Watch Trailer

The Third Wife (2018) Sinhala Subtitles | නොහඩන්, සූරියකාන්තා… [සිංහල උපසිරසි]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” The Ottoman Lieutenant (2017) ඔබට මා, ආදරය කල බව මෙතරම්… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් ව…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු ” The Ottoman Lieutenant (2017) ඔබට මා, ආදරය කල බව මෙතරම්… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

සෑම වසරකදීම ලෝකය පුරාවට විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් නිර්මාණය වන්නාවූ දස දහස් ගනනක් වූ සිනමා පට අතුරින් බොහෝවිට අපේ නෙත ගැටෙනුයේ ඉංග්‍රීසි, කොරියානු, හිංදි, දමිළ ආදී සීමිත භාෂා ගණනකින් නිර්මාණය වූ එකම වර්ගයකට අයත් සිනමා නිර්මාණයන් කොටසක් පමණයි. මේ හේතුව නිසාවෙන්ම වෙනත් භාෂා වලින් නිර්මාණය කෙරෙන්නා වූ විශිෂ්ට සිනමාපට රැසක්ම අපට නොදැනීම මගහැරී යනවා. මේ උත්සාහය එසේ මගහැරී ගිය වෙනස්ම ආකාරයේ සිනමා සිත්තමකට උපසිරැසියක් ලබා දෙන්නයි. මේ සිනමා සිත්තමේ හොඳ කොපියක් හොයා ගන්න උදව් කරපු අන්තර්ජාලයේ නොදුටු මිතුරෙක් වන ” Lakmal Jeewantha ” සොයුරාට බොහොමත්ම ස්තූතියි.

19 වන සියවස අගභාගයේදී වියට්නාමයේදී සිදුවූ සත්‍ය සිදුවීම් පෙළක් ඇසුරු කර ගනිමින් අධ්‍යක්ෂක ” Ash Mayfair ” ගේ කුළුඳුල් සිනමා නිර්මාණය ලෙසින් එළිදැක්වුන මේ සිනමා සිත්තම මේ වසරේදී වැඩිම ප්‍රේක්ෂක අවධානයකට ලක් වූ සිනමා නිර්මාණයක් බවට පත්වූවා. ඉන් පසුව ලොව පුරා පැවති විවිධාකාරයේ සිනමා සම්මාන උළෙලවල් වර්ණවත් කරමින් සම්මාන 8ක් දිනාගෙන තවත් සම්මාන 12ක් සඳහා නිර්දේශ වූයේත් විචාරකයින්ගේ නොමද පැසසුම් මධ්‍යයේයි. ඒ වගේම IMDb දර්ශකයේ 6.8ක් සහ Rotten Tomatoes වර්ගීකරනයේ 89%ක් ලබා ගන්නටත් මේ සිනමා සිත්තමට හැකියාව ලැබුනා. දැන් හිතාගන්න පුලුවන්නෙ මේ කියන්නෙ කොහොම ෆිල්ම් එකක් ගැනද කියලා.

පිරිමි ඔබෙන් මම පුංචි ප්‍රශ්නයක් අහන්නම්, ජීවිතේ කවදා හරි ගැහැනියෙක් වෙන්න හිතිල තියෙනවද…? ගැහැනු ඔබෙන් මම මෙහෙම අහන්නම්, ජීවිතේ කවමදාක හරි පිරිමියෙක් වෙන්න ආස හිතිල තියෙනවද…? පිරිමි ඔබට එක මොහොතකට ගැහැනු හිතක් ඇතුලට එබිල බලන්න අවස්ථාවක් ලැබුනොත් ඔබ ඒ හැඟීම විඳ ගන්න කැමතිද…? පිරිමි අපිට නොතේරෙන ගැහැනියක් වීමේ ඒ හැඟීම, එයිනුත් පුරුෂ මූලික සමාජ ක්‍රමයක් ඇති ආසියානු කලාපයේ දුක් විඳිනා ගැහැනියක් වීමේ ඒ හැඟීම, මිනිත්තු 96ක් පුරාවට ලොවට සැගවුන ගැහැනියකගේ ඒ හදවත විනිවිද දැක ගන්න ඔබටයි මේ ආරාධනය. ඇතැම්විට මේ ඔබේ මවගේ, සහෝදරියගේ, දියණියගේ කතාව විය හැකියි.

” මෙයි “
ඔබ දන්නේ ඇගේ නම පමණි
ඇගේ ජීවිත කථාව නොවේ…
ඔබ අසා ඇත්තේත් ඇය කල කී දෑ මිසක,
ඇය ජීවිතයේ විඳ ඇති අනේක වූ දුක් කම් කටොලුත් නොවේ…
එබැවින් ඔබ ඇයව විනිශ්චය කිරීමට පෙර
දෙවරක් සිතා බලන්න…
අවසරයි නරඹන්න,
” මේ ඇගේ කතාවයි…. “

තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. ඒ වගේම තවත් දෙයක් මේ සිනමා සිත්තමේ තියෙන සමහර දර්ශන වැඩිහිටියන්ට වඩාත් සුදුසු වෙනවා. ඒ දර්ශනයන් කලාත්මක ඇසකින් විතරක් දකිනවා නම් මේ සිනමා සිත්තමේ රසය වඩාත් හොඳින්ම විඳ ගන්නට ලැබේවි.

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශීය භාෂා චිත්‍රපටය ඇතුලු ඔස්කාර් සම්මාන ද්විත්වයකටම නිර්දේශ වූ විශිෂ්ට ජර්මානු සිනමා සිත්තමක උපසිරැසියත් සමඟින් නැවත හමුවෙමු.
ඔබට ජය….!

ප.ලි
සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,644 downloadsDownload The-Third-Wife-2018.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසිත මධුෂාන්

Subtitles

2,644 downloadsDownload Subtitles31 KB

25 comments

  1. jagath55

    Thanks

  2. sks

    thank for sub

    please dear
    request:

    Indecent Proposal 1993
    Disclosure 1994
    Striptease 1996
    The Scarlet Letter 1995
    Mr. Brooks 2007

    1. හසිත මධුෂාන්

      දුක කියන්නෙ මෙතනින් එකක්වත් බලලා නැති එක. මටත් බලන්න මග ඇරුන හොඳ ෆිල්ම් ටිකක්... බොහොමත්ම ස්තූතියි සහෝ මේ ඔත්තුවට. දැනටමත් බාන්න දාලයි තියෙන්නෙ. බලලම කියන්නම් කොහොමද කියලා... තව මේ වගේ හොඳ ෆිල්ම් හම්බ උනොත් පහලින් තියෙන මේල් එක හරහා මාව සම්බන්ධ කර ගන්න.
      hasitha.m.sky ඇට් ජී මේල් ඩොට් කොම්

  3. Dew visanka

    newness
    set it up
    i smile back
    the other half

    mn thawa ewa illuwa kalin wena ayagen dan mathaka na

    1. හසිත මධුෂාන්

      වැඩි කතාබහකට ලක් නොවුන වෙනස්ම විදියේ ෆිල්ම් සෙට් එකක් නේද සහෝ...
      මම බලලම කියන්නම් කොහොමද කියලා...

  4. shilpa

    thanx

  5. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    1. Hasinikaushalya

      උපසිරැසියට බොහොම ස්තූතියි

  6. chinthaka_priyadrshana

    Thank U.....................

  7. ricadodamien

    Thank U Hasitha brother & baiscope team for the sub, all the best to baiscope team........

  8. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට

  11. Lakshansilva18

    Big fish (2003) movie ekata sub dennako imdb 8/10 agayak thiyena hoda film ekak. Parana unatath ela film ekak

    1. හසිත මධුෂාන්

      Big Fish බාලා ලග තියන් ඉන්න තවමත් බලන්න බැරි උන ෆිල්ම් එකක්...
      හුග දෙනෙක් කියල තිබුනා මේක හොඳ ෆිල්ම් එකක් කියලා. මම අද හෙටම බලලා කියන්නම් කොහොමද කියලා...

  12. Lakshansilva18

    Mother (2009) korean movie
    Frailty (2001)
    Vanilla sky (2001)
    What dreams may come (1998)
    Primal fear (1996)

    1. හසිත මධුෂාන්

      Mother එකට නම් වෙන සයිට් එකක සිංහල සබ් එකක් දීල තියෙනව සහෝ...
      Primal Fear එක සහෝ මගෙන් කලිනුත් ඉල්ලලා තියෙනවා. මම ඒ ෆිල්ම් එක ගැන දැනගත්තෙත් බැලුවෙත් ඒකෙන් පස්සෙයි. කවදා හරි සබ් එකක් කරන්න හිතං ඉන්න සුපිරිම ප්ලොට් ට්විස්ට් එකක්. වෙලාවක් ලැබුන ගමන්ම කරන්නම්...
      අනිත් ෆිල්ම් 3ම මම බලලා නැති ඒවා. හැබැයි වෙනස්ම ස්ටෝරීස් තුනක් වගේ... මම බලලම කියන්නම් සහෝ කොහොමද කියලා...

  13. Xxxxx

    Thanks brother,thank you very very much.

  14. නිමල් දිසානායක

    අති සංවේදී කතාවක්.
    හැඟීම් තවත් තීව්ර කරවන සබ්ස් නිසා වැඩියෙන් දැනුනා.
    ගොඩක් ස්තුතියි හසිත.

  15. indika75

    thanks..

  16. Hassy

    මම නම් දැන් sub හොයාගන්නේ හරිම ලේසි ක්‍රමයකට බයිස්කෝප් එකට ආවා හසිත මධුශාන්ගේ ලින්ක් එකට ගියා එකෙන් එකක් බෑවා.මට ඕනේ රහ තියෙන වෙනත් රටවල ඒකාකාරී නැති ෆිල්ම් වලට subs තියෙන්නේ එතන.ඉස්සර වගේ පැය ගණන් google වල හොයන්න ඕනේ නෑ.. Thanks !!!! කොලොම්බියන් , තුර්කි හොඳ ෆිල්ම් වල sub ටිකක් දෙන්න.

    1. හසිත මධුෂාන්

      කාලය තමයි ගැටලුව සහෝ...
      ඇයි ෆිල්ම් දෙකකින් විතරක් සබ් කරන එක නතර කලේ...?
      The Aviator එකෙන් පස්සෙ එපා උනාද...?

  17. muditha gayan

    Thankzzzzzzzz

  18. ශලිනි මල්ෂා

    Thank you for your heard work!!

  19. Anonymous

    සිංහල උපසිරස ලබා දුන්නාට බොහොම ස්තූතියි. පුලුවන් නම් the last seduction 1994 , Citizen Kane වලටත් උපසිරස ලබා දෙන්න පුළුවනිද