ඔන්න එහෙමනම් මේ Disney විසින් නිකුත් කරගෙන යන Live Action චිත්‍රපට පෙළේ අලුත්ම චිත්‍රපටය Lady and the Tramp (2019) චිත්‍රපට සම්ප්‍රාප්තියයි. 1955 මෙහි ඇනිමේෂන් චිත්‍රපටය මේ නමින්ම නිකුත් වෙලා තියෙනවා. එහි දෙවන කොටසකුත් 2001දී නිකුත් වෙලා තියෙනවා. බලපු අය දන්නව ඇතිනේ කොච්චර ලස්සන චිත්‍රපට දෙකක්ද කිය…

ඔන්න එහෙමනම් මේ Disney විසින් නිකුත් කරගෙන යන Live Action චිත්‍රපට පෙළේ අලුත්ම චිත්‍රපටය Lady and the Tramp (2019) චිත්‍රපට සම්ප්‍රාප්තියයි. 1955 මෙහි ඇනිමේෂන් චිත්‍රපටය මේ නමින්ම නිකුත් වෙලා තියෙනවා. එහි දෙවන කොටසකුත් 2001දී නිකුත් වෙලා තියෙනවා. බලපු අය දන්නව ඇතිනේ කොච්චර ලස්සන චිත්‍රපට දෙකක්ද කියලා. ඉතින් නොබලපු අයටත් මේ අලුත් චිත්‍රපටය බලන්නනම් කිසිඳු බාධාවක් නැහැ ඒ මේක පළමු කොටසෙම Remake එකක් නිසා. ඒ වගේම මේකේ ඇනිමේෂන් චිත්‍රපටය එක්ක සසඳද්දී සැලකිය යුතු වෙනස්කම් කීපයක්ම තියෙනවා. ඒවා ගැන ළඟදීම මංසලෙන් ලිපියක් දෙන්න බලාපොරොත්තු වෙනවා.
චිත්‍රපටය ගැන කතා කරද්දී මෙහි අධ්‍යක්ෂණය Charlie Bean විසින් සිදු කර තිබෙනවා. Justin Theroux ට්‍රෑම්ප් ලෙසත්, Tessa Thompson ලේඩි ලෙසත් හඬකැවීමෙන් දායක වෙනවා.
කතාව ගැන කෙටියෙන් කියනවනම්, ධනවත් යුවලක් තමයි ජිම් සහ එයාගේ නෝනා. ජිම් එයාගේ නෝනාට පුංචි බලු කුක්කෙක්ව ගෙනල්ලා දෙනවා. එයාට මේ දෙන්නා දාන නම තමයි ලේඩි (ආර්යාව.) ඉතින් ගොඩක් ආදරෙන් තමයි මෙයාලා ලේඩිට සළකන්නේ. හැබැයි මෙයාලගේ පවුලට අලුත් කෙනෙක් එකතු වෙනවා. ඒ පුංචි බබෙක්. මේ කාරණයත් එක්ක ලේඩිට දැනෙනවා මහත්තයාටයි නෝනාටයි එයා ගැන තියෙන සැළකිල්ල අඩු වෙලා කියලා. මේ සමගම වගේ තමයි බොහොම අපූරු යාලුවෙක් ලේඩිට හමුවෙන්නේ. ඒ යාලුවා වීථි ගාණේ ඇවිදිමින් ජීවත් වෙන බල්ලෙක්. එයාටනම් එක එක නම් තියෙනවා. ට්‍රෑම්ප් (රස්තියාදුකාරයා) කියලා තමයි සාමාන්‍යයෙන් එයාට කියන්නේ. ඉතින් ඒත් එක්ක ලේඩිට සිද්ධ වෙන සුන්දර සිදුවීම්, අකරතැබ්බයන් ගොඩක් අපිට මේ චිත්‍රපටය තුළින් දැක බලාගන්න පුලුවන්. ඒ වගේම වැදගත් පණිවිඩ කීපයක්ම මේ චිත්‍රපටයෙන් අපිට ලබා දෙනවා.
මේක ගේන්න විවිධ හේතු නිසා දවසක් කීපයක්ම ප්‍රමාද වුණු නිසා වැඩිය ලිපිය නොලියා මෙතනින් නතර කරනවා. එහෙමනම් හැමෝටම ඉතාමත් ලස්සන මේ චිත්‍රපටයත් බලන්න කියලා ආරාධනා කරනවා.
තවත් උපසිරසකින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
5,698 downloadsDownload Lady-and-the-Tramp-2019-WEB.zip191 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
30 comments
madhushanka8
R_deshan
Subtitle denna krrish 4 release wela wath thiyanawada bn
R_deshan
සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ ලස්සන කතාවක්...
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Noelle (2019) එකටත් සබ් අරන් එමු....Samitha Prince
Godaaak tnx sub ekata mcn...
arawindasunimal
thanks sub ekata jayawewa...........
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
BR කොපියක් ආවම සබ් එකට අප්ඩේට් එකක් දෙන්න..
ජය වේවා.!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
wnrodrigo
Good work friend, Thanks for the sub!.
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request : (PSArips)
Primal (2019)
The Farewell (2019)
Adopt a Highway (2019)
Earthquake Bird (2019)
Rattlesnake (2019)
Noelle (2019)යුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූතියි සහෝ ...!!!
Ravindu Rukshan
Thx
dulajindika
මරු නම
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
wajira
Thanks for sub
rockz2020
ගොඩක් ස්තූතියි සහෝ!❤✌
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
පුළුවන්නම් මේවටත් සබ් දෙන්න ජය!.Mr. Go 3D (2013)
Ne Zha (2019)indika75
thanks..
hmj
Thank you sahoo!!!
Udara Damith Dissanayaka
elaaaaaa
sanuj
බොහොම ස්තුතිය සහෝ..
එළම.YasasPerera
thanks bro
Ravisara Dharmapala
Cats and dogs ekata passe baluwa supirima puppy movie ekk mn nm kien ratings tykk wadiwendni merta wads niyama film eka supiri me wage films thwath denda sub ekath nimeta krla tyenwa thanks brother good luck digatama krgens ynda labewa
Jaya wewa..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Sandun
SUB ekata bohoma isthuthi saho... JAYEN JAYA !!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravisara Dharmapala
Supirima movie ekk sub ekt niyameta karala tynww good luck bro digatama karagena ynda shaktiya labendoni goodluck..
MAALnath
Thanks .............................good luck ..................
Janak
Congratulations brother
රිශාන්ත
මැල් මල්ලිට ගොඩක් ස්තුතියි
mithnil1986
Great work & all the best for future Subs
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Krrish 4 eke sinhala subtitle eka dennako. Meka podi illimak.