Bad Boys: Ride or Die (2024) Sinhala Subtitles Bad boys, bad boys Whatcha gonna do? Whatcha gonna do when they come for you? හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට රසිකයෝ ඉන්නවනම් ඉහත ගීත කණ්ඩය දැක්ක ගමන් අඳුරගන්න ඇති කියලා හිතනවා. 90 දශකයේ බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ප්‍රේක්ෂකයන්ගේ සිත් තුලට බඩී කොප් සංකල්පය…
Bad Boys: Ride or Die (2024) Sinhala Subtitles
Bad boys, bad boys
Whatcha gonna do?
Whatcha gonna do when they come for you?
හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට රසිකයෝ ඉන්නවනම් ඉහත ගීත කණ්ඩය දැක්ක ගමන් අඳුරගන්න ඇති කියලා හිතනවා. 90 දශකයේ බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ප්‍රේක්ෂකයන්ගේ සිත් තුලට බඩී කොප් සංකල්පය කා වද්දපු ෆිල්ම් එකක් විදියට Bad Boys චිත්‍රපට මාලාව හඳුන්වන්න පුළුවන්. The Rock, Armageddon, Pearl Harbour, Transformers, 6 Underground වැනි උසස් ක්‍රියාදාම නිර්මාණ හොලිවුඩයට දායාද කල සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂක මයිකල් බේගේ මංගල අධ්‍යක්ෂනය තමයි මේ ෆ්රැන්චයිස් එකට මූලික අඩිතාලම දාලා තිබෙන්නේ. එමෙන්ම පරීක්ෂක මයික් ලවුරි සහ මාකස් බර්නෙට් සුසංයෝගය නොසිතූ විදියට එකල ඇමරිකාවේ මෙන්ම ලොවපුරා සීග්‍රයෙන් ජනප්‍රිය උන බව ඔබට මතක ඇති. ලබාගත් ඉහල ජනප්‍රියත්වය නිසාම Bad Boys (1995) පලමු චිත්‍රපටයේ දෙවෙනි කොටසක් විදියට Bad Boys II (2003) චිත්‍රපටය නිකුත් උනා වගේම එයත් බොක්ස් ඔෆීස් අතිසාර්ථක උනා. ඊට වසර 17කට පස්සේ මෙම සලරුව චිත්‍රපට ත්‍රිත්වයක් කරමින් Bad Boys for Life (2020) නිකුත් උන අතර මේ චිත්‍රපට මාලාවේ වැඩිම ආදායමේ වාර්තාව මේ චිත්‍රපටය ඉදිරියෙන් ලියාගන්න මේ නිර්මාණය සමත් උනා. ඒ වගේම මේ චිත්‍රපට මාලාවේ ස්පින් ඕෆ් නිර්මාණයක් විදියට L.A.’s Finest නමින් කතාමාලාවන් 2කින් සමන්විත රූපවාහිනි කතාමාලාවක්ද නිර්මාණය වෙලා තියෙනවා. ඉතිං කවුරු හරි තාමත් මේ ෆ්රැන්චයිස් එක නරඹලා නැත්තම් දැන්ම අපේ වෙබ් අඩවියේ තියෙන සිංහල උපසිරසි එක්ක කලින් චිත්‍රපට තුන නරඹලා ඉන්න කියලත් ඉල්ලනවා.
ඉතිං Bad Boys රසිකයන් තවත් ප්‍රීතියට පත් කරමින් මේ ෆ්රැන්චයිස් එකේ තවත් නිර්මාණය එන බව 2020 වසරෙදීම ස්ථීර උනා. ඒත් මේ ෆිල්ම් එක එන්න තිබුනේ 2022 වසරෙදි උනත් ඔස්කාර් සම්මාන උළෙලෙදි විල් ස්මිත් විසින් ක්‍රිස් රොක්ට ගහපු කනෙ පාරේ සැරට මේ ෆිල්ම් එක නිෂ්පාදනය වෙන එක තවත් අවුරුදු දෙකකටම පස්සට ගියා. නමුත් බාධක අතරින් මේ වසරේ ජුනි 07 වෙනිදා ප්‍රදර්ශනය ඇරැඹූ Bad Boys ෆ්රැන්චයිස් එකේ හතරවෙනි කොටස වන Bad Boys: Ride or Die සලරුව ඉතා හොඳ ප්‍රේක්ෂක සහ විචාරක පැසසුම් මැද මේ වනතෙක්ම බොක්ස් ඔෆිස් රජ ගමනක යෙදෙන බවත් මතක් කරන්න ඕන. මේ වෙද්දි IMDb 7.0ක අගයකුත් 95% ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. ඒ වගේම සෝනී පික්චර්ස් ආයතනය විසින් ලොවපුරා බෙදා හරින ලද මේ සලරුව අද දවස වෙද්දි ඩොලර් මිලියන 390කට ආසන්න බොක්ස් ඔෆීස් වාර්තාවක් තබන්න හැකිවෙලා තියෙනවා. Action/ Comedy යන කාණ්ඩයන්ට අයත් වෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Adil El Arbi සහ Bilall Fallah කියන බෙල්ජියම් ජාතික අධ්‍යක්ෂවරු දෙදෙනා විසින්. සුපුරුදු විදියටම හොලිවුඩයේ සුපිරි නළු දෙපලක් වන Will Smith සහ Martin Lawrence පරීක්ෂක මයික් ලවුරි සහ මාකස් බර්නෙට් ලෙස ප්‍රධාන චරිත නිරූපනය කරනවා. ඊට අමතරව Vanessa Hudgens, Alexander Ludwig, Paola Núñez, Ioan Gruffudd, Jacob Scipio, Melanie Liburd, Tasha Smith, Tiffany Haddish, Joe Pantoliano රංගන දායකත්වය ලබා දෙනවා වගේම The Last Ship කතා මාලාවේ කැප්ටන් චැන්ඩ්ලර් ලෙස එක්වූ Eric Dane ප්‍රධාන ප්‍රතිවීර චරිතයත් නිරූපණය කරනවා. ඊට අමතරව ලෝ ප්‍රකට යූ ටියුබ් තරුවක් වන Khaby Lame, ජනප්‍රිය දිරිගැන්වීම් කථිකයෙක්, රචකයෙක් වන Jay Shetty සහ පලමු සිනමාපටය අධ්‍යක්ෂනය කල මයිකල් බේගේ කැමියෝ කිහිපයකුත් ඔයාලට දැකගන්න පුළුවන්.
කතාව දිහා සැකවින් බැලුවොත් සදාකාලිකව තනිකඩව ඉදියි කියලා හිතපු පරීක්ෂක මයික් ලවුරි යුග දිවියට එළඹෙන විදිය අපිට ආරම්භයේදීම දකින්න ලැබෙනවා. ඒ වගේම තමන්ගේ හොඳම යාළුවගේ වෙඩින් එකේදී ඇති වෙන්න සතුටු වෙන අපේ පරීක්ෂක මාකස්ට වෙඩිම අස්සෙම ඇබැද්දියකට මූණ දෙන්න වෙනවා. කොහොමත් අමුතු මේ මනුස්සයා මේ ඇබැද්දියෙන් පස්සේ තවත් අමුතු වෙන හැටි ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම අන්තිමට ආපු ෆිල්ම් එක බැලුවනම් මයික් සහ ඉසබෙල්ගේ පුතා වෙන අර්මන්ඩෝ තියන වෙඩි පාරකින් මයික්ගේ ලොක්කා වෙන කැප්ටන් කොන්රාඩ් හොවාඩ්ට තමන්ගේ ජීවිතයෙන් වන්දි වෙන විදිය ඔයාලට මතක ඇති. කැප්ටන් කොන්රාඩ් කියන්නේ මිය යනකන්ම මයාමි පොලීසිය වෙනුවෙන් අවංකව කැපවෙලා වැඩ කරපු කෙනෙක් බව අපි දන්නවා. ඉතිං කාලෙකට පස්සේ එන අළුත් හතුරෙක් මියගිය කැප්ටන් කොන්රාඩ්ගේ ගිණුම්වලට මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිවල සල්ලි වගයක් හුවමාරු කරලා කැප්ටන් කොන්රාඩ්ගේ කීර්ති නාමයට හානි කරන්න උත්සහ කරනවා. කවුද මෙහෙම කරන්නේ? මෙහෙම කරන්නේ මොන අරමුණකින්ද? මයික් සහ මාකස් මේකට කොහොමද මූණ දෙන්නේ කියලා දැනගන්න ඔයාලට මේක බලන්නම වෙනවා.
කලින් චිත්‍රපට වගේම මේකෙත් මයික් සහ මාකස්ගේ ඉළ ඇදෙන විහිළු එක්ක ක්‍රියාදාම පිරුනු පැකේජයක් නරඹන්න ඔයාලට අවස්ථාව ලැබෙන බව මම 100%ක්ම සහතික වෙනවා. ඒ වගේම ෆිල්ම් එක අවසානයේ තියෙන පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකත් නරඹන්න කියලා විශේෂයෙන්ම ඔයාලට මතක් කරනවා. ඉතිං යන්න හදන වෙලාවේ ඔයාලගෙන් නැවතත් ඉල්ලන්නේ පුංචි හරි කොමෙන්ටුවක් දාගෙන කියලා විතරයි. එතකොට තමයි මේ වගේ අළුත්ම ෆිල්ම් ඉක්මනින් ඔයාලට දෙන්න අපිට ශක්තිය ලැබෙන්නේ. ඒ වගේම මට මේ ෆිලුම වෙන්කරලා දුන්න නවීන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. සුපුරුදු විදියට තවත් උපසිරැසියකින් නැවත හමුවෙන තෙක් ඔබට ජය වේවා!
Bad Boys: Ride or Die (2024) Sinhala Subtitles
මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.
16,314 downloadsDownload Bad-Boys-Ride-or-Die-2024-Sinhala-Subtitles.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Bad Boys: Ride or Die (2024) Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- #2024
- #Adil El Arbi
- #Adriana Sheri
- #Ahmed Lucan
- #Alex Joseph Pires
- #Alexander Ludwig
- #Austin Carter
- #Bad Boys
- #Bad Boys: Ride or Die
- #Bad Boys: Ride or Die (2024)
- #Bad Boys: Ride or Die (2024) Sinhala Sub
- #Bad Boys: Ride or Die (2024) Sinhala Subtitles
- #Bianca Bethune
- #Bilall Fallah
- #Blanca Goodfriend
- #Bobby Hernandez
- #Bria Brimmer
- #Dennis Greene
- #Derek Russo
- #DJ Khaled
- #Dwight Turner
- #Enoch King
- #Eric Dane
- #Ioan Gruffudd
- #Jacob Scipio
- #James Lee Thomas
- #Jasmin Lawrence
- #Jason Davis
- #Jay DeVon Johnson
- #Jay Shetty
- #Jeff J.J. Authors
- #Jenna Kanell
- #Jerri Tubbs
- #Jesse Malinowski
- #Jewelianna Ramos-Ortiz
- #Joe Pantoliano
- #John Salley
- #Joyner Lucas
- #Karter Reese Newsome
- #Levy Tran
- #Martin Lawrence
- #Marybel Rodriguez
- #Melanie Liburd
- #Michael Bay
- #Must Watch
- #Nathan Hesse
- #Nicholas Verdi
- #Paola Nuñez
- #Quinn Hemphill
- #Rhea Seehorn
- #Rob Mars
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Steven Sean Garland
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #Tasha Smith
- #Tiffany Haddish
- #Vanessa Hudgens
- #Will Smith
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
28 comments
Buddhika laKMal
Gagan pabasara
සබ්ට ස්තුතියි සසහෝදරයා
Bimsara Yashan (ඔලිව)
මේක නම් අනිවා බලන්න ඕන ෆිල්ම් එකක් තමා. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යුරාන් සහෝ. ජයවේවා!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sahan Gayantha
thanks a lot Dhanuka saho sub ekata
Praveen danushka
සුපිරි සහෝදරයා ජයෙන් ජයම වේවා ❤️❤️❤️❤️ ඉස්සරහටත් ඔහොම කරගෙන යමු
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ධනු ...............
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!ishu
Sub ekta Thx saho
Udaya
Thanks bro
Darkmoon
thank you for the sub
Thilinda Randeera
thanks bro. keep going.
Anonymous
Thank you
Prasad
Good job bro
Anonymous
Thank you .....
Thilinda Randeera
බොහෝම ස්තූතියි සහෝ. දිගටම දෙන්න.
Anonymous
Thanks machn.
කවිඳු කල්හාර
බ්‍රෝ, බක බක බක එච්චරයි එච්චරම තමයි ෆිලුම පුරාවටම, උබ නිසා තමයි ඉතින්, උබේ මහන්සිය නිසා,,, ආදරෙයි ඈ
Chanaka Sangeeth
Bohoma sthuthi. Jaya Wewa !!
Ruchira
Thanks for the sub!
Malith samarawickrama
Thanks Yuran malli sub ekata.
Dhanushka Jayawardana
Thanks......
Anonymous
Thnx digatama yamu
Madusha Wijesinghe
thanks bro
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤SatM
Thanks Brother
mindika
Thanks !!!
Anonymous
upasirasata thanks bro
Anonymous
upasirasata thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තූතියි යුරාන් සහෝ උපසිරැසියට