කොහොමද ඉතින් යාළුවනේ! ඔන්න මේ පාර මම ආවේ සුපිරි හොල්මන් චිත්‍රපටයක් අරගෙන. මේ දවස් වල අධ්‍යාපනික කටයුතුවලට වැඩි බරක් දීලා තියෙන හින්දා චිත්‍රපටයක් බලන්න, උපසිරැසියක් කරන්න තියෙන වෙලාව සීමිත වෙලා තියෙන්නෙ. කොහොමහරි සෑහෙන කාලයක් ගිහිල්ලා මේ චිත්‍රපටයේ උපසිරැසිය සම්පූර්ණ කරගන්න පුලුවන් උනා. අපි දැන් ච…

කොහොමද ඉතින් යාළුවනේ! ඔන්න මේ පාර මම ආවේ සුපිරි හොල්මන් චිත්‍රපටයක් අරගෙන. මේ දවස් වල අධ්‍යාපනික කටයුතුවලට වැඩි බරක් දීලා තියෙන හින්දා චිත්‍රපටයක් බලන්න, උපසිරැසියක් කරන්න තියෙන වෙලාව සීමිත වෙලා තියෙන්නෙ. කොහොමහරි සෑහෙන කාලයක් ගිහිල්ලා මේ චිත්‍රපටයේ උපසිරැසිය සම්පූර්ණ කරගන්න පුලුවන් උනා.
අපි දැන් චිත්‍රපටය පැත්තට හැරෙමු. ජේම්ස් වෑන් ( James Wan ) කිව්වහම නොදන්න කෙනෙක් මේකෙ ඉන්න විදිහක් නෑනෙ. The Conjuring , Insidious , Annabelle , The Nun , Aquaman වගේ අතිශය ජනප්‍රියත්වයට පත්වුණු චිත්‍රපට රැසක් නිර්මාණය කලේ ජේම්ස් වොන් තමා. මේ චිත්‍රපටයත් ජේම්ස් වොන්ගෙ තවත් සුපිරි නිෂ්පාදනයක් තමයි. මේක මුලින්ම තිරගතවෙන්න නියමිතව තිබ්බෙ The House Of Horror යන නමින්.ඒ 2014 වර්ෂයේ දෙසැම්බර් මස 12 වන දින.නමුත් තිරගතවෙන්න ආසන්නව තිබියදී ඇතිවුණු ගැටලුවක් නිසා චිත්‍රපටයේ තිරගත වීම දින නියමයක් නොමැතිව කල්දැමුනා. ඒ ගැටලුව මොකක්ද කියලනම් මට හරියට හොයා ගන්න බැරි උනා. කොහොම හරි ඒ ප්‍රශ්නනෙ හින්දා චිත්‍රපටයේ කොටස් කිහිපයක් ඉවත් කරලා කියලා තේරෙනවා. මොකද පූර්ව ප්‍රචාරක පටයේ නැත්නම් ඔෆීෂියල් ට්‍රේලර් එකේ තියෙන සමහර කොටස් චිත්‍රපටයේ ඇතුලත් වෙන්නෙ නෑ.පසුව තමයි මේ චිත්‍රපටය Demonic කියන නමින් තිරගත කරන්නෙ. ඒ 2015 පෙබරවාරි 12 වන දින. මෙම චිත්‍රපටය imdb 5.3 ක අගයක් ලබාගෙන තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරන්නෙ විල් කැනොන් ( Wil Canon ) කියන අධ්‍යක්ෂක වරයා. මේකට Frank Grillo, Dustin Milligan , Maria Bello , Cody Horne , Megan Park , Scot Mechlowicz සහා Aaron Yoo යන නළුනිළියන් රංගනයෙන් දායක වෙනවා. මෙම චිත්‍රපටය Academy of Science Fiction ,Fantasy & Horror Fils USA 2017මගින් පැවැත්වූ Saturn Awords මගින් පිරිනැමූ හොඳම භයානක චිත්‍රපටය (Best Horror Film) ලෙස සම්මානයට පාත්‍ර උනා .
මේකෙ කතාව ගලාගෙන යන්නෙ මේ විදිහට. පොලිස් නිලධාරියෙක් ඉන්නවා මාර්ක් ලුවිස් කියලා. මෙයා රාජකාරි වෙලාවෙන් බැහැරව තමා ඉන්නෙ. ඒ කියන්නෙ ඩියුටි ඕෆ් වෙලා ගෙදර යන ගමන් ඉන්නෙ. කොහොමහරි මෙයාට පොලිස් මූලස්ථානයෙන් ඇමතුමක් එනවා. මූලස්ථානයෙන් කියනවා මෙයාට මෙයා දැන් ඉන්න හරියෙ තියෙන නිවසක මිනීමැරුමක් ගැන පැමිණිල්ලක් ලැබුනා,දැනට ඒ ප්‍රදේශයේ රාජකාරි නියුතු නිලධාරියා එනකන් පොඩ්ඩක් ඒ ගැන බලන්න කියලා. රාජකාරියෙන් මෙයා බැහැරව හිටියත් මෙයා උදව්වක් වශයෙන් ඒ වැඩෙ බාරගෙන එතනට යනවා. එතනට ගිහාම තමා වැඩේ බරපතලකම තේරෙන්නෙ. කොහොමහරි වැඩේ බරපතල කමත් එයාගෙ තනතුරත් හින්දා එයා ඒ මිනිමැරුම ගැන හොයලා බලන්න බාර ගන්නවා. ඔයාලා මොකද හිතන්නෙ යාළුවනෙ? මෙයාට මිනිමැරුවා හොයාගන්න හැකිවෙයිද? ආ.. ඒක කියන්න ඉතින් චිත්‍රපටය බලලා ඉන්න එපැයි මුලින්ම. හරි එහෙනම් චිත්‍රපටය නරඹලා ඉන්නකො.ඒවගෙම ඒකේ හොඳ නරකත් කමෙන්ට් වල දාන්න අමතක කරන්න එපා. චිත්‍රපටය සම්පූර්ණයෙන්ම බලන්න. මොකද මේ චිත්‍රපටය ඔයාලා හිතන විදිහට ඉවර වෙන්නෙ නෑ. චිත්‍රපටයේ අවසාන මිනිත්තු කිහියේදී මුළු කතාවම උඩු යටිකුරු වෙනවා.
හොඳයි එහෙනම් තවත් දවසක මේ වගේ චිත්‍රපටයක් අරගෙන එන බලාපොරොත්තුව ඇතුව මම අදට නවතිනවා. ඔයාලා හැමෝටම සුභ දවසක්. තෙරුවන් සරණයි…🙏🙏

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,134 downloadsDownload Demonic.2015.zip91 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/FormatFactoryDSC_0003_1-e1553785024368.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විහඟ පියුමාල්
Subtitles
23 comments
99199
Kantha_DLA
උපසිරසියට ගොඩක් ස්තූතියි.
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!
Crathnayake
Thank u..Film eka balala iwara wela thawa comnent ekak dennm..
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Tharaka
THANKS.................
Su
Thanks saho sub ekata.. :)
thisara 927645
Yaluwa piz ban puluwannam the Colour of Magic film 2ke sub karanna ko
AsithaDilruwan
ela saho balan hiitiye sub denakm, thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
suresh kumara
උපසිරැසියට ස්තුතිය සහෝ....
Ara N Madhu
Thanks alot
Aac3
සබට ගොඩාරියක් ස්තූති සහෝ... ජය වේවා !!! දිගටම සබ් දෙමු මේ වගේ
suranuwan
thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Jeeewa
Thankyou bro..
Dula95
thanks bro
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!TMkolla
බොහොම ස්තුතියි
Sandarunimsara
Sub ekata tnx bro
Lakshansilva18
"චිත්‍රපටයේ අවසාන ම්නිත්තු කිහිපයෙදි මුළු කතාවම උඩියටිකුරු වෙනවා" එහෙනම් අනිව බලනවා
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Maheesha
thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Demonic (2015) Sinhala Subtitles | සිහිනයක සැඟවුණු රහස සොයා…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Demonic-2015.jpg)

elama bro