Watch Trailer

2.0 (2018) Sinhala Subtitles | ලෝකය අයිති මිනිසාට පමණක් නොවේ..! [සිංහල උපසිරසි සමඟ]

“තාක්ෂණය පාවිච්චි කරලා ප්‍රයෝජනවත් දේවල් කරන්න ඕන.! ලෙඩ ‍රෝග සුව කරන්න ඕන.! අධ්‍යාපනය දියුණු කරන්න ඕන.! එහෙම නැතුව අනවශ්‍යදේවල් වලටයි තමන්ගේ තණ්හාවටයි ඒක පාවිච්චි කරොත් විනාශයක්ම තමයි වෙන්නේ.!” Action, Sci-Fi, Thriller කාණ්ඩ ඔස්සේ වර්ගීකරණය වෙමින් පසුගිය වසරේ නොවැම්බර් 28 ඉන්දියාවේ තිරගතවීම් අරඹපු…

“තාක්ෂණය පාවිච්චි කරලා ප්‍රයෝජනවත් දේවල් කරන්න ඕන.! ලෙඩ ‍රෝග සුව කරන්න ඕන.! අධ්‍යාපනය දියුණු කරන්න ඕන.!
එහෙම නැතුව අනවශ්‍යදේවල් වලටයි තමන්ගේ තණ්හාවටයි ඒක පාවිච්චි කරොත් විනාශයක්ම තමයි වෙන්නේ.!”

Action, Sci-Fi, Thriller කාණ්ඩ ඔස්සේ වර්ගීකරණය වෙමින් පසුගිය වසරේ නොවැම්බර් 28 ඉන්දියාවේ තිරගතවීම් අරඹපු 2.0 චිත්‍රපටය මේ වෙද්දී 7.0 ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. ලෝකවාසී සුවහසක් දමිළ සිනමාලෝලීන්ගේ අවදානය මේ වෙත යොමුවුණේ සුපර්ස්ටාර් Rajinikanth මෙහි ප්‍රධාන රංගධර භූමිකාව හොබවන නිසාම විය යුතුයි. ඊට අමතරව බොලිවුඩ් සුපිරි තරු Akshay Kumar මෙහි ප්‍රතිවීර චරිතයට පණ පොවනවා වගේම Amy Jackson ප්‍රධාන නිළිය ලෙස සිනමාපටයට දායකවෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙන්නේ I (2015), Enthiran (2010) වැනි දැවැන්ත නිර්මාණ බිහිකළ සම්මානනීය අධ්‍යක්ෂක S. Shankar විසිනුයි. සංගීත අධ්‍යක්ෂණය සම්මානනීය සංගීතවේදී A.R Rahman විසිනුයි. රහ්මාන් සහ ශංකර් එක්ව වැඩ කරන 10 වන අවස්ථාව වන මෙය වන අතර රජිනිකාන්ත් සහ අක්ශේ කුමාර් එක්වන පලමු අවස්ථාව මෙය වනවා.

– අක්ශේ කුමාර්, රජිනිකාන්ත්, A.R. රහ්මන්, එමී ජක්සන්, අධ්‍යක්ෂක ශංකර්, නිෂ්පාදක සුභාෂ්කරන් –

මෙහි යොදාගෙන ඇති තාක්ෂණය ගැන බොහොමයක් දෙනාගේ අවධානය යොමුවුනා. සාමාන්‍යයෙන් බොහොමයක් ත්‍රිමාණ චිත්‍රපට මුලින් ද්විමාණ ලෙසින් රෑගත කර පසුව ඔවුන් එය ත්‍රිමාණ ලෙස පරිවර්තනය කරනු ලබනවා. නමුත් 2.O චිත්‍රපටය විශේෂ ත්‍රිමාණ කැමරා ආධාරයෙන් රෑගත කිරීම් කර තිබීමත් සුවිශේෂි කරුණක්.! චිත්‍රපටයේ යොදාගත් VFX හෙවත් දෘශ්‍ය ප්‍රයෝග ඉතා ඉහල මට්ටමක තිබූ බව බොහෝ විචාරකයින්ගේ පිළිගැනීම වුනා.ඉතා ජනප්‍රිය හොලිවුඩ් සිනමාපට සඳහා දායකවුන තාක්ෂණික ශිල්පීන් මේ සඳහා දායකවෙලා තියෙනවා. 2018 අග චිත්‍රපටය තිරගත වුවත් මුලින් මෙය නිකුත් කරන්න සැලසුම් කරලා තිබුනේ 2017 දීපාවලි සඳහායි. මේ විදියට වසරක පමණ කාලයක් තිරගත්වීම් කල් යන්න හේතුව විදියටත් නිර්මාණකරුවන් පෙන්වා දෙන්නේ මෙහි VFX සංස්කරණයන් ඉතා ඉහල මට්ටමින් සිදු කිරීමට අවශ්‍ය වීමයි. මෙහි යොදාගත් VFX තාක්ෂණය ගැන කියැවෙන විඩීයෝ කිහිපයක්ම YouTube අඩවියෙහි දැකගන්න පුලුවන්. චිත්‍රපටයේ තාක්ෂණය ගැන ගොඩක් උනන්දු කෙනෙක් ඉන්නවා නම් මිලියන ගණනක් නරඹපු මේ වීඩියෝ අනිවාර්යෙන් බලන්න කියලා මතක් කරනවා.

  • 3D තාක්ෂණයෙන් කැමරාකරණය කරන ලද පලවෙනි ඉන්දියානු චිත්‍රපටය වෙන්නේ 2.0 චිත්‍රපටයයි.
  • VFX ස්ටූඩියෝ 25ක පමණ මෙහි පසු නිෂ්පාදනයන්(post-production) සිදුවෙලා තියෙනවා.

ඉන්දියානු චිත්‍රපටයක් නිපදවිමට වැය කල වැඩිම වියදම ලෙසින් ඉතිහාසගත වන ඉන්දියානු රුපියල් කෝටි 543ක් එහෙමත් නැත්නම් ඇමරිකානු ඩොලර් මිලියන 76ක වියදමින් තැනුනු 2.0 චිත්‍රපටය ආසියාවේ වැඩිම වියදමක් තනා නිපදවුනු දෙවන චිත්‍රපටය වනව. මෙහි පලමු ස්ථානය ඇ.ඩො. මිලියන 100ක වියදමින් තැනුනු Asura (2018) නම් චීන චිත්‍රපටය හිමි කරගෙන තිබෙනවා. මීට අමතරව වැඩිම වියදමක් දරා නිෂ්පාදනය කළ ඉංග්‍රීසි නොවන සිනමාපට අතරින් ලෝකයෙන්ම නවවෙනි ස්ථානය ලබගන්නෙත් මෙම චිත්‍රපටයයි. වියදම අතින් මෙන්ම ආදායම අතින්ද වාර්තා රැසක් බිහිකරන්න 2.0 සමත්වුණා.
2.0 චිත්‍රපටය පිලිබඳ තවත් විශේශ කරුණු කිහිපයක් ඔබට මෙසේ ගෙනහැර දක්වන්නම්…

  • මෙය 2010 වසරේ නිකුත් වුනු Enthiran චිත්‍රපටයේ දෙවන චිත්‍රපටය වන අතර එය නිකුත් වී වසර අටකට පසුවයි එහි දෙවැන්න නිකුත් වන්නේ.
  • එමෙන්ම පලමු වැන්නේ සිටි ඓයිශ්චර්යා රායි මේ චිත්‍රපටය වෙනුවන් තමන්ගේ සුමිහිරි කටහඬ පමණක් දායක කොට තිබෙනවා.
  • පිටපත සැකසීමේදී මෙහි දුශ්ඨ චරිතය සඳහා මුලින් සුපිරි හොලිවුඩ් නළු ආනෝල්ඩ්ව සිතෙහි තබාගෙන පිටපත සැකසූවත් ඔහු අය කරන මුදල දැරිය නොහැකි හේතුවෙන් පසුව එම අදහස වෙනස් කරගන්නට අධ්‍යක්ශක ශංකර් තීරණය කර තිබෙනවා. පසුව ඒ සඳහා අමිතාබ් බච්චන් යොදා ගැනීමට යෝජනා කෙරුනත් රජිනිකාන්ත් ඒ සඳහා අකමැති වී ඇති අතර අවසානයේදී එම අවස්‍ථාව අක්ශේ කුමාර් වෙත උදා වූවා.
  • හොලිවුඩයේ දැවැන්ත නිර්මාණයන්ට දායක වුනු Sean Foot (Avatar, Kenny Bates (Transformers), Aaron Crippen (Batman v Superman) සහ Steve Griffinද මේ චිත්‍රපටය සඳහා තම සේවය එක්කොට තිබෙනවා.
  • දුරකථන සමාගම් රැසක් මේ චිත්‍රපටය තහනම් කරන ලෙස ඉල්ලා සිටියා. ඒ ඔවුන් ගැන මේ චිත්‍රපයෙන් නරක නාමයක් එලිදැක්වෙනවා යැයි පවසමින්.
  • මේ චිත්‍රපටයේ ප්‍රධාන නිලිය ලෙස රඟන එමී ජැක්සන් රජිනිකාන්ත්ට වඩා වයසින් අවුරුදු 43ක් බාල වන අතර අක්ශේ කුමාර්ට වඩා අවුරුදු 25ක් බාල යුවතියකි.
  • තාක්ශණික ශිල්පීන් 3000කටත් අධික ප්‍රමාණයක පිරිසක් මේ චිත්‍රපටය සඳහා තම සේවය ලබා දී තිබෙනවා.
  • VFX සමාගම් 15ක VFX ස්ටූඩියෝ 25ක පමණ මෙහි පසු නිෂ්පාදනයන්(post-production) සිදුවෙලා තියෙනවා.
  • ස්මාට්ෆෝන් 10 000 ක් පමණ ආකෘති(ඩමී) ප්‍රමාණයක් මේ චිත්‍රපටය සඳහා යොදාගෙන තිබෙනවා.
  • මේ චිත්‍රපටයේ VFX දර්ශන 900 කටත් වඩා අඩංගු බව සඳහන් වෙලා තිබෙනවා.
  • මේ චිත්‍රපටයේ පලමු සංස්කරණය පැය තුනකටත් අධික ධාවන කාලයක් වූ බැවින්, ප්‍රේක්ශකයින්ට එතරම් වෙලා 3D කණ්නාඩි පැලඳ සිටීම අපහසු නිසා චිත්‍රපටයේ ධාවන කාලය තවත් කෙටි කරන්නට ශංකර් තීරණය කර තිබෙනවා.
  • චිත්‍රපටය නිකුත් වීමට පෙරාතුවම චිත්‍රපටයේ ටිකට්පත් ලක්ශ දහයකටත් අධික ප්‍රමාණයක් විකිණී තිබෙනවා.
  • ඒ අනුව චිත්‍රපටය නිකුත් වීමට පෙරාතුවම චිත්‍රපටයේ නිශ්පාදන වියදමින් අඩක් උපයා ගැනීමට 2.0 කණ්ඩායමට හැකිව තිබෙනවා.
  • 2.0 චිත්‍රපටය නිකුත් වන දිනයේ ලොවපුරා රිදී තිරයන් 10 000ක මෙහි තිරගතවීම ආරම්භ වී තිබෙනවා. එය ලොව ඕනෑම චිත්‍රපටයක් තිරගතවිම ආරම්භ කල පලමු දිනයේ තිරගත වූ වැඩිම රිදී තිරයන් සංඛ්‍යාව වනවා.
  • නිකුත්කළ පළමු දිනයේම ඉන්දියාවේ තිරගතවීම් වලින් ඇ.ඩො.මි. 11 ක ආදායමක් හිමිකරගත් මෙය පළමු දිනයේ ඉන්දියාවේ වැඩිම ආදායමක් ඉපයූ ඉන්දීය චිත්‍රපට අතුරෙන් දෙවැන්න බවට පත්වනවා (ඇ.ඩො.මි.21ක් උපයාගත් Baahubali 2 (2017) චිත්‍රපටය මෙහි පළමු ස්ථානය හිමිකරගන්නවා).
  • තිරගත කල පලමු දිනයේ ලොව පුරා ප්‍රදර්ශනයෙන් ඇ.ඩො.මි. 16ක ආදායමක් හිමිකරගන්නා මෙය පළමු දිනයේ ලොව පුරා ප්‍රදර්ශනයෙන් වැඩිම ආදායමක් ඉපයූ ඉන්දීය චිත්‍රපට අතුරෙන් දෙවැන්න බවට පත්වෙන්නේ Baahubali 2 (2017) චිත්‍රපටයට පමණක් දෙවෙනි වෙමිනුයි.
  • පාකිස්තානය තුලද සිනමාශාලා 20ක පමණ මෙහි පළමු දින ප්‍රදර්ශනය සිදු කලත්, ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර හේතුවෙන් දෙවෙනි දිනයේ එම අගය 70 දක්වා වැඩිකෙරෙනවා.
  • 3D තාක්ෂණයෙන් කැමරාකරණය කරන ලද පලවෙනි ඉන්දියානු චිත්‍රපටය වෙන්නේ 2.0 චිත්‍රපටයයි.
  • මෙම චිත්‍රපටයේ හින්දි වර්ශන් එක බෙදාහැරිමේ අයිතිය කරන් ජොහාර් ප්‍රමුඛ ධර්මා ප්‍රඩක්ශන් ආයතනයට හිමි වූවා.
  • අවසාන වශයෙන් මෙම 2019 වසරේ මැයි මාසයේ 19 වන දින මේ චිත්‍රපටය චීනයේ තිරගතවිම ආරම්භ කිරිමට නියමිතයි. ඒ එහි සිනමාහල් 10 000 ක 3D රිදී තිරයන් 47 000ක් ඇතුලු මුලු රිදී තිරයන් 56 000ක. එය එසේ වුවහොත් චීනයේදී විදේශීය චිත්‍රපටයක දැවැන්තම නිකුත් වීම මෙය වේවී.

– 2.0 චිත්‍රපටය සඳහා ලැබුනු විචාරක ප්‍රසාදය –

විද්‍යා ප්‍රබන්ධ(Sci-Fi) කාණ්ඩයට අයත් චිත්‍රපටයක් වන මෙයින් වැදගත් සමාජ පණිවිඩයක් ලබාදෙනවා. ඒ ගැන යමක් සඳහන් නොකලොත් ඒක ලොකු අඩුපාඩුවක්. චිත්‍රපටයේ කියැවෙන විදියට අපි භාවිතා කරන ජංගම දුරකථන පක්ෂීන්ට අහිතකර අන්දමින් බලපානවා. පක්ෂි ගහණය අඩුවෙන්න ජංගම දුරකථන භාවිතය ලොකු හේතුවක් වෙනවා කියලා තමයි මෙහි සඳහන් වෙන්නේ. ජංගම දුරකථන කියන්නේ රැහැන් රහිතව දත්ත හුවමාරු කරන සන්නිවේදන උපකරණයක්. මේ විදියට දත්ත හුවමාරු වෙන්නේ විද්‍යුත් චුම්භක කිරණ හරහායි. හරියටම කිව්වොත් ඒ විද්‍යුත් චුම්භක කිරණ වර්ගයක් වන ක්ෂුද්‍ර තරංග. ඒ කිව්වේ ක්ෂුද්‍ර තරංග (Microwave) වලින් නිකුත් වන කිරණ වලට ආසන්න වශයෙන් සමාන කිරණය තමයි මෙහිදී භාවිතා වෙන්නේ. ලෝකය පුරා ජංගම දුරකථන සෑහෙන ප්‍රමාණයක් භාවිතා වෙන නිසා මේ විදියේ කිරණ සෑහෙන ප්‍රමාණයක් අවකාශයේ අඩංගු වෙනවා.

මේ සංසිද්ධිය Electrosmog යනුවෙන් හැඳින්වෙනවා. මේ දේ පක්ෂීන්ගේ ප්‍රජනනය, ස්නායු පද්ධතිය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැනි දේ සඳහා අහිතකර ලෙස බලපාන බවට පක්ෂි විද්‍යාඥයින් සැක කරනවා. කොහොමවුනත් මේ කරුණ සම්බන්ධ විද්‍යාත්මක පර්යේෂණ කිහිපයක් සිදුකරලා තිබුනත් ජංගම දුරකථන වලින් පිටවන කිරණ පක්ෂි ජීවිතවලට හානි කරන බවට ඍජුවම ඔප්පු කරන්න පුළුවන් විදියේ ප්‍රතිපල මේ සමීක්ෂණ වලින් ලැබිලා නෑ. නමුත් මේ ගැන හරියටම කියන්න පුළුවන් වෙන්නේ ඉදිරි පර්යේෂණ වලින්ම තමයි. ඒ වගේම සංක්‍රමණික පක්ෂීන්ට තමන්ගේ ගමන්මග සොයාගැනීමටත් මේ විද්‍යුත් චුම්භක කිරණ අහිතකර අන්දමින් බලපාන බව විශ්වාස කෙරෙනවා. මේ විදියේ කරුණු සහ මේ කිරණ මිනිසාටද හානිකර වීම නිසා දුරකථන සංඥා කුළුණුවලින් පිටවිය යුතු කිරණ මට්ටම සඳහා විවිධ රටවල් සීමාවන්ද පනවා තිබෙනවා. නමුත් ඉන්දියාව වගේ රටවල මේ සීමාවන් සම්බන්ධ නීතින් හරිහැටි ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේ දේ නිසා පක්ෂීන්ට සොබාදහමට සිදුවන ව්‍යසනය ගැන තමයි 2.O චිත්‍රපටියෙන් පෙන්වලා දෙන්නේ.

මේ කියන්න යන්නේ තවත් විශේෂ කාරණාවක් ගැන. ඒ මේ චිත්‍රපටය සම්පූර්ණයෙන් ගලාගෙන යන්නේ විද්‍යාත්මක කරුණු කාරණා මත. ඉතින් මේ සිනමාපටයේදී දැකන්න ලැබෙන දෙයක් තමයි පෘතුවියේ තිබෙන තවත් ශක්ති ප්‍රභවයක් එහෙමත් නැතිනම් අප තවමත් 100% ප්‍රයෝජනයට නොගන්නා තවමත් පර්යේෂණ කටයුතු සිදුකරමින් පවතින පස්වන ශක්ති ප්‍රභවය ගැන. ඉතින් මේ ලිපියට ඒ පිලිබඳවත් කරුණු ටිකක් එකතු කරන්නට සිතුවා.

භෞතික විද්‍යාවේදී, ස්වභාව ධර්මයේ විවිධ අන්තර්ක්‍රියාවන් පදනම් කරගෙන අර්ථ දක්වපු පිළිගත් මූලික බලවේග එහෙමත් නැත්නම් බලයන්(Forces) හතරක් තියෙනවා. එනම් Gravitational (ගුරුත්වාකර්ෂණ බලය), Electromagnetic (විද්‍යුත් චුම්භක බලය), Strong nuclear (ශක්තිමත් න්‍යෂ්ඨික බලය), සහ Weak nuclear (දුර්වල න්‍යෂ්ඨික බලය) යනුවෙනි. නමුත් සමපේක්ෂාත්මක න්‍යායන් වලට අනුකුලව වර්තමාන න්‍යායන් වලට ගැලපෙන පරිදි නොයෙකුත් අසාමාන්‍ය නිරීක්ෂණ පැහැදිලි කිරීම සඳහා පස්වන බලයක් (Fifth Force) අර්ථ දක්වලා තියෙනවා. මේ කියන පස්වන බලයේ හැසිරීම් මං ඉහත කියපු බලයන් හතරේ හැසිරීම් වලට වඩා සෑහෙන්න සංකීරණ ස්වරුපයක් ගන්නවා.
‍
ඔය තමයි පස්වෙනි බලයේ තියෙන මූලිකම දේ. මීට එහා මේක ගැන කතා කරද්දී මේක සෑහෙන්න කොටස් වලට බෙදෙනවා. ඒ වගේම මේකේ අර්ථ දැක්වීම් විවිධ න්‍යායන් වලට සාපේක්ෂව අර්ථ දක්වලා තිබෙනවා. ඒ ගැන හොඳ අධ්‍යනයක් නැතිව සාකච්ඡා කිරීම ඵලක් නැති නිසා අපට මෙතැනදී අවශ්‍ය වන මාතෘකාව වෙත අපි ගමන් කරමු.

ඔය කියපු බලය කොටස් කොටස් වලට බෙදාගෙන යද්දී එක කොනකදී අපිට Aura කියල වචනයක් හම්බවෙනවා. මොකද්ද ඇත්තටම මේ Aura කියන්නේ..?

ඔයාලා අහල ඇති “රැස් විහිදෙනවා” කියල වචනයක්.!

අන්න ඒ කියපු රැස් වලට තමයි ඔය Aura කියන්නේ. ඇත්තටම මේක Energy එකක්. ඒ කියන්න ශක්තියක්. ඔබ අහල ඇති බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් රැස් විහිදී බව. එය පියවි ඇසට දැකගන්න ලැබුණු බවත් ඔබ අසා ඇති.

ඔබ දන්නවාද? ඒ විදිහටම අපේ ශරීරයෙනුත් රැස් විහිදෙනවා. නමුත් ඒ පිටවන රශ්මි ධාරා පියවි ඇසට නොපෙනෙන්නේ එම කිරණ දෘශ්‍ය සංවේදී සංඛ්‍යාත පරාසයේ නොමැති බැවින් බව.

අද වනවිට ඕනම පුද්ගලයෙකුගෙන් පිටවන Aura එක අපටම දැකබලාගන්න පුළුවන් තරමට තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. විද්‍යාත්මක පරීක්ෂණ වලින් එය පරිඝණක තීරයකට ගන්නට සමත් වෙලා තියෙනවා.

සාමාන්‍යයෙන් මනුස්සයෙක් කේන්තියෙන් ඉන්න විට සහ සතුටින් ඉන්නා විට ඒ කෙනාගෙන් පිටවන Aura එකිනෙකට වෙනස් ස්වරුපයක් ගන්නවා. විද්‍යාවේ දියුණුවත් එක්ක ඒ එක් එක් හැඟීම්, හැසිරීම්, මනුෂ්‍ය ස්වභාවයන්ට අනුකුල වන Aura ධාරාවේ හැසිරීම නිර්ණය කරගන්නට අද වනවිට විද්‍යාඥයින් සමත් වෙලා තියෙනවා.

ඒ වගේම අපි මිය ගියාට පස්සේ Aura එකට මොකද වෙන්නේ කියලත් නිර්ණය කරගන්නට ඒ අය සමත් වෙලා තියෙනවා. මෙන්න මෙතනදි මේක කාණ්ඩ දෙකකට බෙදෙනවා. නෙගටිව් (Negative) සහ පොසිටිව් (Positive) විදිහට. කෙනෙක් මැරෙනකොට වෛරකින්, දේවේශයකින්, කේන්තියකින් මැරුණොත් එයාගේ Aura එකේ හැසිරීම මත ඒ Energy මගින් ඇතිවන බලය Negative Force එකක් ලෙසින්ද, ඒකෙ අනිත් පැත්ත Positive Force එකක් විදිහට හඳුන්වනවා.

ඔන්න ඔතනදි තමයි මේක අපේ චිත්‍රපටියට සම්බන්ධ වෙන්නේ. ඔබට දකින්න ලැබේවි මේ චිත්‍රපටයේ සඳහන් වන පක්ෂිරාජන් ඉතාමත් කණස්සල්ලෙන් වර්තමාන සමාජය සමග වෛරයෙන් දිවිනසාගන්නා බවක්. ඉතින් ඔහුගේ මරණයෙන් පසු ඒ චේතනාවෙන්ම මිය ගිය පක්ෂීන්ගේ Negative Forces ද එකකාසු කරගනිමින් බලගතු දුෂ්ඨ ශක්තියක් වනවා ඔබට දකින්න ලැබේවි.

ඒ වගේම මේකේ තවත් දෙයක් තියෙනවා. චිත්‍රපටයට අදාළ දෙයක් නෙවෙයි. අද වෙනවිට විද්‍යාඥයින් මේ Aura එකෙන් නිකුත් වන ශක්තියේ පොසිටිව් පැත්ත යොදාගනිමින් විවිධ පර්යේෂණ සිදු කරමින් සිටිනවා. ඉතින් ඔබට අනාගතයේදී දැකගන්නට ලැබේවි ආබාධිත පුද්ගලයින් ඔවුන්ගේ Aura එක භාවිතයෙන් තමන් වෙත සවිකරගත් කෘතීම අවයව භාවිතා කරන හැටි. Aura භාවිතයෙන් ක්‍රියාත්මක වන රොබෝවරුන්, Aura භාවිතයෙන් ගමන් කරන වාහන වැනි දේවල් අනාගතයේදී දැකගන්නට ලැබේවි.

මේ පහලින් තියෙන්නේ Aura එකේ වර්ණය අනුව එයින් නිරුපණය වන දේවල්…

ඉතින් ඔන්න ඕක තමයි විස්තරය. මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටය උපසිරසි ගන්වන්න වෙන් වෙලා තිබුනේ අපේ තරිදු රසාංග සහෝදරයාට. ඒ ප්‍රේක්ශක ඔබගේ මනාපයෙන්. නමුත් ඔහුගේ කාර්යබහුලත්වය නිසා මෙය M.T.R. තරිඳු රුක්ෂාන් පෙරේරා අයියට සෙට් වෙලා මට අරගෙන එන්නට සිදුවූවා. හොදම දේ මුලින්ම බයිස්කෝප් අඩවියෙන් ලැබෙන බව විශ්වාස කරගෙන සිටින ප්‍රේක්ශක ඔබ සැම අප කෙරෙහි තබා ඇති විශ්වාසය වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කිරීමට මොන බාධකය පැමිණියත් අප සූදානමින් සිටිනවා. ඉතින් ඔන්න එනවා එනවා කිය කියා සිටි හොද කොපිය කෙසේ හෝ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් විදිහට නිකුත් වන්නේ ඊයේ හැන්දෑවේදි. ඔන්න එහෙනම් උපසිරසිත් එක්කලා මේ සුපිරි බ්ලොක්බස්ටර් අද්දැකීම ඔබට විදගන්න පුලුවන් මෙතැන් සිට. අවසාන වශයෙන් මේ චිත්‍රපටය අපට භාර කල තරිදු රසාංග සහෝදරයාටත්, ඔහු වෙනුවෙන් මනාප එක්කල හැමෝටමත්. මේ මොහොතේ හෲදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම මාවත් මේකට පටලගත්තු M.T.R. තරිඳු රුක්ෂාන් පෙරේරා අයියවත් මතක් කරනවා. එහෙනම් නැවතත් හමුවන බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. ජයෙන් ජය!!!!

“මේ පොලව අපිට විතරක්ම අයිති නෑ.!‍
හැමෝටම උරුම දෙයක්,ඒකේ හැමෝම ජීවත් වෙන්න ඕන.!”

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD / Proper HD පිටපත් සඳහා අදාළ වේ.

25,276 downloadsDownload 2.0-2018-Update-PHD.zip108 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Tharaka-Tharindu-e1553871459545.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා ” සහ “තාරක නුවන් දිල්හාර” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

25,276 downloadsDownload Subtitles108 KB

167 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sub ekata haa lipiyataa. Jaya wewaa...

    1. kasun.ranjan

      meka download kara ganne khomada

  2. pradeepravindra

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ජය....

  3. ආසිරි ප්‍රියන්ත

    සුපිරි මචෝ, දෙනකම්ම බලන් ඉදපු එකක්. ආක්ශේ නිසාමයි බලන්නේ.
    තැන්ක්ස් දෙන්නටම,

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    ජය

  5. Lasantharathnasirirox

    ගොඩාක් ස්තුතියි යාළුවා....ඔබට සදා ණයගැතියි....ජයවේවා !!"

  6. pawan shamika

    Thanks machan
    ela

  7. chandana

    Tx bokka .

  8. R_deshan

    ගොඩක් ස්තූතියි සහෝලා සබ් එකටයි ලිපියටයි.වර්තමාන සමාජයේ ජීවත් වෙද්දි ඕනම කෙනෙක් දැනගන්න ඕන විද්‍යත්මක කරුණු හුඟක් දේවල් ලිපියට දාලා තියනවා

  9. Sanjaya8800

    Openload walin download karanna be...torrent eketh pennanne na..download karapu kenek innawanm kiyanwada kohomada download karanne kiyala

    1. R_deshan

      TamilYogi website එකෙන් direct download කරන්න.

  10. Tharindu_Vidusha

    Subata Thnks...lipiyath maru...

  11. Sanath Indika

    Thx bro

  12. subodha

    Thanks

  13. thilz

    film eka gana me wage lipiyak dana eka nam very good nikamma film eka balanwata wada deyak biscopel a dena ekata hats off.thank youuu

  14. Nuwan-milinda

    Thanks Thanks Thanks bro

  15. Stranger

    thanks

  16. anunethu

    Thanks .... thanks

  17. dsdkavishka

    Thenks for sub bro

  18. baiscopelkishu

    Thankqq saho sub ekata

  19. hansani_sangeeth

    film aka nam thaakshanika athin anith bolywood nirmana walata wada hoda technology akak pennanawa. namuth holywood movies wala theena sajeewekarana thaakshanaya mee thula nam dakinna na. film ake boohoo than wala technology aka boruwak wage peenawa.transformers, bat man vs super man movies walata sambanda una pirisa sahabaagi unath aa movies wala theena cgi technology aka graphic quality aka 2.o movie akata labila na. sub akata nam bohoma sthuthiiiiiiii…….

  20. Mr.pamz

    Thanks brother

  21. තරිදු ප්‍රබෝධ

    මේක එනකන් බලන් ඉදලම කොන්ඩෙත් පැහිලා කියහල්ලකෝ.

  22. SASANDA SENEVIRATHNE

    Thanks kiwwa

  23. Rmadushanka

    thank you

  24. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි සහෝ

  25. Ela Wisthara

    විද්‍යා ප්‍රබන්ධයකට සබ් කරලා නිකන්ම දෙනවට වැඩිය ඒ ගැන ව්ස්තර කරලා දාන එකම සයිට් එක බයිස්කෝප් එක වෙන්න ඇති,සබ් කරන්න කන කට්ටට අමතරව මේ විස්තර හොයාගන්න කන කට්ටටත් සබ් කරන අපේ කොල්ලො කෙල්ලො ටිකට #රෙස්පෙක්ට් කරනවා,ඒකත් නිකන්ම කියනවට වැඩිය තේරුම් ගන්න පුළුවන් විදිහට images යොදාගන පල කරන එක ෆට්ටම වටිනවා සහෝ,ස්තූතියි ඔබට

  26. Sandunprabath1230

    Thanks සහෝ

  27. pradeep505

    lkg eketh dena saho, patta

  28. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  29. leodamith

    Thanx sub ekatai..wiistharayatai....

  30. kmax27

    ammoh godaak sthuthie mekata sub enakam aasawen balan hitapu movie ekak thanyou so much

  31. asankachathuranga

    thanks bro

  32. Assident

    Thanks!

  33. dil_shan

    tnz sub ekata

  34. ඔෂද ධනංජය

    thanx sahoo...

  35. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ .....
    ඒවගේම සුපිරි ලිපියටත්
    ජයවේවා ......

  36. Gmbaiscopelk

    Thanx

  37. Udaya Tharanga

    thank you very much

  38. දමිත් රත්නායක

    බොහොම ස්තුතියි සහෝලා දෙන්නටම.
    පට්ටම සුපිරිම ලිපියක් මහන්සිවෙලා ලියලා තියෙනවා.
    ස්තුතියි සහෝ.
    ජයෙන් ජය

  39. arunasmunasinghe

    Thanks saholaa

  40. ToRa

    Fatt

  41. walakul

    man huga dawasak balagena hitapu film 1. mekatasub dunnata hodak sthuthiy. e wagema meke wisthare harima lassany asa hithenawa kiyawanna. e wagema man danne naty ewat egana gatta. e gana hoyanna asa hithuna. subha pathum.tawa chuttakin film 1 downlode karanawa. thanks

  42. Gathsara Umesh

    bhoooooooooooooooooooooooooooom
    Sthuuuuuuuuuuthy

  43. Chokzi

    බොහොම ස්තූතියි

  44. C.R.Jayalath

    සුබ පැතුම් තරිඳු අයියේ , තාරක අයියේ

  45. Nipun Tharuka

    මුල ඉඳන් අගමට කියෙව්වා. බලන්නම වටිනවා. ස්තූතිය...!!!

  46. barthelotp

    Superb Tharidu Rukshan ❤ ❤ ❤

  47. Lalani Maduwanthi

    Thank you

  48. M.W. Dilhani

    Thank you

  49. udaya076

    kiyawannama watin post ekak machan

  50. geeganagamage

    බොහොම ස්තුතියි ලිපියත් සුපිරියටම ලියලා තියෙනවා .

Load more comments