බොලිවුඩයේ කිලාඩි අක්ශේ කුමාර් රංගන දායකත්වයෙන් යෙදෙන බච්චන් පාණ්ඩේ අරගෙනයි අද මම ආවේ. ඉතින් කාලයක් තිස්සේ මේක ගැන ඉන්දියාවේ ගොඩක් කතා වුණු චිත්‍රපටියක් වුණා. කොමඩි චිත්‍රපටිවලට ගැළපෙනම නළුවෙක්, ඒ වගේම තමයි ඇක්ශන් කියන්නෙත්. හැම පැත්තකින්ම සර්ව සම්පූර්ණ හොඳට දිළිසෙන තරුවක් තමයි අක්ෂේ කුමාර් කියන්නේ.…

බොලිවුඩයේ කිලාඩි අක්ශේ කුමාර් රංගන දායකත්වයෙන් යෙදෙන බච්චන් පාණ්ඩේ අරගෙනයි අද මම ආවේ. ඉතින් කාලයක් තිස්සේ මේක ගැන ඉන්දියාවේ ගොඩක් කතා වුණු චිත්‍රපටියක් වුණා. කොමඩි චිත්‍රපටිවලට ගැළපෙනම නළුවෙක්, ඒ වගේම තමයි ඇක්ශන් කියන්නෙත්. හැම පැත්තකින්ම සර්ව සම්පූර්ණ හොඳට දිළිසෙන තරුවක් තමයි අක්ෂේ කුමාර් කියන්නේ. අක්ෂේගේ මේ චිත්‍රපටියට ප්‍රධාන නිළිය ලෙස කටයුතු කරන්නේ ක්‍රිති සැනෝන් ඒවගේම ජැක්ලීන් ෆර්නෑන්ඩස්, පන්කජ් ත්‍රිපාටි, අර්ශාද් වර්සි වැනි නළු නිළියක් මේ චිත්‍රපටියට රංඟනයෙන් දායක වෙනවා. ඇත්තටම මේ චිත්‍රපටිය Jigarthanda නම් 2014 නිකුත් වූ දෙමළ චිත්‍රපටියට නැවත නිර්මාණයක් වගේම 2004 වර්ශයේ නිකුත් වූ දකුණු කොරියානු චිත්‍රපටියක් වන A Dirty Carnivalහී අභාසය අරන් තියෙන බව පවසනවා.
2020 ජනවාරි 6 වෙනි දින රූගත කිරීම් ආරම්භ කෙරුණු අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙහි රූගත කිරීම් කල් දැමුණා. 2021 ජුලි මාසය වෙන කොට චිත්‍රපටිය රූගත කොට අවසන් කෙරුණු අතර 2022 මාර්තු 18 වෙනි දින මෙම චිත්‍රපටය සිනමාහල් වල තිරගත කෙරුණා. පළමු දවස තුළ කෝටි 13ක් උපයා ගත් අතර පළමු සතිය තුළ කෝටි 37ක් මෙම චිත්‍රපටියට උපයා ගැනීමට හැකිවුනා. ලෝකය පුරා සිනමාගත කිරීමෙන් කෝටි 68ක බොක්ස් ඔෆිස් එකක් ලබාගෙන අප්‍රේල් මස 15වෙනි දින මෙය ඇමසෝන් ප්‍රයිම් වීඩියෝ හරහා ඩිජිටල් පිටපත් නිකුත් වූවා. මෙහි අධ්‍යක්ෂකවරයා වූයේ ෆර්හාද් සාම්ජි, නිෂ්පාදකවරයා වූයේ සජිත් නදියද්වාලා.
කතාව ගැන කියනවා නම් භාග්වා වල ඉන්න මැරවරයෙක්ව තම ප්‍රථම චිත්‍රපටියට ප්‍රධාන නළුවා ලෙස අරගෙන හොඳ සිනමාපටයක් කරන්න බලාපොරොත්තුවෙන් අධ්‍යක්ෂකවරයෙක් ගැනයි දිවෙන්නේ. ඉතින් මේ මයිරා නම් අධ්‍යක්ෂකවරිය තම හීනයන් කරා යෑමේදී ඇතිවන කරදර කම් කටළු විද දරා හොඳ චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කොට එය සම්මානයටද පාත්‍ර වන්න ඇයට හැකියාව ලැබෙනවා. මේ ජයග්‍රහණය ලබාගන්න ඇය ගත් උත්සහා හාස්‍ය බවින් හා ත්‍රාසය එක්කහු කොට නිමැවුණු ලස්සන චිත්‍රපටියක් තමයි බච්චන් පාණ්ඩේ කියන්නේ. ඉතින් අක්ෂේගේ මේ කොමඩියක් නරඹන්න කියල ආරධනා කරගමන් මේක ඔයාලට අරන් එන්න ගත් කාලය බොහෝමයි. වුණු අපහසුතාවට සමාවෙන්න ඕනේ, තවත් මේ වගේ ලස්සන චිත්‍රපටියක් අරගෙන මම එන්නම් කියන වචනෙත් එක්ක මම ගිහින් එන්නම්! ජය වේවා. ❤
ආවා… ආවා… ආවා… ආවා… ආවා…
බච්චන් පාණ්ඩේ..!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.
11,125 downloadsDownload බච්චන්-පාණ්ඩේ-2022.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
27 comments
ශාමල් මනෝජන්
Pasindu Madumal
බලන්නම් ❤️
Oshada
සබ නම් පරක්කු නිසා වෙන සබකින් බැලුවේ
කොහොමවුනත් තෑන්ක්ස් බයිස්කෝප් ටීම් එකටම මේ වගේ අපහසු කාලෙකත් වැඩේ අල්ලගෙන යනවටSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
අනුජ්
බොහොම ස්තුතියි
Nelson Rodrigo
Good work friend, thanks.
Udaya Fdo
Thank you
Kushan
Sub akta thanks
Anonymous
තෑම්ක්ස් බොම්ක❤️
sahangayantha
thanks a lot saho sub ekata
පසන්
මාස දෙකක් පරක්කුයි අනෙක් සයිට් වලට වඩා.. baiscopelk is going down
Naveen
උපසිරසියට තුති
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
Thanks for sub
indika 75
thanks..
Idunil Weerasinghe
Thanks brother
Anonymous
Thanks Brother
උදාර
කන්නඩ ෆිල්ම් වලටත් සබ් දෙන්නකෝ
Anonymous
සුපිරි ඇහ්හ්හ්
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
shihan
sub ekata tnx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Thilina
මේකෙ torrent එක හොයාගන්නෙ කොහොමද? please help guys
Thilina
මේකෙ ටොරන්ට් එක හොයාගන්නෙ කොහොමද? please help guys
asinda
mewa update karahalla bn. aluth wena copy walata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Bachchhan Paandey (2022) Sinhala Subtitles | භාග්වාහි මැරවරයා, බච්චන් පාණ්ඩේ! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/06/බච්චන්-පාණ්ඩේ-2022.jpg)
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම් Bunty Aur Babli 2 - 2021 ෆිල්ම් එකටත් සබ් දෙන්න පුළුවන්ද?