Watch Trailer

7 Hours to Go (2016) with Sinhala Subtitles | හෝරා හතයි… ප්‍රාණ ඇපකරුවන් හතයි…. පැයකට එක මරණයයි… ඇදහිය නොහැකි මෙහෙයුමයි! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මනටම තවත් සුපිරිම මට්ටමේ හින්දි චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ඇත්තටම මම බාරගෙන තිබුණ චිත්‍රපටයක් නෙමෙයි. මං බාරගෙන කරන්නද කියලා අහනකොටත්, චිත්‍රපටය ආපු දවස් වලම අපේ වෙනත් සහෝදරයෙක් බාරගෙන තිබුණා. ඒ නිසාම මම වැඩේ ඇතහැරලා දාලා තිබ්බේ. කොහොමින් කොහොමහරි Sardaar Gabbar Singh (2016) චිත්‍රපට…

7 Hours to Go (2016)
ඔන්න එහෙනම් ඉක්මනටම තවත් සුපිරිම මට්ටමේ හින්දි චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ඇත්තටම මම බාරගෙන තිබුණ චිත්‍රපටයක් නෙමෙයි. මං බාරගෙන කරන්නද කියලා අහනකොටත්, චිත්‍රපටය ආපු දවස් වලම අපේ වෙනත් සහෝදරයෙක් බාරගෙන තිබුණා. ඒ නිසාම මම වැඩේ ඇතහැරලා දාලා තිබ්බේ. කොහොමින් කොහොමහරි Sardaar Gabbar Singh (2016) චිත්‍රපටයට උපසිරැසි කරනකොට, හසන්ත අයියා ඇහුවා, මේක භාරගත්ත කෙනා කරන පාටක් නැහැ, පුළුවන් නම් කරලා එවන්න කිව්වා. හැබැයි ඉතිං, වැඩේ භාරගෙන කරන්න ගත්තා වගේ නෙමෙයි, කරන්න ගත්තාම තමයි තරු වීසිවෙන්න ගත්තෙ. චිත්‍රපටය සඳහා නිකුත්වී තිබුණ ඉංග්‍රීසි උපසිරැසිය, උපසිරසියක් වශයෙන් අර්ථ දැක්වීමේ හැකියාවක් සුළු වශයෙන් හෝ තිබුණේ නැහැ. මොකද කියනවා නම්, බොහොමයක් තැන්වලදී, චිත්‍රපටයේ භාවිතාවන අර්ථයට හාත්පසින්ම වෙනස් ආකාරයේ අර්ථයක් සහිත දෙබස් තමයි උපසිරසියේ අන්තර්ගතවෙලා තිබුණේ. ඒ වාගේම, ඉතාමත් බහුල ලෙස අක්ෂර දෝෂ පවා අන්තර්ගතවී තිබුණා. එනමුත්, චිත්‍රපටයේ අනර්ඝ බාවයත්, භාරගත් වැඩක් නොකර සිටීමට ඇති අකමැත්තත් නිසාම කොහොමින් කොහොමහරි දවස් දෙකක් ඇතුලත වගේ උපසිරැසිය සම්පුර්ණයෙන්ම අවසන් කළා. නමුත්, චිත්‍රපටය තුල ව්‍යවාහාර වූ වෙනස් ආකාරයේ උච්චාරණ විලාසය නිසාවෙනුත්, බොහෝ තැන් වල අසාලිවීමක් කරන සිදුවුන නිසාවෙනුත්, මගේ සුපුරුදු උපසිරසිකරණ විලාසයෙන් අකමැත්තෙන් වුණත් ඉවත්වෙන්න සිද්ධවුනා. එහෙනම් ඉතිං, වැඩි කතාබහක් අවශ්‍යය නැහැ, චිත්‍රපටය ගැන කෙලින්ම වැඩේට බහිමුකො.

අර්ජුන් රනාවට්… මුසාෆර් නගරයේ රාජකාරියේ නියතු පොලිස් නිලධාරියෙක්…. කුමන හෝ චේතනාවක් අරඹයා, දිනක් ඔහු මුම්බායේ ඉහළ උසාවි සංකීර්ණයට පැමිණෙනවා. නමුත්, නොසිතූ විරූ මොහොතක, කොහේදෝ සිට පියඹා ආ වෙඩි උණ්ඩයක්, එක් නිමේෂයකින්, එක්තරා තරුණියකගේ හදවත සදහටම අක්‍රීය කර දැමීමට සමත්වෙනවා. මේ දර්ශනයෙන්, අර්ජුනගේ හදවතද මොහොතකට නතර වුණා යැයි පැවසුවහොත් එය මුසාවක් නොවෙයි. වැසි බිඳු මෙන් දෙනෙතින් රූරා ඇද හැලෙනා කඳුළු බිඳු හමුවේ හමුවේ පවා, මොහොතකට හෝ ඔහුගේ හදවතේ ඉකිගැසීම  නතර වූයේ නම් නැත. ඔහු සතු වටිනාම වස්තුව…. ඔහුටම කියා මෙලොව සිටි එකම ආදරණීය වස්තුව…. සිය ජීවිතය ආදරයෙන් ප්‍රාණවත් කල ජීවන හුස්ම… තම පණ දෙවැනි කොට, හදවතින්ම ආදරය කල ආදරණීය ‘මායා’, තම දෙපා මුලම මේ අයුරින් අවසන් හුස්ම හෙලනු ඇතැයි අර්ජුන් සිහිනෙන් හෝ විශ්වාස කලේ නැත. තම ආදරණීය සොඳුරියට සිදුවූ අසාධාරණය හමුවේ ඔහුගේ සිත වෛරයෙන් පිරී ඉතිරී යනවා. සිදුවූ අසාධාරණය හමුවේ අදාළ පුද්ගලයින්ගෙන් දරුණු ලෙස පලිගන්නා මෙන් ඔහුගේ හදවත කෑගසනවා. මෙම කෝපයේ අවසාන ප්‍රතිපලය වන්නෙ, උසාවි සංකීර්ණය තුල සිටි පුද්ගලයින් හත්දෙනෙකු, එම ක්ෂණයේදීම අර්ජුන්ගේ ප්‍රාණ ඇපකාර තත්වයට පත්වීමයි. ඇසිපිය ගසන ඇසිල්ලෙන්, කිසිවෙකුටත් අදහාගත නොහැකි අයුරින් සිදුවූ මෙම ප්‍රාණ ඇපකරු සිදුවීමෙන් සමස්ත මුම්බායි නරගයම කැළඹීමට පත්වනවා. කිසිඳු පුද්ගලයෙකුට අදාළ ප්‍රදේශයට ළඟාවී කිසිඳු ප්‍රාණ ඇපකරුවෙකු මුදවාගත නොහැකි වන පරිද්දෙන් අතිශය සූක්ෂම ලෙස සියළු විධි විධාන සලසන අර්ජුන්ගේ පළමු ඉල්ලීම වන්නෙ මුම්බායි පොලීසියේ ACP ශුක්ලා මෙම ස්ථානයට කැඳවන ලෙසයි. කිසිඳු දයාවක් හෝ අනුකම්පාවකින් තොර, අතිශය බුද්ධිමත්, නොකිලිටි පොලිස් නිලධාරියෙකු ලෙස ප්‍රකට ACP ශුක්ලාව මෙම ස්ථානයට කැඳවන ලෙස කරන ඉල්ලීමේ සැබෑ අරමුණ කුමක්ද…? ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට නම්, අර්ජුන්ගෙන් ACP ශුක්ලා වෙත එකම එක ඉල්ලීමක් ඉදිරිපත් වනවා. එනම්, හෝරා හතක් ඇතුලත මායාගේ මිනීමරුවන් නීතිය ඉදිරියට පමුණුවන ලෙසයි. ඉල්ලීම ඉටු නොවන්නේ නම්, පැයකට එක් ප්‍රාණ ඇපකරුවා බැගින් මරා දමන බවට තර්ජනය කරනා, අර්ජුන්ගේ සැබෑ අරමුණ කුමක්ද…? කිසිවෙකුටත් හිස නොනමන, බුද්ධිමත් නිලධාරියෙකු වන ACP ශුක්ලාගේ තීරණය කෙබඳු වේවිද… මායාගේ ඝාතනයේ සැබෑ වැරදිකරුවන් කවුරුන්ද…. අර්ජුන්ගේ සැබෑ අනන්‍යතාවය කුමක්ද… මේ සියලු සිදුවීමක්ම සත්‍යයක්මද… මේ සියල්ලෙහි සැබෑ අරමුණ කුමක්ද….?

එසේනම්, සියලුම දෙනාට ආරාධනා කරනවා මෙම අනගි සිත්තම නරඹන්න කියලා. කුතුහලය අතිශය ඉහල මට්ටමක තියෙන ක්‍රියාදාම සහිත සලරුවක් ලෙස නොබියව හඳුන්වන්න පුළුවන්. ආරම්භක මිනිත්තුවේ පටන්, අවසාන මිනිත්තුව දක්වාම, ප්‍රේක්ෂකයා දෙලොවක අතරමංකර, මොහොතක් මොහොතක් පාසා කුතුහලය උච්චතම ආකාරයට පත්වන අයුරින් නිර්මිත මෙම අනගි සලරුව නැරඹීමට සියලු දෙනාටම කෙරෙන්නා වූ සුහද ආරාධනයත් සමගින්, අදට සමුගන්න අවසරයි.තවත් අළුත්ම හින්දි චිත්‍රපටයකින් ඉක්මණටම නැවත හමුවෙමු. එතෙක්, සියලුදෙනාටම ජයවේවා!!!

7 Hours to Go (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

www.TamilRockers.la – 7 Hours to Go [2016] Hindi Movie DVDRip x264 700MB ESubs

ලබා දී ඇති උපසිරසි සියලුම DVDRip පිටපත් සඳහා අදාළ වේ.

19,120 downloadsDownload 7-Hours-to-Go-2016.Baiscopelk.com_.rar44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

19,120 downloadsDownload Subtitles44 KB

28 comments

  1. හසිත කොඩිතුවක්කු

    සබට ජය සිසිල සහෝ..!

  2. lahiru

    thx macho..

  3. දිනේෂ් අකලංක

    ලිපිය ලියල තියෙන විදිහට නෙගෙන බෑ.. අනිව බානවා... :-D

  4. sajith thilakarathne

    thanks saho sub ekata

  5. laki

    tnx...

  6. sachi

    link eka dnnko bro.. hoygnna bah plz..

    1. Sisila Prasad

      නීතීමය ප්‍රශ්ණ මත, මේ සයිට් එකේ torrent link දෙන්න බැහැ.
      link එක හොයාගන්න බැහැ කියන කතාවට නම් කිසිසේත්ම එකඟ වෙන්නෙ නැහැ.ඕනේ තරම් torrent තියෙනවා මේ චිත්‍රපටය වෙනුවෙන්.
      කරුණාකර, torrentz2.eu හි මෙම චිත්‍රපටය search කර ලැබෙන ප්‍රථිපල වලින් තමන්ට රිසි DVDRip පිටපතක් බාගන්න.
      එසේත් නොමැති නම්, මෙම comment එක මත click කර මාගේ ෆේස්බුක් ගිණුමට ඇතුළු වී, messege එකක් එවන්න.එවිට මා අදාළ පිටපතක ලින්ක් එකක් ලබාදෙන්නම්.

  7. sachi

    Torrent link eka dnnko broo..

  8. Nishan

    thanks for sub Jaya wewa

  9. wooobox

    25 වැනි උපසිරසියට සුභපැතුම්. තව තවත් Action Movies වලට සබ් කරන්න, කාලය, හිතේ ආශාව ඇතිවේවා...:)

  10. buddhika

    niyamai bro..niyamai..thanx sub ekata..digatama sub demu..jaya wewa...

  11. maheshbabu

    suppa........suppa.......suppa.......

  12. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  13. Wgk Chathuranga

    එල සහෝ. ස්තුතියි සිංහල උපසිරැසියට. ජය වේවා!

  14. Jack

    පට්ටයි මචෝ...
    කියලා තියන විදිහට නම් සුපිරි ෆිලුමක් වගේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය....

  15. Kulanjana Maduranga

    niayamai…thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. සඳරු

    සිංහල උපසි‍රැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි ...!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. akc madhushka

    ස්තූතියි

  19. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සිසිල සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  20. Manoj

    Thanks bro sub ekata

  21. Rakitha Ranathunga

    Sub ekata thanks bro

  22. Chinthaka Silva

    ela saho

  23. sachin

    thank you

  24. Udara

    නියමයි...

  25. yasas sri bandara

    thanks baiscope

  26. shashika

    ela kiri kollo.. diatma sub wada karmu...

  27. -T.L-

    Supiri wadak....thankz saho...sub ekath patti,film 1th pattai