Watch Trailer

Ali (2001) with Sinhala Subtitles | බොක්සින් වළල්ලේ කළු වයාඝ්‍රයා [සිංහල උපසිරැසි සමඟ]

කැසිස් ක්ලේ හෙවත් බොක්සින් වළල්ලේ කළු ව්‍යාඝ්‍රයා මොහොමඩ් අලි උපත ජනවාරි 17, 1942 ලුයිස්විල් ඇමරිකා එක්සත් ජනපදය. බොක්සින් දිවිය ආරම්භ වන විට ඔහුගේ වයස 10යි. මුල්ම බොක්සින් පුහුණුවීම පොඩි ශරීර සුවතා මද්‍යස්ථානයක සහ පුහුණුකරු පොලිස් නිලධාරියෙක්. කුඩා කාලයේ ආදර්ශ පාඨය “සමනලයෙක් වගේ පියාඹන්න,මිමැස්සෙක…

Ali (2001)

කැසිස් ක්ලේ හෙවත් බොක්සින් වළල්ලේ කළු ව්‍යාඝ්‍රයා මොහොමඩ් අලි

  • උපත ජනවාරි 17, 1942 ලුයිස්විල් ඇමරිකා එක්සත් ජනපදය.
  • බොක්සින් දිවිය ආරම්භ වන විට ඔහුගේ වයස 10යි.
  • මුල්ම බොක්සින් පුහුණුවීම පොඩි ශරීර සුවතා මද්‍යස්ථානයක සහ පුහුණුකරු පොලිස් නිලධාරියෙක්.
  • කුඩා කාලයේ ආදර්ශ පාඨය “සමනලයෙක් වගේ පියාඹන්න,මිමැස්සෙක් වගේ අනින්න.”
  • 1960 ඔලිම්පික් වලදී රන් පදක්කමක් දිනා ගැනීම.කාලයත් සමගම ජනප්‍රිය වීම සහ ඔහු නැවත ඇමරිකාවට පැමිණීමේදී පුදුම වීම.
  • පළමු අභියෝගතා තරගාවලිය මුළු ලෝකයම පුදුම කරවයි.ඔහු 1964 බොක්සින් තරගාවලිය ජය ගන්නවා සනි ලිස්ටන් පරදවමින්.“ මම නිදහසේ ඉන්නවා මට ඕනේ විදියට” වඩාත් ඕනෙම දේ තමයි ඔහුට නිදහස අවශ්‍ය වීමයි.
  • 1964 ඔහුගේ නම මොහොමඩ් අලි නමට මාරු කිරීම (කැසිස් ක්ලේ ඉස්ලාම් දහම අදහා ගැනීම මුළු ලෝකයටම පුදුම කිරීමක් වුණා,ඔහු හිතුවා ඉස්ලාම් දහම සාමයෙන් ඉන්න පුලුවන් කියලා,මොකද එයාලා දවසට 5 සැරයක් වදින නිසා. “හැමෝම ජිවත් වෙන්න ඕනේ තමන්ට ඕනේ විදියට”)
  • අලි වියට්නාම යුද්ධය ප්‍රතික්ෂේප කරා (1967 ලෝක බොක්සින් සම්මේලනය ඔහුගේ බොක්සින් බලපත්‍රය අහිමි කිරීම.ඔහු අවුරුදු 5ක් සිරගත වීම.)
  • 1970 අලි නැවත බොක්සින් වළල්ලට පැමිණිම.
  • 1974 දී (අලි ෆොර්මන් සමග බොක්සින් වළල්ලට අවතීරණය වුණා,මොකද ෆ්‍රාසර් ෆොර්මන්ව පරදා තිබිම නිසා,අලි එහිදී එම තරගය ජයගත්තා.)
  • තුන්වෙනි වතාවටත් ෆ්‍රාසර් පරදා අලි ලෝක බොක්සින් කිරුල ජයගැනීම.
  • අලි බොක්සින් පිටියට සමු දීම 1978 (ඒ වන විට ඔහුට වයස 37,ලෝක වාර්තා 59 සහ පරජයවීම් 3ක් සමග සමු දීම.)
  • 1980 නැවතත්  නැවත බොක්සින් වළල්ලට පැමිණිම(සරල ජිවිතයක් ගත කිරීම නිසා නැවත අවතීරණය වීම,තරගය ජයගැනීමෙන් ඔහු මිලියන 8ක් ජයග්‍රහණය කිරීම.)
  • 1982 දී (අලි දුර්වලවීම සහ අවසානයේදී බොක්සින් පිටියට සමුදීම,ඔහුගේ පේශි දුර්වල වීම,පාර්කින්ස්ටන් රෝගී තත්වය ඇති වීම)
  • 1996 ඔලිම්පික් පහන ඔහුගේ අතින් රැගෙන යාම(මුළු ලෝකයම ඔහුට ගරු කිරීම සහ හිස නැමීම,ජනාධිපති ක්ලින්ටන් මුණගැසීම සහ සහ ඔහුව ප්‍රසංසා කිරීම.    “ඒකට්ටියට කියන්නේ නෑ කවුද පහන දල්වන්නේ කියලා,නමුත් මට ඒක දකිනකොට මගේ ඇස් වලට කදුළු ආවා.”)
  • අලිගේ ජනප්‍රියත්වය 2016 පෙර (මොහොමඩ් අලි මළල ක්‍රීඩා ස්ථානය ආරම්භ කිරීම සහ මිනිස්සු කවදාවත් අමතක නොකරන චරිතයක්, “ඔහුගේ පසුබිම මුළු ලෝකයම හොදින් දන්නා දෙයක්.“)
  • බොක්සින් වළල්ලේ කළු ව්‍යාඝ්‍රයා හෙවත් මොහොමඩ් අලි 2016 ජුනි 3 ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා ප්‍රන්තයේදී මිය ගියා,ඔහු මිය යනවිට වයස 74කි.

 

“ මම නිදහසේ ඉන්නවා මට ඕනේ විදියට”

“බොක්සින් වළල්ලේ සමනලයෙක් වගේ පියාඹන්න,මිමැස්සෙක් වගේ අනින්න.”

මොහොමඩ් අලි කියන්නේ මෑතකදී අපි අතරෙන් සමු ගත්ත ජේෂ්ඨ බොක්සික් ක්‍රීඩකයෙක්…බොක්සින් වලල්ලේ  කැසිස් ක්ලේ  කියන්නේ ඔහුට තමයි,මේක පටන් ගන්නේ ලස්සන කතාවකින්,..කතාවේ ප්‍රධාන චරිතය රග දක්වන්නේ මගේ ආසම නළුවා විල් ස්මිත්  (Will Smith).කතාවේ ධාවන කාලය පැය 2.30යි.කතාව ගැන ටිකක් කියන්නම්..මේ කතාව පටන් ගන්නේ කැසියස් ක්ලේ ඔහුගේ ප්‍රතිවාදියා වන හිටපු හෙවිවේට් ශුර සනි ලිස්ටන් සමග තරග වැදීමත් සමගයි,,මුලින්ම ක්ලේ සනිට අභියෝග කරනවා පුලුවන්නම් මාව පරද්දන්න කියලා,එහෙම පැරද්දුවොත් මම මේ රට අත්හැරලා  යනවා කියලා..ඊට පස්සේ කොහොමහරි බොක්සින් තරගය ආරම්භ වෙනවා,,තරගය වට 7ක් යනකන් උණුසුම්ව යනවා,,,8 වෙනි වටයේදී සනි ලිස්ටන් පරාජය බාර ගන්නවා…ඊට පස්සේ ලෝක හෙවිවේට් කිරුල කැසියස් ක්ලේ දිනා ගන්නවා,,කැසියස්ට අයියා කෙනෙක් ඉන්නවා,එයා විවිධ රටවල් වලට ගිහන් දේශනා තියෙන කෙනෙක්.ආගමික දේවල් සම්බන්දව…..කොහොමවුනත් ඒ කාලේ ඇමරිකාවේ වර්ණභේදය ගොඩක්ම තිබුණා කාලයක් කළු සහ සුදු කියලා,බස් එකකට නැගගත් සුදු අයට වෙන කොටසක් සහ කළු අයට වෙන කොටසක් විදියට තියෙනවා…මේ විදියට කැසියස්ට ආගමික පැත්තෙන් ගොඩක් ප්‍රශ්න ආවා…ඊට පස්සේ කැසියස් තීරණය කරා එයා ඉස්ලාමය වැළද ගන්නවා කියලා.ඊට පස්සේ එයා එයාගේ නම මොහොමඩ් අලී කියන විදියට මාරු කරගන්නවා..මේ විදියට තමයි කතාවේ ආරම්භය වෙන්නේ..මම උඩින් ගොඩක් කරුණු කිව්වා…ඔයාලා  බලන්න කතාව හොදද කියලා…

ඊලග උපසිරසියෙන් හමුවෙමු…

a12

 

Ali (2001) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය සියලුම Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

817 downloadsDownload Ali.2001.Baiscopelk.com_.rar53 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රෂීන් මන්සිල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

817 downloadsDownload Subtitles53 KB

7 comments

  1. Dulanga

    Thanks

  2. Dasitha147

    bohoma sthuthie saho. jaya wewa!

  3. sajith

    ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  4. නිරෝෂ්

    බොහොම ස්තුතියි රෂීන් සහෝ.විශිෂ්ඨ චිත්‍රපටියක්.මේක මම බලලා තියනවා.නමුත් ඔයාගෙ සබ් එක්කත් බලන්න ඕනෙ.ජයවේවා !

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. thisal

    tnxxxxxx

  7. Anonymous

    Thanks Brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.