මේ ඩොන් ක්‍රියාදාම කතාවල එන ඩොන් කෙනෙක් නෙවෙයි. විනෝදකාමීව ජීවිතය ගත කරන, විද්‍යාලයේ ගුරුවරුන් පීඩාවට පත් කරන කරදරකාරී ශිෂ්‍යයෙකුගේ කතාවක්. ට්‍රේලර්, පෝස්ටර් මොන විදිහේ බලාපොරොත්තුවක් දුන්නත් අනිවාර්යයෙන්ම චිත්‍රපටය නිම වෙන්නෙ ප්‍රේක්ෂකයාව සම්පූර්ණයෙන්ම තෘප්තිමත් කරමින්. චක්‍රවර්තිගෙ ජීවිතය එයාගේ ත…

මේ ඩොන් ක්‍රියාදාම කතාවල එන ඩොන් කෙනෙක් නෙවෙයි. විනෝදකාමීව ජීවිතය ගත කරන, විද්‍යාලයේ ගුරුවරුන් පීඩාවට පත් කරන කරදරකාරී ශිෂ්‍යයෙකුගේ කතාවක්. ට්‍රේලර්, පෝස්ටර් මොන විදිහේ බලාපොරොත්තුවක් දුන්නත් අනිවාර්යයෙන්ම චිත්‍රපටය නිම වෙන්නෙ ප්‍රේක්ෂකයාව සම්පූර්ණයෙන්ම තෘප්තිමත් කරමින්.
චක්‍රවර්තිගෙ ජීවිතය එයාගේ තාත්තා නිසා අපායක් වගේ වෙලා. චක්‍රවර්ති අකැමැති ඉංජිනේරු විෂය හදාරන්න වුණෙත් තාත්තගෙ බලකිරීම නිසා. විශ්ව විද්‍යාලයට යන චක්‍රවර්තිට වෙන්නේ කබලෙන් ලිපට වැටෙන්නයි. විද්‍යාලයේ විනය කමිටු ප්‍රධානී මහචාර්යවරයා මේ විද්‍යාලයම තමන්ගේ අණසක යටතේ පවත්වාගෙන යනවා. හැම ශිෂ්‍යයෙක්ම ඔහුගේ අනුදැනුමට යට විය යුතු වුණා. තමන් නිදහසේ, විනෝදකාමීව ගතකල ජීවන රටාවට මේ මහචාර්යවරයා ඉමහත් බාධාවක් වනවා. කොහොමද චක්‍රවර්ති මේ අලුත් ජීවිතයට හැඩ ගැහෙන්නෙ? නැත්නම් චක්‍රවර්ති විශ්ව විද්‍යාලය එයාට ඕනේ විදිහට හැඩගස්වා ගනීවිද? චක්‍රවර්ති තමන්ගේ ජීවිතයේ අරමුණ කුමක්ද යන්න සොයා ගනීවිද? තම පියා හා මහචාර්යවරයාගේ බලපෑම් වලින් මිදී චක්‍රවර්තිගේ අරමුණ සාක්ෂාත් කරගන්නේ කොහොමද? ඒ කිව්ව ආකාරයටම චක්‍රවර්තිගේ ජීවිතයේ අරමුණ/ඉලක්කය කුමක්ද යන්න තීරණය කරන මොහොත සොයා ගන්නා ආකාරය පිළිබඳවත් ඔහු ඒ අරමුණ සාක්ෂාත් කරගන්නා ආකාරය පිළිබඳවත් මේ කතාව ගොඩනැගෙනවා. හුරුදු පුරුදු අපි අසා තිබෙන අපේම කතාවක බලාපොරොත්තු නොවූ සංවේදී නිමාවක් දැකගත හැකියි.
ඩොන් හි නිමැවුම්කරුවා Merasal, Theri, Bigil යන චිත්‍රපටි අධ්‍යක්ෂණය කල ආට්ලිගෙ සහය අධ්‍යක්ෂකවරයෙකු වන සිබී චක්‍රවර්ති. සිබීගේ සැබෑ ජීවිතයේ සිදුවීම් පාදක කරගෙන තමයි මේ කතාව නිර්මාණය කරලා තියෙන්නෙ. සිබී ඉංජිනේරු ශිෂ්‍යයෙක්. විද්‍යාලයේ ඉන්න සමයේදිම ඔහුගේ අවධානය සිනමාව වෙතට යොමු වෙනවා. ඔහු විසින් Salayin Sagathiyil නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර එයට සම්මානයක්ද හිමිකර ගන්නවා. මේ ඩෝන් චිත්‍රපටය නිර්මාණය වුණ කතාව ලියන්නෙ 2014දි. ඒ කතාවෙන් පොඩි කොටසක් පමණක් එලියට අරගෙන ‘බිට්ටු’ නමින් කෙටි චිත්‍රපටියක් බාලා සරවනන්, කාලි වෙන්කට් දෙදෙනා යොදාගනිමින් නිර්මාණය කරනවා. එහි කතාව විශ්වවිද්‍යාල මහචාර්යවරයෙක්ගේ හා සිසුවකුගේ අතර ඝට්ටනයක් පිළිබඳ කතාවක්. මෙකල වන විට සිබී, ආට්ලිගේ සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කලා. මෙරසල් රූගත කිරීම් අතරේ විජේට තමන් නිර්මාණය කළ කෙටි චිත්‍රපටය පෙන්වලා තියෙනවා. විජේ සුපිරියි කියලා සිබීට සුබ පතලා තියෙනවා. සිබීට විජේගේ වචන කීපයත් එක්ක තමන්ට අධ්‍යක්ෂකවරයෙක් වෙන්න පුළුවන් කියලා විශ්වාසයක් ගොඩනැගෙන්න ගන්නවා. විජේ මේ කෙටි චිත්‍රපටය බලන්න කියලා S. J. සූර්යාටත් නිර්දේශ කිරීම නිසා ඔහුද නරඹ ප්‍රසංසා කරනවා. ඒ පරිද්දෙන්ම ආට්ලිත් ඔහුට ප්‍රසංසා කරනවා.
සිබී මේ චිත්‍රපටය රැගෙන මීට පෙරදි ශිවා හමුවී තිබුණා. ශිවා කතාව පිළිබඳ සෑහීමක් නොතිබූ නිසා වෙනස් කම් කිහිපයක් කරන ලෙසට නිර්දේශ කිරීමක් කරනු ලැබුවා. හරය වෙනස් නොකර තිර පිටපතේ හා චරිතවල වෙනස්කම් කිහිපයක් කරනු ලබනවා. එහිදී ශිවා ඒ සඳහා කැමැත්ත පල කරනවා. ශිවාව වගේම නළුවන් කිහිප දෙනෙකුම හමුවී කතාව ඉදිරිපත් කරනු ලැබුවත් විවිධ හේතු නිසාවෙන් ඔවුන්ද ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
ලයිකා ප්‍රඩක්ෂන් නිෂ්පාදනයෙන්, විග්නේෂ් ශිවන් අධ්‍යක්ෂණයෙන් SK 17 නම් ව්‍යාපෘතියක් කිරීමට නියමිතව තිබුණා. ඒත් හේතු කාරණා නිසා ශිවා රාජේෂ් එම්. සමඟ Mr. Local චිත්‍රපටයට යොමුවනවා. කෙසේ හෝ සිබීගේ කතාව අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියන අදහසින් ලයිකා සමාගම සමඟ ශිවා සාකච්ඡා කර තිබෙනවා. ලයිකා සමාඟම එතරම් පැහැදීමක් නැති වුවත් ශිවා කොහොමින් හරි තමන්ගේ SK Production හා Lyca Production එකතුව ව්‍යාපෘතිය ආරම්භ කරනවා. ලයිකා මොබයිල් එංගලන්තයේ දුරකථන සමාඟමක් වන අතර එහි හිමිකරු අල්ලිරාජා සුබාස්කරන්. ලංකාවේ ස්වර්වාහිණී නාලිකාවේ හිමිකරු වන්නේද මොහුයි. Kaththi (2014) චිත්‍රපටය නිෂ්පාදනයෙන් ඇරඹි මෙම නිෂ්පාදන ආයතනය 2.0 (2018) චිත්‍රපටය අධි වියදමක් දරමින් නිෂ්පාදනය කල බව බොහෝ අය දන්නා කරුණක්. දැනට ඉන්දියාවේ අධික වියදමින් තැනූ චිත්‍රපටය වන්නේද 2.0 චිත්‍රපටයයි. ඒ වගේම පැමිණීම්ට නියමිත Indian 2 චිත්‍රපටය නිෂ්පාදනයද මෙම සමාගම විසිනි. එහි වියදම 2.0 හි වියදමට වඩා වැඩි අගයක් වනු වගේම තැබූ වාර්තාව අලුත් කරනු නියතයි. ඒ වගේම බොහෝ අධි වියදම්, මධ්‍යම වියදම් චිත්‍රපටවලටද ඔවුන් විසින් මුදල් යොදවනු ලබනවා.
ඩොන් චිත්‍රපටයේ සාර්ථකත්වය සැමරුම් හමුවේදී උදයනිදී ස්ටාලින්, ඔහුටත් සිබී විසින් කතාව ඉදිරිපත් කර වෙනත් කටයුතු නිසාවෙන් එය මඟහැරුණු බව කියනු ලැබුවා. සිබී චිත්‍රපටය නිකුත් වීමට පෙර චිත්‍රපටය අසාර්ථක වේදෝ යැයි තරමක දෙගිඩියාවෙනුයි හිටියේ. ආසන්නව අවුරුදු 10ක් පමණ ඔහුගේ වෙහෙස මේ වෙනුවෙන් කැපකර තිබුණා. මේ චිත්‍රපටය සාර්ථක වීම ඉතිරි වූ එකම අවස්ථාව බවට පත් වෙලා තිබුණා. චිත්‍රපටය නරඹා අවසානයේ දන්නා හා නොදන්නා අය සිබීව අමතා සංවේදීව තම ශෝකය සිබී සමඟ බෙදාගෙන තිබුණා.
ඩොන් චිත්‍රපටයට වැඩි ප්‍රචාරණයක් ලැබුණේ ඉංජිනේරු ශිෂ්‍යයන්ගෙ මාර්ගයෙන්. විද්‍යාල ශිෂ්‍යයින් චිත්‍රපටයේ ගීත තමන්ගේ කරගෙන බොහෝ දෙනෙකු වෙත ලඟා කිරීමට දායක වූ බවයි පැවසෙන්නේ. චිත්‍රපටයට මහත් ප්‍රචාරණයක් අත් කර දුන්නා. Jalabulajangu Lyrical ගීතය යූටියුබ් නැරඹුම් වාර මිලියන 85 ඉක්මවා තිබෙනවා. 2020 වර්ෂයේදී තල අජිත් රසිකයෙක් සිත් තැවුලෙන් කල ප්‍රකාෂයක කොටසක් එම සමයේ යූටියුබ් ආදියේ බොහෝ ලෙස පැතිරී තිබුණා. ඒ ආකාරයටම විජේ රසියකයෙකුගේද උද්වේගකාරී ප්‍රකාෂයකද කොටස් එක් කොට Petta (2019) චිත්‍රපටයේ එන Rhythm of Petta MGM එකත් සමඟින් රීමික්ස් එකක් කරලා ”Amukku Dumukku Dumal Dumal’ නමින් පුද්ගලයෙකු යූටියුබ් එකට අප්ලෝඩ් කරලා තිබුණා. ඉන් ‘අමුක්කු ඩුමුක්කු අමාල් දාන්’ කොටස, ‘එන්න තල'(ඇයි අනේ අජිත් සර්) කොටස මේ ජලබුලජන්ගු සින්දුවට අනිරුද් විසින් ඇතුලත් කර තිබෙනවා. රොකේෂ්ගේ නව පද මාලාවකුත් එක්කයි මේ ගීතය මේ විදිහට නිර්මාණය වෙන්නේ. ඒ වගේම මෙහි එන BAE (Before Anything Else – විදිහටයි ගීතයේ රචක විග්නේෂ් ශිවන් BAE හි අර්ථය පැහැදිලි කර දෙන්නෙ.) ගීතය යූටියුබ් නැරඹුම් වාර මිලියන 41ක් හා ප්‍රයිවට් පාර්ටි ගීතය යූටියුබ් නැරඹුම් වාර මිලියන 36ක් ලබා තියෙනවා. මේ ප්‍රයිවට් පාර්ටි ගීතය රචනා කරනු ලැබුවේ ශිවකාර්තිකෙයන් විසින්. ජලබුලජන්ගු සින්දුවෙ සමහර චලන විලාස රජිණිකාන්ත්ගේ ශෛලියෙන් කරනු දැකිය හැකියි. ඒ වගේම විජේගේ නර්ථන ඉරියව් වලට සමාන නර්ථන ඉරියව් ද දකින්න පුළුවන්. ජලබුලජන්ගු ගීතයේ නර්ථන රචක වූ ශෝබි Alagiya Thamizh Magan (2007) චිත්‍රපටයේ විජේට ඉදිරිපත් කල නර්ථන ඉරියව් කිහිපයක් ශිවාට ද ලබා දී තිබුණා.
ශිවා චිත්‍රපටයක් තෝරා ගැනීමේදී වුවද හොඳට අධ්‍යනය කිරීමෙන් අනතුරුවයි එය කරනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ. ඒ වගේම ඔහු දුම්වැටි හා මධ්‍යසාර දර්ශන චිත්‍රපටවල යොදාගැනීමෙන් වැළකී සිටිනවා. පෙර චිත්‍රපටවල එවැනි දර්ශනවල ඔහුට රඟපෑමට සිදු වුවත්, පසුකාලීනව කුඩා දරුවන්ගේ ආකර්ෂණය ශිවාට හිමිවීමත් සමඟ ඒවායෙන් ක්‍රමයෙන් වැලකීමට ඔහු තීරණය කරනු ලැබුවා. චිත්‍රපටයේ ඇතුලත්වන “ප්‍රයිවට් පාර්ටි” ගීතය සඳහා සතුන් සමඟ සාදයක්, කුඩා දරුවන් සඳහාම විශේෂයෙන්ම සිතේ මවාගත් දර්ශනයක් බව සිබී කියා සිටියා.
මෙහි චරිතවලට පණ පොවනු ලබන්නේ ශිවකාර්තිකෙයන්, S.J. සූර්යා, ප්‍රියන්කා අරුල් මෝහන්, බාලා සරවණන්, සමුත්‍රකනී, සූරි, R.J. විජේ, ශිවාංගි, මුනිෂ්කාන්ත්, කාලි වෙන්කට්, රාධා රවී, සිංගපුලි, මනෝබාලා යන අයයි. ඒ වගේම මෙහි ගෞතම් වාසුදේවන් මේනන් ආරාධිත රංගනයකට සහභාගි වනවා.
සිබී මෙරසල් චිත්‍රපටියේ S.J. සූර්යාගේ රඟපෑම දැකීමෙන් පසුව ඔහුව හිතේ තබාගනිමින් මහචාර්යවරයාගේ චරිතය සංවර්ධනය කර කතාව ලියූ බව කීවා. S. J. සූර්යා Spyder (2017), Merasal (2017), Maanaadu (2021) යන චිත්‍රපටවල දුෂ්ඨ චරිතයේ ජීවත් වූවා කීවොත් නිවරදියි. Vaalee (1999) චිත්‍රපටයේ(වාලි සූර්යාගේම අධ්‍යක්ෂණයක්) අජිත් කුමාර් අතින් හා කට භාවිතයෙන් කරන ඉරියව්වක් මෙහිදී මහචාර්යවරයාට එක් කරගෙන තියෙනවා. තෙළිඟු චිත්‍රපටයක් වූ Gang Leader (2019) චිත්‍රපටයේදී දැකගත හැකි වූ ප්‍රියංකාව, ඩොන් චිත්‍රපටයේ නිළිය ලෙස සිබී නිර්දේශ කිරීය. ඒ වන විටත් ප්‍රියංකාව, ශිවා ඩොක්ටර් චිත්‍රපයේ නිළි චරිතය වෙනුවෙන් තෝරාගෙන තිබුණි.
චිත්‍රපටයට සූරිව ද සම්බන්ධ කරගත යුතු බවත්, සූරිගේ චරිතය, හාස්‍යම පමණක් වන සුපුරුදු චරිතයක් නොවන බව අධ්‍යක්ෂකවරයා ශිවා හට කියා තිබුණා. ඒ අනුව සූරි චරිතය ආදිය ගැන කිසිත් නොඅසා චිත්‍රපටයට සම්බන්ධ වනවා. Manam Kothi Paarvai, චිත්‍රපටයේ සිට Don දක්වා චිත්‍රපට 8කදීම සූරි සහ ශිවකාර්තිකෙයන් සංයෝගය දැකගත හැකියි.
චිත්‍රපටයේ සංගීතයට හිමි වන්නේ වැදගත් කොටසක්. චිත්‍රපටයේ බොහෝ දුරට ප්‍රවර්ධනය වූයේද අනිරුද්ගේ සංගීතය නිසාවෙන්මයි. සංගීතය වෙනුවෙන් අනිරුද්ව, සිබී විසින්ම ඉල්ලා තිබෙනවා. ශිවකාර්තිකෙයන්ගේ වෘත්තීය ජීවිතයේ රඟපෑ චිත්‍රපට 27කින් 7කටම සංගීතය අධ්‍යක්ෂණය කර ඇත්තේ අනිරුද් විසින්. ශිවා හා අනිරුද් බැඳීමත් ප්‍රේක්ෂකයින් මහත් ආදරයෙන් වැළඳගත් බැඳීමක්.
කොරියන් භාෂා උච්චාරණට සමානව දෙමළ භාෂාවෙන් කරන සංවාදය ඇතුලත් හාස්‍යෝත්පාදක දර්ශනය සමාජ මාධ්‍ය තුල පැතිරුණා. ඇත්තටම “ඉදාකවූ අම්චා?”(මේකටද යැව්වේ?) යන්න අනිරුද්ගෙ කටින් පිටවූවක්. මෙය චිත්‍රපටයේ එම හාස්‍යජනක කොටස සඳහා දියුණු කොට එක් කර ගැනුණා.
ඩොක්ටර් චිත්‍රපටයෙන් සිනමාශාලා හිමිකරුවන් අතර වැඩි කොටස් ප්‍රමාණයක් බෙදා හරිමින්, නිෂ්පාදකයින්ට ලාභයක් හිමිකර හිමිකර දෙමින් තිරගත වුණා. දින 25ක් පමණ අති සාර්ථකව ආදායම් වාර්ථා තබමින් ඩොක්ටර් තිරගත වුණා. සන් පික්චර්ස් නිෂ්පාදනය කල ඩොක්ටර්, ඔවුන් විසින්ම අකැමැත්තෙන් වුවත් සිනමාශාලාවලින් ගලවා දැමුනේ ඔවුන්ගේම Annaatthe (2021) චිත්‍රපටය නිකුත් කිරීම නිසාවෙනි.
මෙම වසරේ(2021) මාර්තු 25 දින ඩොන් චිත්‍රපටය නිකුත් වන බව නිවේදනය කිරීමත් සමඟ චිත්‍රපටය වෙනුවෙන් සිනමාශාලා හිමිකරුවන් ට්වීටර් ඔස්සෙ ඔවුන්ගේ උණුසුම් පිළිගැනීම ඩොන් වෙත පුදකරනු ලැබුවේ මෙලෙසයි.
නමුත් ඉන්දියාව වගේම ලෝකයේ බොහෝ ප්‍රේක්ෂකයින් බලාපොරොත්තුවෙන් සිටි රාජමෞලිගේ RRR (2022) චිත්‍රපටය ලොවපුරා නිකුත් කිරීමට නියමිතව තිබූ දිනය මාර්තු 24 දායි. මාර්තු 25 දින, එනම් පසු දින ඩොන් තිරගත කිරීමට ලබා දුන් දිනයයි. ඒ වන විටත් ශිවා ලයිකා ආයතනය සමඟින් RRR චිත්‍රපටයේ තමිල්නාඩු ප්‍රචාරණ කටයුතුවල යෙදී සිටියා. කෙසේ හෝ ශිවා RRR චිත්‍රපටයට ඉඩහසට ලබා දී ඩොන් චිත්‍රපටය මැයි මස 13 දක්වා කල් දමනු ලැබුවා.
නිකුත් වූ පලමු දින ආදායම ඉ. රු. කෝටි 10 ඉක්මවූ ආදායමක් හිමිකර ගන්නවා. ඩොන් චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම ඉ. රු. කෝටි 125+ ඉක්මවා ලබා තිබෙනවා. දෙමළ සිනමාවේ අධ්‍යක්ෂකවරයෙකුගෙ මංගල සිනමා චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා කෝටි100ක් ලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි. ශිවාගේ ඉ. රු. කෝටි 100 ඉක්ම වූ දෙවන චිත්‍රපටය මෙයයි. Doctor (2021) චිත්‍රපටය මීට පෙර ඉ. රු. කෝටි 100 කඩඉම පසුකරනු ලැබුවා. විශේෂත්වය වනුයේ කොලිවුඩයේ බොහෝ ජනප්‍රිය නළුවන් කෝටි 100 සීමාව පසු කර යාමට අපොහොසත් වූ අවස්ථාවක ශිවා මෑත කාලීනව ප්‍රසිද්ධයට පත් සුපිරි තරුවක් ලෙස එම සීමාව ඉතා පහසුවෙන් පසු කර යාමයි. කෙසේ හෝ ඩොක්ටර් චිත්‍රපටයෙන් පසුව තිරගත වූ මානාඩු චිත්‍රපටයෙන් සිම්බු ඔහුගේ වෘත්තීය ජීවිතයේ කෝටි 100 ආදායම් සීමාව පසු කරනු ලබනවා. කෝටි 100 පසුකල චිත්‍රපට ගණන අනුව රජිණිකාන්ත් චිත්‍රපට 8ක්. විජේ චිත්‍රපට 5ක්. අජිත් කුමාර් චිත්‍රපට 4 ක්. කමල් හාසන්, සූරියා සහ ශිවකාර්තිකෙයන්ට චිත්‍රපට 2 බැඟින් හිමි වෙනවා. චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසු 25වන දිම චිත්‍රපටයට නන් ආකාරයෙන් නිෂ්පාදනයට දායක වූවන් ගෙන්වා සිහිවටන පිරිනැමීමක්ද සිදු කරනු ලැබුවා.
ශිවා නිෂ්පාදනය කල ඔහුගේ මිතුරෙක් වන අරුණරාජ් කාමරාජ් අධ්‍යක්ෂණය කල Kanaa (2018) චීන භාෂාවෙන්ද මේ වසරේදි නිකුත් වුණා. එය චීන බසින් නිකුත් වූ දෙවන දමිළ චිත්‍රපටයයි. මීට පෙර රජිණිගේ 2.0 චිත්‍රපටිය 2018 වර්ෂයේදි චීනයේ ප්‍රදර්ශනය කෙරුණා. විශේෂත්වය වන්නේ චීනයේදී වෙනත් රටක චිත්‍රපටයක් ප්‍රදර්ශනය සඳහා ඔවුන් තෝරාගැනීමක් කරනු ලබනවා.
සිබී දරුණු රජිණි රසිකයෙක් නිසාවෙන්මෙහි රජිණිකාන්ත් සඳහන් කිරීම්(references) බොහෝ වශයෙන් එක් කර තිබෙනවා. ශිවාද දරුණු රජිණි රසිකයෙක් බව නොරහසක්. ශිවාගේ රඟපෑමට රජිණිගේ ආභාෂය බොහෝ සේ ලැබී තිබෙනවා. සිබීගේ ඉල්ලීම මත හඬ අනුකරණය මෙහිදී ස්ථාන කිහිපයකදී උපයෝගී කරගෙන තියෙනවා. විශේෂයෙන්ම ඩෝන් චිත්‍රපටයේ සඳහන් වෙන්නේ 90 ගණන් වල ළමා කාලය ගතකල චරිතයක් වටායි. 90 දශකයේ රජිණිගේ කොණ්ඩා විලාසිතාව, කළු කණ්ණාඩිය වගේ ගොඩක් දේවල් අනුගමනය කරන්නට වුණා. ඒ නිසා රජිණිගේ ආධිපත්‍යය රජ කල 90 දශකයේ ළමයෙක් වැඩෙන්නේ රජිණිගේ ආභාෂය ලබා ගනිමිනුයි. විශේෂයෙන්ම Bashsha (1995) දමිළ පමණක් නොවේ මුළු ඉන්දියාවේම ජනාදරයට පත් චිත්‍රපටයක්.
රජිණිකාන්ත් චිත්‍රපටිය නරඹා මුලින්ම ශිවාට කතා කර ප්‍රශංසා එක් කර තිබුණා. පසුව අනිරුද්ට, සිබීට හා සූර්යාට අමතා තිබුණ බව පැවසීය. රජිණි සිබී අමතා “සුපිරියි පැටියා” යනුවෙන් කියා තිබුණා. ඒ වගේම අවසන් විනාඩි 30 ඇඬු බවද කියා තිබේ. රජිණිගෙ දරුණු රසිකයෙක් වුණ සිබී තමන්ගේ චිත්‍රපටයකට කවදා හරි රජිණිගෙන් සුබ පැතුමක් එයි කියලා බලාපොරොත්තුවෙන් හිටියත් පලවෙනි චිත්‍රපටයෙන්ම ලැබීම ඔහුව පුදුම කිරීමක් බව කියා සිටියා. ඒ වගේම STR නොහොත් සිම්බු ද තමන් අමතා ඔහුද අවසන් විනාඩි කිහිපයේ සංවේදී වී ඇඬූ බව කියා තිබෙනවා.

(ඩොන් සාර්ථක වීමෙන් පසු රජිණි සිවකාර්තිකෙයන්ව මුණ ගැසුණ අවස්ථාවේදී.)
ශිවකාර්තිකෙයන්ගේ ඉදිරියේදී පැමිණීමට නියමිත චිත්‍රපට ලයිස්තුව දිහා බලද්දී… Ayalaan චිත්‍රපටයේ පසු-නිෂ්පාදන වැඩ කටයුතු කෙරීගෙන යමින් පවතිනවා. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ Indru Netru Naalai (2015) යන කාල තරණ චිත්‍රපටය අධ්‍යක්ෂණය කල R. රවි කුමාර්. එහි සංගීත අධ්‍යක්ෂණය A. R. රහුමාන්ගේ. වසර කිහිපයක් ප්‍රමාද වුණ අයලාන් මේ වසරෙදි හෝ ලබන වසරේදී තිරගත වීමට නියමිතයි. Prince චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Jaathi Rathnalu (2021) තෙළිඟු චිත්‍රපටය අධ්‍යක්ෂණය කල අනුදීප් විසින්. එය ද්විත්ව භාෂා චිත්‍රපටයක් ලෙසින් තිරගත වීමට නියමිතයි. රාජ් කමල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල් යටතේ නිෂ්පාදනය වන Maaveeran චිත්‍රපටයේ පෙර-නිෂ්පාදන වැඩ කටයුතු කෙරෙමින් පවතිනවා. එහි අධ්‍යක්ෂණය රාජ්කුමාර් පෙරියසාමි සහ සංගීතය අධ්‍යක්ෂණය හැරිස් ජයරාජ්. ශිවාට මේ අවස්ථාව හිමිවෙන්නේ කමල් හාසන්ගෙන්මයි. ඊට හේතු වුණ සිදුවීම නම් මෙසේයි. 2015 වර්ෂයේදි තිරුචන්දූර් ප්‍රදේශයේ විද්‍යාලයක උත්සවයකට සහභාගි වීමට කමල්ට හා ශිවාට, හංසිකා මොට්වානිට ආරාධනා ලැබී තිබුණා. උත්සවයට සහභාගී වීමට කමල් මදුරෛ ගුවන්තොටුපලට වේලාසනින්ම පැමිණෙනවා. කමල් එන බව ඇසූ රසිකයින් ඔහුව පිළිගැනීමට ගුවන්තොටුපලට පමිණෙනවා. කමල්ගේ පිටවී යාමෙන් පසු ශිවකාර්තිකෙයන් ද මදුරෛ ගුවන්තොටුපට එන බව ආරංචිය දැනගත් කමල්හසන්ගෙ රසිකයන් කිහිප දෙනෙක් ශිවා එනතෙක් රැඳී සිට ඔහුට පහර දෙනවා. කෙසේ හෝ ශිවාගේ ආරක්ෂකයින් ශිවාව ඔවුන්ගෙන් ආවරණය කරමින් එම ස්ථානයෙන් පිටවනු ලබනවා. මේ සිදුවීම කෙනෙක් රූගත කර සමාජ මාධ්‍යයට හරිනවා. ඉන් පසු එය බොහෝ සමාජ මාධ්‍යවල පැතිරෙන්නට වූවා. ‘උඹේ චිත්‍රපටියට නම දාගන්න කමල් හසන්ගෙ චිත්‍රපටිවල නම් අරගන්නවා.[Kaaki Sattai (2015)] ඒත් කියන්නෙ සුපර් ස්ටාර්ගෙ ෆෑන් කියලා.’ යනාදී ආකාරයෙන් සමාජ මාධ්‍යවල කමල්හසන් රසිකයන් ශිවාට බැනුම්, අපහාස කරන්නට වුණා. ශිවා තමන්ගේ රෝල් මොඩල් රජිණිකාන්ත් කියලයි විවිධ රූපවාහිනී සාකච්ඡා වලදී පවා ප්‍රකාෂ කර තිබුණේ. ශිවා මේ සිදුවීම එතරම් ගණනකට නොගත් බවත් කිසිම ප්‍රශ්නයක් නොමැති බවත් කමල්ව දැනුවත් කරනු ලැබුවා. එහෙත් කමල් මේ සිදුවීම ගැන බැරෑරුම්ව සලකා බලන්නට වුණා. මේ හේතුව නිසා සමාව ඉල්ලීමක් වගේ විදිහට තමයි SK 21 රාජ් කමල් ප්‍රඩක්ෂන් එකෙන් නිෂ්පාදනය කෙරෙන්නෙ. 80 – 90 කාලයේ රජිණි – කමල් තරඟය බොහොම ප්‍රබල ආකාරයෙන් ක්‍රියාත්මක වුණා. ඇත්තම කාරණාව රජිණි කමල්, කේ. බාලචන්දර්ගෙ ශිෂ්‍යයන් දෙදෙනෙක්. ඒ වගේම හොඳම යාළුවෝ දෙදෙනෙක්. රසිකයින් රසිකයින් අතරෙ ගැටුම් ඇතිවීම සාමාන්‍ය දෙයක්. උදාහරණයක් විදිහට වර්ථමානයේ විජේ – අජිත් රසිකයින් සමාජ මාධ්‍ය සහ සිනමා ශාලා ආදිය ආශ්‍රිතව කරන තමන්ගේ වීරයාව ප්‍රවර්ධනය කිරීම් ආදිය.
SK 22 – අධ්‍යක්ෂණය මැඩෝන් අශ්වින්, Singapadhai – අධ්‍යක්ෂණය අශෝක්(ඇට්ලි සහය අධ්‍යක්ෂක) ආරංචි අනුව ශිවා ද්විත්ව චරිත මවන චිත්‍රපටයක්. SK 24 – අධ්‍යක්ෂණය වෙන්කට් ප්‍රභූ සහ සංගීතය යුවන් විසින්.
දෙමව්පියෝ සිටිද්දිම එයාලව සතුටු කරන්න, සමරන්න මේ චිත්‍රපටය සිබීට ලැබුණ මහඟු අවස්ථාවක් බවයි සිබී දක්වන්නේ. මේක ඔබේම කතාව විය හැකියි. ඔබේ පියා, ඔබේ ගුරුවරයා මෙහි සිටිය හැකියි. කතාවෙ එක් චරිතයක් හෝ නිෂ්චිතවම වීරයෙක් ලෙසින් මතු වෙන්නෙ නැහැ. තමන්ගේ දෘෂ්ටි කෝණයෙන් තමන් නිවැරදියි කියා සිතුවත් තමා වැරදි බව තමන්ම වැරදි අවබෝධ කරගැනීම වටා මේ කතාව ගෙතී යනවා.
මෙය වැඩි වශයෙන් විචාරකයන්ගේ ධණාත්මක ප්‍රතිචාර ලබාගැනීමට සමත් වෙනවා. Imdb අගය 7.7ක්. TOI විචාරක අගය 3/5ක් ලබාගත් මෙම චිත්‍රපටය Netlifix ඔස්සේ ජුනි 10 දින OTT මාධ්‍යයෙන් නිකුත් කෙරෙනු ලැබුණා.
ඉතින් මාස දෙකකට වඩා කාලයකින් පස්සෙ උපසිරැසියකින් හමුවෙන්නෙ. අදහස්, යෝජනා කමෙන්ට් එකක් දාලා කියන්න. අඩුපාඩු තියෙනවා නම් ඒ ගැනත් සඳහන් කරන්න. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටමත් බයිස්කෝප් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටමත් ස්තූතිය පුද කරනවා. හැකි ඉක්මනින්ම තවත් උපසිරැසියකින් හමුවෙමු.
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HDRip පිටපත සඳහා අදාළ වේ.
33,837 downloadsDownload Don-2022-Updated.zip92 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
57 comments
Anonymous
Nisa
Sub akata wageama film akea wisthrayatath thnz machoo
Das
ලියවිල්ල මාරයි
Nandimithra
අඩේ malaya.. Sub ekata බොහොම ස්තුතියි සහෝ.. Sub එකට වඩා දාලා තියෙන විස්තර ටික වටිනවා. එලම.. නැත්නම් moko අපි පත්තර කියවනවා කියලද...
එලම මලයා....Naveen Mbr
ස්තූතියි! ;-)
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
Thanks for sub
oshanda
ammoo loku wistharayak sahoo... wede elaz... thanks bokka....
Naveen Mbr
ස්තූතියි ඔෂධ අයියා. ;-) ;-)
Naveen Mbr
හැමෝටම ස්තූතියි!
indika 75
thanks..
Kushan
Sub akta thanks
Lahiru
ඔයාගේ සබ් නම් සුපිරියි.
තෑන්ක්ස්.Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Pahasara
Thankz saho sub ekata...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sameera Aravinda
සබ් එකට ස්තූතියි ඒත් කියන්න ඕන පරන Baiscopedownloads site එක සුපිරි මේ අළුත් එකේ New Update movie මුලින්ම පෙන්නන්නේ නෑ ...පරන ඒවා තමයි මුලට එන්නේ ඒ වගේම Film කියලා තියෙන කොටසේ...ඉංග්‍රීසි , හිංදි ,දෙමළ තෙලිගු , කන්නඩ ,මළයාලම්, කොරියන් , චයිනිස් ,ජැපනීස් , වෙනත් භාශා විදියට හැදුවනම් හොදයි ..ඒකේ Manu එකේ තෙලිගු එහෙම නෑ .....Admin ලා ඒක බලන්න පොඩ්ඩක් ....පරන User interface එක මරු...අළුත් එකට වඩා....
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Oshada
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
Anonymous
Hats off for the information brother
Naveen Mbr
Thank You! ;-)
චමින්ද
සබ් එකට වඩා මහන්සි වෙලා තියෙනවා විස්තර ටික කියන්න බොහොම ස්තුතියි සහෝ සබ් එකට ❤️❤️❤️❤️❤️
Naveen Mbr
ස්තූතියි ;-)
Mayura
sabata wagema lipiyatath thuthi macho. menna gannawa
Hashan
Thnx for the sub
Dineth de silva
Thanks brother
Vishwa sasanka
Thank you
Naveen Mbr
අදහස් දක්වපු හැමෝටම ස්තූතියි!
Sheron
Thanks brother ..keep going ..
Anonymous
ලිපිය නම් ලෙසටම තියෙනෝ
තෑන්ක්ස් මචෝ සබටGihan
බොහෝම ස්තූති
Superman
Love u brother...i aappreciate your courage
dulan
ස්තුතියි !
Naveen
උපසිරසියට තුති
Anonymous
thanks ..
Arx
ලිපියේ සදහන් දෙමල නලුවන්ගේ කෝටි 100 පසුකල සිනමාපට ගනන වැරදියි නේද ?
Naveen Mbr
අජිත්ගෙ සමහරවිට වරදින්න පුළුවන්. අනිත් අයගෙ හරි.
Eranda
Thanks brother
Pasindu Madumal
සබට තුති වේවා කොල්ලෝ ❤️
Naveen Mbr
ගොඩක් ස්තූතියි පසිඳු සහෝදරයා! <3
Anonymous
එලකිරි සුපිරිකිරි
Udaya Fdo
Thank you
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි රවිඳු සහෝ..ජයවේවා !!
Pasan
Thanks
Thanks
BsAyesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Sandeep
Sub akata saha Lipiyata Gdk Thanks Saho....!jaya!!
Leon
Thanks bro
Naveen Mbr
අදහස් දැක්වූ හැමෝටම ස්තූතියි! :-) :-)
Udesh
Me film ai Dan meken download kara ganna bari, download kara ganna widiha poddak kiyanna
Naveen Mbr
Film එකේ නම ගහලා Baiscopedownloads කියලා සර්ච් කරන්න. තියෙනවා නම් එනවා.
Naveen Mbr
Film එකේ නම ගහලා Baiscopedownloads කියලා සර්ච් කරන්න. තියෙනවා නම් එනවා. :-)
Harindu Anujitha
Bro. Men2022 English movie eketa sub Eka dennko
Naveen Mbr
සබ් එක දුන්නා සහෝ. ස්තූතියි! :-)
Binusha
Thank you brother . Sub eka gaththa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අඩේහ් ඉක්මනින්ම සබ දීලා
තැන්කු වේවා