Watch Trailer

Namma Veettu Pillai (2019) Sinhala Subtitles | තම නැගණිය අනාථයෙකු නොකළ, උතුම් අයියණ්ඩි! [සිංහල උපසිරැසි සමඟ]

චිත්‍රපටයක් කියන්නෙත් එක්තරා විදියකින් කිව්වොත් හැඟීම් වලට වහල් වෙන්නත් ඒවා අවබෝධ කරගන්නත් පුළුවන් සංධිස්ථානයක්. පවුල් පරිසරය මූලික කරගෙන බිහිවන ඇතැම් චිත්‍රපට අසාර්ථක වුවත් සමහරක් චිත්‍රපට සම්මාන කරා යෑමේ හැකියාවන්ද එක්කාසු කරගෙන ඇත. පවුල් පරිසරය කියන තේමාව විශාල් එකක් වුවත් එහි අන්තර්ගත සමාජ සිද්…

චිත්‍රපටයක් කියන්නෙත් එක්තරා විදියකින් කිව්වොත් හැඟීම් වලට වහල් වෙන්නත් ඒවා අවබෝධ කරගන්නත් පුළුවන් සංධිස්ථානයක්. පවුල් පරිසරය මූලික කරගෙන බිහිවන ඇතැම් චිත්‍රපට අසාර්ථක වුවත් සමහරක් චිත්‍රපට සම්මාන කරා යෑමේ හැකියාවන්ද එක්කාසු කරගෙන ඇත. පවුල් පරිසරය කියන තේමාව විශාල් එකක් වුවත් එහි අන්තර්ගත සමාජ සිද්ධීන් එකතු කරන් එම සිද්ධීන් චිත්‍රපටයකට නිමවලා සිනමාවට ඇතුලත් කිරීම යන කාර්‍යය බොහෝ ලෙස පැවරී ඇත්තේ අධ්‍යක්ෂවරයා මතයි. එම අධ්‍යක්ෂවරුන් අතරින් තම ජීව්තය ගොඩ නඟා සාර්ථකත්වයට පැමිණි පාන්ඩියරාජ්ගේ චිත්‍රපටයක් තමයි මන් අද ඔයාලට අරගෙන ආවේ. නම Namma Veettu Pillai.අපේ ගෙදර කොල්ලා යන්න අර්ථයක් තේමාව තුලින් ප්‍රචලිත වේ.ඔයාලා කාර්ති රඟන Kadaikutty Singam (2018) බලලා ඇති නෙහ්. ඒ සාර්ථක චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මේ පාන්ඩිරාජ් කියන අධ්‍යක්ෂකවරයා විසින්. පවුල් පරිසරය මූලික කරගෙන සෑදූ මේ චිත්‍රපට දෙක අද සිනමා ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධියකට පැමිණ තිබෙනවා. Sivakarthikeyan රංගනයෙන් යෙදන මෙම චිත්‍රපටය අද වෙනවිට Family Blockblaster එකක් වෙලා තියෙනවා.

දවස් 25ක සාර්ථක ගමන් ගිය බව SUN Pictures
ආයතනය විසින් මුහුණු පොතේ පළ කල පිංතූරයකි.

මෙම චිත්‍රපටයේ දෙබස් සම්බන්ධව කතා කරන විට, ඒවා මෙම වර්තමාන සමාජයක් පණිවිඩ රාශියක් දිගු කරන්න දැරූ වෑයමක් ප්‍රතිඵලයක් ලෙස කියන්න පුළුවන්.මෙම චිත්‍රපටයේ රචකයා පාන්ඩිරාජ්ද වේ.D.Imman ගේ සංගීතයෙන් නිමවුණු මෙම චිත්‍රපටය 2019 සැප්තැම්බර් මස 27වෙනි දින සිනමාගත වේ.පළමු නිල පොස්ටරය 2019 අගෝස්තු මස 12වෙනි දින නිකුත් වූ අතර, නිල ට්‍රේලරය සැප්තැම්බර් මස 14වෙනි දින SUN Pictures ආයතනය මගින් ප්‍රචාරය වුණි.D.Imman, සිවකාර්තිකෙයාන් සමඟ එකතුව කරන 5වන සිනමාපටය වෙන අතර පාන්ඩිරාජ් සමඟ කරන දෙවෙනි චිත්‍රපටය වේ.මෙම චිත්‍රපටය තුලින් පවුලක වටිනාකම මැනවින් පිළිබිඹු කරන නිසාවෙන්, හැම දෙනාගේම හිත් දිනා ගැනීමට හැකිවුණා. සිවකාර්තිකෙයාන්ගේ විශිෂ්ට ගණයේ රංගනයෙන් රූපිත මෙය ඉන්දියානු කෝටි 80ක ප්‍රමාණයක් ලබාගන්නට හැකිව තිබේ.පහතින් බලාගන්න චිත්‍රපටයේ ගලාගිය සිත්ගත් දෙබස් ගොන්නක්.

“දැන් කාලේ මිනිස්සු ගමට වැඩදායි දෙයක් කළාම කියනවා, දේශපාලනේ කරන්න එනවා කියල,
ඒක නිසාම තමයි මිනිස්සු දැන් වැඩදායි යහපත් දේවල් කරන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්නේ.”

“තමන්ගේ බිරිද ස්වාමිපුරුෂයාගේ අම්මා බලාගත්ත විදියට ඇය බලාගන්නවට වඩා,
තම බිරිදට ඉපදුණු දුවෙකු බලාගන්නවා වගේ බලාගන්නවටයි කැමතියි.”

“ජීවිතේ ගෙවන්න ලේසි කියල හිතුවොත්, ඉස්සරහට අමාරු වෙයි.
අමාරුයි කියල හිතන් ජීවත් වුණාම තමයි ලේසියෙන් ජීවිතේ ගත කරන්න පුළුවන්”

“පරදින්නම ලෑස්ති වෙලා ඉන්න කෙනෙක්ගෙන් දිනන්න කාටවත් බෑ,”

කතාව යන්නේ මෙන්න මෙහෙම.එක්තරා පවුලක දරුවන් කිහිපදෙනෙක් ඉන්නවා.මේ දරුවන්ගෙන් කෙනෙක් තමයි චන්ද්‍රබෝස් කියන්නේ. මෙයාට හොදම යාලුවෙක් ඉන්නවා. මොන සෙල්ලම දැම්මත් එයා එක්ක තමයි ඉන්නේ. ඒත් මේ යාලුවා දවසක් මුස්ලිම් කෙල්ලෙක්ට පෙම් බැදලා එයාව කසාද බැදන් එනවා. ඒත් ගමේ අයට ඒකට කැමති වුණේම නෑ. මේ චන්ද්‍රබෝස් තමයි මැදිහත් වෙලා මේ දෙන්නට පාඩුවේ ජීවත් වෙන්න ඉඩ සලස්වලා දුන්නේ. මේ යාලුවාගේ හතුරෝ වගයක් මෙයාව මරනවා. මේ යාලුවගේ පවුල බලාගන්න කාත් කවුරුවත් නැති වෙනවා. චන්ද්‍රබෝස් කසාද බැදලා හිටියත් එයා මේ තනි වුණු පවුලටත් කන්න බොන්න දීලා බලාගන්නවා. ඒත් නොසිතූ වෙලාවක යාලුවගේ පුතයි චන්ද්‍රබෝසුයි මැරෙනවා. ඉතුරු වෙන්නේ තුල්සි කියල දූ කෙනෙක් විතරයි. මේ චන්ද්‍රබෝස්ට අරුම්පන් කියල පුතෙකුත් හිටියා. එයා තමයි එපාර මේ තුල්සිවයි එයාගේ අම්මවයි එක්ක කරදර මැද ජීවිතය දිනන්න ලෑස්ති වුණේ. අරුම්පන් තමයි මේ කතා ප්‍රධාන චරිතය. මෙහෙම ටික කාලයක් යන විට නෑදෑයන් විසින් මේ පවුල කොන් කරන්න බලනවා. ඒ තම ලේ නැති කෙල්ලෙක් පවුලට වද්දගත්ත එකට.තුල්සිට කසාදයක් කරගන්න උත්සහා කළත් එයාට ඒක කරගන්න බැරි වෙනවා. හැමෝම වගේ කිව්වේ එයා හරිම අපලයක් කියල. ඔහොම යනකොට අයියනාර් කියල මැරයෙක් මේ තුල්සිට කැමති වෙනවා. එයාගේ දේවල් ඉටුකරගන්න තමයි තුල්සිව කසාද බැදගත්තේ. ඔහොම යනකොට පවුල් ප්‍රශ්න රණ්ඩු සරුවල් මැද්දේ ලස්සන කතාවක් ගෙතෙනවා. ඒක මොකක්ද කියල චිත්‍රපටය. බලලම ඉන්නකෝ.

ලස්සන කතාවක් තමයි අරගෙන ආවේ. දෙන්න පුළුවන් ඉක්මනින් අරගෙන ආවා. පරක්කු වුණා නම් සමාවෙන්න කියන අතරෙම සිසිල අයියා කරමු නිසා බාර අරන් ඔන්න ඔයාලට අරගෙන ආවා.ආයෙමත් ලස්සන චිත්‍රපටයකින් උපසිරැසක් අරන් එන්නම් කියන පොරොන්දුවෙන් මන් යන්නම්.අහ් තව දෙයක් නොවැම්බර් 18 වෙනි දින තම දිවුරුම් ප්‍රකාශය දුන් ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජ්පක්ෂ තුමාට සුබ පතන ගමන්ම යන්නම්. හැමෝටම චිරං ජයතු!😋 බුදුසරණයි! දෙවිපිහිටයි!🙏

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Proper HD පිටපත් සඳහා අදාළ වේ.

17,926 downloadsDownload Namma-Veettu-Pillai-2019.zip77 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

17,926 downloadsDownload Subtitles77 KB

44 comments

  1. KavindaRashmin

    Thnx bn

  2. Sanjeewa2010

    Pattaaaaaaaa

  3. Rukshan37

    Ela

  4. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. OsandaFdo

    TNq malliyo...❤️. Section 375 film ekata sub denne nathidoo

  6. Achi

    අම්මෝ දාල...තැන්ක්ස් බොක්ක

  7. hatharasingha

    Supiri filumak. Thankx sahoo

  8. charith vishwa

    <3<3<3 aaadarei palenna. thanks bro...
    budu saranai

  9. arawindasunimal

    thanks sub ekata jayawewa................

  10. santhusha319

    thanks bokka!!!!!!!! jayawewa......

  11. Nilush Angana

    Sub ekata thanx

  12. Gihan Lakmal

    සුපිරි මචෝ

  13. hatharasingha

    Fatta filumak. Thnkz

  14. gihan perera

    නියමයි මචෝ සහෝ...දෙනකන් හිටියේ මේක...පට්ට...ස්තුතියි වෙිවා.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....

  15. Ayesh Prashan

    Thank You

  16. wajira

    Thanks for sub

  17. Kanchaka

    thanks bro

  18. thilz

    thank u 4the sub

  19. hatharasingha

    Ela.filumaak. thnkz. Super

  20. Kavishna

    thnx bro...

  21. Priyashan kosala

    Viking blood movie ekata sub ekak dennako

  22. DemonMr123sd

    Thanks

  23. 0703188846

    ෆිල්ම් එකේ ලින්ක් එක තියන කෙනෙක් දෙන්නකො

  24. subodha

    thanks

  25. Tharaka

    thanks bro

  26. Udaya Saman

    පට්ට ..පට්ට පට්ට මලේ....මෙික දෙනකන් හිටිය එකක්නෙ.....බො⁣ෙහාම ස්තුතියි සබට....පට්ට ස්ටෝරියක්නෙ..

  27. ranga11112

    thanks saho

  28. C lakmal

    thank u සබ් එකට, ජය වේවා

  29. Deex

    thanks

  30. EM Nishshanka

    Thanks

  31. RuwanLakshan93

    බොහෝම ස්තූතියි ජයවේවා සහෝ....

  32. kalum sanjeewa

    Thanks

  33. L.G.T.Dilshan Liyanage

    Thanks bro

  34. Bama_Boy

    thanks!

  35. sampath n perera

    thanks

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. madhusankha

    Thanks bro......

  38. avishka360

    Thanks

  39. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  40. Hasantha buddika

    thanks for sub.

  41. Njschathuranga

  42. Janith Sachintha

    godak pin macho apita hoda rasaswadayak denna wena mahansiyata

  43. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  44. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම ස්තූතියි මල්ලී
    ඔන්න අදයි බලන්න යන්නේ