හෙළිලි හේමමාලි සොහොයුරියගේ ලිපිය… ”වසර ගානකට කලින් මට වෙඩි වැදුනා. ඒත්, වෙඩි උණ්ඩ තුනකට මගේ විශ්වාසයන් මරා දමන්න බැරි වුනා. කාලය නම් ගත වෙලා යනවා, ඒත් අදටත්…. තීරණය ඔබේ අතේ! එක්කෝ මගේ පින්තූරේ එක්ක ජීවත් වෙන්න.. එහෙම නැත්නම් මගේ ඉගැන්වීම් එක්ක ජීවත් වෙන්න. දැන් මම යන්න ඕන! කෙනෙක් මම එනකම් බලන් ඉන්න…

හෙළිලි හේමමාලි සොහොයුරියගේ ලිපිය…

”වසර ගානකට කලින් මට වෙඩි වැදුනා. ඒත්, වෙඩි උණ්ඩ තුනකට මගේ විශ්වාසයන් මරා දමන්න බැරි වුනා. කාලය නම් ගත වෙලා යනවා, ඒත් අදටත්…. තීරණය ඔබේ අතේ! එක්කෝ මගේ පින්තූරේ එක්ක ජීවත් වෙන්න.. එහෙම නැත්නම් මගේ ඉගැන්වීම් එක්ක ජීවත් වෙන්න. දැන් මම යන්න ඕන! කෙනෙක් මම එනකම් බලන් ඉන්නවා..”
-මහත්මා ගාන්ධි

ආයිත් බලන්න, මහත්මා ගාන්ධි? ඔව්, පාඩම් පොත් වල කියවපු ගාන්ධිතුමා ම තමයි මෙහෙම කියන්නේ. 1869 වසරේ ඔක්තෝම්බර් මස 2වෙනිදා ඉන්දියාවේ සුදම්පූර්හී උපත ලැබූ මෝහන්දාස් කරම්චාන්ද් ගාන්ධි, වයස දහතුන ලබද්දීම විවාහප්‍රාප්ත වූවා. වයස අවුරුදු 18 සපිරෙද්දී එංගලන්තය බලා පිටත් වූ එතුමා නීති අවසාන විභාගය ද සමත්ව නීතිඥ වෘත්තියට පිවිසියා. එකල ඉංග්‍රීසි ජාතිකයන්ගේ තාඩන පීඩන ලක්වන කළු ජාතිකයන් දුටු එතුමා කලකිරීමට පත් වූවා. පසුව දකුණු අප්‍රිකාවේ සේවය කළ එතුමා එහිදී අවිංසාව තම එකම අවිය කොට ගෙන විමුක්තිකාමී මගට පිවිසියා. එතැනින් පටන් ගත් අවිහිංසාවේ සටන, එතුමා ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියා වන තරමට ම ඉදිරියට ගියා. අධ්‍යාපනය, හිස සහ අත පුහුණු කිරීම සඳහා පමණක් නොව හදවත පුහුණු කිරීම සඳහාද විය යුතු බව වරක් එතුමා ප්‍රකාශ කළා.

චිත්‍රපටියේ නම ”ඔහොම්ම යං, මුන්නා භායි” නේද! එතකොට මුන්නා භායි ගැන නොකියා මහත්මා ගාන්ධි ගැන කියන්නේ මොකටද? ගාන්ධිතුමයි, මුන්නා බායි හරියට අහසයි, පොළොවයි වගේ. මුන්නා කියන්නේ මුම්බායි නගරයේ මැරයෙක්, හැම පොඩි ප්‍රශ්නෙකටමත්, ලොකු ප්‍රශ්නෙකටමත් උත්තර හොයන්නේ අවි ආයුධ වලින්, ඇන කොටාගෙන. ඒත් ගාන්ධිතුමා උගන්වන්නේ අවිහිංසාව ගැනයි, කරුණාවයි, සිනාවයි, ආදරයයි, සත්‍යයයි ගැනයි.. ප්‍රශ්නය කුමක් වුවත් ගාන්ධිතුමාගේ පිළිතුර මින් එකක්.

මුන්නා භායි ට මුණ ගැසෙන අවිහිංසාවාදයේ පියා, මහත්මා ගාන්ධි.. මේ චිත්‍රපටය දිගහැරෙන්නේ ඒ ගැනයි.

IMdb දර්ශකයේ 8.1ක් අරන් තියන, කොමඩි ගණයට අයත් වුනත්, හොඳ ආදර්ශයක් ලබා දෙන, හැම කෙනෙක්ම බලන්න වටින අපූරු නිර්මාණයක් විදියට ලාගේ රාහෝ මුන්නා භායි 2006 හඳුවන්න පුලුවන්. රංගනයෙන් සන්ජේ දත්, විද්‍යා බාලන්, බෝමන් ඉරාන් වගේ සුප්‍රසිද්ධ නලු නිළියන් දායක වෙන මෙය, රාජ්කුමාර් හිරානි ගේ තවත් වෙනස්ම ආකාරයේ චිත්‍රපටයක්.

අවසාන වශයෙන් මේ චිත්‍රපටයේ එන අපැහැදිලි යෙදුමක් පැහැදිලි කරගන්න උදව් දුන් හසන්ත අයියවත් ස්තූතිපූර්වකව මතක් කරමින් සමුගන්නවා.

එහෙනම්, බලලා ප්‍රතිචාරයක් දෙන්න අමතක කරන්නෙපා.

සුබ දවසක්!

රන්දික පෙරේරා සොහොයුරා විසින් පෙර පළකරන ලද ලිපිය.

ඔන්න මම හා හා පුරා කියලා මගේම ලිපියක් පළ කරන්නයි යන්නේ.මෙන්න මගේ පළමූ ලිපිය..

මේ කථාවේ නම බලපු ගමන් කට්ටියටම මතක් වෙයි මේක මොකක්ද කියලා..මේක තමයි Munnabhai M.B.B.S. (2003 අ‍වු‍ට්‍ ක‍ර‍පු‍) චි‍ත්‍ර‍ප‍ටි‍යේ‍ දෙ‍ව‍න‍ කො‍ට‍ස‍.ඇ‍ත්‍ත‍ට‍ම‍ මේ‍ක‍ දෙ‍ව‍න‍ කො‍ට‍ස‍ උ‍නා‍ට‍ ප‍ළ‍මු‍ කො‍ට‍ස‍ත්‍ එ‍ක්‍ක‍ කි‍සි‍ම‍ ස‍ම්‍බ‍න්ධ‍ය‍ක්‍ නෑ‍. හැ‍බැ‍යි‍ ප‍ළ‍මු‍ කො‍ට‍සේ‍ හි‍ට‍පූ‍ ගො‍ඩා‍ක්‍ න‍ළු‍,නි‍ළි‍යෝ‍ මෙ‍ම‍ චි‍ත්‍ර‍ප‍ටි‍යෙ‍ත්‍ ඉ‍න්‍න‍වා‍.මේ‍ක‍ ඇ‍ත්‍ත‍ට‍ම‍ ත්‍රා‍ස‍ය‍, කු‍තු‍හ‍ල‍ය‍ හා‍ හා‍ස‍්‍ය‍ පි‍රු‍ණු‍ චි‍ත්‍ර‍ප‍ටි‍ය‍ක්‍..
හො‍ද‍යි‍ මෙ‍න්‍න‍ මෙ‍හෙ‍ම‍යි‍ මේ‍ ක‍ථා‍වේ‍ වෙ‍න්නේ‍ මු‍න්‍නා‍භා‍යී‍ කි‍ය‍න්නේ‍ මු‍ම්‍බා‍යේ‍ ඉන්න න‍ම‍ගි‍ය‍ දා‍ම‍රි‍ක‍යෙ‍ක්‍. ඒ‍ත්‍ හි‍ත‍ හො‍ද‍ ම‍නු‍ස්‍ස‍යෙ‍ක්‍. මු‍න්‍නා‍භා‍යි‍ගේ‍ හො‍ද‍ම‍ ය‍හ‍ළු‍වා‍ එ‍හෙ‍ම‍ නැ‍ත්‍න‍ම්‍ දා‍ම‍රි‍ක‍ වැ‍ඩ‍ ව‍ල‍ හ‍වු‍ල්‍ක‍රු‍ ත‍ම‍යි‍ ස‍ර්කි‍ට්‍.මු‍න්‍නා‍ හ‍ට‍ රේ‍ඩි‍යෝ‍ චැ‍න‍ල‍ය‍ක‍ සේ‍ව‍ය‍ ක‍ර‍න‍ කා‍න්‍තා‍ව‍ක්‍ ගැ‍න‍ ආ‍ද‍ර‍ය‍ක්‍ ඇ‍ති‍ වෙ‍න‍වා‍ මෙ‍ම‍ ආ‍ද‍ර‍ය‍ දි‍නා‍ ග‍න්‍න‍ මු‍න්‍නා‍(මු‍ර‍ලි‍ ප්‍ර‍සාද්‍ ශ‍ර්මා‍) ක‍ර‍න‍ වැ‍ඩ‍, ග‍න්න වෙ‍හෙස‍ හා‍ මුන්නා වෙ‍න‍ ක‍ර‍ද‍ර‍ බ‍ල‍න්‍න‍ මේ‍ චි‍ත්‍ර‍ප‍ටි‍ය‍ බා‍ග‍න්‍න‍ම‍ වෙ‍න‍වා‍..

මේ චිත්‍රපටිය සම්මාන 14ක් දිනාගෙන ඇති අතර තවත් සම්මාන 13කට නිර්දේශ වෙලා තියෙනව!

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,876 downloadsDownload ලාගේ-රාහෝ-මුන්නා-භායි-2006.zip79 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,876 downloadsDownload Subtitles79 KB

1 comment

  1. Anuradha Palinda

    සබ් එකට ගොඩාක් ස්තුතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.