ආයුබෝවන්! 2017 දෙසැම්බර් 29 වෙනිදා තිරගත කිරීම ආරම්භ කල මේ චිත්‍රපටියට imdb 7.8 ක් වගේ ඉහල අගයක් ලැබිල තියෙනවා. Drama/History ගණයට අයත් වන මේ නිර්මාණය සත්‍ය සිඳුවීම් ඇතුලත් කරගෙන නිමවූවක්. 1987: When the Day Comes යන දකුණු කොරියානු චිත්‍රපටිය ජන්ග් ජුන්-හ්වන් විසින් අධ්‍යක්ෂණය කල 2017 දෙසැම්බර් 29…

ආයුබෝවන්!
2017 දෙසැම්බර් 29 වෙනිදා තිරගත කිරීම ආරම්භ කල මේ චිත්‍රපටියට imdb 7.8 ක් වගේ ඉහල අගයක් ලැබිල තියෙනවා. Drama/History ගණයට අයත් වන මේ නිර්මාණය සත්‍ය සිඳුවීම් ඇතුලත් කරගෙන නිමවූවක්.
1987: When the Day Comes යන දකුණු කොරියානු චිත්‍රපටිය ජන්ග් ජුන්-හ්වන් විසින් අධ්‍යක්ෂණය කල 2017 දෙසැම්බර් 29 දින තිරගත කිරීම ආරම්භ කරපු දේශපාලනික ත්‍රාසජනක චිත්‍රපටියක්. මෙම චිත්‍රපටය කිම් යුන් සොක්, හා ජන්ග් වූ, යූ හේ-ජින්, කිම් ටේ රි, පාක් හී සුන් සහ ලී හී ජුන් වගේ ජනප්‍රිය චරිත ගණනාවකගෙන් සමන්විතයි. 1987 වර්ෂය තුල දකුණු කොරියාවේ ඇතිවුණු ප්‍රජාතන්ත්‍රවාදයේ නැගී සිටීමට පාදක වුණු සත්‍ය සිදුවීම් ඇසුරින් තමයි මෙය නිර්මාණය කරලා තියෙන්නෙ.
මෙම ප්‍රජාතන්ත්‍රවාදය නැගී සිටීමට ප්‍රධාන හේතුව වන්නෙ පොලිසිය විසින් ප්‍රශ්න කිරීම් අතරතුර සෝල් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගේ මියයාම සහ එය හැමදෙනාගෙන්ම වහන් කිරීමට උත්සහ ගැනීමයි. මේ සිද්දිය වසන් කරන්න හදන්නෙ පොලිසිය සහ අදාළ දේශපාලන පක්ෂය විසිනුයි.
මෙම චිත්‍රපටියට පාදක වෙන්නේ එවකට දකුණු කොරියානු ජනාධිපති වූ චුන් දෝ හ්වන්ගේ හමුදා ආධිපත්‍යය අවසන් කිරීමට 1987 වසරේ ජූනි මස ඇතිවූ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයයි. මෙම ආණ්ඩුවේ පාලනයට එරෙහිව උද්ඝෝෂණය කරන්න පටන් ගත්තේ විශ්ව විද්‍යාල සිසුන් විසින්. මේ උද්ඝෝෂණ වලට පෝස්ටර් ගහන දේවල් වලට රැස්වීම් තියෙනවට ආණ්ඩුව සහ පොලිසිය කොහෙත්ම ඉඩක් දුන්නෙ නැහැ. මේ වගේ දේවල් කරන අයව හැඳින්වුයේ ද්‍රෝහීන් කියලා. ඉතින් පොඩි හරි ඉඟියක් දැනුනොත් පොලිසිය කරන්නෙ මේ අයව අල්ලගෙන ගිහින් වද දීල ප්‍රශ්න කරන එක. පාක් ජොන්ග් චුල් කියන්නෙත් මේ වගේ අල්ලගෙන ගියපු ළමයෙක්. ඒත් මෙයාගෙන් ප්‍රශ්න කරද්දි මෙයා මැරෙනවා. මේ ප්‍රශ්න කිරීම් වල ප්‍රධානිය තමයි පාක් චේ වොන් කියන්නෙ.මෙයාගෙ රාජකාරිය තමයි මේ කොමියුනිස්ට් වාදීන්ව එහෙමත් නැත්තන් එයාට අනුව ද්‍රෝහීන්ව අල්ලගෙන නැති කරල දාන එක. පොලිසියෙ අය මේ ළමයාගෙ මරණෙ යටගහන්න හැදුවත් මේ ගැන ඇත්ත හොයන කට්ටියකුත් ඉන්නවා. චොයි අභිචෝදක කියන්නෙත් ඒ අයගෙන් කෙනෙක්. පොලිසියෙ නිලදාරීන් ගිහින් ඒ ළමයගෙ මිනිය ආදාහනය කරන්න අවසර ඉල්ලන්නෙ මේ චොයි අභිචෝදකවරයගෙන්. පැය 24 ක් යන්නත් කලින් පවුලෙ අය මිනිය දැකලත් නැතුව මරණ පරීක්ෂණයක්වත් නැතුව මෙයාව ආදාහනය කරන එක සැක සහිත නිසා, මොන තරම් බලපෑම් ආවත් මෙයා ඒකට අවසර දෙන්නෙ නැහැ. මෙයා කොච්චර දැගලුවත් අන්තිමේදි මෙයාට වෙන්නෙ රස්සාවෙන් දොට්ට යන්න.. ඒ ඉහල නිලතල වලින් එන බලපෑම් නිසා. ඒත් මෙයා සේරම පරීක්ෂණ වාර්තා ටික හොරෙන්ම මාධ්‍ය වේදියෙක් අතට ලැබෙන්න සලස්සවල තමයි අයින් වෙලා යන්නෙ.මේ මාධ්‍ය වේදියා මේ ගැන පල කරාට පස්සෙ තමයි මුළු රටම ඇවිලෙන්නෙ.
මෙතන කෙටියෙන් කියන්න බැරි තරමෙ ලොකු කතාවක් තියෙන නිසා කතාව බලලම තේරුම් ගන්න එක තමයි හොඳ. a taxi driver කියන චිත්‍රපටියත් අදාළ වෙන්නෙ මේ කාලෙටම තමයි. ඒ කතාවෙ තියෙන්නෙ ග්වන්ජු කියන පලාතෙ ඇතිවුණු සිද්දියක්. එතකොට මේ චිත්‍රපටියෙ තමයි ප්‍රධානම සිද්දිය තියෙන්නෙ. ඒ නිසා ඔයා a taxi driver (2017) බලපු කෙනෙක් නම් මේ චිත්‍රපටියත් නොවරදවාම බලනවා..
එහෙනම් ඉතින් තවත් චිත්‍රපටියකින් හමුවන තුරු…
බුදුසරණයි!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,360 downloadsDownload 1987-When-the-day-comes-2017.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
22 comments
Thisara Neo
Hashan M. Priyadarshana
Thank you bro sub ekata...
Jaya wewa..!AsithaDilruwan
ela saho thanks
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooo sub ekata....
asankabalage
patta saho.hamadama awith balanawa koriyan ekak thiyenawada kiyala.godaaka asai saho koriyan film balanna,koriyan nam ithin chamal kelum thamai..
godaak sthuthi saho thawa ekak karamu.තරිඳු පෙරේරා
Taxi Driver man baluwa mekath aniwa balanawa saho man sub ekata gdak sthuthi digatama karan yamu jaya wewa
bLack_sNow
Thanks bro sub ekata. digatama karagena yanna suba patanawa
Pasinduviraj2003
Super film එකක් .thanks subtitles
Kulanjana Maduranga
subata thanks saho.....
sampath n perera
thanks
inranasingha
patta machan
Tharindu07
Thanks machoo......!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
KH2130
Thank you !!
Lt.Snk
it seems interesting movie.. got the sub. Thanks lot!!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
පට්ටම ෆිල්ම් එකක් වගේ.....tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!sanjeewakbg
Thanks bro..
hemal4
Tnx bro tnx
Gayan Chathuranga
Thanks saho!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.