මම එක වසරේ ඉන්නකොට, කැලේට ගිහින් ඇවිල්ලා.. වැව ගාව ඉදගෙන හිටියා ළමයි ඔක්කොම.වතුරේ සෙල්ලම් කරගෙන හිටියා. මම වතුරට බයයි. මගේ තාත්තා අනිත් පැත්තේ වගාවට වතුර දාන ගමන් හිටියේ.. බයෙන් ඉදගෙන ඉන්න මාව දැකලා., කෙලින්ම ඇවිල්ලා මගේ කරට අත තියලා මාව වැවට තල්ලු කරා. අතපය එහේ මෙහ්,ගහගෙන වතුර පෙවිලා කොහොම හරි උඩ…

මම එක වසරේ ඉන්නකොට, කැලේට ගිහින් ඇවිල්ලා.. වැව ගාව ඉදගෙන හිටියා
ළමයි ඔක්කොම.වතුරේ සෙල්ලම් කරගෙන හිටියා.
මම වතුරට බයයි.
මගේ තාත්තා අනිත් පැත්තේ වගාවට වතුර දාන ගමන් හිටියේ..
බයෙන් ඉදගෙන ඉන්න මාව දැකලා., කෙලින්ම ඇවිල්ලා මගේ කරට අත තියලා
මාව වැවට තල්ලු කරා.
අතපය එහේ මෙහ්,ගහගෙන වතුර පෙවිලා
කොහොම හරි උඩට ආවා.
ඒ තත්පරේට මගේ වතුරට තිබ්බ භය නැතිවුනා.
මගේ තාත්තට භය වෙන්න පටන් ගත්තා.
මේ මනුස්සයා මාව මරන්න හදනවා කියලා හිතලා,,එයත් එක්ක කතා කරේම නෑ..
එයාගෙන් ගොඩක්ම ඈත් වුනා.
අවුරුද්දකට පස්සේ,එයාට අසනීප වෙලා මැරිලා ගියා..
ඊට පස්සේ, ගගක, වැවක, මුහුදේ… මොන වතුරක පිහිණුවත්
මට මගේ තාත්තවයි මතක් වෙන්නේ..
වතුරේ ඉන්නකොට..ඇස් කදුලෙන් තෙමෙනවා.
මගේ තාත්තා මාව මරන්න හැදුවේ නෑ. ජීවිතේ ඉගැන්වුවා
ඒත්, මට තේරෙන කොට,
මම ගොඩක් පරක්කුයි…
2019 ජුලි 26 වන දින තිරගත වීම ආරම්භ කරන ලද, සමුතිරකානි රංගනයෙන් දායක වන තවත් බයිස්කෝප් එකකට උපසිරසිය අරගෙනයි ආයෙත් ඉක්මණින්ම ඔයාලව හමුවෙන්න ආවේ. එහෙනම් මෙම සිනමාපටය උපසිරසි ගන්වන්න මා හට අවස්ථාව ලබාදුන් බයිස්කෝප් ටීම් එකටත්, තිසර නියෝ සහෝදරයාටත් ස්තූතිවන්ත වෙනවා. ඉතින් මීට කලින් ම උපසිරසිය ලබාදුන් gurkha 2019 චිත්‍රපටය සම්බන්ධයෙන් අදහස් දක්වපු, නරඔපු සැමට ස්තූතිය පල කරනවා.
2012 Saattai , 2016 Appa 2017, Thondan වැනි වැනි ඉතා උසස් සිනමා සිත්තම් හරහා රංගනයෙන් දායක වන Samuthirakani ගේ kolanji 2019 සිනමා පටයද ඔබ නිසකයෙන් නැරඔිය යුතුම සිනමා පටයක් වනු නොඅනුමානය. අපගේ බුදුරරජානන් වහන්සේ පිය පුතු සම්බන්ධය පිලිබදව අපට දේශණා කර ඇත්තේ එහි ඇති උදාරතර භාවය නිසාවෙමිනි. සෙල්ලක්කාරකම සහ නොහික්මුණු හැසිරීම පියා සමඟ නිතරම කරදර ඇති කරගන්නා කෝලන්ජි යන තරුණ කොලුවා වටා සහ ඔහුගේ පියා වටා ගොඩ නැගී යන මෙම සිනමාව තුලින් පිය/පුතු සම්බන්ධයෙහි ඇති වටිනාකම මැනවින් පෙන්වා දේ.
කොලන්ජි පාසල් වියේ පසුවන ගෙදරටත්, මුලු ගමටමත්, ඒ වගේම පාසලටත් ඉතා කරදර ගෙන දෙන අයෙකි. ඊට එහා එයාගේ යාළුවා දෙන ආතල් ටිකනම් පට්ටම පට්ට. එයාගේ නම අඩිවාංගි. ඉතින් කොලන්ජියි එයාගේ යාළුවා අඩිවාංගිවයි ගමේ කාටවත්ම පෙන්නන්න බැරි චරිත දෙකක්. අඩිවාංගි දෙන අදහස් වලටනම් හිනා කාලා මැරෙනවා. පට්ට ආතල් ටිකක් දෙන්නේ. අඩිවාංගි මෙයා මේ වගේ ගේම් දෙන්නේ එයාගේ සයිස් එක ගැනවත් හිතල නෙමෙයි. බට්ට වගේ ඉදගෙන කොලන්ජිත් එක්ක ගහන ගේම් ටිකනම් කියල වැඩක් නෑ.
චිත්‍රපටය ආරම්භයේම කොලන්ජි තම පියාගෙන් පහර කෑමට ලක්වෙන්නේ, කියනා කිසිම දෙයක් තඔ සතේකට මායිම් නොගන්නා නිසාවෙනි. තාත්තා කියන ඒව තියා මෙයා කව්රුත්ම කියන දෙයක් අහන්නෙම් නෑ ඉතින්, ඉතින් මෙයා හැමදාම මොකක් හරි කේස් එකක් දාගෙන තමයි ගෙදර එන්නේ, ඉස්කෝලෙත් ටීචර්ස්ලට පෙන්නන්නම බැරි කෙනෙක්, ගෙදර ආවමත් මල්ලිත් එක්ක හරි වලියක් දාගන්නව, නැත්තම් ගමේ කා එක්ක හරි. හරි ඔහොම තමයි මෙයාගේ හැටි. ඉතින් දවසක් මෙයාගේ තාත්තා වැරැද්දකට මෙයාට හොදටම ගහනවා. ඒත් කොලන්ජි ගෙදර ඉදන් කවදාවත් දුකට අඩන කෙනෙක් නෙමෙයි. ඒ දුක එයා දරාගන්නේ තනිවම ගමේ තියෙන ගලක් උඩට ගිහින්. ඉතින් මෙයාගේ මල්ලිගේ එක පුරුද්දක් තියෙනවා ඇගිල්ල කටෙන් ගන්නෙම නැති, දවසක් මෙයාලගේ නැන්දගේ දුව මේකට පාඩමක් උගන්නන්න කියලා හිතලා විහිළුවට රත්කරපු කූරක් තියනවා කියලා තර්ජනය කරනවා කටෙන් ඇගිල්ල ගන්න කියලා. විහිළුවට කරපු මේ දෙයින් ඇත්තටම පොඩ්ඩගේ අත පිච්චෙනවා.
කොලන්ජිගේ තාත්තා ඔය වෙලාවෙම ගෙදරට එනවා, ඉතින් මේ කේන්තියට මෙයා කොලන්ජිගේ අම්මට හොදටම ගහනවා, ඒ දුකට අම්මවයි, කොලන්ජිවයි ගෙදරින් යනවා. යන්නේ මෙයාගේ අම්මගේ මහ ගෙදරට. ඉතින් එතන ඉදන් කොලන්ජි තම පියා කෙරෙහි අපමණ වෛරයක් බැදගන්නවා.
ඒ ඉද්දිත් අඩිවාංගි එක්ක ගෙදරත් හොරකන් කරනවා. ඔය අතරෙ තවත් සිද්ධියක් වෙනවා, ඒ කොලන්ජිගේ මාමා එයාගේ අක්කා කෙනෙක්ට ආදරය කරනවා, ඉතින් මේකටත් බ්‍රෝකර් වෙන්නේ කොලන්ජි.නියම මිනිහව තමයි බ්‍රෝකර වෙලා තියෙන්නේ.
දවසක් කොලන්ජි ගමේ කොල්ලෙකුට ගහලා එයාගේ තාත්තා මෙයාව මරන්න පන්නනවා. තාත්තව පේන්න බැරුව හිටපු කොලන්ජිට අවසානයේ උදව්වට එන්නෙත් තමා වෛර කරන තාත්තම තමයි.
තාත්ත කෙනෙක්ගෙ හිතේ පුතෙුට තියෙන අසීමිත ආදරය මේ සිනමාව තුලින් ඔයාලටත් මැනවින් කියල දෙනවා. කොලන්ජි අවසානයේ තම පියා සමග එකතු වේවිද..? කොලන්ජි හොද ළමයෙක් වෙයිද කියලා ඔයාලම බලන්න කියලා ආරාධනා කරන ගමන් මම කැපෙනවා. ආයෙත් මෙවැනි ලස්සන සිනමාවකින් හමු වෙනකන් තෙරුවන් සරණයි..?
චිත්‍රපටය පිළිබද විස්තර බිදක්.
- කාණ්ඩය : Comedy, Drama
- අධ්‍යක්ෂණය : Dhanaram Saravanan
- නිෂ්පාදනය : Naveen
- රංගන ශිල්පීන් : yogi babu, elyssa erhardt, anandaraj
- කථාව රචනය : Samuthirakani, Sanghavi, Rajaji, Naina Sarwar
- ධාවන කාලය : 1 hrs 52mins
- තිරගත කල දිනය : 26 July 2019
- සංගීතය : Natarajan Sankaran
- IMDB අගය : 4.2/10

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
3,136 downloadsDownload Kolanji-2019.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදය සමන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදය සමන් කුමාර
Subtitles
12 comments
Ruwan199
Nilush Angana
Sub ekata thanx
ඔෂද ධනංජය
ස්තූතියි සමන් සහෝ... ඔන්න බාගත්තා
arawindasunimal
බොහොම ස්තුතියි උපසිරසියට (උදය සමන් කුමාර ) ඒ වගේම බයිස්කෝප් වෙබ් අඩව්යටත් ගොඩක් ස්තුතියි මේ වගේ Group එකක් හැදුවට ඔබ සැමට තෙරැවන් සරණයි - ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌
isuru srinath sjs
ස්තුතියි සහෝදරයා ❤️
lasithasandaruwan18
ඇයි අනේ බයිස්කෝප් ඩවුන්ලොඩ් site එක open වෙන් නැත්තේ
hatharasingha
Supiri. Thankyou
N_R
Thank You.
D.Chamara
bohoma sthuthi sahooo
palithadesilva
thankyou...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
thankz machan. ....