Watch Trailer

Dil Bechara (2020) Sinhala Subtitles | ආදරෙයි… අවසන් හුස්ම පොද තෙක්ම! [සිංහල උපසිරැසි]

[box] ඉපදෙනවා… කාලයක් ජීවත් වෙනවා… මැරෙනවා… ආපහු කොහේ හරි ඉපදෙනවා… ආපහු ජීවත් වෙනවා… ආපහු මැරෙනවා… මේක කිසිදා නොනවතින චක්‍රයක්. ඉපදෙනවා, මැරෙනවා… ඉපදෙනවා, මැරෙනවා… ඉවරයක් නෑ. මෙහෙම තමයි මං විශ්වාස කරන බුදුදහමේ ඉගැන්වෙන්නෙ. සමහරු පිළිගනීවී, තවත් සමහරෙක් පිළිගන්න එකක් නෑ. ඔබ පිළිගත්තා හෝ නොගත්තා, මං…


ඉපදෙනවා…
කාලයක් ජීවත් වෙනවා…
මැරෙනවා…
ආපහු කොහේ හරි ඉපදෙනවා…
ආපහු ජීවත් වෙනවා…
ආපහු මැරෙනවා…

මේක කිසිදා නොනවතින චක්‍රයක්. ඉපදෙනවා, මැරෙනවා… ඉපදෙනවා, මැරෙනවා… ඉවරයක් නෑ. මෙහෙම තමයි මං විශ්වාස කරන බුදුදහමේ ඉගැන්වෙන්නෙ. සමහරු පිළිගනීවී, තවත් සමහරෙක් පිළිගන්න එකක් නෑ. ඔබ පිළිගත්තා හෝ නොගත්තා, මං මේ කියන්න හදන්නෙ නැවත නැවත ඉපදීම හෙවත් පුනරුප්පත්තිය ගැන නම් නෙමෙයි. ඒ ගැන කාත් එක්කවත් වාද විවාද කරන්නවත් නෙමෙයි. අපි මේ ලෝකෙට ඉපදෙනවා. ඒ වගේම, එහෙම ඉපදෙන හැම කෙනෙක්ම අනිවාර්‍යයෙන්ම කවදාමහරි මැරෙනවා. කවුරුහරි හිතාගෙන ඉන්නවා නම්, “නෑ, මං නම් මැරෙන්නෙ නෑ කියලා…” ඒ තරම් මෝඩයෙක් තවත් නැතුව ඇති. ඉපදෙන හැමෝම මැරෙනවා. ඒ තමයි ලෝක ස්භාවය. ඒත්, ඔබ නිකමට හිතලා බැලුවද මේ ඉපදීම සහ මරණය අතර කාලය පිලිබඳව. එහෙමත් නැත්නම්, ජීවිතය පිළිබඳව?

ඔක්කොමත් හරි, ලිපියක් ලියන එක තමයි අමාරුම වැඩේ. ඒකත්, මේ වගේ චිත්‍රපටයකට. කොතනින් පටන්ගෙන, මොනවා ලියන්නද කියලා පැය ගාණක් අහස පොළව ගැටගගහා කල්පනා කරලත් හරිහමං අදහසක් ඔළුවට ආවෙ නැහැ. අන්තිමේදි, තවත් හෝරා කීපයක් කල්පනා කරාට පස්සෙ තමයි හිතුවෙ, මාතෘකාවෙන් ටිකක් පිටිපස්සට ගිහිල්ලා, ඉපදීම සහ මරණයෙන් තමයි මේ ලිපිය පටන්ගන්න හොඳම තැන කියලා. සමාවෙන්න සහෘද ඔබගෙ කාලයෙන් කොටසක් මිඩංගු කිරීම වෙනුවෙන්. නමුත්, ජිවිතය ගැන තේරුම් කරන්න ඉපදීම සහ මරණය ඇරෙන්න වෙන කදිම නිදසුනක් වෙන කොයින්ද? ලේසියෙන් ඉපදෙන්න පුළුවන්. ලේසියෙන් මැරෙන්නත් පුළුවන්. හැබැයි, ලේසියෙන් ජීවත් වෙන්න පුළුවන්ද? මට උත්තර දෙන්න. ඔබ හිතනවද, ජීවත්වෙන එක ලේසි දෙයක් කියලා? ගහෙන් ගෙඩි එන්න වගේ උත්තරයක් නෙමෙයි මට ඕනෙ. මේක කියවන ඔබේ වයස කීයද? යන්න කාලයේ ආපස්සට. යන්න ඔබේ ළදරු කාලයට. ළදරු කාලයෙනුත් එහාට, ඔබ මේ ලෝකෙට බිහිවෙන මොහොතට. ඔබ ඉපදෙන්නෙ ඔබේ මවට මේ ලෝකෙ විඳින්න පුළුවන් අමාරුම වේදනාවන්ගෙන් එකක් විඳින්න සලස්වමින්. එදා ඒ විදියට මේ ලෝකෙ එළිය දකින ඔබව, රැයක් දවාලක් නැතුව තමන්ගෙ ඇස් දෙක වගේ ආරක්ෂා කරනවා ඔබේ අම්මයි තාත්තයි. ඔබව පෝෂණය කරමින්, උවදුරු වලින් ආරක්ෂා කරමින්, ලෙඩක් දුකක් නොදී රැකබලා ගන්නවා. ලේසි වැඩක් නෙමෙයි. ඉතිං, ජීවත්වෙන එක ලේසි දෙයක්ද මිත්‍රවරුණි? ළදරු කාලයෙන් පස්සෙ එන්න ඔබේ ළමා කලයට. ඔබට සිද්ධවෙනවා ඔබේ අනාගතය වෙනුවෙන් ඉගෙනගන්න. උදේ පාන්දරින් නැගිටිනවා, පාසල් යනවා, විෂයන් ගණනාවක් ඔළුවට දාගන්නවා, ඉස්කෝලෙ වෙලවෙන් පස්සෙ උපකාරක පංති වලට දුවනවා, ඒවයින් පස්සෙ ගෙදර ඇවිල්ලා ඉස්කෝලේ ගෙදර වැඩ කරලා ඉවරවෙනකොට නිදාගන්න වෙලාව හරි. අවුරුදු 13ක් මේ ගේම ඇදලා ඉවරවෙද්දි උසස් අධ්‍යාපනය පටන්ගන්නවා. එතකොට, ඉස්කෝලේ කාලේ වගෙ දෙතුන් ගුණයක වැඩ කන්දරාවක් ඔබේ පිට පැවරෙනවා. ලෙක්චර්ස් යන්න ඕනෙ, අසයින්මන්ට් කරන්න ඕනෙ, ප්‍රසන්ටේශන් කරන්න ඕනෙ. ඔළුව නරක් වෙන්නෙ නැති එක විතරයි. ඉතිං, හිතලා බලන්න හිතවත් සහෘදයිනි… ජීවත් වෙන එක ලේසි දෙයක්ද? උසස් අධ්‍යාපනයත් ඉවරයි නම්, ඊට පස්සෙ තමයි හොඳම හරිය පටන්ගන්නෙ. ජීවත්වෙන්න රස්සාවක් හොයාගන්න ඕනෙ. මෙච්චර කාලයක් තිස්සෙ වියදම් කලේ අම්මා තත්තා වෙන්ටැති. හැබැයි, මේ වෙද්දි අම්මා තත්තට වයසයි. ඉතිං, ඒ දෙන්නව රැකබලා ගන්න ඕනෙ. ඒ වගේම, තමන්ගෙ අනාගතය වෙනුවෙන් මුදල් අවශ්‍ය වෙනවා. ගෙයක්-දොරක් හදාගන්න ඕනෙ, වාහනයක් ගන්න ඕනෙ, පරස්තාවක් කරගන්න ඕනෙ, ළමයි හම්බුණාම එයාලගෙ අවශ්‍යතා පිරිමහන්න ඕනෙ. බැලින්නම් හැමදාමත් පොඩි ළමයි වගේ හිටියානම් හොඳයි කියලා හිතෙනවා නේද මිත්‍රවරුණි? දැන් මොකද ඔබ කියන්නෙ? ජීවත් වෙන එක ලේසි දෙයක් කියලා ඔබට තමත් හිතෙනවද? කොහොම වුණත්, ජීවිතයේ අමාරුකම ගැන මීට වඩා මං පැහැදිලි කරන්න යන්නෙ නැහැ. මේ වෙද්දි මං මුලින් අහපු ප්‍රශ්නයට ඔබ ගාව නිසැකවම පිලිතුරක් ඇති කියලා හිතනවා.

අපි ඉපදෙනකොට අපිට කිසිම වගකීමක් නැහැ. අපි ටිකෙන් ටික ලොකු වෙද්දි තමත්, ඒත් එක්කම අපිට වගකීම් කියලා දේකුත් එකතු වෙන්නෙ. ජීවිතය කියන්නෙ වගකීම් සමුදායකින් බැඳිච්ච දෙයක්. මේ වගකීම් වැඩිවෙන්න වැඩිවෙන්න, ජීවිතයත් දුෂ්කර වෙනවා. ජීවිතය දුෂ්කර වෙන්න වෙන්න, ජීවත්වෙන එක දුෂ්කර වෙනවා. එහෙමයි කියලා, ජීවිතයෙන් පැනලා ගියයි කියලා හරියනවද? එතකොට, ජීවිතයේදී ඔබ වටා ඉන්න අනිත් අයට මොකද වෙන්නෙ කියලා නිකමට හිතුවද? ඒ කතාව පොඩ්ඩකට එහෙම්මම තියලා අපි වෙනත් පැත්තකට හැරෙමු. ජීවිතය කියන්නෙ බලපොරොත්තු නොවූ සිදුවීම් වලින් පිරිච්ච තෝතැන්නක්. මං කෙලින්ම කතාවට එන්නම්. හිතන්න ඔබ මේ ගතකරන්නෙ ඔබේ තරුණ අවධිය. එකපාරටම මාරයා ඇවිත් කියනවා, ඔබට තව ජීවත් වෙන්න තියෙන්නෙ මෙන්න මෙච්චර දවසක් විතරයි කියලා. ඔබ මොකද කරන්නෙ? ඔබට මොකද හිතෙන්නෙ? මං නැවතත් ඔබෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔබ මොකද කරන්නෙ?

ටිකින් ටික පිපීගෙන ආපු හරි ලස්සන මලක්, කුනාටුවකට අහුවෙලා, නටුවෙන් ගැලවිලා, බිමට වැටිලා විනාශ වෙලා යනවා. අන්න ඒ වගේ තමයි, තරුණ ජීවිතයක් අකාලයේ මිලින වෙලා යනවා කියන්නෙ. නිසැකවම මෙතනදි ගොඩක් දෙනෙක් කඩා වැටෙනවා. මැරෙන්න ඉන්න මට මොන අනාගතයක්ද කියලා, ජීවිතයේ තමන් දැකපු, ප්‍රාර්ථනා කරපු හැම හීනයක්ම, බලාපොරොත්තුවක්ම එකින් එක පොලවට යටකරලා දානවා. නමුත්, ඔබ විශ්වාස කරනවා නම් කරන්න, මරණය හමුවේ පවා බලපොරොත්තු අත්නොහරින අරුම පුදුම මිනිස්සුත් අපි අතර ඉන්නවා. ගොඩක් දෙනා තමන්ගෙ හැම බලපොරොත්තුවක්ම, හීනයක්ම අතෑරල දාලා, මරණය පිළිගන්න බලපොරොත්තුවෙන් ඉන්න අතරෙ, අර මං කියපු අනිත් මිනිස්සු ජීවත් වෙන්න එකම එක හේතුවක් හොයන්න ගන්නවා. ජීවත්වෙන්න එකම එක හේතුවක්, බලාපොරොත්තුවක් ඇති ඒ වගේ මිනිස්සුන්ට මාරයට එරෙහිව සටන් වදින්නට. ආදරය! ඒ වගේ මිනිස්සුන්ට ජීවත්වෙන්න හේතුවක් වගේම මහඟු බලාපොරොත්තුවක් වෙනවා!

ආදරය!
මෙන්න මේකයි කියලා වචනයෙන් විස්තර කරලා කොහොම කියන්නද…
සමහරු විඳලා ඇති…
තවත් සමහරු විඳවලත් ඇති…
තවත් සමහරු අනිත් අයගෙ ඒවා දිහා බලලා හූල්ලලත් ඇති…
අන්න ඒ වගේ මහ අරුම පුදුම දෙයක් තමයි…
ආදරය!

ආදරය!
විඳපු අයටත් තේරුම් ගන්න බැරි…
විඳවපු අයටත් තේරුම් ගන්න බැරි…
අනිත් අයගෙ ඒවා දිහා බල බල හූල්ලපු අයටත් තේරුම් ගන්න බැරි…
අන්න ඒ වගේ මහ අරුම පුදුම දෙයක් තමයි…
ආදරය!

ආදරය!
හොඳට ජීවත් වෙච්ච මිනිස්සුන්ගෙ ලෝකය කඬා බිඳලා දාලා…
ඒ මිනිස්සුන්ව නන්නත්තාරේ යන පිස්සන් බවට පත්කරපු…
අන්තිමේදී ජීවිතයෙන් පවා වන්දි ගෙවන්න සලස්වපු…
අන්න ඒ වගේ මහ අරුම පුදුම දෙයක් තමයි…
ආදරය!

ආදරය!
ජීවිතේ විනාස කරගෙන ඉඳපු මිනිස්සුන්ව හරි පාරට අරගත්තපු…
බලාපොරොත්තුවක් නැතුව ඉඳපු මිනිස්සුන්ගෙ ජීවිතයට බලාපොරොත්තු ලබාදීපු…
මැරෙන්න ඉඳපු මිනිස්සුන්ට ජීවිතය නැවත ලබාදීපූ…
අන්න ඒ වගේ මහ අරුම පුදුම දෙයක් තමයි…
ආදරය!

ආදරය ගැන විග්‍රහ කරන්න තරම් මං මහ ලොකු ලේඛකයෙක්වත්, ආදරය පිලිබඳව ප්‍රවීණයෙක්වත් නෙමෙයි. හැබැයි, මං එක දෙයක් නම් සක්සුදක් සේ දන්නවා. මේ ලෝකයේ වටිනාම දේවල් අතරේ, අග්‍රස්ථානයේම තියන්න පුළුවන් පූජනීය දෙයක් තමයි “ආදරය” කියන්නෙ. ආදරයට කරන්න බැරි දෙයක් නැහැ. ආදරය තරම් බලවත් දෙයක් තවත් නැහැ. ආදරය නිසා ඉක්මණ් තීරණ අරගෙන ජීවිතයෙන් වන්දි ගෙවන අදූරදර්ශී මිනිස්සු අතරේ, මාරයා අතේ දුරින් තියාගෙන, ආදරය නිසා ලැබුණු බලාපොරොත්තුවෙන් ජීවිතය වෙනුවෙන් සටන් වදින මිනිස්සුත් මං මේ ලෝකේ දැකලා තියෙනවා. ඔව්, ආදරයට පුළුවනි ඔබේ ජීවිතයට බලාපොරොත්තුවක් දෙන්න. ආදරයට පුළුවනි, ඒ බලාපොරොත්තුව නිසාවෙන් ඔබට ජීවත් වෙන්න ආසාවක් ඇතිකරවන්න. ඒ ආසාවට පුළුවනි, ජීවිතය වෙනුවෙන් ඔබට මරණයත් සමගින් සටන් වදින්න ශක්තිය, ධෛර්‍යය ලබාදෙන්නට. එයයි මා පැවසුවේ, ආදරය තරම් උතුම්, පූජනීය සහ බලවත් වෙන කිසිම දෙයක් මෙලොව නැහැ කියලා.

දැන් මං ආපහු එන්නම් මුලින් මං සඳහන් කරපු ඉපදීම, ජීවත් වීම සහ මරණය කියන කාරණා වලට. කලින් මං සඳහන් කලා ඉපදෙන එක ලේසියි. මැරෙන එකත් ලේසියි. හැබැයි, ජීවත් වෙන එක තමයි අමාරුම දේ කියලා. දවසකට මේ ලෝකෙට අලුතින් ජීවිත කියක් නම් උපත ලබනවද? ජීවිත කීයක් නම් මේ ලෝකෙන් සමුගෙන යනවද? මේ විදියට උපත සහ විපත අතරේ දෝලනය වන්නාවූ අපේ ජීවිත කොච්චර කාලයක් පවතිනවද? සරලවම කියනවා නම්, අපිට මේ ලෝකේ කොච්චර කාලයක් ජීවත් වෙන්න පුලුවන්ද? ඒක නම් පිළිතුරු නැති ප්‍රශ්නයක්. අපිවත් දන්නෙ නැහැ අපිට කවදා යන්න වේවිද කියලා. අද යන්න කිව්වොත් අද යන්න වෙනවා. හෙට යන්න කිව්වොත් හෙට යන්න වෙනවා. තව අවුරුදු 5කින් 10කින් වෙන්නත් පුළුවන්. ඔබට තේරෙනවා නේද, කොච්චර හැඩ වැඩ කරගෙන හිටියත් අපි අපිටවත් අයිති නැහැ කියලා. ඉතිං, ජීවත්වෙන ටික කාලෙ ලස්සනට ජීවත් වෙන්න. මරණය කියන්නෙ කවදාමහරි අපිව හොයාගෙන එන දෙයක්. ඒ වගේ අනිවාර්‍යයෙන්ම වෙන දෙයක් වෙනකම් බලාගෙන ඉන්නෙ නැතුව, තමන්ට හිමිවෙලා තියෙන ජීවිතය අර්ථවත් විදියට ගතකරන්න උත්සාහ කරන්න. ජීවත්වෙන එක අමාරුයි තමයි. හැබැයි, ඒ අමාරු ජීවිතය අර්ථවත්ව ගතකරලා, ඒ ජීවිතයට ලස්සනක් එකතු කරන්නත් පුළුවන් ඔබටම විතරයි. ජීවිතයට වටිනාකම තවමත් ඔබට තේරුම් ගන්න බැරිනම් ගිහිල්ලා බලන්න පිලිකා රෝහලකට. ජීවිතය පිලිබඳව පුංචිම පුංචි බලාපොරොත්තුවක් හිතේ කොනක ගුලි කරගෙන, මිනිස්සු පිරිසක් ජීවිතයත් මරණයත් අතර ද්වන්ධ සටනක යෙදෙනවා ඔබට ඔබෙගේ සියැසින්ම බලාගන්න පුළුවන් වේවි. මාරයා තමන්ගෙ ශරීරය ආක්‍රමණය කරමින් ඉන්නවා කියලා නොදන්න පුංචි මල් කැකුළු ටිකක්, කෙලිදෙලෙන් ගතකරනවා ඔබට සියැසින්ම බලාගන්න පුළුවන් වේවි. තමන්ගෙ ආදරණීයයන් අද සුවපත් වේවි, හෙට සුවපත් වේවි කියලා දහසකුත් එකක් බලාපොරොත්තු පොදිබැඳගත් මිනිසුන් පිරිසක් ඔබට සියැසින්ම දැකගන්න පුළුවන් වේවි. මේ තමයි ජීවිතය. සමාජයට බැහැලා බලන්න. දහසක් ප්‍රශ්ණ හිතේ තියාගෙන, ඒවා හමුවේ වැටෙන්නෙ නැතුව ජීවිතය ජයගන්න වෙර දරණ මිනිස්සු අනන්ත අප්‍රමාණක් ඔබටම හමුවේවි. ආදරයට පුලුවනි ජීවිතය ගැන බලාපොරොත්තුවක් ඇතිකරවන්න. ආදරය පිරුණු, බලාපොරොත්තුවලින් සන්නද්ධ ජීවිත වලට පුළුවනි මේ ලෝකය ලස්සන තැනක් කරන්න. ලෝකයට ආදරය කරන්න. ජීවිතයට බලපොරොත්තු එකතු කරගන්න. ජීවිතයේ වැටෙන්න වැටෙන්න, තවත් ශක්තිමත් වෙලා නැගිටින්න. කවදාවත් කිසිම දෙයක් අතාරින්න එපා. මං ආපහු කියනවා… ඉපදෙන්න ලේසියි, මැරෙන්නත් ලේසියි. ජීවත් වෙන එකයි අමාරු. ඉතිං, ඒ අමාරු, කෙටි ජීවිතය අර්ථවත් විදියට ලස්සනට ගතකරන එක ඔබට බාරයි.

2020 කියන්නෙ මුළු ලෝකයටම අභාග්‍යසම්පන්න වර්ෂයක්. වර්ෂය ආරම්භයේදී ලෝකය ආක්‍රමණය කරපු කොරෝනා වෛරසය ජීවිත ලක්ෂයකටත් වඩා බිලිගෙන, 2020 වර්ෂයේ අර්ධයකටත් වඩා ගතවූ මේ මොහොතවන විටත් තවමත් අප අතරේ සැරිසරනවා. ඒ වගේම, මේ 2020 වර්ෂයේදී අපි ආදරය කරන චරිත කීපයක්ම අප අතරින් සමුගෙන ගියා. විශේෂයෙන්ම, බොලිවුඩ් පුරවරයෙන් වාර්තා වෙච්ච ඒ අකල් මරණ තුන, බොලිවුඩ් රසිකයන් විදියට අපිට දරාගන්න බැරි අන්දමේ ශෝඛයක් වුණා. ඉර්ෆාන් ඛාන්, රිෂී කපූර් සහ සුශාන්ත් සිං රාජ්පුත්! මේ මරණ තුන අතරින් සුශාන්ත් සිං රාජ්පුත්ගේ මරණය බොහොම ආන්දෝලනයට පත්වුණ බව මේ වනවිට රහසක් නෙමෙයි. විවිධ කටකතා මේ වනවිට කරලියට පැමිණෙමින් තිබෙන මුත්, ඒ පිලිබඳව ඇත්ත නැත්ත කාලය විසින් විසඳාවි. කොහොමින් කොහොමහරි, බොලිවුඩයට ආලෝකයක් වෙන්න හිටිය අති දක්ෂ තරුණ රංගන ශිල්පියෙක් ඔවුන්ට අහිමි වුණා. මේ තමයි ඔහුගේ අවසාන චිත්‍රපටය. මේ තමයි, ඔබට ඔහුව සිනමා පටයක් තුලින් දැකගන්න ලැබෙන අවසාන අවස්ථාව. ඒ සොඳුරු සිනහවේ උරුමක්කාරයා මීට පසු ඔබට කිසිදිනෙක දකින්න නොලැබෙනු ඇත. නමුත්, සියළුම වාර්තා බිඳ හෙලමින්, ඔහු මෙසේ අපහට ඉතිරිකර යන්නාවූ මතකයන් සදා නොමැකෙනු ඇත. ඔහුගේ අවසන් චිත්‍රපටයේ වාර්තාවන් මෙසේ සඳහන් කරන්නම් ඔබගේ දැනගැනීම පිණිස.

එහෙනම්, මෙතැන් පටන් ඔබට බාරයි. සිහනව, ආදරය අතරේ දෝලනය වෙමින්, ඔස්කාර් සම්මානලාභී A.R. රහමන්ගේ සුමියුරු සත්සරයන්ගෙන් වර්ණවත්වූ ගීත සමුදායකින් සමන්විතව, අවසනයේ ඔබව කඳුලින් නහවන්න හැකියාව ඇති බොහොම සංවේදී, ආදරණීය චිත්‍රපටයක් බව විශේෂයෙන්ම කියන්න ඕනෙ. ඒ වගේම, ජිවීතයට ආදර්ශයක් ගතහැකි චිත්‍රපටයක්. අනිවාර්‍ය්‍යෙන්ම ලේන්සුවක් ලඟ තියාගෙන බලන්න කියන අනතුරු ඇඟවීමත් එක්කම අවසන් කරන්නම් දීර්ඝ ලිපිය මේ ආකාරයෙන්.

 

ප.ලි. – අහලා තියෙනවද මොකක්ම හරි ඉන්දියන් ෆිල්ම් එකක් රිලීස් වෙලා පැය 3-4ක් ඇතුලත Top Rated Indian Movies ලැයිස්තුවට රිංගලා තියෙනවා කියලා. මං තව පොඩ්ඩක් විශේෂ කරලා කියන්නම්. මොකක්ම හරි ඉන්දියන් ෆිල්ම් එකක් රිලීස් වෙලා පැය 3-4ක් ඇතුලත Top Rated Indian Movies ලැයිස්තුවේ අංක 01 ට එන්න පුලුවන් කියලා දන්නවද? එහෙනම්, මේ තමයි ඒ සඳහා ජීවමාන සාක්ෂිය. මේ සටහන ලියවෙන මොහොත වෙනකොට Imdb දර්ෂකය 9.8ක් වැනි අති දුර්ලභ අගයක් කරා කරකැවෙමින්, Top Rated Indian Movies ලැයිස්තුවේ අංක 01 හි විරාජමානව වැජඹෙන්නෙ මෙම Dil Bechara චිත්‍රපටයයි. මේ තමයි මියගිය සුශාන්ත් සිං රාජ්පුත් වෙනුවෙන් සුවහසක් ප්‍රේක්ෂක ජනතාව දක්වන්නාවූ අවසන් ගෞරවය!

ඒ වගේම, විශේෂයෙන්ම කියන්න ඕනෙ ඉංග්‍රීසි උපසිරැසියේ චිත්‍රපටය සඳහා කිසිඳු ගීතයක් සඳහා උපසිරැසි අඩංගු වුනේ නැහැ. හැබැයි, බයිස්කෝප් සිංහලෙන් අප හා එක්වන්නාවූ ඔබට පුලුවනි කිසිඳු අඩුපාඩුවකින් තොරව, සියළුම ගීත සඳහාද සිංහල උපසිරැසි සමගින් චිත්‍රපටය රසවිඳින්න. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනෙ මයුර සුරාජ් සහෝදරයා හට. ඔහුගේ වෙහෙස මහන්සියෙන් තමයි, අමුතුවෙන්ම කාල රාමු නිර්මාණය වෙලා, ඔහුගේම අදහසට අනුව සිංහල උපසිරැසියෙන් ගීත වර්ණවත් වෙන්නෙ. ඉතිං, ස්තුතියි මයුර සුරාජ් සහෝ ඔබගේ සහයෝගය වෙනුවෙන්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

47,706 downloadsDownload Dil-Bechara-2020-with-songs.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සිසිල ප්‍රසාද් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

47,706 downloadsDownload Subtitles47 KB

86 comments

  1. Ayesh

    හම්මෝ උදේ පාන්දරම දීල සබ් එක.ගොඩාක් ස්තුතියි

    1. shaveen perera

      Thank you soo much for this

  2. මයුර

    ගිනි ගින්දර ඈ..
    මහන්සියට ප්‍රණාමය!!!

    1. Dedunu Lakshan

      සබ් එකම නෙමෙයි විස්තර කරලා තිබුණ වචන ටික පට්ටයි ❤️

  3. මයිකි

    පට්ට මචො. බොහොම ස්තුතියිිිමේ ෆිල්ම් එකට සබ් දැම්මට. ජයවෙවා

  4. Buddhika Lakmal

    ගොඩක් මහන්සි වෙලා තියෙනවා වගේ.... බොහෝම ස්තූතියි...

  5. lakmal

    thanks

  6. Kavindu12345desilva

    thanks bro ikamta sub eka dunnta

  7. Gayan

    උපසිරැසියට ස්තුතියි.ජය වේවා.️️

  8. kaviya

    thanx bokka

  9. Geethi

    Thank you very much.

  10. Lahiru MV

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..සුපුරුදු පරිදි ගින්දර වැඩක්

  11. Prabodha20

    Sthuthi obata.

    1. Anonymous

      උදේ පාන්දරම දුන්නට බොහොම ස්තූතියි. වෙච්චි මහන්සියට ආයිත් ස්තුතියි.

  12. Pasindu Madumal

    මුලින්ම කියන්න ඕනේ, භාරතීය හින්දි සිනමාවේ අහිංසක, අපි හැමෝගෙම හිත් දිනාගත්ත, සුශාන්ත් රාජ්පුත් සිං කලාකරුවාට නිවන් සැප සම්පත් උදාවේවා කියල ප්‍රාර්ථනා කරනවා.
    ලිපිය නම් හරිම ලස්සනයි සිසිල අයියේ..!
    යූටුයුබ් වීව්ස්, ලයික්ස් වගේම බයිස්කෝප් වෙබ් පලේ වේගවත්ම ඩවුන්ලෝඩ් හා වීව්ස් ප්‍රමාණය ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.✌️
    පාන්දර ඇහැරන් කළ වෙහෙස මහන්සිය වෙනුවෙන් මගෙනුත් ප්‍රණාමය..! බොහොම ස්තුතියි උපසිරැසියට අයියේ.! ❤️

  13. දිල්ශාන් සචින්ත

    බොහොම ස්තූතියි සිසී. වෙච්ච මහන්සිය ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. කොහොම උනත් මේක ඉතිහාසගත චිත්‍රපටයක් වෙනවා අනිවාර්යයෙන්මෙහෙනම් අපිත් බගෙබ යන්නම්.

  14. Aruna

    සුපිරි නලුවෙක්
    සුපිරි උපසිරසිකරුවෙක්
    ෆිලුමත් එකෙන්ම සුපිරි ඇති
    ජය වේවා!!!

  15. Lasantha

    Ela

  16. Sugala Deshani

    Thank you

  17. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    ෆිල්ම් එකේ අන්තර්ජාල පිටපත ඇවිල්ලා තාම පැය 12 යි ලූ නේද? මීටත් වඩා වේගයෙන් සබ් දීපු ෆිල්ම් එකක් තියනවා නම් කියන්නකෝ. මට ඒකත් download කරන්න ආසයි. World Record නේ.

    මේකට බයිස්කෝප් අඩවියෙ කමෙන්ට් වැඩිම ෆිල්ම් එක විදියට Record එකකුත් දෙමුද? මොකද කියන්නේ කස්ටිය.

    1. Chaminda

      Film eka theatre wala release kale na bro..netflix eke launch kale..

  18. Shamal manojan

    සල්මන් ඛාන්, ආලියා බාත්, කරන් ජෝහාර් වර්ජනය කරන කස්ටිය මේ පැත්තට එන්න.

  19. Anonymous

    Waaaaw

  20. පැතුමා

    සබට බොහොම ස්තූතියි සහෝ....
    ගොඩක් දුකයි... නමුත් මේක තමයි සංසාරේ හැටි..
    ඉපදීම සහ මරණය අතර ගෙවී යන මේ කෙටි ජීවිතේට අර්ඨයක් දෙන්න පුළුවන් හොද මානුශීය හැඟීමකින් ජීවිතේ ඉතුරු ටික කාලේ ගෙවන්න කියන මැසෙජ් එක හරි ලස්සනට ඔයාගෙ ලිපියේ වචන අතර කැටි කරලා තියෙනවා...
    ඇත්තටම ලිපිය ගොඩක් වටිනවා...
    බොහොම ස්තූතියි! ජය ✌

  21. Gathsara Umesh

    බොහෝම ස්තූතියි අයියේ..ලිපියත් නියමෙනටම ලියල තියෙනවා...
    මෙච්චර ඉක්මනට දෙයි කියලනම් හිතුවෙ නෑ..බොහෝම ස්තූතියි.........

  22. Nuwandika Dilshan

    Thanks brothers

  23. Anonymous

    මං ගොඩක් ආසයි සුෂාන්ත් ගේ acting වලට... කියන්න වචන නෑ.... ගොඩක් දුක් වුණා එයාගෙ මරණෙ ගැන.... එයාට සාධාරණයක් වෙයි කියලා හැමදාම හිතනවා.... ප්‍රාර්ථනා කරනවා... මොකද නැති වුණේ බොහොම Talented actor කෙනෙක්. ඒ වගේම නිහතමානී මනුස්සයෙක්... කොහොමහරි මේ Film එක විතරයි එයා ගැන අපිට ඉතුරු කරන අන්තිම මතකය රැදිලා තියෙන්නේ.... ගොඩක් Thanks ඔයාට මේ Film එකට Subtitles දුන්නාට........

  24. රොෂාන් ශමීර

    සුපිරියි...
    කියන්න වචන නැහැ..
    ෆිල්ම් එක ඇවිල්ලා ටික කාලයකින් සිංහල සබ් දුන්නට ඔබ දෙපලට බොහොම ස්තූතියි..
    ~ ජය වේවා ~

  25. Chandima Prasad

    ෆිල්ම් එක රිලීස් වෙලා පොඩි වෙලාවකින් මේ වගේ සුපිරි ලිපියකුත් එක්කම සබ් එකත් දුන්න එකට නම් ගොඩක් ස්තූතියි....රිලීස් වෙනකන් බලන් හිටපු ෆිල්ම් එකක්.ජයම වේවා.....

  26. R_deshan

    අම්බෝහ් ගෙම්බ පොලේ ගැහුව වගේ මෙන්න දීලා.සිරාවට හිතුවෙ නෑ මෙච්චර ඉක්මනින් හම්බෙයි කියලා.සබට තෑන්ක්ස් සහෝ!!ලිපියත් පට්ටයි.

  27. Achi

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  28. Lahiru

    ඇ මෙන්න සුපිරි භාන්ඩයක් බස්සලා
    එල එල ඇ

  29. Anonymous

    මෙච්චර දිග විස්තරයක් තියෙන කොට බලන්නම හිතෙනවා.

  30. සුභාෂිණි මල්ලව ආරච්චි

    මෙච්චර ඉක්මනට. බොහොම ස්තුතියි සබ් එකට

  31. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  32. tharidu16

    thanks machiiiiiii

  33. geeganagamage

    බොහොම ස්තුතියි ලිපියට වගේම සබ් එකටත් .

  34. රුක්මාල්

    කියන්න වචන නැහැ බයිස්කෝප් එකට ස්තූතී

  35. Deegayu Abeysekera

    thank you

  36. Arawinda Sunimal

    Thanks sub ekata jayawewa,.......,,,

  37. Shaggy

    Rest In Peace Shushanth
    Thanks for the sub

  38. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා සිසී...
    ඉඳලා ඉඳලා හොඳ එකක් අරන් එන්නේ කියලා දන්නවා...
    මෙදා පාර නම් හැම අතින්ම ඉමෝෂනල් එකක්...
    අපි හැමෝම මැරෙන මිනිස්සු කියලා දැනගෙන, පොළවේ පය ගහලා ජීවත් වෙයන්
    කියලා හිතන්න ලබා දුන්නු අවස්තාවක්.
    ලිපියත් මුල ඉඳන් අගටම කියෙව්වා...
    ලිපියටත් තුති වගේම සින්දු ටික වෙනුවෙන් මයුරටත් තුති...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  39. sanketh vishwamal

    supiri sahoo . mekath world record ekak wennathi. filuma baluwa pattai. sub eka nisa thawath hithata waduna

  40. kevin D...

    Thanks...

  41. Sanjaya

    R,i,p Súshañth

  42. indika75

    thanks..

  43. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  44. Nadun

    Thanks!!...

  45. yohan

    thanks api balan idapu film ekak

  46. Kavindu12345desilva

    thanks machan ogolollonta godak pin
    songs valta sub krpu hinda devani sareta sub eka bagathe
    thanks sooo much

  47. isuru srinath sjs

    ලිපියත් ලස්සනට තියෙනවා සිසිල අයියේ.. අයියගේ සබ් එකක් නම් ආයේ ඉතින් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ නේ... බොහොම ස්තුතියි උපසිරැසියට... ඒ වගේම සිංදු වලටත් උපසිරැසිය නැවත සකස් කරදුන් මයුර සහෝදරයටත් බොහොම ස්තුතියි .. ජය!!

  48. Rana D

    Waiting for this .... thnkz man ...keep it up buddy

  49. gihan perera

    ස්තුතියි ස්තුතියි ස්තුතියි මචං....නියම acting.ලෙකු ගමනක් යන්න හිටපු නළුවෙක්... අපරාදේ..rip sushanth Rajput...... anyway නියමයි හැඳින්වීම.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා සහෝ.....

  50. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.