Watch Trailer

The Goat Life AKA Aadujeevitham (2024) Sinhala Subtitles | එළු ජීවිතේ [සිංහල උපසිරැසි]

The Goat Life AKA Aadujeevitham (2024) Sinhala Subtitles ආයුබෝවන් මෑතකදී OTT නිකුත් උන තවත් ගින්දර මලයාලි සිත්තමක් අද ගේනවා. සුපුරුදු ලෙසම උණු උණුවේ ඔබට උප සිරැසිය තිළිණ කරන්න සූදානම් ව හිටියත් ඔබත් දන්නා පරිදි ඇති උන ඉතා අනපේක්ෂිත වාතාවරණය හේතු කොට ගෙන එය නියමිත ආකාරයට ඔබට තිළිණ කරන්නට බැරි වීම ගැ…

The Goat Life AKA Aadujeevitham (2024) Sinhala Subtitles The Goat Life AKA Aadujeevitham (2024) Sinhala Subtitles

ආයුබෝවන් මෑතකදී OTT නිකුත් උන තවත් ගින්දර මලයාලි සිත්තමක් අද ගේනවා. සුපුරුදු ලෙසම උණු උණුවේ ඔබට උප සිරැසිය තිළිණ කරන්න සූදානම් ව හිටියත් ඔබත් දන්නා පරිදි ඇති උන ඉතා අනපේක්ෂිත වාතාවරණය හේතු කොට ගෙන එය නියමිත ආකාරයට ඔබට තිළිණ කරන්නට බැරි වීම ගැන කණ ගාටු වෙනවා. ඒත් ඒක දෙන්න පුළුවන් උන මුල්ම අවස්ථාවේම ඔබට තිළිණ කරනවා. ඇත්තෙන්ම මේ දින කීපයේ මේ පිළිබඳ නිතර විමසමින් උප සිරැසිය නිකුත් කරන තුරු උපේක්ෂා ශීලීව බලා සිටි රසිකයින්ට මගේ ගෞරවය පිරි නමනවා.

The Goat Life AKA Aadujeevitham (2024) Sinhala Subtitles

අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑනේ මේ චිත්‍රපටය ගැන. මේ චිත්‍රපටය සාර්ථකව ශ්‍රී ලංකාවේ ශාලා කිහිපයක සාර්ථක ලෙස පහු ගිය කාලෙ ප්‍රදර්ශණය උනා ආඩුජීවිතම් මේ වෙනකොට මලයාලි සිනමාවේ 2024 වසරේ දෙවන වැඩිම ආදායමක් ලබපු එමෙන්ම සමස්ත මලයාලි සිනමාවෙ තෙවන වැඩිම ආදායම ලබපු චිත්‍රපටය. අනෙත් චිත්‍රපට දෙක මන්ජුම්මල් බෝයිස් සහ 2018 වගේම මේකත් survival drama එකක්. කේරලයේ සුප්‍රකට නවකතා කරුවකු වන බෙන්යමින් විසින් 2008 දී සත්‍ය සිදුවීමක් අළලා ලියන ලද නවකතාවක් තමයි බ්ලෙසී නැමැති අධ්‍යක්ෂක වරයා චිත්‍රපටයට නගන්නේ. ඉන්දියාවෙන් යස ඉසුරු සොයා මැද පෙරදිග ගිය නජීබ් නැමැති අහිංසක තරුණයෙකු එහිදී මුහුණ පාන අත් දැකීම් තමයි මේ කතාවට පාදක වෙන්නෙ.වැඩි දුර උගත් කමක් නොමැති භාෂා දැනුමද නොමැති මේ තරුණයා ඒ නිසාම මුහුණ දෙන්නෙ දැඩි අකරතැබ්බයකට චිත්‍රපටයෙහි අවසානයේ කියන පරිදි මෙය ජීවිකාව සඳහා තම ගම රට හැර ගොස් කාන්තාරයේ ජීවිත අහිමි වූ දහස් ගණනකගේ ශෝකාලාපයන් වලින් එකක්. අපේ රටටද මෙවැනි ආසන්න අත්දැකීම් රාශියක් තිබෙන බව ඔබට වැටහේවි.

The Goat Life AKA Aadujeevitham (2024) Sinhala Subtitles

මේ චිත්‍රපටට පටන් ගන්නෙ බොහෝ කලකට කලින් උනත් බොහෝ බාධක නිසා එය අවසන් කරන්නට නොසෑහෙන කලයක් යනවා. මුලින්ම නිශ්පාදකයින් පිළිබඳ ප්‍රශ්ණයක්. ඉන්පසු 2020 වසරේදී මේ සිනමා කණ්ඩායම කොවිඩ් නිසා දින 70ක් ජෝර්දානය තුල සිර වී සිටීමටත් සිදු වෙනවා. ඒ ඉන්දීය රජය ඔවුන් බේරා ගන්නා තුරු.කෙසේ වෙතත් පැමිණි දුක් පැණි රසයි කිව්ව වගේ අවසානයේ මේ සා කැප කිරීමක් කල චිත්‍රපටය ලොව පුරා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර සහිතව තිර ගත උනා (ලංකාවේද මෙහි දමිළ භාෂාවෙන් හඬ කවා ප්‍රදර්ශණය කලා) මෙහි කැප කිරීම ගැන කතා කරන කොට නජීබ්ගේ චරිතය රඟපෑ ප්‍රීතිවිරාජ් සුකුමාරන්ගේ කැපවීම ගැන නම් නොකියාම බෑ .මුලින් මදක් තරබාරු තරුණයෙක් ලෙස අරාබියට ගොඩ බසින නජීබ් ආපසු යන්නේ ඉතා කෙසඟ මිනිසෙකු ලෙසයි. මේ චරිතය නියමාකාරයෙන් ඉටු කිරීමට නම් තම ශරීරයත් ඒ ආකාරයෙන් සලසා ගත යුතු නිසා ප්‍රීතිවිරාජ් සිය බර කිලෝ ග්‍රෑම් 98 දක්වා වැඩි කර ගෙන අනතුරුව කිලෝ ග්‍රෑම් 68 දක්වා අඩු කර ගන්නවා. පෙනුම පමණක් නොව ඔහුගේ රඟපෑමත් මෙහි ඉහලින්ම කැපී පෙනෙනවා. ජෝර්දාන් සහ සිරියානු කාන්තාර වල රූගත කරන ලද මේ සිනමා පටයේ අමලා පෝල්, කේ ආර් ගෝකුල් ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරන අතර ඒ ආර් රහ්මාන් විසින් සංගීත අධ්‍යක්ෂණය සිදු කර තිබෙනවා.

The Goat Life AKA Aadujeevitham (2024) Sinhala Subtitles

ඉතින් ඔබ සාමාන්‍යයෙන් දකින කේරළයේ හරිත පැහැ සුන්දර දසුන් වෙනුවට දූවිල්ලෙන් පිරුණු සහරා කතරේ කටුක පරිසරයක අමුතුම මලයාලි අත් දැකීමක් විඳ ගන්න මේ චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා. නැවත හමු වෙමු.

The Goat Life AKA Aadujeevitham (2024) Sinhala Subtitles

මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEB-DL පිටපත් සඳහා පමණක් වලංගු වේ.

11,033 downloadsDownload The-Goat-Life-AKA-Aadujeevitham-2024-Sinhala-Subtitles.zip44 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Goat Life AKA Aadujeevitham (2024) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

11,033 downloadsDownload Subtitles44 KB

9 comments

  1. Kasun Widusha

    බොහෝම ස්තූතියි උපසිරසියට

  2. Anonymous

    Sub ekata thanks machn. Mn film 1 baluwa. Me sub ekath ekka aayeth balanawa. Oya film eke kathawa athdakimen mn windina gaman inne. Looke kohe hitiyath wadak na ape rata tharam lassana nidahas ratak looke kohewath naa. Me film 1 baladdi ahata kandulak aawa waara ananthai. Aniwaryenma balanna oone film 1k. Highly Recommended...

  3. Dimuthu Somnas Liyanage

    ආපහු ආපු එකටනම් පට්ට සතුටුයි. පවුලේ එකෙක් දැක්කා වගේ.සයිට් එකට වෙලාතියන අවුල් ඔක්කොම ලිහාගන සාර්තක ගමනකට සුබපැතුම්.....

  4. Hasitha Madhushan

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  5. Buddhika laKMal

    බොහෝම ස්තූතියි බන්දුල සහෝ සබට

  6. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  7. Pradeep

    තැන්ක්ස් සබ් එකට. ලංකාවේ මහෙන්ද්‍ර අයීයා රගපාන මලයාලම් ෆිල්ම් එක paradise. එකේ වෙබ්,hd පිටපත් නිකුත් වේලා තියෙනවා එකටත් සබ් එක ඕන ඉක්මනටම

  8. කසුන්

    ස්තූතියි බන්දුල සහෝ සබ් එකට.

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤