Watch Trailer

War on Everyone(2016) with Sinhala Subtitles | අපි තමා පොලිසිය! [සිංහල උපසිරසි සමඟ] (18+)

අන්තිමට සබ් එකක් කරලා අවුරුද්දකට විතර පස්සේ තමයි මට තවත් උපසැරසි නිර්මාණයක් අරන් එන්න පුලුවන් වෙන්නේ. විශේෂයෙන්ම අධ්‍යාපණ කටයුතු නිසා තමයි එච්චර කල් ගියේ. ඉස්සරහට එක දිගට සබ් දෙන්න පුලුවන් වෙයි කියල හිතනවා. මේ චිත්‍රපටිය නිකුත් උනේ 2017 පෙබරවාරි 3 වෙනිදා. Action/Comedy කියන genre එකට තමයි චිත්‍රපටි…

අන්තිමට සබ් එකක් කරලා අවුරුද්දකට විතර පස්සේ තමයි මට තවත් උපසැරසි නිර්මාණයක් අරන් එන්න පුලුවන් වෙන්නේ. විශේෂයෙන්ම අධ්‍යාපණ කටයුතු නිසා තමයි එච්චර කල් ගියේ. ඉස්සරහට එක දිගට සබ් දෙන්න පුලුවන් වෙයි කියල හිතනවා. මේ චිත්‍රපටිය නිකුත් උනේ 2017 පෙබරවාරි 3 වෙනිදා. Action/Comedy කියන genre එකට තමයි චිත්‍රපටිය වැටෙන්නේ. චිත්‍රපටියේ IMdb අගය 5.9. චිත්‍රපටියට රංගනයෙන් දායක වෙන්නේ Alexander Skarsgård, Michael Peña, Theo James වගේ නළු නිළියන්. චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නේ John Michael McDonagh විසින්.

චිත්‍රපටියේ කතාව තියෙන්නේ හද්ද දූෂිත පොලිස් නිළධාරින් දෙන්නෙක් වෙන බොබ් සහ ටෙරී ගැන. මේ දෙන්නා හොරු අල්ලලා, ඒ හොරු ගාව තියෙන බඩු පොලිසියට භාර දෙන්නෙ නැතුව එයාලා දෙන්නා ගන්නවා. ඔහොම ඉන්නකොට අපේ මේ පොලිසියේ ජරා පප්පලා දෙන්නට වෙන්න තියෙන මංකොල්ල කෑමක් ගැන ඉවක් දැනෙනවා. ඉතින් මේ අය හදන්නේ පුරුදු විදියටම ඒ කොල්ල කල්ලිය අල්ලලා සල්ලි ටික අරගන්න. ඒත් මේ දෙන්නට මෙදා පොටේ ඒ වැඩේ කරන්න පුලුවන් වේවි ද? ඒක නම් ඉතින් චිත්‍රපටිය බලලා තමයි දැන ගන්න වෙන්නේ. අර කතාවක් තියෙනව නේ කොට්ටෝරුවට වැඩ වරදින්නෙ කෙහෙල් ගහට ඇන්න දවසට කියලා.

තව දෙයක්, මේ චිත්‍රපටියේ තියෙන සමහර දර්ශණ සහ ඔක්කොම දෙබස් නිසා මේක 18 ඉහල අය බලනව නම් වඩාත් හොඳයි. දෙබස් වල අසභ්‍ය වචන තිබුන නිසා ඒවා සිංහලට පරිවර්ථනය කරනකොට තමයි ලොකුම අවුල උනේ. අසභ්‍ය උනත් ඒ වචන මිස් කරන්නත් බෑ, මොකද එහෙම කරොත් ඒ සීන් එක තේරුම් ගන්න බැරි වෙනවා. ඊට පස්සේ තව අසභ්‍ය වචන වලට “ගැලපෙන” සිංහල වචන හොයා ගන්න එක තමයි ඊටත් වඩා අමාරු වැඩේ උනේ. මේ චිත්‍රපටියේ ආගමික කරුණු ගැන තියෙනවා. කොමඩියක ආගම් ගෑවිලා තියෙනකොට හිතන්න පුලුවන් නේ කොහොමද කියලා. ඒ නිසා මේ චිත්‍රපටියට සබ් එක හදන එක ඇත්තටම අභියෝගයක් උනා. ඒ හේතු නිසා තමයි මට මේ සබ් එක නිර්මාණය කරන්න දවස් තුනක්ම ගියේ.

හරි එහෙනම් තව අලුත් නිර්මාණයකින් ඉක්මනින්ම හමු වෙමු. ජය වේවා.

 

War on Everyone (2016) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

War.On.Everyone.2016.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

2,438 downloadsDownload War-On-Everyone-2016.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/12092685_10153422116114843_102871689_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කල්හාර වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,438 downloadsDownload Subtitles54 KB

23 comments

  1. Hasitha

    Thanks machan

  2. Gathsara Umesh

    Nwththnne nethuw krmmoo...... Bohoom sthuthiy sabata ayyee

  3. dinesh

    thanks

  4. thisal

    thanks

  5. Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    .............. මාගේ ප්‍රණාමය........
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  6. Chalana Rukshan

    thnx bro...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. LAKSHAN

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  9. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Madusunk

    පට්ටයි බන් එල දිගටම සබ් කරන්න. ජය....
    පුලුවන් නම් මේ ෆිලුමටත් සබක් දියන්කෝ
    larry gaye renegade male flight attendant

  11. Thili

    tnks brother.patta filumak wage.aniwa balanawa.SILENCE Film ekata sub dennakooooooo.gd luck tawa aluth ewa denna.

  12. Rajitha

    Thank you machan.....jayawewa......!

  13. අසිත

    එලම සහෝ තෑන්ක්ස්

  14. Hemal

    Thank you Verymuch mcn

  15. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  16. Cha Thu

    මේ සබත් එක්ක ෆිලුම නොබලන දෑස මක්කෙටයි..... ඊලග සබ ඉක්මනට කරනවයි..? ජයවේවා

  17. ලොකු මල්ලි

    පට්ට සබ් 1 මචන්, ෆිල්ම් එකට සෙට් වෙන්නම වචන ගලපලා තියෙනවා.සුපිරියි.

  18. Dulanga

    Thanks

  19. ashan lankanath

    Thanks ...............good luck ..............................

  20. Akashpc

    Tnkkk..

  21. Shaggie

    Thnks mchn

  22. chinthaka.max4

    thankx machan

  23. Ravishka Chamod

    දකුණු භාෂාවෙන් සබ් දීල තියෙන්නෙ.(කනවැයි, බොනවැයි, මක්කැයි) මුලදි පොඩ්ඩක් අව්ල් හැබැයි ටික වෙලාවක් යද්දි සෙට් උනා. ❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.