Watch Trailer

A Dirty Carnival (2006) with Sinhala Subtitle | මැර ජීවිත [සිංහල උපසිරැසි සමඟ]

මම තවත් කතාවක් අරගෙන ආව ඔන්න කොරියන් බලන යාලුවන්ට.මම කතා දෙනව ඉක්මන් වැඩිද කියලත් හිතෙනව වෙලාවකට.ඒත් ඉතින් නොදී බෑනෙ නේද?මම චාමල් කැලුම් අතපත්තු.කලින් උපසැරසි දීපු movies වලට හොද ප්‍රතිචාර ලැබුන වගේම හුගක් ඉල්ලීමුත් තිබුනා.ඒ හැම කෙනෙක්ටම ස්තූතියි ඔන්න.එතකොට කලින් දීපු ‘twenty’ movie එක බලල කැමති වෙ…

A Dirty Carnival (2006)
මම තවත් කතාවක් අරගෙන ආව ඔන්න කොරියන් බලන යාලුවන්ට.මම කතා දෙනව ඉක්මන් වැඩිද කියලත් හිතෙනව වෙලාවකට.ඒත් ඉතින් නොදී බෑනෙ නේද?මම චාමල් කැලුම් අතපත්තු.කලින් උපසැරසි දීපු movies වලට හොද ප්‍රතිචාර ලැබුන වගේම හුගක් ඉල්ලීමුත් තිබුනා.ඒ හැම කෙනෙක්ටම ස්තූතියි ඔන්න.එතකොට කලින් දීපු ‘twenty’ movie එක බලල කැමති වෙන්න ඇති කියල හිතනව හැමෝම.

හරි ඉතින් මෙදා පාරත් අරන් ආව සුපිරිම   film එකක්. මේ film එක අසිත සහෝ  ඉල්ලලත් තිබුනා.එතකොටත් මම මේකට උපසැරසි කරල තිබුනෙ.(නොදී හිටියට).ඒක නිසා ඉක්මනටම දෙන්න හිතුව.ටිකක් පරණ උනාට කොලිටි එකෙන් නම් පරණ නෑ.ඒ නිසා කැත නැතුව බලන්න පුලුවන් හැමෝටම.මේ කතාව අදාල වෙන්නෙ action\drama\gangsater ගණයට. ඒ උනාට කොමඩි වගේම romance ගතියත් තියනව.imb අගය 7.5 ක් ලැබිල තියෙන මේ  ‘A Dirty Carnival’ film එක 2006 තිරගත වූවක්.මේකත් හුගක් කතා බහට ලක් වුන වගේම සම්මාන ලැබුන filmඑකක්.විනාඩි 141 පුරාම බලාගෙන ඉන්න පුලුවන්.කතාව ටිකක් විතර කියන්නම්,

Byung-Doo (Zo In-Sung) කියන්නෙ පහත් පන්තියෙ මැරයෙක්,මෙයාගෙ ගෝලයො ටිකයි පවුලයි අමාරුවෙන් තමා බලාගන්නෙ.ලොක්කා මෙයාගෙන් හොදට වැඩ ගත්තට  Byung-Doo ට දෙන්නෙ පොඩි ගානක් විතරයි. ඒ උනාට Byung-Doo උත්සහ කරන්නෙ ඉක්මනටම එයාගෙ ඉරණම වෙනස් කරගන්න.

Byung-Doo,එයාගෙ ලොක්කා  Sang-Chul (Yoon Je-Moon) සහ ඒ හැමෝගෙම නායකය Hwang (Cheon Ho-Jin) තුන් දෙනා කෑම ගන්නව දවසක් Byung-Doo කරපු වැඩක් ගැන වර්ණනා කරන ගමන්.කොහොම හරි මේ  නායක Hwang කියනවා Sang-Chul ට ලෝයර් කෙනෙක්ගෙන් කරදරයි කියල එයා ගැන බලා ගන්න.ඒත් ලෝයර් කෙනෙක් නිසා මෙයා බෑ කියනව නීතිය ගෑවෙන නිසා.කෑමෙන් පස්සෙ.Byung-Doo මේ ලොක්කව ගෙදරට ඇරවන්න යනවා.කොහොම හරි ඒ ලෝයර්ගෙ වැඩේ එයා කරන්නද කියල යෝජනාවක් දානව Byung-Doo…

ඔය අතරෙම මෙයාට ඉස්කෝලෙ යාලුවො දෙන්නෙක් හම්බෙනවා.එක්කෙනෙක්  Min-Ho (Nam Gung-Min) මෙයා  film එකක් හදන්න try කරන කෙනෙක්.එයාගෙ පලවෙනි film එක පාතාලය හා සම්බන්ද එකක්.ඒත් පිටපත තාත්වික නෑ කියලා අනුමැතියක්වත් උදව්වත් ලැබෙන් නෑ.මෙයා ඒ නිසා ඇත්ත මැරයොන්ව අධ්‍යක්ශනය කරන්න හිතාගෙන Byung-Doo ව හම්බෙනව. Byung-Doo ගෙන් මැර ජීවිතේ ගැනත් ඉගෙන ගන්නව.Byung-Doo ත් මෙයාට උදව් කරනවා. අනිත් කෙනා තමයි  Hyun-Joo (Lee Bo-Young).මේ දෙන්න ටිකෙන් ටික සම්බන්ධයක් ගොඩ නගා ගත්තත්  Byung-Doo ගෙ මැර ජීවිතේ ගැන කෙල්ල නම් කැමැත්තක් නෑ…

කතාව යන්තන් කිව්වෙ මම.Byung-Doo ට ඉරණම වෙනස් කරගන්න පුලුවන් වෙයිද,මේ මැර ජීවිත කොහෙන් කෙළවර වෙයිද ?..කියල ඔයාලම බලල කියන්න.ඒ වගේම  ‘twenty’ movie එකට කැමති වුනාද කියලත් බලපු අය අදහස් දෙන්න.එතකොට ඊලගට දෙන්න ඕනෙ මොන වගේ film 1ක්ද කියල අදහසක් ගන්න පුලුවන් මට.එහෙනම්  ඊලග උපසැරසියෙන් ඉක්මනින්ම හම්බෙමු. බුදු සරණයි!

බායි!

A Dirty Carnival (2006) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

A.Dirty.Carnival.2006.720p.BRRip.x264.Korean.AAC-ETRG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,587 downloadsDownload A.Dirty_.Carnival.2006.Baiscopelk.com_.rar51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

1,587 downloadsDownload Subtitles51 KB

20 comments

  1. sajith

    ස්තූතියි උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අ දාල සින්මා පිටපත බාගත හැක

    1. Selitha Sasmitha

      e machan uda thiyena nama uda search karata page ekatane yanne .film eke download link dapanko puluwannm

  2. Ishan Madusha

    නියමයි සහෝ.උපසිරැසියට ස්තුතියි.ඉදිරියෙදි japanese movies වලටත් උපසිරැසි දෙන්න.ජය වේවා!!!

  3. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  4. kelum

    thanks

  5. pamoda

    twenty Movie 1th baluwa. ekanam patta. puluwannam ewage thawa ewa danna. thanks saho.... jayawewa....

  6. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ නැවත අලුත් ෆිලුමකින් හමු වෙමු
    ෴ජය වේවා෴

  7. Asitha

    එල එල තෑන්ක්ස් සහෝ.
    මගේ ඉල්ලීම ගැන සලකා බැලුවට විශේෂයෙන් ස්තුති වන්ත වෙනවා!!!!!!!!

  8. Asanka Dinesh

    මම නම් අලුතින් තමයි සම්බන්ඩ වෙන්නෙ . ෆිල්ම් 5 ක් 6 ගත්තා . ස්තුතියි සෑමට . සුබ පතුම්.

  9. mithun

    සහෝ ඔයට බොහොම පිං. මම බලපු සමහර කොරියානු මුවී තියෙනව එව නම් අතිසාර්ථක සිනාමාපට. බොලද නෑ කොරියානු ෆිල්ම් නම්. බොහොම ස්තුතියි මෙකත් හොයල උපසිරැසි ගැන්නුවට 7.5ක රෙටින් තියෙනව කියන්නෙ සුපිරි ඇති. ඉදිරියටත් හොදම දෙවල් දෙන්න. ඔබට ජය . උපසිරැසියට තුති .

  10. කවීන් ලහිරු

    නියමයි සහෝ සබ් එකට ස්තූතියි

  11. sachintha

    thanks bro
    elz

  12. කනිශ්ක ලක්මාල්

    නැවත උපසිරැසියකින් ඉක්මනටම හමු වෙමු

  13. මිතුල් ලක්ශිත

    නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක්. කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි.
    තවත් එකක් ඉක්මනටම දෙමු

  14. ඩිලාන් හසිත

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
    ** ජයවේවා **

  15. උදාර දිල්ශාන්

    සුප්ප සහෝ ලගදී සයිට් එක පැත්තේ එන්නත් බැරි උනා
    ඒත බැලීන්නම් මේ දීලා තියෙන්නේ සුපිරිම ෆිලුමක් තව පොඩ්ඩෙන් මේක මග ඇරෙනවා
    #එලස් සහෝ

  16. Himaru

    thanks

  17. පැතුම් අතුකෝරල

    උපසිරැසියට බොහෝම ස්තුතියි චාමල් සහෝ.
    මෙන්න උපසිරැසිය ගන්නවා.
    මීලඟ උපසිරැසියෙන් හමුවෙමු.

  18. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Bobby

    බොහෝම ස්තුතියි සබ් එකට