Watch Trailer

47 Meters Down: Uncaged (2019) Sinhala Subtitle | බිහිසුණු මෝරෙකුට මැදිව… [ සිංහල උපසිරැසි ]

හරියට මීට අවුරුදු දෙකකට කලින් මතකද ආවා ”47 Meters Down” කියල චිත්‍රපටයක්. මඟ හැරිච්ච එකක් නම් වෙන්න බැහැ. ලොවෙත් ඒක බලල තියෙන්න ඕන. ඔබ නොබලපු කෙනෙක් නම් මේ දැන්ම වගේ බාගත කරගෙන නරඹන්න. ඉතින් ඔය අවුරුදු දෙකකට කලින් ආපු චිත්‍රපටයෙ ”සීකුවල්” එකයි අද මේ අරගෙන එන්නෙ. කලින් එකේදී කට්ටියට මුහුණ දෙන්න සිදු…

හරියට මීට අවුරුදු දෙකකට කලින් මතකද ආවා ”47 Meters Down” කියල චිත්‍රපටයක්. මඟ හැරිච්ච එකක් නම් වෙන්න බැහැ. ලොවෙත් ඒක බලල තියෙන්න ඕන. ඔබ නොබලපු කෙනෙක් නම් මේ දැන්ම වගේ බාගත කරගෙන නරඹන්න. ඉතින් ඔය අවුරුදු දෙකකට කලින් ආපු චිත්‍රපටයෙ ”සීකුවල්” එකයි අද මේ අරගෙන එන්නෙ. කලින් එකේදී කට්ටියට මුහුණ දෙන්න සිදු වෙන්නෙ කූඩුවක් ඇතුළෙ ඉද්දීයි. නමුත් මේ පාර එහෙම නැහැ. කිසිම පිළිසරණක් නැති වෙනවා.

”චිත්‍රපටය සඳහා නිකුත් වූ පළවෙනි පෝස්ටරය” කලින් වතාවේ වගේම මේ පාරත් අධ්‍යක්ෂණ කටයුතු සිදු කර තිබෙන්නෙ ”Johannes Roberts” විසින්. මේ වනවිට IMDb අගය 5.1 සහ කුණු තක්කාලි අගය 41% අරගන්න සමත් වී තිබෙනවා. පැයයි විනාඩි තිහක් පුරා දිවෙන මෙම චිත්‍රපටය අයත් වෙන්නෙ Drama l Adventure l Horror l Thriller යන කාණ්ඩ සතරටයි. එසේම ”ඩොලර් මිලියන 12” ක් වැය කරමින් කරපු මේ චිත්‍රපටය ”ඩොලර් මිලියන 36” ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්නද සමත් වී තිබෙනවා. රංගනයෙන් Sistine Stallone l Sophie Nélisse l Corinne Foxx l Nia Long l John Corbett l Brianne Tju දායක වෙනවා. හරි එහෙනම්, අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. මියා කියන්න තමන්ගෙ අම්ම නැතිවෙච්ච අසරණ තරුණියක්. ඇය මේ සිදුවීම නිසා ගොඩක් දුකින් ඉන්නෙ. මැයගෙ තාත්තා තම භාර්යාවගෙ මරණයෙන් පසු වෙන කෙනෙක්ව කසාඳ බඳිනවා. ඒවගේම මේ කසාඳ බඳින කෙනාටත් ළමයෙක් ඉන්නවා. එයාගෙ නම තමයි සාෂා. හැබැයි මේ සාෂායි මියයි අතරේ වැඩි ඇයිහොඳයියක් නැහැ. මියාගෙ අහිංසකකම නිසාම පාසලේ සිටින කට්ටිය ඇයට අනවශ්‍ය විහිළු කරනවා. ඉතින් ඔය කියන දේවල් අමතක වෙලා යන්නත් එක්ක සහ සාෂාටයි මියාටයි පොඩ්ඩක් එකට කාලය ගත කරන්න අවස්ථාවක් හම්බවෙනවා. ඒ මෙයාලගෙ තාත්තා ටිකට් එකක් ලාබදෙනවා මෝරුන් සිටින ස්ථානය බලන්න යන්න. බෝට්ටුවකින් තමයි යන්නෙ. නමුත් අතර මගදී මේක වෙනස් වෙනවා. සාෂාගෙ යහළුවෝ සෙට් එකක් ඇවිත් මේ දෙන්නව වෙන තැනකට අරගෙන යනවා. ඒ තමයි ”අලුත් නගරයට” පිවිසෙන්න තියෙන තැන. ඇත්තටම කියනවා නම් මේක පෞරාණික ස්ථානයක්. හරියට මුහුද යට වැළලී ගිය දේවස්ථානයක්. මෙයාලා මේක ගවේෂණය කරන්න යනවා. ඊට පස්සෙ මෙයාලා කිසි විටකත් නොහිතපු සිද්ධියක් සිද්ධ වෙනවා. ඒ තමයි මෝරුන්ගෙ ප්‍රහාරයක්. මෙයාලා කවදාවත් හිතුවේ නැහැ එතන මෝරෙක් ඉඳියි කියලා. ඇත්තම කියනවා නම් එකෙක් නෙමේ සෙට් එකක්ම වගේ වට කරනවා. එතකොට මෙයාලට මේ ගුහාව ඇතුළෙන් බේරිලා පැනගන්න පුළුවන් වෙයිද? නැත්තම් ඔක්කොටම එතනම වැළලී යන්න සිදු වෙයිද? අවසානය තෙක් නරඹන්න කියලා ආරාධනා කරනවා. වෙනස්ම ආකාරයෙ අත්දැකීමක් ලබාදෙනවා නිසැකයි. තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HD / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

10,046 downloadsDownload 47-Meters-Down-Uncaged-2019-Blu-Ray.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

10,046 downloadsDownload Subtitles49 KB

45 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahooo obata ....

  2. Lucky Dhananjaya

    Thanks for the sub...

  3. gihan perera

    ස්තුතියි සහෝ.....පට්ට කතාවක්....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා....

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. roba3090

    WebRip update ekk demu Sahoo..

  6. Suranjan

    Thanks machan.....jayawewa.....!

  7. Hashan M. Priyadarshana

    thanks

  8. AmbalangodageDilshan

    Thanks bro

  9. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  10. wnrodrigo

    Good work friend, Thanks for the sub!

  11. nish47

    ස්තූතියි සහෝ

  12. madusharulz

    Supiri

  13. 0718901293

    Thanx saho.supiri

  14. Bandaramudiyansi

    Eli 2019 එකටත් දෙන්න පුළුවන් ද

  15. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ
    ජයෙන් ජයම වේවා!

  16. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    Bluray ආවහමම ගන්නවා...

  17. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

    1. shanukaumesh

      නියමයි සහෝදරයාබොහොම බොහොම ස්තූතියි උපසිරැසි වලට

  18. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...BR එකක් ආව ගමන් බලමු..බුදුසරණයි..ජය වේවා!

  19. chandika1975

    thank you for the subtitle.

  20. Pradeep Pasqual

    Thanks for the sub...

  21. darshana100

    thanks brother

  22. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  23. Madhawa_Rajapaksha

    Please update sub file for webrip.

    Thanks.
    great work and keep continue.

  24. Thilina Jayarathna

    web ekta update krnna plz

  25. Sandaru

    Thanks for the sub good luck bro

  26. ranga11112

    patta bro...thanks

  27. c queen

    thanks for the sub. legacies season 2 ekta sub denna pls

  28. pawana kodithuwakku

    Download krnna behene machen film aka

  29. Shamal manojan

    සබ් එකට තෑන්ක්ස්. අද්භූත ෆිල්ම් එකක් තියනවා පුලුවන් නම් සබ් කරනවද?

    Primer 2004

    Yts සයිට් එකේ තියනවා.

  30. wajira

    Thanks for sub

  31. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  32. Dewadithya

    Thanks for Sub!

  33. Hasitha.kelum

    ❤

  34. suranuwan

    thanks....

  35. instant

    thanks saahoo...

  36. aks

    Thanks...

  37. peththappu

    thnq sub 1ta

  38. Suresh Madhusanka

    Thanks for sub bro......jayawewa...!!

  39. Rumesh Asanka

    thank you

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  42. Nipuna Udayanga

    Thank u