
1 weni wadeyta jayama weywa,,thawath awa ikmanatama denna labeywa
quik
thanks
anju
thank u, i love french films :)
rusuru | රුසිරු
බොහොම පින් තවත් හොද ෆිල්ම්ස් සබ් දාලා දෙන්න
chandana
thnxxxxxxxxxx
upali
patta patta machan
h[A]s
පට්ට පතුරු ෆිල්ම් එකක් වගේ අනිවා බලන්න ඕනේ.විමා සහෝට ජය වේවා!
tharanga
මගේ ලග තියෙනවා ෆිල්ම් එක..නියමයි සබ් දුන්න එක සහෝ.දිගටම තවත් ෆිල්ම්ස් වලට සබ් දෙන්න
Gayan
maxxxama maxxa vima :) :)
amilatk
jaya weywa!!!!
dimuthu video
ela machoooooooooooooooo
et samahara sub convert karaddi converter ekata watennane bnjeewantha
supiri :) saho :)
kalinga
නියමා.............යි බාමි
charith
ela
ashan vimukthi [විමා (`v´)
මගේ පලවෙනි උපසිරසියට සුබපතපු හැම දෙනාටම ගොඩක් ස්තුතියි.. :)
ජය වේවා!Ashan herath
macho adu siz ekak denako
hh
niyama story aka
sajja
ohoma yan vimooooooooooooooo
ශාන් විමුක්ති [වීමා]
ස්තුතීයි සජ්ජා :)
Edgar
Thanks bro.
Ashain
elaz
හසන්ත වික්‍රමරත්න
මේ වගේ පැරණි ලෝකයේ පිළිගත්ත විවිධ සිනමා කෘති අපි අතරට සමීප කිරීම ගැන මගේ හෘදයාංගම ස්තුතිය විමා සහෝදරයට. මේ වගේ නිරමාණ තව තවත් අපි අතරට ගේන්න ලැබේවා කියලා පතනවා :)
ශාන් විමුක්ති [වීමා]
@ Ashan herath
[email protected]
ඕකට mail එකක් දාපන් මචංශාන් විමුක්ති [වීමා]
ගොඩක් ස්තුතියි හසන්ත වික්‍රමරත්න අයියේ :)
ජය වේවා!“චූටී මල්ලි”
හොදයි වගෙ නෙ
පලමු එකට සුභපැතුම්
තව දෙන්නDina
thanx mate
chandima
thaz der maru... thawa aka uauwak ona yalu... roeswell akatai. relickhanter akatai sinhala sub dannako.. plz
කැලුම් ගුණසේකර
ස්තුතියි ශාන් සහෝ.
Gayan Buddhika
Ela Ela....Come on Vimuuu..........
ශාන් විමුක්ති [වීමා]
@ චූටී මල්ලි,Dina, කැලුම්.
ස්තුතීයි සහෝල තුන් දෙනාටම :)ශාන් විමුක්ති [වීමා]
@ chandima
දැන්මම ලොකු වැඩකට අතගහන්න අමරුයි, ඒත් සලකා බලන්නම් මචං :)ශාන් විමුක්ති [වීමා]
@ Gayan Buddhika
ස්තුතියි සහෝ :)
ශාන් විමුක්ති [වීමා]
@ dimuthu video
අපේ ඇඩ්මින් සහෝලගෙන් උපදෙස් ගන්න bro :)
ediri
math bagannawa onna
thnkaxxxශාන් විමුක්ති [වීමා]
බලපු කස්ටිය අඩුපාඩු ටිකත් කියන්නෝ.... :)
ශාන් විමුක්ති [වීමා]
ela ediri :)
d2dinu
බොහොම පින් ප්‍රංශ සිනමාවේ උසස් නිර්මාණයක් කැන්දන් ආවට.විමා ජයවේවා!
mudiya / මුදියා
නියමයි වීමා.පට්ටම එකක්නෙ දීල තියෙන්නෙ.ඔයා කියන හින්දම මේක ජෙට් ඕඩියෝ එකේ බලනව.බලමුකො වැඩ කෑල්ල.පරක්කු වෙලා හරි කමක් නෑ හොඳ නිර්මානයකින් අයෙත් එන්නකො.ජයවේවා.බොහෝ............................ම ස්තූතියි...!
ශාන් විමුක්ති [වීමා]
ස්තුතියි d2dinu bro :)
ශාන් විමුක්ති [වීමා]
ස්තුතියි මුදියා
වැඩි දෙයක් නෙමෙ ඒක ඉතින් පුන්චි පහේ වැඩක් :P
තාම කවුරුත් වරදක් පෙන්නුවෙ නෑනෙ. ඒක ටිකක් හිතට මදි වගේ සහෝවත් කියන්න අහුවෙන වරදක් දෙකක්.Uraj Deemantha
එලකිරි ආ...... :) බෑමට දැම්මා..... ස්තූති...... :D
yeshu
thankZ
රෙහාන් චානක
එල එල
Harsha Lahiru
බොහොම ස්තුතියි සහො
Advertisement
පළමු සබ් එක නේද ? ජය වේවා