ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට තුන් වන උපසිරැසිය අරගෙන ආවා. ඉතින් කියපු විදියට සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක්. පුදුමේ කියන්නේ මේ චිත්‍රපට මාලාවේ දෙවන සහ තුන්වන කොටස් දෙක බයිස්කෝප් අඩවියේ තියනවා. ඒත් මේක ඔක්කොමලටම අමතක වෙලා. මමත් මුලදී හිතන් හිටියේ මේක දීල ඇති කියල. ඒත් මගේ උපසිරසියකට කමෙන්ට් එකක…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැට තුන් වන උපසිරැසිය අරගෙන ආවා. ඉතින් කියපු විදියට සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක්. පුදුමේ කියන්නේ මේ චිත්‍රපට මාලාවේ දෙවන සහ තුන්වන කොටස් දෙක බයිස්කෝප් අඩවියේ තියනවා. ඒත් මේක ඔක්කොමලටම අමතක වෙලා. මමත් මුලදී හිතන් හිටියේ මේක දීල ඇති කියල. ඒත් මගේ උපසිරසියකට කමෙන්ට් එකක් දාපු දර්ශන තරංග කියල යාලුවෙක් තමා මේක නැ කියල කිවුවේ. ඒ විතරක් නෙවි ඉංග්‍රීසි උපසිරසි ගොනුව පවා එවල තිබ්බා මගේ ඊමේල් ලිපිනයට. ඉතින් ඔන්න එයා ඇතුළු ඔයාල ඔක්කොටම දැන් මේ චිත්‍රපටය සිංහල උපසිරසි සමග බලන්න අවස්ථාව.
මේ චිත්‍රපටයේ රඟපාන්නේ ඔයාල කවුරුත් හොඳින් දන්නා ජෝන් සිනා. ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අර මේ ලඟදි ඔයාලට පැතුම් චතුරංග සහෝදරයා අරගෙන ආව Skiptrace (2016) චිත්‍රපටයත් අධක්‍ෂණය කරලා තියන රෙනී හර්ලින්. Action, Crime, Thriller ගණයට අයිති වෙන මේ චිත්‍රපටය IMDb අගය 5.6 ක් අරන් තියනවා. තවත් මේ චිත්‍රපටයට අදාළ වැදගත් තොරතුරක් වන්නේ දෙදහස් නවයේ මාර්තු දහ නවය තිර ගත කිරීම ආරම්භ වී දෙදහස් නවයේ ජුනි තිස් වෙනිදා ඩි වී ඩි පටයක් ලෙස නිකුත් කලාට පසු පලවෙනි සතිය තුල ඩි වී ඩි විකිණුම් දර්ශකයේ පළමු තැනට පත්වීම. ඉතින් චුට්ටක් පරන උනත් මේ විස්තර ඇති මම හිතන්නේ මේ චිත්‍රපටය බලනවද නැත්ද තීරණය කරන්න නේද.
කතාව ගැන කියනවා නම් නිව් ඔර්ලින්ස් පොලිස් දෙපාර්තමේන්තුවේ ෆිෂර් කියල පොලිස් කාරයෙක් ඇතුළු පිරිසක් බයානක අපරාධ කාරයෙක් අල්ලනවා. එත් ඒ අතරේ වැරදීමකින් ඒ අපරාධකාරයාගේ පෙම්වතිය පොලිස් වෙඩි පහරකින් මැරුම් කනවා. ඉතින් මිලර් කියන ඒ අපරාධකාරයා හිරේ යන අතරේ ෆිෂර් කියන ඒ පොලිස්කාරයාට උසස්වීමක් ලැබෙනවා. ඔක්කොම කණපිට හැරෙන්නේ අවුරුද්දකට පස්සේ ඒ අපරාධකාරයා හිරෙන් පැනීම නිසා. එයා එයාගේ ජිවිතේට උන විනාශය සහ පෙම්වතිය මියගිය එකට ෆිෂර් ගෙන් පළිගන්නවා. පළිගන්නේ ෆිෂර් ගේ පෙම්වතිය පැහැරගෙන ෆිෂර්ට වැඩ දොළහක් දෙනවා කරන්න. එයා නිවැරදිව කලොත් පෙම්වතිය ලැබෙනවා, එත් කරන්න බැරි උනොත් පෙම්වතියට මැරෙන්න වෙනවා. ඉතින් ෆිෂර් මේ වට දොළහකින් සමන්විට මිලර් නිර්මාණය කරන ලද බයානක ක්‍රීඩාවේ නිරතවෙන එක තමා චිත්‍රපටය. අන්තිමට මොකක්ද වෙන්නේ කියල මම කියන්නේ නැ. ඔයාල බලල එක දැන ගන්න. ඒත් කියන්න පුළුවන් කිසිම කම්මැලි කමක් නැතුව එක දිගටම මේ චිත්‍රපටය බලන්න පුළුවන්.
මම ඊළඟට අරන් එන්නේ Star Trek චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය. ඉතින් සුපුරුදු විදියට ඔයාලගේ අදහස් මට කියන්න කියල ඉල්ලීමක් කරන ගමන් මම සමුගන්නම්.
බුදු සරණයි …..!
Due to copyright issues, we do not provide any torrent links.
12.Rounds.[2009].PROPER.DVDRip.XviD-BLiTZKRiEG
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,091 downloadsDownload 12.Rounds.2009.Baiscopelk.com_.rar42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
18 comments
Ishan Madusha
රයන් ද සිල්වා
සබ් එකට තුති අසංක සහෝ
Star Trek ෆිලුමෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!wooobox.net
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“අසංක ප්‍රදීප් රණතුංග” සොයුරාගේ සිංහල උපසිරැසි සමග මෙන්ම ඉංග්‍රීසි උපසිරැසි සමග මෙම චිත්‍රපටිය නොමිලයේ online නැරබීමට සහ
මෙම උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
Vajira Rathnayake
උපසිරැසියට ස්තුතියි. බාගත කරමින් පවතිනවා. හැකි ඉක්මනින් නැරඹීමට බලාපොරොත්තු වෙනවා.
දිල්ශාන් සචින්ත
නියමයි අසන්ක අයියා 100ම යමු...ජය වේවා.
අසිත
tv eke baluwa saho
thanksTharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
දිනූෂ.
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ජය෴෴
praneeth madu
බොහොම ස්තුතියි
pramuk
thanxxxxxx macho........
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dulanga
Thanks
Nishan
Thanx bro
දිමුතු
එල වැඩක් බ්‍රෝ
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!nilanka
thanks....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි සබ් එකට සහෝ.ජය වේවා!