Watch Trailer

A Street Cat Named Bob (2016) with Sinhala Subtitles | පාරේ හිටපු පූසා…. [සිංහල උපසිරසි සමඟ]

හායී..කොහොමද ඉතින් කට්ටියට? ඔන්න මං මං ඉස්සෙල්ලා කරපු True Memories Of An International Assassin කියන ෆිලුමේ සබ කරලා ඉවර වෙලා සතියක් යන්න කලින් මං මේ A Street Cat Named Bob කියන ෆිලුමේ වැඩ පටන් ගත්තා.මේ තමයි මං අඩවිය වෙනුවෙන් කරන 5වැනි උපසිරැසිය.ඒත් නිළ වශයෙන් අඩවියේ පළ වෙන 2වැනි උපසිරැසිය. කලින් ෆ…

හායී..කොහොමද ඉතින් කට්ටියට? ඔන්න මං මං ඉස්සෙල්ලා කරපු True Memories Of An International Assassin කියන ෆිලුමේ සබ කරලා ඉවර වෙලා සතියක් යන්න කලින් මං මේ  A Street Cat Named Bob කියන ෆිලුමේ වැඩ පටන් ගත්තා.මේ තමයි මං අඩවිය වෙනුවෙන් කරන 5වැනි උපසිරැසිය.ඒත් නිළ වශයෙන් අඩවියේ පළ වෙන 2වැනි උපසිරැසිය.

කලින් ෆිලුමට කීප දෙනෙක් තමන්ගේ අදහස් කොටාන ගිහින් තිබුණා.ඉතින් මං ගැන විස්වාසය තියලා ෆිලුමයි සබයි ඩවුන්ලෝඩ් කරන් බලපු හැමෝටම ස්තූතියි.ඒ වගේම අදහස් දක්වපු නොදක්වපු හැමෝටමත් ස්තුතියි…ඉතින් ඒකට එක්කෙනෙක් කියාන ගිහින් තිබුණා සබ අවුල් කියලා..ඔව් ඉතින් මම ඒක ලිපියේ කලින්ම සදහන් කරලා තිබුණානේ..ඒත් මේ සැරේ මම පුද්ගලිකවම සහතික වෙනවා කලින් තිබ්බ අඩුපාඩූ මේ සැරේ නම් නැති බව.මේ සැරේ උපරිම කොලිටියෙන් වැඩේ කරා.ඒ වගේම තවත් කෙනෙක් කියලා තිබුණා Google Translator පාවිච්චි කරන්න එපා කියලා.ඇත්තටම කිව්වෝත් කලින් ෆිලුමේ ඉංග්‍රිසී භාෂාවට අමතරව වෙනත් භාෂා කීපයකුත් තිබුණු නිසා මට ගූගල් දෙයියගේ පිහිට යදින්න වුණා..ඒ වගේම තමයි මේ සැරේ සබ ඔයාලා හමුවේ තියන්න මම පුදුමාකාර දුකකුත් වින්දා…එකම ෆිලුමේ පිටපත් වර්ග 3ක් බාගන්න වුණා..( පරිගනකයේ දෝශයක් නිසා චිත්‍රපටිය නිසි වේගයෙන් ධාවනය නොවීම) ඒ මදිවට පරිගනකයට ආයෙමත්  Windows මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටොල් කිරීමේදී පරිගනකය ෆෝමැට් කල නිසා උපසිරැසිය මුල ඉදලම ටයිප් කරන්න වුණා.ඔය වගේ නොයෙකුත් අකර තැබ්බයන්ට මුහුණ දුන්නා..ඒ හින්දා මට තවත් උපසිරැසියක් කරන්න තිබුණු වටිනා කාලය නැති වෙලා ගියා.ඒ වගේම තමයි මම තවත් සබක් කරන්න කියලා හිතාන හිටියට දැන් ඒකට කාලය මට ඉඩක් දෙන්නේම නෑ.ඒ කියන්නේ මට ආයෙමත් සබක් කරලා ඔයාලාව හමුවෙන්න වෙන්නේ අවුරුදු 2කින් හෝ 3කින් විතර..ටික කාලයකට ගන්න විශ්‍රාමයක් මිස සමු ගැනීමක් නෙමෙයි.

මුලින්ම ස්තූතිය පිරි නමලා ඉන්න ඕන බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මට යළිත් මෙවන් අවස්ථාවක් දුන්නාට. මම හරකෙක් වගේ එවන මේල් වලට රිප්ලයි කරන සහෘද උපසිරසිකරුවන්ටත් තුති වේවා.මං කලිනුත් කියලා ඇති මගේ පොඩි කාලේ ඉදලා තිබුණු ලොකු හීනයක් තමයි බයිස්කෝප් එකේ මගේම කියලා උපසිරැසියක් පළ කරන එක.ඉතින් උපසිරැසිකරුවෙක් සබක් කරන්න විදින දුක දන්නේ තවත් උපසිරැසිකරුවෙක්ම විතරයි.ඉතින් ලොකු ගමනක් යන්න හදනවා කියන්නේ වැටෙන්න වෙන වාර ගණන අනන්තයි.අපේ මේ බයිස්කෝප් අඩවියටත් තියෙන්නේ අන්න ඒ වගේම අතීතයක්.වැටි වැටී ආපු ලොකු ගමනක් මේක.මුල ඉදන්ම අඩවියත් එක්ක හිටපු ඈයෝ නම් ඔව්වා දන්නවා.2016දි සර්වර් වල ප්‍රශ්නෙකුත් ආවනේ.බයිස්කෝප් එකේ වෙළද දැන්වීම් පළ කරන්න පටන් ගත්තේ ඔන්න ඕවගේ ප්‍රථිඵලයක් විදියටයි. මං දැක්කා Fb එකේ පොස්ට් එකක් දාලා තිබුණා ‘බයිස්කෝප් අඩවියෙන් නිකුත් කර ඇති උපසිරැසි සංඛ්‍යාව 9500කට වැඩියි’ කියලා.ඒ වගේම තමයි දැන් ඔයාලාට අපේ සබ් වලයි ඔයාලාගේ ෆිල්ම් පිටපත් වලයි උපසිරැසි ලයින් ධාවනයේදී තිබුණු ප්‍රශ්න වලටත් විසදුමක් විදියට Baiscopedownloads.com අඩවිය හොද විසදුමක් වේවී.Torrent ලෙස හෝ IDM වලින් ඩිරෙක්ට් ෆිල්ම් බාගැනීමේ හැකියාවක් තියෙනවා. ටොරන්ට් වලට වඩා වේගයෙන් සහ අනවශ්‍ය Data වැය කිරීමකින් තොරවම ෆිල්ම් බාගැනීමේ වාසියක් ඩිරෙක්ට් විදියට බා ගැනීමෙන් ඇති වෙනවා.මොකද seeds වැනි ප්‍රශ්න නැහැනේ.

ඒ වගේම තමයි ඔයාලා සබ් සමග චිත්‍රපටි නරඹද්දී  Km player වෙනුවට Media Player Classic Home Cinema හෝ Pot Player වැනි මෘදුකාංගයක් භාවිත කලා නම් උසස් තත්වයේ අත්දැකීමක් ගන්න පුලුවන්.මම නම් වැඩිය කෝඩ්ස් භාවිත කරලා නෑ..ඔය ප්‍රණීත් අයියගේ සබ් ගන්න කට්ටිය ඉන්නවා නම් එයාලාට ඕක හොද විසදුමක්.මොකද එයාගේ සබ් වල codes භාවිත කරනවා නමුත් ඒවා Km Player වලට සහය දක්වන්නේ නෑ.අප්පෝ..කතාවෙන් කතාව මාතෘකාවෙනුත් පිට යනවා..

ඔයාලා Google එක පැත්තේ ගියොත් මේ කතාව ගැන මහාවංශයක් පිරෙන්නම විස්තර ගන්න පුලුවන් වෙයි.මේ චිත්‍රපටියට පසුබිම වෙලා තියෙන්නේ සත්‍ය කතාවක්.ඔයාලා අහලා ඇතිනේ මී කුණකින් දියුණු වුණ සිටුවරයගේ කතාව.ආන්න මේකත් ඒ වගේම කතාවක්.මේ චිත්‍රපටිය නිකුත් වුණේ 2016 නොවැම්බර් 18 වැනිදා.

විනාඩි 103ක් පුරා දිව යන මෙම චිත්‍රපටිය True,Biography,Comedy,Drama  යන වර්ගීකරණයන්ට අයත් වෙනවා. IMDB අගය 7.4ක් අරං තියෙනවා.UK Movie එකක්.ඇස්තමේන්තු කළ අගය වෙන්නේ $ 8,000,000 වෙනවා.Box Office වාර්ථාවද පිහිටවලා තියෙනවා.චිත්‍රපටියට පදනම් වෙලා තියෙන්නෙ James Bowen ලියපු ප්‍රසිද්ධ නවකථාවක්.චිත්‍රපටිය බෙදා හැරීම කරන්නේ Sony Pictures සමාගම.

· ප්‍රධාන චරිතය වෙන්නේ ජේම්ස්.ඔහුගේ චරිතයට පණ පොවන්නේ Luke Treadaway.
· එයාගේ පූසා බොබ්.ඒ චරිතයට රගපාන්නේ ඇත්තම ඇත්ත බොබ්ම තමයි.
· ජේම්ස් ගේ යාලුවා බෙටීට පණ පොවන්නෙ Ruta Gedmintas.
· ජේම්ස්ගේ තාත්තාගේ චරිතයට පණ පොවන්නේ Merlin tv series එකේ ‘යූතර්’ නම් රජ චරිතයට පණ පොවපු Jack Bowen.
· කතෘ හා සංගීත නිර්මාණය කරලා තියෙන්නේ ඇත්තම ඇත්ත ජේම්ස් බෝවන් විසින්.
(ජේම්ස් බෝවන් ඉපදිලා තියෙන්නේ 1979 මාර්තු 15 වෙනිදා.)

ඔයාලා විකිපීඩියා එකට ගියොත් ජේම්ස්ගේ ජිවිත කතාව සහ එයාට බොබ්ව හමුවුණ හැටි A-Z දැනකියා ගන්න පුලුවන්.ඒ වගේම තමයි ඔයාලා යූටියුබ් ගියෝත් ජේම්ස් සහ බොබ් පාර මැද්දේ දාපු සෙල්ලම් බලා ගන්නත් පුලුවන්.අදටත් බොබ් ජේම්ස් පස්සෙන් එයා වැඩ කරන තැනට යනවලු. පොත පළමු වරට මුද්‍රණය කරලා තියෙන්නේ 2012 වසරේ.ඒ වගේම 2013 අවුරුද්දේ වැලන්ටයින් දවසේ  Bob:No Ordinary Cat නමින් පොතක් කුඩා ළමුන් වෙනුවෙන් නිකුත් කරලා තියෙනවා.ඒ වගේම A Gift From Bob නමින් ජේම්ස් සහ බොබ් එයාලගේ නත්තල මහ පාරේ ගත කරපු හැටි ඇතුළත් කරලා කෙටි කතාවකුත් නිකුත් කරලා තියෙනවා.2012 වසරේ නිකුත් කරපු පොතට Uk’s National Book Award සම්මානය ලැබිලා තියෙනවා.

චිත්‍රපටිය ගැන කතා කරන්න තරම් ලිපිය දික් කරන්න බෑ.එත් සාරංශයක් විදියට කිව්වෝත්………… ඔන්න ඉන්නවා ජේම්ස් කියලා හාදයෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච.එදා වෙල හොයාගෙන කන්නේ පාරේ කොහෙ හරි ඉදන් සිංදුවක් කියලා.ඉතින් මෙයා සීමාව පහු කරලා හෙරොයින් භාවිතය නිසා ජිවිතයේ අවසානයට ළං වෙනවා.මෙහෙම ඉද්දි මෙයාට මත්ද්‍රව්‍ය වලින් තරුනයන් මුදවා ගන්න ආයතනයක සහය ලැබෙනවා.එයාලා මෙයාටම කියලා නිවසකුත් දෙනවා.ඔය අතර වාරයේදි මෙයාට බොබ් කියන පුසාව හම්බවෙනවා.පුසා ප්‍රසිද්ධ වෙනවා ජේම්ස්ටත් වඩා.ජේම්ස් සිංදු කියනකොට මිනිස්සු රැස් වෙනවා බොබ්ව බලා ගන්න.මෙයාගේ ජිවිතය මාරම විදියට කණපිට ගහනවා පූසාව හමුවීමත් එක්ක.කතාව Adventure නොවුණත් කතාව පුරාවටම අපිට උපරිම රසාස්වාදයක් දෙනවා. ලොකු පොඩි භේදයක් නැතුව ඕනම කෙනෙක්ට බලන්න වටින පට්ටම කතාවක් තමයි මේක.ෆිලුම බලලා ඇවිත් vote පාරකුත් දාගෙනම යන්න.

මම උපසිරසි නිර්මාණයේදී බොහෝ තැන් පරිවර්තනයකට වඩා අනුවර්තනයක් තමයි කළේ. අඩුපාඩු නැතුවාම නෙමෙයි තිබ්බොත් කියාගෙන යන්න.

මිනිසෙක් සහ පූසෙකු තමන්ගේ බලාපොරොත්තු මහ මගක සොයා ගිය අපූරු කතාව නරඹන්න ඔබටත් ඇරයුම්!

A Street Cat Named Bob (2016) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

A.Street.Cat.Named.Bob.2016.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,812 downloadsDownload A-Street-Cat-Named-Bob-2016.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/Maleesha-pathirana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලීෂ පතිරණ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මලීෂ පතිරණ

Subtitles

1,812 downloadsDownload Subtitles76 KB

26 comments

  1. Malindu Tharushan

    Thanks for sub

  2. Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  3. Chalana Rukshan

    thnx bro...

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Zeal

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░███████████

    Thanx Bro...

  6. එල්.සී. දමැල්

    Thanks Maleesha

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Madusunk

    පට්ටයි බන් එල දිගටම සබ් කරන්න. ජය....
    පුලුවන් නම් මේ ෆිලුමටත් සබක් දියන්කෝ
    larry gaye renegade male flight attendant

  9. Gathsara Umesh

    Bohoom sthuuthiy sabt shoo

  10. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  11. අසිත

    එලම සහෝ තෑන්ක්ස්

  12. සිතුම් L. කෝදාගොඩ

    හම්මේ බන් පොතක් විතර සයිස් ලිපියකුත් ලියලනේ.ඒක කියෙව්වම ෆිල්ම් එක බලන්නම හිතුනා.බොහොම ස්තුතියි සබට.
    ජය වේවා..............!

  13. සචින් කෙවින්

    මචං ඕක ගැන Tv එකේ ගියා මේ ලඟදි. කතාව නම් මරු ඇති. Thanx mchn. Good Luck.

  14. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  15. LSM HUSKAA

    ado patta bn thnks.mn patta love pusanta.

  16. Nelson

    Good Work Friend
    Thanks!

  17. Supun rupasinghaa

    .

    Me man baiscope එකට දාන plaweni comment එක uba meaka හදාගන්න pissek wage ottu una හැටි dngttaama cmnt ekk nodaa beri unaa well done broo .. අඩුපාඩු තිබ්බොත් pase kiynnmkoo

  18. Maleesha

    Thnx bro

  19. udaya saman

    පට්ට ෆිල්ම් එකක් බ්‍රෝ මේකනම්.ආය කියන්න දෙ‍යක්නම් නේ.

  20. තරිඳු

    උබට ගොඩක් ස්තුතී සහෝදරයා

  21. ප්‍රදීප්

    සබට තුති

  22. රවින්

    Thanks for the sub

  23. Virajperera

    tnx bro

  24. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..

  25. DilaZ

    Jaya wewa..

  26. D Galahad

    Thanks Bro...