මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේක ගේන්න ටිකක් ප්‍රමාද උන එකට. ටයිම් ලයිනුත් හදා ගන්න උන නිසා ටිකක් කල් ගියා ඉවර කර ගන්න. ඒ වගේම මම කලින් කරපු “ Requiem for a Dream (2000) හඹා යන්න ඒ සිහිනය පසුපස…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම ස්තූතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කර ගන්නවා. මොකද […]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේක ගේන්න ටිකක් ප්‍රමාද උන එකට. ටයිම් ලයිනුත් හදා ගන්න උන නිසා ටිකක් කල් ගියා ඉවර කර ගන්න. ඒ වගේම මම කලින් කරපු “ Requiem for a Dream (2000) හඹා යන්න ඒ සිහිනය පසුපස…. ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම ස්තූතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කර ගන්නවා. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. ඒ වගේම තවමත් සිංහල උපසිරැසි කරලා නැති IMDb වර්ගීකරනයට අනුව ලොව හොඳම සිනමා සිත්තම් වලට උපසිරැසි දෙන එකේ තවත් එක උත්සාහයක ප්‍රතිඵලයක් තමයි මේ විදියට එලි දකින්නේ. ඒ වගේම ස්තුතිවන්ත වෙන්න ඕනෙ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් සම්බන්ධ වුන සමන් ප්‍රසාද් සහෝ ටත්.
IMDb වර්ගීකරනයට අනුව 8.5/10 ලබා ලොව හොදම චිත්‍රපට 250 අතුරින් 112 වන ස්ථානයේ වැජඹෙන rotten Tomatoes වර්ගීකරනයේ 97% ක් ලබාගත් ලොව පුරා සම්මාන උලෙළවල් වලදී සම්මානයට පාත්‍ර වූ මේ සුපිරි සිනමා සිත්තම නොබැලූ දෑස් කුමට?
සාමාන්‍යයෙන් නම් ඉංග්‍රීසි නොවන විදේශීය භාෂා සිනමා සිත්තමක් IMDb වර්ගීකරනයට අනුව ලොව හොදම චිත්‍රපට 250 අතරට එක්වන්නේ කලාතුරකින්. ඒ අතුරිනුත් මැදපෙරදිග කලාපයට අයත් සිනමා සිත්තමක් ඒ අතරට එක්වන්නේ ඉතාමත්ම කලාතුරකිනුයි. තුර්කි භාෂාවෙන් නිමැවුන මේ සිනමා සිත්තම අදටත් ලොව හොදම සිනමාපට අතර රැදී සිටින්නේ සුවහසක් සිනමා ලෝලීන්ගේ සිත සසල කරවන්නට, සිනමා ලෝලීන්ගේ සිත පතුලටම කිදා බසින්නට මේ මේ විශිෂ්ඨ සිනමා සිත්තමට හැකි වූ නිසාවෙනි. IMDb සහ rotten Tomatoes වර්ගීකරනයන්ගේ ලබාගෙන තියන අගයන් දිහා බැලුවාම හිතා ගන්න පුලුවන්නෙ මේක මොනතරම් සුපිරි සිනමා සිත්තමක්ද කියන එක ගැන. ඒ වගේම මේ සිනමා සිත්තම එදා මෙදාතුර ඉතිහාසයේ ඉහලම ආදායමක් ඉපැයූ තුර්කි සිනමා පට අතර ඉහලින්ම රැදී සිටිනවා.
මේ සිනමා සිත්තමේ කතාව ගැන මම විස්තර කියන්න යන්නෙ නෑ. මොකද තාත්ත කෙනෙක්ගෙ සිතුවිලි විස්තර කරන්න ඒ වචන ප්‍රාමාණවත් නැති නිසා. මේ ලිපිය කියවන ඔයාගෙ තාත්තා ඔයාට කොච්චර නම් ආදරේද? ඒ තරමටම ඔයා ඔයාගෙ තාත්තට ආදරේ කරනවද? ඔයාගෙ තාත්තා ඔයා වෙනුවෙන් නිහඬවම මොන තරම් දුකක් උහුලනවද? ඔයා කරන වැරැද්දකට දඩුවම් කරලා එයා හිතෙන් මොන තරම් නම් විදවනවද? ඒත් ඒ දඩුවම නිසා ඔයා මොනතරම් නම් තාත්ත ගැන තරහක් ඇති කර ගන්නවද? ඔයා මොන තරම් තාත්තට රිදෙව්වත් තාත්තාගෙ හිතේ ඔයා ගැන තියන ඒ ආදරේ එක බිංදුවකින්වත් අඩු වෙනවද? කවදා හරි ඔයාගෙ තාත්තගේ අහිමි වීමේ වේදනාව ඔයාට දරා ගන්න පුලුවන් වේවිද? මේ ප්‍රශ්න වලට දෙන්න උත්තර ඔයා ගාව තියනවද? හැබැයි මට එක දෙයක් නම් හරියටම කියන්න පුලුවන්. ඒ තමයි මේ සිනමා සිත්තම නරඹන්න වාඩි වෙන ඔයා නෙවෙයි මේ සිනමා සිත්තම ඉවර වෙලා පුටුවෙන් නැගිටින්නේ.
ඔයාගෙ තාත්තා කවදාවත්ම ඔයාට නොකියා එයාගෙ හිතේ හිරකරගෙන ඉන්න ඒ හැගීම් හැම දෙයක්ම පුතෙක් දකින විදිය වගේම තාත්ත කෙනෙක් දකින විදිය අකුරක් නෑර මේ සිනමා සිත්තමේ හරි අපූරුවට සිත්තම් වෙලා තියනවා. ඒ නිසා ඔයාගෙ තාත්තා ඔයාට කවදාවත්ම නොකියපු හිතේ හිරකරගෙන ඉන්න ඒ ආදරේ විද ගන්න හැමෝටම ආරාධනා කරනවා. ඒ වගේම ඔබ සිනමා ලෝලියෙක් නම් තවමත් මේ සුපිරි සිනමා සිත්තම රසවිදලා නැත්නම් මේ තමයි ඔබට මග ඇරුන ඒ රසය විදගන්න හොදම වෙලාව. ඒ වගේම ඔබ මේ සිනමා සිත්තම කලින් රසවිදපු කෙනෙක් නම් තවත් කෙනෙක් එක්ක ඒ රසය බෙදා ගන්න පහලින් අදහසක් දක්වලා යන්න.
තවත් මෙවැනිම සුපිරි සිනමා සිත්තමක සිංහල උපසිරැසිය සමගින් නැවත හමුවෙමු. ඔබට ජය….
ප.ලි
මේ සිනමා සිත්තමේ හොද කොපි දෙකක් youtube වෙබ්අඩවියෙන් ඔබට පහසුවෙන්ම ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවනි. ඒත් ඒ එක කොපියක ඉංග්‍රීසි හාඩ්සබ් ඇතුලත් වෙලා තියන නිසා සිංහල උපසිරැසි හරි හැටි බලා ගන්න අමාරු වේවි. මම ඒ නිසා උපසිරැසි කහ පාටින් යෙදුවා. නමුත් youtube වෙබ් අඩවියේ තියන අනිත් කොපිය ඩවුන්ලෝඩ් කර ගන්න එක ඔබට වඩා පහසු වේවි.
Babam ve OÄŸlum – Tek Parça Film (Yerli Film) AvÅŸar Film
My Father and My Son (Babam ve OÄŸlum) – Full HD Free Movie (English Subtitle)
මේනම් දෙකෙන් සර්ච් කලාම බොහොම පහසුවෙන් හොයා ගන්න පුලුවන් වේවි.

Due to copyright issues, we do not provide any torrent links.
Babam ve OÄŸlum – Tek Parça Film (Yerli Film) AvÅŸar Film
My Father and My Son (Babam ve OÄŸlum) – Full HD Free Movie (English Subtitle)
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,442 downloadsDownload My-Father-and-My-Son-2005.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/Hasitha-M.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
23 comments
James DC
හසිත මධුෂාන්
මම උත්සාහ කරන්නම් සහෝ.... කාලය තමයි ගැටලුව වෙන්නෙ...
මම මේ දවස් වල අලුත් උපසිරැසියක් කරන ගමන් ඉන්නේ. ඒක ඉවර කරලා, ඒ වෙනකොටත් මේ ෆිල්ම් එක කවුරුවත් බාරගෙන තිබුනෙ නැත්තං මම කරන්නම්.
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. මේ වගේ වටිනා අර්ථවත් චිත්‍රපටි අපිට අරං එනවට ගොඩාක් පිං. ජයවේවා!!
Bandara
ගොඩක් ස්තූතියි සබ් එකට.ජය වේවා!
Tharaka
මෙය නැරඹූ පසුත් තවත් කමාන්ටුවක් කොටන්න හිතුනා. ෆිල්ම් එක හරිම සංවේදී, ජීවිතයට ගතයුතු යමක් තියන විශිෂ්ඨ සිනමා නිර්මාණයක් කියලා මට කියන්න පුළුවන්. කාලෙකින් මම බලපු ලස්සනම චිත්‍රපටිය. ඇත්තට මෙය බලද්දී මගේ දෙනෙතට කඳුළු ඉනුවා. ඇත්තටම මේ වගේ විශිෂ්ඨ සිනමා නිර්මාණ වලට උපසිරැසි දෙන පිරිස් හරිම අඩුයි. ඉදිරියටත් මේ වගේම ලස්සන, හරවත් චිත්‍රපට වලට උපසිරැසි ලබාදෙන්න සහෝ. මේ දුන් සිංහල උපසිරැසියට නැවත වතාවක් ඔයාට ගොඩාක් ස්තූතියි වගේම පින් සහෝ!
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rasanga
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
tharindu gunarathna
thanks
අසිත
මෙය නොබැලූ දෑස් කුමට?
මුලින්ම තෑන්ක්ස් සහෝ ජීවිතේට පාඩමක් ඉගෙනීමට හැකි ආදර්ශයක් ගත හැකි මේ වගේ චිත්‍රපට සඳහා උපසිරැසි නිර්මාණකරණයට තෝරා ගත්තා එකටම...
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ගොඩක් වෙලාවට මෙවන් චිත්‍රපටයක් සාමාන්‍ය චිත්‍රපටයක් මෙන් 02 ගුණයක් හෝ 03 ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයක් වනවා.ඒ නිසාම මෙවන් චිත්‍රපටයක උපසිරැසි නිර්මාණයට අවශ්‍ය කරන කාලය හා ශ්‍රමයත් නිතැතින්ම තෙතුන් ගුණයක් වනවා.
මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!Kanths_dla
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Palitha de Silva
ගොඩාක් ස්තූතියි...
Kasun
මේ සිනමා පටයට අදාල හෑෂ් ටැග් එක දෙන්න පුලුවන් නම්..
හසිත මධුෂාන්
srt file එකේ නමින්ම you tube සර්ච් කරන්න සහෝ.....
අසිත
2nightmovie.org සයිට් එකේ හොද කොපියක් තියේ (WEB-DL 720p Size: 800 MB).හැබැයි ටිකක් වෙලා යනවා
බොහොම ලස්සන ෆිල්ම් එකක්
ආයෙමත් ස්තුතියි..Pasan
Bohoma Sthuthiy Saho.. Digatama Me Wage Supiri Parana Films Walatama Sub Denna Balanna.. Jaya Wewaa..!
Nidi
හසිත, අපි චිත්‍රපට බලනවා තමයි. රස විඳිනවාත් තමයි. ඒත් ඒ සමහර එව්වා ඊළඟ දවස වෙද්දී මතකෙන් ගිලිහිලා. ගොඩ දෙනා ප්‍රශ්නවලින් මිරිකිලා හෙම්බත් වෙලා ඉන්න නිසා වෙන්නැති ටිකක් ගැඹුරුයි වගේ පෙනෙන ෆිල්ම්ස්වලට මනාප නැත්තේ. ඒත් දෙයියනේ මේකේ චූටි පුතු පැටියා කරන ටික කාටද අමතක වෙන්නේ? සාදික්ගේ අම්මා.... පවුලක් සමඟියෙන් එකමුතුකරන්න දාන දඟ..... කොච්චර රියල්ද? ඊට හපන් උඩඟු නැන්දා. සාදික්, තාත්තා, සාදික්ගේ මල්ලී මෙයාලා නෑයෝ වගේ මගේ මතකයේ නම් ඉඳීවි.
කමෙන්ට්ස් බලලා ෆිල්ම්ස් තෝරාගන්න අය ඉන්නවා නම් මේක බලන්න. හැබැයි හිතක් පපුවක් තියෙන අය. අතීතය මතක අය. ෂුවර්, ඔයාලා ඔයාලගේම ගෙදර කට්ටිය එක්ක කළ කී දවල් සේරම මතක් වේවි, හිනා යාවි, අන්තිමටම (මං වගේ) හොඳටම අඬාවි. ෆිල්ම් එක බලලාම බලන්නකෝ මං බොරුද කිව්වේ කියලා.
ආයෙමාත් කියනවා, හසිත. ගොඩාක් ස්තුතියි!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි අදහසක් දක්වලා යන්න නතර උනාට........
Usha
Niyama film ekak mawa addenda katakana patan Gtta wele Idan
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
sasanka
thanks for the sub
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![My Father and My Son (Babam ve OÄŸlum) (2005) with Sinhala Subtitles | හැම තාත්තෙකුගේම සිතුවිලි….[සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/My-Father-and-My-Son-Babam-ve-OÄŸlum-2005.jpg)

ගොඩක් ස්තූතියි සබ් එකට. පුළුවන් නම් IMDB එකේ 101 වෙනි තැන තියෙන Monty Python and the Holy Grail (1975) ෆිල්ම් එකට සබ් දෙන්න.