2020 ජනවාරි මස 24 වන දින තිරගතවුණ Psycho (2020) චිත්‍රපටයට පසු Udhayanidhi Stalin ගේ සුපිරිම චිත්‍රපටයකට උපසිරැසිය අරගෙන එන්න අවස්ථාව හම්බවුණා. 2022 මැයි මස 20 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Crime, Drama, Mystery වර්ගීකරණය යටතේ ලිපිය ලියන අවස්ථාව වන විට IMDb අගය 8.1ක් වගේ ඉහල අගයක් අරගෙන තියෙන පැය 2…

2020 ජනවාරි මස 24 වන දින තිරගතවුණ Psycho (2020) චිත්‍රපටයට පසු Udhayanidhi Stalin ගේ සුපිරිම චිත්‍රපටයකට උපසිරැසිය අරගෙන එන්න අවස්ථාව හම්බවුණා. 2022 මැයි මස 20 වන දින තිරගතවීම ආරම්භ කරන ලද Crime, Drama, Mystery වර්ගීකරණය යටතේ ලිපිය ලියන අවස්ථාව වන විට IMDb අගය 8.1ක් වගේ ඉහල අගයක් අරගෙන තියෙන පැය 2 කට වඩා දිවෙන කුතුහලයෙන් පිරි කතාවක් තමයි ඔයාලට අරගෙන ආවේ. චිත්‍රපටිය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තිය මත පදනම් වූවක්. චිත්‍රපටිය සත්‍ය සිදුවීම් ආශ්‍රිතව නිර්මාණය කර තිබෙනවා. ආගම, ජාතිය, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය හා උපන් ස්ථානය පදනම් කරගෙන වෙනස්කම් කිරීම තහනම් කරන ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 වැනි වගන්තිය පිළිබඳ යථාර්ථවාදී ලෙස චිත්‍රපටය ඉදිරිපත් කරනවා . චිත්‍රපටයේ උදයනිධි රඟපාන්නේ තමිල්නාඩුවේ ග්‍රාමීය ප්‍රදේශයේ සුළුතර පන්තියකට අයත් ගැහැණු ළමුන් දෙදෙනෙක් සමූහ දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලිස් නිලධාරියෙකුගේ චරිතයක් වටායි. උදයනිධිට අමතරව ආරි අර්ජුනන්, ටාන්‍යා රවිචන්ද්‍රන්, ශිවානි රාජසේකර් ඇතුළු නළු නිළියන් කණ්ඩායමක් සහභාගි වෙනවා. කතාව ගැන චූටිවට පොඩ්ඩක් කියන්නම්.
විජයරාගවන් අයි.පී.එස්. ලෙස පත්වීම හම්බවෙලා දවස් 3ක් යනකොට දෙවැනි මාරුවීම හම්බවෙලා පොල්ලාචියේ අවට දුෂ්කර ගම්මානයකට එනවා. ඒ ඇවිත් කාර් එකෙන් බහින්න හදන්කොටම හෝව් සර් බහින්න එපා පොලීසියට කුමරන් කියල මේ පැත්තේ අරගල උද්ඝෝෂණකරන එකෙක් උගේ කණ්ඩායමත් එක්ක පොලීසියට සර්පයන් ගොන්නක් දාල කියල උන්ව සර්පයන් අල්ලන පිරිසක් ගෙනැල්ලා අයින් කරන ගමනුයි හිටියේ. අවසාන සර්පයත් අයින් කලා දැන් ප්‍රශ්නයක් නෑ සර් කියල පොලීසියේ හිටිය ඉන්ස්පෙක්ටර් කාර්යය මණ්ඩලත් අදුන්වලා දීලා rරාජකාරිකටයුතුආරම්භ කරන්න පටන් ගන්නවා. රාජකාරිය පටන් ගත්තු දවසෙම ඒ පැත්තේ දේශපාලකයෙකුගේ උපන්දින උත්සවයක් කියල ආරාධනාවකුත් හම්බවෙනවා. ඒකට යන විජයරාගවන්ට එයාගෙ පංතියේ යාලුවෙකුත් මුණ ගැහෙනව. මිනිහ නම් අඩිය ගහල හිටියේ කරටි කැඩෙන්නම, ඉතින් මිනිහවත් බයික් එකේ දාගෙන ගෙදර ඇරලවලා ගෙදර ගිහින් නිදාගන්න අපේ අයි.පීඑස්. මහත්තයටම පහුවදා ඉදන්ම ලොකු නඩුවක් සෙට් වෙනවා. වැවක් අසළ ගහක ගැහැණු ළමයි දෙන්නෙක් බෙල්ලෙ වැළ දාල එල්ලිලා. ආරංචි හැටියට තව ගැහැණු ළමයෙක් අතුරුදහන්. එහෙනම් අයි.පී.එස් මහත්තයගෙ වැඩේ ඔයාලට බාරයි. හැමෝටම තෙරුවන් සරණයි.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
12,678 downloadsDownload Nenjuku-Needhi-2022.zip72 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
38 comments
Rumesh
Anonymous
Thanks for sub
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Naveen
උපසිරසියට තුති
indika 75
thanks..
Anonymous
Patta
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
මලයාලම් ෆිල්ම් තොගයක්ම ඇවිත් තියෙනවා,ඒවටත් සබ් දෙන්න බලන්න
Samith
Thanks brother
Achi
බොහෝම ස්තුතියි සහෝ ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
Kushan
Sub akta thanks
Anonymous
තැන්කු වේවා
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Janith
නියම ෆිලුමක් ..ස්තුතියි සබ් දුන්නට ..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Oshada
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Dineth de silva
Thanks brother
Sheron
Superb movie ..keep going ..
Anonymous
තෑන්ක්ස් මචෝ සබට
Anonymous
Artical 15 hindi film eke remake ekada?
dulan
ස්තුතියි !
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Anonymous
thanks ..
Jevan
Thanks brother
Eranda
Thanks brother
Anonymous
එලකිරි සුපිරිකිරි
Pasindu Madumal
සබට තුති අයියෙ ❤️
Anonymous
Thanl u
Vishwa sasanka
Thank you
අපි තමා හොදටම කලේ
විස්කොතුයිÔ
ෆිල්ම් එකේ නම් බලන්න තරම් ලොකු කතාවක් නෑ හැබැයි öGagan
HDRIP ESub හදලා කො
Malith samarawickrama
Thanks sago sub ekata
Anonymous
Thnx for sub ...❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
සුපිරියක් වගේ
බොහොම ස්තුතියි සහෝ