අවුරුදු සිය ගණනක් මුළුල්ලේ ලෝක සිනමාව තුලින් ලක්ෂ ගණනක සිනමාපට බිහිවෙලා ඇති මේ වෙනකොට, ඉදිරි අනාගතයේත් සිනමාපට ලක්ෂ කෝටි ගණන් නිර්මාණය වෙයි. හැබැයි මේ වගේ සිනමාපටයක් ආයේ බිහිවෙන්නෙ නැතිවෙයි. මේ තමයි 2019 වසරට අදාලව මම බලපු හොඳම සිනමාපටය. මේකේ මොලේ අවුල් වෙන ප්ලොට් ට්විස්ට් කිසිම දෙයක් නැහැ තනිකරම හ…

අවුරුදු සිය ගණනක් මුළුල්ලේ ලෝක සිනමාව තුලින් ලක්ෂ ගණනක සිනමාපට බිහිවෙලා ඇති මේ වෙනකොට, ඉදිරි අනාගතයේත් සිනමාපට ලක්ෂ කෝටි ගණන් නිර්මාණය වෙයි. හැබැයි මේ වගේ සිනමාපටයක් ආයේ බිහිවෙන්නෙ නැතිවෙයි. මේ තමයි 2019 වසරට අදාලව මම බලපු හොඳම සිනමාපටය. මේකේ මොලේ අවුල් වෙන ප්ලොට් ට්විස්ට් කිසිම දෙයක් නැහැ තනිකරම හැඟීම් මත සබඳකම් මත, මනුෂ්‍යත්වය මත රැඳුන කතාවක්. පලවෙනි රුපරාමුවේ ඉඳලා අන්තිම රුපරාමුව දක්වාම එක දිගටම ගලාගෙන යන, කිසිම දර්ශනයක් එඩිට් කිරීමෙන් එකිනෙක ඈදල තියෙනව කියල කොහෙත්ම හොයන්න බැරි නොනවතින දර්ශනයක් සහිතව වගේ ඔබට පෙනෙන (Long Shots) පැය දෙකක් වෙනුවෙන් වාඩිවෙන්න ලැහැස්ති වෙන්න. මේක අර්ධ සත්‍ය සිදුවීමක් ඇසුරින් ගෙතුන සත්‍යයම නොවුණු නමුදු ප්‍රබන්ධයක්ද නොවුණු මනුෂත්වයේ කතාවක්! ඒ නිසාවෙන්ම අනවශ්‍ය කරුණුවලින් ලිපිය පුරවන්නේ නැතුව පුළුවන් තරම් සංක්ෂිප්තව වැඩේ ඉවර කරන්නයි ලැහැස්තිය. මොකද මේ වගේ නිර්මාණයක් මගහැරගන්නේ නැහැ ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙච්ච කිසිම කෙනෙක්.
දශක ගණනාවක යුද්ධයකට මුහුණ දීපු රටක වෙසෙන මිනිසුන් හැටියට අපි ඉන්නෙ පශ්චාත් යුධ මානසිකත්වයේ. නිතරම ඇහෙන්නෙ දකින්නේ යුද්ධය උත්කර්ෂයට නංවනසුළු දෑ. උණ්ඩය මොන පැත්තෙන් පත්තු උනත් යුද්ධයකදී මුලින්ම මියැදෙන්නේ මානුෂිකත්වය. පළමු ලෝක යුද්ධයට සහභාගිවූ Alfred H. Mendesගේ අත්දැකීම් තමයි මේ කතාවට පාදක වෙන්නෙ. ඇල්ෆ්‍රඩ් කියන්නෙ මේ සිනමාපටය නිර්මාණය කරපු ප්‍රවීන අධ්‍යක්ෂක සෑම් මෙන්ඩිස්ගේ සීයා. මෙහි දිවෙන සිදුවීම වෙන්නේ ලාන්ස් කෝප්‍රල් බ්ලේක් සහ ස්කොෆිල්ඩ් සතුරු ජර්මානු භූමියක් මැදින් මිනිසුන් 1600කගේ ඉරණම තීරණය කෙරෙන නියෝගයක් අරගෙන යන කතාව තමයි සැකෙවින් කිව්වොත්. මේ කතාව ලෝකය කොයි තරම් තදින් ග්‍රහණය කරගෙන තියෙනවද කිව්වොත්, 2020 ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂණය, හොඳම සිනමාපටය කියන අංශ දෙකෙන්ම ජයග්‍රහණය කානවා. ඒ විතරක් නෙමෙයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඔස්කා සම්මාන උළෙලේ සම්මාන 10ක් වෙනුවෙන් නිර්දේශ වෙනවා.
ඒ විතරක් නම් මදැයි ඉහලම ප්‍රේක්ෂක ප්‍රතිචාර මධ්‍යයේ IMDB 8.6 වගේ ඉහලම අගයක් ලබාගෙන IMDB Top 250 ලයිස්තුවේ මේ ලිපිය ලියන දිනය වෙනකොට #41 වැනි ස්ථානය දිනාගන්නේ, Dean-Charles Chapman, George MacKay සහ Benedict Cumberbatch වැනි නළුවන්ගේ රංගනයෙන් හැඩවුණ, Spectre (2015), Skyfall (2012), Revolutionary Road (2008), Jarhead (2005), American Beauty (1999) වැනි නිර්මාණ අධ්‍යක්ෂණය කරපු සෑම් මෙන්ඩිස් විසින් අධ්‍යක්ෂණය කෙරුණ මේ උසස් නිර්මාණය ඔබට බාරයි එහෙනම්.
ෆිල්ම් එක පටන්ගන්න රුපරාමුව වගේම රුපාමුකිනුයි ෆිල්ම් එක ඉවර වෙන්නෙත්, හැබැයි අන්තිම රූපරාමුවේදි ලොකු අඩුවක් දැනේවි ඔයාලට. අනිවාර්යෙන්ම බලන්න ෆිල්ම් එක. හරියට රවුමක් කරකැවිල පටන් ගත්ත තැනටම ආයේ ආව වගේ. ගිහින් එන්නම් ! 🙂
හැමෝම ජිවිත විනාශකරන අතතුරදී..
මම හදන්නේ ජිවිත බේරගන්න.
මගේ සේවය ඒ විදියටයි සිද්දවෙන්නෙ!
-කෝප්‍රල් ඩෙස්මන් ඩොස්-
Medal of Honor: Oral Histories
~ Hacksaw Ridge 2016 ~
Due to copyright issues, We do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.
55,594 downloadsDownload 1917-2019-Blu-Ray.zip93 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
108 comments
Hashan M. Priyadarshana
Ravindu Rukshan
තැන්ක්ස්
Hiran
Thanks Vimukthi
Anuu
Thk uuuuuuuuu...............
Helili Hemamali
බෑවා. බලන්නයි තියෙන්නෙ දැන්.
සබට තුති විම්ස්!sanjeewawing
film eka douwload kale kohenda link
chandika1975
thank you for the subtitle bro.well done.
Kawi Jayasinghe
Tnx Vimaa
Lahiru Shashika
බොහොම ස්තූතියි සබට
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Bandara76
Thanks, vimukthi Bro..Good Job
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!indika75
thanks..
max payne
thnx machn d day 2019 ektath sub eka dnna beida bn
roba3090
Thanks saho sub ekta ♥️♥️..Little Women movie ektath sub eka one......
dileepasanjeewa119
මේක එනකම් ගොඩක් ආසාවෙන් හිටියෙ කොල්ලෝ ... tnx sub එකට ....... twa film wlt sub කරන්න ඉදිරියට ....
rockz2020
බ්ලූරේ තමයි ඉතින් ✌ ;)
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Gundala (2019)Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)The Dark Crystal: Age of Resistance (2019)
Hellboy Animated: Sword of Storms (2006)
Hellboy Animated: Blood and Iron (2007)wnrodrigo
Good work friend, Thanks for the sub!
neelanethra
ස්තුතියි. අපවෙනුවෙන් වෙහෙසවනවාට.
shvsbshs
Ela bn. Thnx.
saman97
thanks so much
Tharaka
thanks bro.
BluRay apuwama update ekak dennaසනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..ජෝකර් එක්ක කරට කර ගේමට ඉන්න ෆිල්ම් එක තමා මේක. මම සෑහෙන්න පසුතැවෙන දෙයක් තමා මේක හෝල් එකක බලන්න බැරි උන එක. ලොකුම හේතුව උනේ ෆිල්ම් එක ගැන ලොකු අවදානයක් තිබුනේ නෑ. දැන් ඉතිං BR එකක් එනකම් ඉවසන් ඉන්නත් ඕනිනේ. ආව ගමන් අප්ඩේට් එකක් දෙමු ඇහ්..ජය වේවා..බුදුසරණයි..!
Sujee
Thnkz මචන්
sathyajith
Thanks for the sub
shehan perera
bro seedr wage site wala sub eka wada naha ne. dan ena aluth movies wala godak sinhala subs ehemai. parana movies wala ewa wada
chathupra
film eka download kare kohenda mmm
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
මේක එනකම් ඉන්නේ....
Bluray ආවහමම බලනවා...jagath55
Thanks
UK_Fernando
thanks
hyperamila
ගත්තා .. thanks
shehan555
Thanks
Thiranka Sachimal
ela tnx bro
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
dilum
#Hail Hydra.
chamara.j.bandara
the last measure eke sub eka thama na neda
chamara.j.bandara
sorry The.Last.Full.Measure. menna meke...
Sanath1990
kiyala wedak ne.. pattama... thank u broo
kaushika dilshan
3022 (2019) film ekata sub eka thiyanawada?
Wicki
උපසිරසට බොහොම ස්තූතියි
Lakshitha DAyarathna
එල මචං.
Thankstharidu16
super
Madhura sri
Thanx Bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu Athukorala
tnx bro ;)
kalpa madushanka
සබට තෑන්ක්ස්
Pramukmili
Thanxx bro..........
Samantha Wimalaratne
just watched... nice movie and good subs
නිමල් දිසානායක
ශාන්,
ගොඩ දවසකින් ඔයාගේ ෆිල්ම් එකකුත් බලපු ගොඩට ආවා.
කොලර් එක up කරගන්න. තේරීම මල්.
සබ්ස් හොඳටම හොඳයි.
ස්තුතියි කිව්වත් මදි තරම්!YasasWeerasinghe
As always we appreciate your effort. Nice work. Keep it up. :)
melinda
thanks
Eranga Sandaruwan
වීමා වීමා මේ මට
වෙබ් රිබ් එකේ සබ් ඕන ඉක්මනට.......චානක ඉඳුනිල්
superb
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :)
ජය වේවා.!