Watch Trailer

Sardaar Gabbar Singh (2016) with Sinhala Subtitles | ගබ්බර් සිං නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවේ අරගෙන එන්නෙ, 2016 වර්ෂයේ අප්‍රේල් මස 8 වෙනි දින තිරගතවීම ආරම්භකල, තවත් සුපිරිම මට්ටමේ ක්‍රියාදාම සපිරි තෙලිඟු සලරුවක්. මාස කීපයකට කලින් හොඳ පිටපතක් ආවත්, මීට දින තුන හතරකට පෙර තමයි මෙම චිත්‍රපටය වෙනුවෙන් අන්තර්ජාලයට නිකුත්වුණු පළමු උපසිරැසිය නිකුත්වුණේ. වෙනදා වගේම මේ වතාවෙත් ඒ පිළිබඳව දැනු…

Sardaar Gabbar Singh (2016)
මේ වතාවේ අරගෙන එන්නෙ, 2016 වර්ෂයේ අප්‍රේල් මස 8 වෙනි දින තිරගතවීම ආරම්භකල, තවත් සුපිරිම මට්ටමේ ක්‍රියාදාම සපිරි තෙලිඟු සලරුවක්. මාස කීපයකට කලින් හොඳ පිටපතක් ආවත්, මීට දින තුන හතරකට පෙර තමයි මෙම චිත්‍රපටය වෙනුවෙන් අන්තර්ජාලයට නිකුත්වුණු පළමු උපසිරැසිය නිකුත්වුණේ. වෙනදා වගේම මේ වතාවෙත් ඒ පිළිබඳව දැනුවත් කරපු සමීර චතුරංග අයියට ප්‍රථමයෙන්ම ස්තුතිය පුදකර සිටිනවා. වැඩ රාජකාරි මධ්‍යයේ, කොහොමින් කොහොමහරි, උපසිරැසිය සම්පුර්ණ කරන්න දවස් තුනක් විතර ගියා. මොකද කියනවා නම්, හෝරා තුනකට ආසන්න කාලයක් පුරා දිගහැරෙන මෙම සිත්තමේ දෙබස් පේළි දෙදහසකට වඩා අන්තර්ගත වෙලා තිබුණා.නමුත්, හරියට දෙබස් වෙන් කරලා ගත්තා නම් අඩුම තරමේ 2500 කට වැඩි මිසක් අඩුවෙන එකක් නම් නැහැ. ඒ නිසා ප්‍රේක්ෂකයින් සිදුවූ ප්‍රමාදය පිළිබඳව උපේක්ෂා සිතින් විඳ දරා ගනීවි කියලා හිතනවා.

චිත්‍රපටය පිළිබඳව හැඳින්වීමක් කරනවා නම්, ක්‍රියාදාම ලේබලය යටතේ, තෙලිඟු සහ හින්දි යන භාෂා ද්විත්වයෙන්ම නිකුත්වෙමින්, දහසකට අධික ප්‍රේක්ෂක ජනතාවකගේ මනාපයෙන් IMDB දර්ශකයේ 5.1ක් වැනි අගයකින් සමන්විත වන්නාවූ මෙම සලරුවෙහි ප්‍රධාන රංගන දායකත්වය සපයන්නෙ, Pawan Kalyan සමගින් Kajal Aggarwal.මීට අමතරව, දශක ගණනාවක් මුළුල්ලෙහි, ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයෙහි කැපී පෙනෙන රංගන දායකත්වයක් සැපයූ අති දක්ෂ නළු නිළියන් රැසක් සිය රංගන හැකියාවෙන් මෙම සලරුව ඒකාලෝක කොට තිබෙනවා. Janatha Garage (2016), Nannaku Prematho (2016), Srimanthudu (2015), S/O Satyamurthy (2015), Veeram (2014), Jai Ho (2014), Yevadu (2014), Singam II (2013) ආදී අතිශය ඉහල මට්ටමේ චිත්‍රපට රැසක් සඳහා සංගීත අධ්‍යක්ෂණය කළ, Devi Sri Prasad ගේ අතිශය සුමියුරු නාද රටාවන් සමගින් සංකලනය වූ, අති දක්ෂ ගායක ගායිකාවන් රැසකගේ මධුර මනෝහර ගී ස්වරයන්ගෙන් මෙම සලරුව තව තවත් ඔප මට්ටම් වී තිබෙනවා.වර්තමාන බොලිවුඩයේ, රිදී සීනුව යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන, Shreya Ghoshal පවා මෙම සලරුව වෙනුවෙන් ගීත ගායනයෙන් එකතුවී තිබෙනවා.එමෙන්ම, ඇමරිකානු ඩොලර් මිලියන 11ක නිෂ්පාදන වියදමකින් නිර්මිත මෙම සලරුව, සිය ශුද්ධ ආදායම ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 13ක මුදලක් උපයා ගැනීමට සමත්කම් දක්වනවා.

රතන්පූර් සහ රාජ්පුත් යනු එක සමීපයේ පිහිටි අධිරාජ්‍යය දෙකකි. රතන්පූර් අධිරාජ්‍යය අර්ශි රාජ කුමාරිය විසින් පාලනය හොබවන අතරතුර, රාජ්පුත් අධිරාජ්‍යය පාලනය කරනු ලබන්නෙ භයිරාව් සිං රජතුමා විසිනි. මේ භයිරාව් සිං රජු කෙතරම් කුරිරු දාමරික පුද්ගලයෙකුද යත්, සිය ජනතාවගේ ඉඩකඩම් බලහත්කාරයෙන් මංකොල්ලකමින්, ඊට එරෙහිවන්නන් අනුකම්පා විරහිත ලෙස ඝාතනය කර දමමින්, සිය බලය වැඩිදියුණු කරගත් පුද්ගලයෙකි. අවනීතිය රජකරවන, නීතිය සහ සාමය යන වචනයකුදු පවා සොයාගැනීම අතිශය දුෂ්කර වූ මෙසමයෙහි, ජනතාවගේ එකම සැනසුම් සුසුම වූයේ, රතන්පූර් අධිරාජ්‍යය පාලනය කරන්නා වූ අර්ශි රාජ කුමාරියගේ දයාව පමණි. එනමුදු, භයිරාව් සිං රජතුමාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හමුවේ රතන්පූර් අධිරාජ්‍යයේ අනාගතය පවා අවිනිශ්චිත වන තත්වයකදී, මෙම රතන්පූර් අධිරාජ්‍යයේ සේනාධිපතිතුමන් මැදිහත්වීම මත, සිය ප්‍රාණ සමවූ මිතුරෙකු වන උසස් පොලිස් නිලධාරියෙකුගේ සහාය අපේක්ෂා කරනවා.එනම්, භයිරාව් සිංගේ කුරිරු පාලනය යටතේ දිනෙන් දින වැඩිවන්නා වූ අපරාධ සංඛ්‍යාව හමුවේ ක්‍රම ක්‍රමයෙන් මිනිසත්කම තුරන්වී, මෝහය නමැති ඝනාන්ධකාරයේ ගිලෙමින් පවතින්නා වූ මෙම සමාජ තත්වය යළි පිළිසකර කර දීමට හැකියාව ඇති අතිශය නිර්භීත පුද්ගලයෙකු රතන්පූර් අධිරාජ්‍යයට ලබාදෙන මෙන් කෙරෙන ඉල්ලීමෙනි. තත්වය මෙසේ තිබියදී, ලැබුණු ඉල්ලීමට අනුව, උසස්වීමක් සහිතව සර්දාර් ගබ්බර් සිං, රතන්පූර් අධිරාජ්‍යයට පිටත්කොට හරිනවා. නීතිය සහ සාමය කැලෑ වැදුණු, අවනීතිය රජකරවන, බියෙන් සහ ත්‍රාසයෙන් මුළුගැන්වුණු ජනතාවගෙන් වහලුන් මෙන් වැඩගන්නා කුරිරු රාජ්‍ය පාලනයකට එරෙහිව එක් අතිශය නිර්භීත පොලිස් නිලධාරියෙකු කුමක් නම් කරන්නද… අවනීතිය රජකරවමින් සාරධර්ම පිරිහෙමින් ඝනාන්ධකාරයෙන් වෙලෙමින් තිබූ සමාජයක්, ආලෝකය කරා රැගෙන යාමට දරදිය අදිනා මෙම අභීත පොලිස් නිලධාරියා හට, රාජ්පුත් රාජ පරම්පරාවෙන් කුමන අන්දමේ බාධක කම්කටොළු පැමිණේද… ඉතිරි සියල්ල ප්‍රේක්ෂක ඔබ සැමට බාරයි. පළමු මිනිත්තුවේ පටන්, අවසන් මිනිත්තුව දක්වා පුරා හෝරා තුනකට ආසන්න කාලයක් කිසිඳු කම්මැලිකමකින් තොරව නැරඹිය හැකි මෙම අනගි නිර්මාණය නැරඹීමට සියලු දෙනාටම කෙරෙන්නා වූ සුහඳ ආරාධනයත් සමගින් අදට සමුගෙන යනවා.ඉක්මණටම හින්දි සලරුවකින් නැවත හමුවෙමු.

හැමදෙනාටම ජයවේවා!!!

Sardaar Gabbar Singh (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

(පැය 2 විනාඩි 44 සහිත සියලුම පිටපත් සඳහා පමණක් ලබාදී ඇති උපසිරැසි අදාළ වේ)

Sardaar Gabbar Singh (2016) 720p Blu-Ray x264 DD 2.0 Hindi – ® Im Loser ®
Sardaar Gabbar Singh (2016) 1080p Untouched WEBHD AVC AAC MSub
Sardaar Gabbar Singh (2016) 720p Untouched WEBHD AVC AAC MSub

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

12,701 downloadsDownload Sardaar-Gabbar-Singh-2016.Baiscopelk.com_.rar60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitles by

සිසිල ප්‍රසාද්

Subtitles

12,701 downloadsDownload Subtitles60 KB

46 comments

  1. maheshbabu

    niyamai SISILA bro.....oya sub dana films nam suppa hodeeeee........'Pataas' movie 1tath sub demuko bro.....

    1. suboda priyashan

      me film bana sait eka kiyapallakooo

  2. Chathuranga

    torrent ekath dennako

  3. Tharindu_Rukshan_Perera

    Thank you machan

  4. buddhika

    niyama wedak bro..apita telugu movie ekaka sub denakam balagena inne..tawa tiynawa 'A aa' kiyala nithin inna movie ekak..hoda copy ewiila tiyenne..puluwannam sub diyan machoooooooooooooooooooooooooooooooooooooooooooooooooo..................

    1. shasith sandaruwan

      ආ සහෝ ඒක මම බාරගෙන තියෙන්නේ. HD කොපියත් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්නේ ඉංග්‍රීසි සබ් එකක් එනකල්. ආපු ගමන් දෙන්නම්.

  5. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  6. Tharaka Nuwan Dilhara

    ගොඩක් ස්තුතියි උපසිරසියට
    මේකේ වගේම gabbar Singh(2012) පලවෙනි චිත්‍රපටියෙත් සබ් ලයින් 2600+ තිබුනා
    උපසිරැසි ජීවිතේ අමතක නොවන චිත්‍රපටියක් තමයි ඒක
    දිගටම වැඩේ කරගෙන යමු
    ජයෙන් ජය!!!!

  7. dushan

    ela

  8. Wimukthi

    HASH key for Blu Ray copy " 9CADFC23DE0988902D3FC063147ADF684926A840 "

  9. Kulanjana Maduranga

    niayamai…ammo denakm unne… Aniwa bamak thama.....thanks SISILA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. D.Chamara

    bohoma sthuthi sahooo niyamai

  11. SUN VIDEO

    thanks bro

  12. sammika

    thank a lot

  13. චව්වා

    මට කව්රු හරි කියනවද මේක හින්දි ෆිලුමක්ද? තෙලිගු ෆිලුමක් ද කියලා ?
    torrent එකෙන් බලනකොට වර්ග දෙකෙන්ම තියෙනවා. ඔරගිනල් මොකක්ද ?

    1. Sisila Prasad

      චිත්‍රපටය භාෂා දෙකෙන්ම නිකුත්වෙලා තියෙනවා.
      තමන් කැමති භාෂාවක් තෝරාගෙන බලන්න පුළුවන්.
      වැදගත් දේ තමයි පැය 2 විනාඩි 44 සහිත පිටපතක් විතරක් ගන්න.
      එහෙම නැත්නම්, ලිපියේ සඳහන් කරලා තියෙන පිටපත් වලින් එකක් google එකේ search කරලා බාගත කරගන්න පුළුවන්.

  14. dilshan

    thanks saho.onna bewa

  15. ranga

    ස්තූති සහෝ

  16. Krish

    thanks yaluwa
    eth mata ona Telugu film eka hoyaganna baa neh 1gb wlata adu ekak thiyenawanam maru poddak hoyala dennakoo yaluwa me site eke danna berinam mata email ekak dannakoo [email protected]

  17. Global

    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  18. Lushan Kuruppu

    බොහෝම ස්තූතියි! යාළු!

  19. MPB Madhushan

    Machan, Thanks bn sub ekata, Janatha Garage 2016 Film eketh sub dipanko, NTRge supiri film ekak bn eka, man trailer eka beluwa.... Ekath hadala diyanko, Ok machan Good Luck Bs

  20. Thusitha

    MS Dhoni The Untold Story 2016 eke sinhala sub ekath ikmanata denna....

  21. POOJI

    budu gemak dila torrent link eka hoya gatath film eka eka baganna 3y and 4w yanava mita hethuva pahadila karanna vaddek innavnm {[email protected]}

  22. ශැඩෝව් ප්රින්ස් හෂාන් බුද්ධික෴

    Hindi Chatr Bn... Telugu Thiyena Link Ekak Ewapnko.. Please.. Asama Karana Film Ekak..

  23. ශැඩෝව් ප්රින්ස් හෂාන් බුද්ධික෴

    Telugu Thiyena Okkoma HDRIP,DVDRIP

    Bluray and WEbHD Telugu Nane

    1. Sisila Prasad

      ලිපියේ සඳහන් කරලා තියෙන පිටපත් වලින් එකක් google එකේ search කරලා බාගත කරගන්න පුළුවන්

  24. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Ayesh

    Thank You

  26. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ

  27. adee

    Thanx sho.enakal balan hitye...

  28. Dulaj

    Niyamai bro superi film ekak
    Puluwannm mcn A Aa film eka sub krannko nithin ge

  29. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  30. nisii

    Sub ekata thank q wewa.

  31. Sanjeeva Kumara

    Shit

  32. suboda priyashan

    broo me film banna bane ..mokakda sait eka yanna ona

    1. Sisila Prasad

      google එකට ගිහිල්ල, ලිපියෙ පහලින් සඳහන් කරලා තියෙන කොපි වල නම් වලින් එකක් search කරන්න.
      එන ප්‍රථිපල වලින් එකක් තෝරාගෙන download කරගන්න සහෝ

  33. Danushka Sandaruwan

    Sisila aiye supiri. rombaaaa Thanx. Aiye allu arjune hari brahmandamge hari film ekak dannakooooo

  34. Yohan

    googly 2013 kannada sinhala sub eka dipn koooooo

  35. asahn c.

    me thunen mokeda best quality eka
    okkoma ekama wageda

    1. Sisila Prasad

      Blu-Ray කොපිය ගන්න

  36. Dilan

    sub eka banna bene

  37. Chathura

    meekee subtitles download wennnanneee

  38. Tharaka Lahiru

    tnq

  39. nimeshadil

    Direct link neddo.....

  40. Tharindu_Vidusha

    WEB-HD copy ekata sub eka set wenne..