වෙනස් විදියට ලෝකේ දකින මිනිස්සු බොහෝ වෙලාවට ලෝකය වෙනස් කරනව, එහෙම අය නිසා තමා ලෝකය ඉදිරියට යන්නේ. අද කියන්න යන කතාව අන්න ඒ විදියේ වෙනස් විදියට ලෝකය දැකපු කෙනෙක් ගැන නිමවෙන එකක්. ලෝක යුධ සමය සහ යුද්ධය අලලා නිමවුන චිත්‍රපට රුපවාහිනී කතා මාලා සිය ගණනක් බලල ඇති ඔයාල. මේකත් දෙවැනි ලෝක යුධ සමය අලලා නිමවු…

වෙනස් විදියට ලෝකේ දකින මිනිස්සු බොහෝ වෙලාවට ලෝකය වෙනස් කරනව, එහෙම අය නිසා තමා ලෝකය ඉදිරියට යන්නේ. අද කියන්න යන කතාව අන්න ඒ විදියේ වෙනස් විදියට ලෝකය දැකපු කෙනෙක් ගැන නිමවෙන එකක්. ලෝක යුධ සමය සහ යුද්ධය අලලා නිමවුන චිත්‍රපට රුපවාහිනී කතා මාලා සිය ගණනක් බලල ඇති ඔයාල. මේකත් දෙවැනි ලෝක යුධ සමය අලලා නිමවුන IMDB 8.3ක අගයක් අරගන්න සමත් වෙච්ච, ඔස්කා සම්මාන 6කට නිර්දේශ ලබාගන්න සමත් වෙච්ච කතාවක්. ඒ වගේම මේකට IMDB Top 205 වලින් #120 වෙනි ස්ථානය දිනාගන්න සමත් වෙච්ච අති විශේෂ කතාවක්. ඒ මොකද කියනවනම් මේ කියන්න හදන කතාවේ කතා නායකයා ඇමරිකානු ජනපති හැරී ට්රුමන් අතින් Medal of Honor පදක්කම දිනාගත්ත ඒත් යුද්ධයේදී තුවක්කුවක් අල්ලලාවත් නැති කෙනෙක්. දෙවනි ලෝක යුද්ධයේදී මොහු විසින් මරා දමන ලද සතුරන් ගණන් බිංදුවයි නමුත් සතුරු පාර්ශවයේ අයව බේරාගෙන තියනවා කියල සඳහන් වෙනවා. ඉතිං එහෙම කෙනෙක් කොහොමද Medal of Honor පදක්කමක් දිනාගන්නේ? ඉතිං මගෙන් නෙමේ. පහල තියනවා පොඩි වීඩියෝ එකක්. කෝප්‍රල් ඩෙස්මන් තෝමස් ඩොස් විසින්ම තමන්ගේ කතාව කෙටියෙන් කියනව. 1919දී උපත ලබන ඩෙස්මන් ඩොස් යුද්ධය නිසා ඇතිවුන තුවාල නිසාවෙන් ජිවිත කාලයම සුළු වශයෙන් ආබාධයන්ට ලක්වෙලා ඉඳලා 2006 මාර්තු 23 වෙනිදා ස්භාවික අයුරින් මිය යනවිට අවයස අවුරු 87ක්. අපේ රටේ තිබුන දශක තුනක සිවිල් යුධ සමය තුල මෙවැනි විරුවන් රැසක් ඉන්න ඇති, දශක හයකට පස්සෙත් මේ විදියට මෙවැනි විරුවන් ගැන ලෝකයා හමුවට ගෙන එනවා, ඒත් අපේ මෙහෙම දේවල් ගැන රටට ලෝකයට දැනගන්න වෙන්නේ නම් නෑ. ඇමරිකාවේ එහෙම උනත් – ලංකාවේ එහෙම වෙන්නේ නෑ 😀 ඒ වගේම රොයිලි අයියටත් බොහොම ස්තුතියි පැටලුම් ටිකක් ලිහල දුන්නට.
| Medal of Honor | |
| Bronze Star Medal with two Oak Leaf Clusters and “V” Device | |
|
|
Purple Heart with two Oak Leaf Clusters |
| Army Presidential Unit Citation | |
| Meritorious Unit Commendation | |
| Good Conduct Medal | |
| American Campaign Medal | |
|
|
Asiatic-Pacific Campaign Medal with three 3⁄16” bronze stars and arrowhead device |
| World War II Victory Medal | |
|
|
Philippine Liberation Medal with one 3⁄16” bronze star |
| Combat Medical Badge |
පසුබිම් උන සත්‍ය සිදුවීම් ඇසුරින් කතාව ගැන සඳහන් කරනවනම්, සාමාන්‍ය සෙබලෙක් විදියට ඇමරිකන් හමුදාවේ 77වෙනි පාබල අනුඛණ්ඩය (the Statue of Liberty Division) යටතේ හමුදා සේවයට පිවිසෙන මොහු එම හමුදා අනුඛණ්ඩය සමග ජපානයෙ Ryukyu කියන දිවයිනක කෙරෙන සටනට සහබාගි වෙනවා, කෘරත්වය ප්‍රතික්ෂේප කරන මොහු හමුදා පුහුණුවේදී තුවක්කු පුහුණුව ප්‍රතික්ෂේප කරපු නිසා මොහුගේම බලවත් ඉල්ලීම මත හමුදා වෛද්‍යවරයෙක් විදියට තමා මේකට සහභාගි කරවන්නේ. ඒ දුපතේ ජපනුන් විසින් උමං හාරල භූගත සටන් කඳවුරක් පවත්වාගෙන යනවා. අපේ කතා නායකයා ඇතුළු පිරිස සටන් වදින්නේ මෙන්න මේ කියන භූගත ජපන් කඳවුරු ා යටත් කරගන්න. ගුවනින් ගොඩබිමින් සහ මුහුදින් කොපමණ පහර දුන්නත් ජපනුන්ව පරාජය කරන්න හැකිවෙන්නේ නෑ ඇමරිකන් හමුදාවට. Hacksaw Ridge කියන්නේ කඳු ප්‍රපාතයකට, එහි ඉහල ඉන්නේ මේ කියන ජපන් සොල්දාදුවන්. පහල තමා ඇමරිකම් හමුදා කඳවුරු බැඳගෙන ඉන්නේ. උඩ කෙරුණ සටනකදී ඇමරිකන් හමුදාව ජපනුන්ට බරපතල ප්‍රහාරයක් දියත් කරනව, නමුත් අන්තිමේදී ජපනුන් ප්‍රති ප්‍රහාර එල්ලකරනකොට ඇමරිකන් හමුදාවට පසුබහින්න වෙනවා. නමුත් ඒ වෙනකොට බාගෙට බාගයක්ම තුවාල වෙලා සහ මියගිහින්, උඩට නගපු අයගෙන් ඉතාම අඩු පිරිසක් තමා පහලට බහින්නේ, හැබැයි ඩොස් පහලට බහින්නේ නෑ එයා උඩට වෙලා ඉන්නවා උඩට වෙලා ඉඳල මොනවද කරන්නේ?
සැබෑ චායාරුපය සිනමාපටයෙන්

ඉතින් IMDB 8.6ක අගයක් අරගෙන තියන මේ කතාව අපිට අරන් එන්නේ අපි කවුරුත් දන්න කියන ඔස්කා සම්මාන දෙකකින් පිදුම් ලබපු හොලිවුඩ් අධ්‍යක්ෂකවරයෙක් ඒ තමා මෙල් ගිබ්සන්. Apocalypto 2006, Braveheart 1995, The Man Without a Face 1993, වැනි සුපිරිතම සිනමාපට අපට අරන් ආපු මෙල් ගිබ්සන් විසින් අපිට තිලිණ කෙරෙන මීළඟ සුපිරිතම සිනමාපටය මේක. ඒ වගේම රංගනයෙන් දායක වෙන්නෙත් අපිට හොඳට හුරු පුරුදු චරිත කිහිපයක් විසින්. The Amazing Spider-Man විදියට අප හමුවට ආව Andrew Garfield තමා ඩොස් විදියට ප්‍රධාන චරිතයට දායක වෙන්නේ. ඒ වගේම Warm Bodies 2013, The Choice 2016 වැනි සිනමාපට තුලින් අප හමුවට ආව Teresa Palmer <3 ඩොස්ගෙ බිරිඳ විදියටත් Avatar 2009, Clash of the Titans 2010, Wrath of the Titans 2012, සිනමාපට තුලින් අප හමුවට ආව Sam Worthington. එමෙන්ම මෙල් ගිබ්සන්ගේ පුත්‍රයෙක් වන Milo Gibson ද, Richard Pyros, Jacob Warner වැනි අය මෙහි චරිතවලට පණ පොවනව.ඒ වගේම ෆිල්ම් එක අවසානයේ මේ කතාවට සම්බන්ධ සැබෑම මිනිසුන්ගේ විනාඩි කිහිපයක කතාවක් තියනව, ඒකත් බලන්න, යුද්ධය කියන්නේ මොන වගේ දෙයක්ද කියල දැනගන්න හැදිනගන්න පුලුවන්.
ඔයාට හැම වෙලේම දිනන්න බෑ..
ඒත් යාලුවෝ එයාලගේ ජිවිත මට ණයගැතියි කියල කියාගෙන මං ගාවට එනව.
මට ලබාගන්න තියන ඊට වඩා වටිනා සම්මාන තව මොනවද?
-කෝප්‍රල් ඩෙස්මන් ඩොස්-
Medal of Honor: Oral Histories
Due to copyright issues, we do not provide any torrent links
සියලුම BR පිටපත් සහ DVDSCR පිටපත් සඳහා මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා ගැලපේ.
9,489 downloadsDownload Hacksaw.Ridge_.2016.zip103 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
108 comments
Gayan Krishantha
kalpa
ado hoya hoya idiye bn thanks ah
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Sameera Lakshan
thanks...yaluwa....niyama filma akak......
madushan
thanks ban sub akata ...sub aka enakan balagena hitiya..
උදයා
මේක දෙනකන් මන් දැන් සතියක් තිස්සෙ ෆිලුම බාගෙන බලගෙන හිටියා... මේක නම් සුපිරිම සුපිරි ෆිලුමක්.. සබ් නැතුවත් බැලුවා වැඩක් නැ :-D . අද තමයි ඉතින් තෙරෙන්ඩ ෆිලුම බලන්නෙ...
වීමා අයියට ගොඩක් පින් සබ් එකට ...
Passengers 2016, Doctor strange ෆිලුම් දෙකටත් පුලුවන් ඉක්මනට සබ් එක දෙන්ඩ කියල ඉල්ලනව.... එ ෆිලුම් 2කෙම හොඳ කොපි ඇවිත් තියෙන්නෙ. (passengers එකෙ නම් hc.hdrip එක තියෙන්නේ. එත් ඒකත් හොඳයි)
Kasun Widusha
Tnx mchoo subata
SPD
මෙන්න ෆිල්ම් නම් ෆිල්ම්. සබක් දෙනකම් මග බලාගන හිටියේ මේක බලන්න. බොහොම ස්තුතියි සබ් එකට. ජය වේවා...!
Nadeera Dilshan
enakan balan hitiye ela. under world blood wars eke sub ekath ekmanata denna.
tharindu gunarathna
thanks
thisal
බාගෙට බලලා තිබ්බෙ එන්ග්ලිශ් සබෙන් තැන්ක්ස් සබට මචන් දෙනකම් බලන් හිටියා වෙබ් කොපිය ආපු දවසෙ ඉදන් ;)
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..!
lakshan
thanks machan waiting for this movie
නවින් නිසල්
☆☆තැන්ක්ස් මචන් උපසිරසියට ☆☆
mayantha
sub eka enakam hitiye. bohoma sthuthi.
shamen chinthaka
thanks machan
Udara Nuwan Kumara
good
Udara Nuwan Kumara
thanx
Nüwäñthå Dúlån
එහෙන් මෙහෙන් ටිකක් බැලුවා,
මේක සුපිරිම එකක්,
දැන් සබ එක්කම බලන්න පුලුවන්.
තෑන්ක්ස් විමෝ!!!අසිත
"ඔයාට හැම වෙලේම දිනන්න බෑ..
ඒත් යාලුවෝ එයාලගේ ජිවිත මට ණයගැතියි කියල කියාගෙන මං ගාවට එනව.
මට ලබාගන්න තියන ඊට වඩා වටිනා සම්මාන තව මොනවද?"පිස්සු කොර කතාව නේ සහෝ.ඔන්න ඕක තමා අපේ ගොඩක් මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ.
ඒත්මෙ එක්කම කියනවා බලලා නැති අය මෙල් ගිබ්සන්ගේ Apocalypto 2006, Braveheart 1995 ෆිල්ම් දෙකත් බලන්න.එතකොට හිතගත හැකි මොහු දක්ෂ නළුකමටද, අධක්ෂකකමටද කියලා??
මේක දෙනකම් පිස්සු හැදිලා හිටියේ බන්.
ජය වේවා!!!!Ravindu Rukshan
thx sub ekata
Pramod
මචං Warcraft කියලා කියන්නෙත් මේ ෆිල්ම් එකටමද?
විමා
නෑ මචං එක වෙන ෆිල්ම් එකක් මේක වෙනින් එකක්
Pramod
මේ ෆිල්ම් එකත් එක්ක දීලා තියෙන විකිපීඩියා ලින්ක් එක ක්ලික් කරාම Warcraft ෆිල්ම් එකේ ආටිකල් එක මචං එන්නෙ. පළ කරද්දි වැරදෙන්න ඇති.
Kulanjana Maduranga
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Lt.
Sub eka enakan balan idala idala pereda eng sub ekath ekka meka beluwa Vimo. aulak ne me wage katha gena hemotama denaganna me karana oyage wede nam supiri. thank you. Well done!
Film eka nam Perfect! kohe kauru unath me thamai niyama weerayo. thank again.කේ.යූ.ජී. උදාර
නියමයි විමා............ සුපිරි ම සලරුවක් වගෙයි. ඔන්න එහෙනම් මාත් ගත්තා. සිංහල සබට බොහොම ස්තූතියි.
සවිඳු සිහිලැල්
බොහොම ස්තූතියි විමා අයියේ උපසිරැසියට.
Dulanga
Thanks
Sujith Dammika
vima pattttttta a thnk
එල්.සී. දමැල්
ස්තුතියි...
ලිපිය පස්සෙ කියවන්නම්... :)Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Jack
නියමයි මචෝ...
මේකත් අනිවා බලන්න ඉන්න හිටපු එකක්.
ලිපියත් සුපිරියටම තියනවා.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...K.N.N
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
ජය වේවා!Hirantha
මේ උපරැස් වලට ගැලපෙන වැඩකරන torrent ලින්ක් එකක් දානවද
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....
මේක දෙනකල්ම තමයි බලන් හිටියේ...Danawrid
Sub එකට thanks කොල්ලෝ.....!
Web-බුවා
"අමරිකාවේ එහෙම උනත් - ලංකාවේ එහෙම වෙන්නේ නෑ." :sad: :x :sad:
මේ ලොකු අයියේ....! පාලනයේ වැරද්දක් ද දන්නේ නෑ නේ? ;) ;) ;)
ඉතිං ජාතියක් හැටියට ඉස්සරහට යයිද lol? :(උපසිරැසියට බොහොම තුති බුවෝ! mel මහත්තයා ගැන වෙන මොන කතා ද lol. :D
- ඔයා මේ අඩවියේ #1 නොවෙන්න ඇති. ඒත් ඔයාගේ උපසිරැසිත් එක්ක චිත්‍රපට නරඹන බොහෝ දෙනෙක්ගෙන් සුළුතරයක් ඔයාට "ස්තූතියි" කියලා යනවා. ඒ සිරාම කලගුණ දන්නෝ. ඉතිං ඔයාට ලබාගන්න තියෙන ඊට වඩා වටිනා සතුට මොකක් ද? -
ජය! :)
harsha
බොහෝම ස්තූතීයි විමා. මම චිත්‍රපට බලනවා බොහෝම අඩුයි. බලන්නෙම ටීවී සීරීස්. බැලුවොත් බලන්නේ මේවගේ යුද්ධයට සම්බන්ද ඒවා. (යුද බිම කියන්නේ මට සැබෑ නොවුන හීනයක් ) මේ දවස්වල මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ පොත කියවන ගමන් ඉන්නේ. මේ සිද්දිය ගැන මම කිසිම දවසක අසා නෑ. ඒ නිසා මම ඊයේ දවසේ මේ කතාව බැලුවා. මේක බලද්දී මට මතක් උනේ "සැබෑ මිනිසෙකුගේ කතාව" කියන රුසියානු පොත. බොහෝම ස්තූතීයි විමා ඇසට කඳුලු උනන හැගීම් බර පැය 2 ක් ලබාදුන්නාට. ජයවේවා
BlackSnow
Thank you bro.great work.
Palitha de Silva
thankyou verymuch..
ravi
බොහොම තුති මචෝ.................
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සබ් එකට සහෝ
ජය වේවා!Saranga Liyanagama
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. :)
Nilupul
ස්තූතියි සහෝ
Dasitha147
bohoma sthuthie saho obalage me sewayata. jaya wewa obata
Damith
me site eke dala thibba move trailer eka dakala film eka downlode kara. sub eka denakan balan hitiye. thankzz bro sub ekata. ජයින් ජයම වීවා !!!
Udara Cooray
ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Janaka
Kalekin balapu pattama film ekak aye katha dekak na subtitle ekata godak pin thanks lot machan
Panagama Maithree
thank
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Hammeee meka enam hitiye.....Thanks A lot Bro........