කොහොමද යාලුවනේ අද මගේ ජීවිතයට ලොකු දවසක් මොකද කිව්වොත් අද තමා මං මගේ බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් කරන පලවෙනි උපසිරැසිය කරන්නෙ. මුලින්ම මං බයිස්කෝප් වෙබ් අඩවියෙන් සබ් එකක් බාගත්තෙ Godzilla the king of the monsters (2019) එදා ඒ සබ් එකේ පොඩි වෙනස්කම් වගයක් කරගන්න මට සිදුවුනා ඉතින් එදා තමා මං මුලින්ම…

කොහොමද යාලුවනේ අද මගේ ජීවිතයට ලොකු දවසක් මොකද කිව්වොත් අද තමා මං මගේ බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් කරන පලවෙනි උපසිරැසිය කරන්නෙ. මුලින්ම මං බයිස්කෝප් වෙබ් අඩවියෙන් සබ් එකක් බාගත්තෙ Godzilla the king of the monsters (2019) එදා ඒ සබ් එකේ පොඩි වෙනස්කම් වගයක් කරගන්න මට සිදුවුනා ඉතින් එදා තමා මං මුලින්ම සබ් එකක් එඩිට් කලේ. පස්සෙ මටත් සබ් එකක් කරන්න හිතුනා මේ සයිට් එකට ඉතින් මං මුලින්ම ඔබටත් ඉඩක් තීරුවෙන් බැලුවා මොකක්ද මට කරන්න පුලුවන් කියල එතකොට තමයිි මං මේ 2012:ICE AGE (2011) ෆිිල්ම් එක දැක්කේ ඉතින් මං මේ ෆිිල්ම් එකට සබ් එක කරන්න තෝරගත්තෙ එහෙමයි.
මුලින්ම මං ස්තූතිවන්ත වෙන්න ඕනි මගේ අම්මට,තාත්තට,නංගිට මට මේ වැඩ කරන්න සහයෝගය දෙනවට තව මගේ ඉංග්‍රීසි සර් ගාමිණී සර්ට විශේෂයෙන්ම ස්තූතිවෙන්න ඕනි ඉංග්‍රීසි මෙලෝ දෙයක් බැරුව සර් ගාවට ගියාම මට මුල ඉදලම ඉංග්‍රීසි සුපිරියටම කියලා දීපු එකට.තව මගේ පාසලට හොරණ ශ්‍රී පාලි මෑණියන්ට පාසලෙනුත් මට ලැබෙන්නේ ලොකු හයියක්. “විශේෂයෙන්ම මං මේ සබ් එක කරන්නද කියලා අහපු ගමන් කරන්න කියලා කිව්ව සිසිල ප්‍රසාද් අයියාටත් ස්තූති කරනවා”
පංපෝරි ගැහුවා ඇති එහෙනම් අපි චිත්‍රපටය ගැන කතා කරමු.මේ චිත්‍රපටයේ නම 2012 Ice Age මේ චිත්‍රපටය අයිස් යුගයේ ඉදපු මැමත්ල ගැන තියෙන චිත්‍රපට සෙට් එකේ එකක් නම් නෙමෙයි.මේ 2012 නමින් ලෝක විනාශය ගැන හදපු චිත්‍රපට සෙට් එකට සම්බන්ධ එකක්.මේ චිත්‍රපටයේ ලෝක විනාශයට ආසන්න සිදුවීමක්ම තමා තියෙන්නේ.
මෙම චිත්‍රපටයට IMDB දර්ශකයේ 2.3 ක අගයක් ලැබිලා තියනවා.තව මේ චිත්‍රපටයට කුණු තක්කාලි දර්ශකයේ 16% ක අගයක් ප්‍රේක්ෂක ප්‍රතිචාර මත ලැබී තියනවා.කොහොම වුනත් චිත්‍රපටයට එතරම් ආදායම් වාර්තා නම් ලැබිලා නෑ. මේ චිත්‍රපටය Travis Fort විසින් තමා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.කතාව ලියලා තියෙන්නේ Paul Sinor හා Victoria Dadi යන දෙපල විසින්. මේ චිත්‍රපටයේ රංගන දායකත්වය ගැන බැලුවොත් Patrick Labyorteaux (බිල් හාට් ), Julie McCullough (ටෙරී හාට් ), Nick Afanasiev (නෙල්සන් හාට් ),Katie Wilson (ජූලියා හාට් ) යන නළු නිළි කැල තමා රග පෑමෙන් චිත්‍රපටයට දායකත්වය ලබා දීලා තියෙන්නේ.ඔවුන් චිත්‍රපටයේ සාර්ථකත්වය වෙනුවෙන් ඔවුන්ගේ කාර්යය හොදින් කරලා තියනවා.
චිත්‍රපටයේ කතාව ගැන කිව්වොත් බිල් වැඩ කරන්නෙ ග්ලැසියර් පිලිබද පර්යේෂණ කරන සමාගමක.ඔය අතරෙ බිල්ගෙ දුව නිව් යෝර්ක් නගරයට යනවා.බිල්ගෙ සහායක දිව්‍යා බිල්ට ග්ලැසියර් ගැන ඇගවීමක් කළත් බිල්ට ඒක හරියට තේරුම් ගන්න බැරි වෙනවා.ඒ සිදුවීම වෙන්නෙ ග්‍රීන්ලන්තයේ.හෙක්ලා නම් විශාල ගිනිකන්ද විදාරණය වීමක් වෙනවා.ඔන්න ඔය විදාරණය හින්ද ග්ලැසියර් තට්ටු දිය වෙලා ඒවා උතුරු ඇමෙරිකාවේ ඇවිල්ල ගැටෙනවා.ඔය ගැටුම් නිසා ඇමෙරිකාවේ ජනතාව විශාල ගැටලු වලට මුහුන දෙනවා.ඔය ගැටලුවලට හාට් පවුලෙ කට්ටිය මුහුණ දෙන්නෙ කොහොමද කියලා චිත්‍රපටයෙන්ම බලන්නකෝ .

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
3,148 downloadsDownload 2012-Ice-Age-2011.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
24 comments
එල්.සී. දමැල්
දනුක
එලම බන්
Lavan
පළවෙනි සබ් එකට සුභ පැතුම් .
මං පොඩි රික්වෙස්ට් එකක් කරන්න කැමති. පුළුවන් නම් බයිස්කෝප් එකෙන් subtitle දෙන එක නවත්තලා තියෙන ටීවී සීරියස් වලට සබ් කරන්න.
Ex:- Outlander, Fear the Walking DeadLavan
පලවෙනි සබ් එකට සුභ පැතුම්
මං පොඩි රික්වෙස්ට් එකක් කරන්න කැමති. පුළුවන් නම් බයිස්කෝප් එකෙන් subtitle දෙන එක නවත්තලා තියෙන ටීවී සීරියස් වලට සබ් කරන්න.
Ex:- Outlander, Fear the Walking DeadDiLu
niyamai digatama one thawa sub
Gihan Lakmal
supiri macho... digatama Sub dennooo... jaya weva
Maleesha
පලවෙනි සබ් එක හදලා පෝස්ට් වුනාම දැනෙන සතුට මාත් දන්නවා.. එලකිරි තව හොද ෆිල්ම් එකකට සබ් කරන්න ඊලග සැරේ.. තෑන්ක්ස් මලයා
Maleesha
Niyamayi thwa ekak one
Ayesh
පලවෙනි උපසිරසියට සුභම සුභ පැතුම්!!! ස්තුතියි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Sohan Jayasooriya
පලමු වෑයමට උණුසුම් සුභ පැතුම් සහෝ.. දිගටම අඩවියත් එක්ක රැඳිලා ඉන්න... ජය වේවා !!
pasan shanaka
ah horana kollek neh. math horana sripalee eke idan 1km. good luck (Y)
isuru srinath sjs
පලවෙනි සිංහල උපසිරැසිකරණයට හදවතින්ම සුබ පතනවා !!.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය!
Shamal manojan
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Request....
Contact - 1997
Cocoon - 1985
Cocoon: The return - 1988රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nipuna Madhushan
Sub එක හරියට වැඩ කරන්නේ නෑ නේ.
Checked: Windows 10 (Version 2004) with KMPlayer, SPlayer and MPC-HC
Nipuna Madhushan
පළවෙනි පේලි 3න අයින් කරාම හරි ගියා. නැත්තන් මොනාද මන්දා අපභ්‍රන්සවගේ පෙන්නුවේ. ඊලඟ එක හදනකොට පොඩ්ඩක් ඒ ගැන බලන්න.
Nipuna Madhushan
අවුල හදාගන්න කරපු දේ...
1
00:00:00,000 --> 00:00:05,0002
00:00:05,000 --> 00:00:08,0003
00:00:08,000 --> 00:00:10,500සංජන චමෝද්
පළවෙනි පේළි 3 color codes දාලා ගහලා තියෙන්නේ.සමහරවිට windows version පරන නිසා ඒවා පෙන්නන්නෙ නැතුව ඇති.Utf 8/16 දාලා තමා මං සබ් එක කලේ.
අපේ නම් සබ් එක වැඩ හොදට..kumara 123
mageth weda netho
UDARA DAMITH
happaa ow nee palawemi peli thuna ayin karapuma hari ela
jagath55
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
දිගටම සබ් කරමු....Dewadithya
Thanks for sub!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් සහෝදරයා!
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා!
දිගටම උපසිරසකරණයේ යෙදෙන්න අවශ්‍ය කාලය සහ හැකියාව ලැබේවා කියලා පතනවා!
ජය... :D